Saturday, February 2, 2013

ඇසට කඳුලක් ගෙනෙන කතාවක්... දෙවෙනි කොටස

ඉතින් මේ ලියන්නේ මගේ පෝස්ටුවේ අලුත්ම තත්වය....
කලින් පෝස්ටුව හරහා අපි නිමල්ගේ කතාවේ මුල හරිය දුටු වා..අද එතැන් සිට...

අවුරුදු 16ක් විව්ධාකාර රෝගීන් අතරේ ගෙවුන මගේ ජීවිතේ හරි නම් මේ වෙද්දී තියෙන්න ඕන ඍනාත්මක සිතුවිලි විතරයි..මොකද ඒ තරමට මට හමු වන රෝගීන් ගේ කතා දුක්බරයි..ඒ වගේම...ඉදිරියක් ගලපගන්න සැහෙන අමාරුයි....
ඒත්..මේ අත්දැකීම් හින්දම මම නොවැටී ඉන්නවා..ජීවිතේ පසුගාමී වෙන හැම තිස්සෙම මම මගේ රෝගීන් ගේ අත්දැකීම් මෙනෙහි කරනවා...එහෙම බැලුවම මට මොන ගැටළුද..කියලා හිතෙන වාර ගණන එමටයි...

නමුත්..මම ඔබට කියන්න ඕන..මම මේ ලියන දේ ..මගේ වෘත්තීය පමණක් නෙවෙයි... ඒ හැමදෙයක් තුලම තියන කතාවයි වටින්නේ...එතනදී අපි මානුෂික හැගීම් තියන පණ නල ගැහෙන මිනිසුන්ම පමණයි...

දැන් නිමල් දිගටම ප්‍රතිකාර වලට එනවා..වාට්ටුවේ නේවාසික රෝගියෙක් ලෙසට...
මට ආව ප්‍රධාන ගැටළු කීපයක් තිබුන..තවමත් තියනවා...
මුල්ම ඒක තමයි..නිමල් ගේ මානසික තත්ත්වය..ඒක බොහොම පහල මට්ටමක පැවතුනේ...
අංශභාග තත්වයක් තියන රෝගීන් සමහරකගේ තියෙන...emotional breakdown කියන තත්වය මෙයාගෙත් තියනවා..එකේදී..හිටපු ගමන් හැඬුම් එන තත්ත්වයක් තමයි...බොහෝ විට තියෙන්නේ.සමහර වෙලාවට නම ඇහුවත් ඇඩෙනවා...ඒක නිමල්ගේ පාලනයෙන් තොරව එන තත්වයක්...


නමුත් ඔහු සමග කතා බහ කරලා ...දැනුවත් කිරීමේ ලොකු කාර්යයක් කලට පස්සේ..දැන් නිමල්ගේ ඒ ගතිය අඩුයි...සමහර දවස් වලට උදේ වරුවෙම නිමල් එක්ක කතා කරන්න වෙනවා..ලේසි දෙයක් නෙවෙයි..අනිත් රෝගීන් 20ක් 30ක් අතරේ මේ වැඩේට යෙදෙන එක...
ඒ සමගම නිමල් මානසික සහනයට ක්ලිනික් එකටත් යවනු ලැබුවා...

දෙවැනි ගැටලුව වුනේ..කැපුව අතේ එන phantom limb තත්වය..ඒක හරිම අපහසු වේදනාකාරී දෙයක්...
මේකෙන් වෙන්නේ අත අහිමි වුනත්..මොලය තව තේරුම් අරන් නැහැ අත නෑ  කියලා ..එතකොට වෙන්නේ හැම තිස්සෙම අතේ ඇඟිලි තියනවා වගේ දැනෙනවා..ඒ එක්කම එන වේදනාව....ශාරීරිකව වගේම මානසිකව දරාගන්න අපහසු දෙයක්....
ස්පර්ශ ප්‍රතිකාරයක් සමග දර්පන ප්‍රතිකාරයක් අපි මේ සඳහා කරනවා..එකෙන් කරන්නේ මොළයට අත නැති බව ඒත්තු ගැ න්වීමයි....මොලය කියන්නේ අපිට නොපෙනෙන අරුමයක්..
නොපෙනෙන මේ ව්‍යුහයට දෙයක් ඒත්තු ගන්වන එක...කාලයක්ම කල යුතු වෙනවා...නමුත්..මට දැනට එහි යම් සාර්ථක බවක් පේනවා...

දැනට තියන අනිත් දේ තමයි..කෘතීම අත....
මේ දවස් වල ...නීති විද්‍යාව හදාරන සිසුවියකගේ අතක් කැපීම  පිළිබඳව පුවත් පත් වල විස්තර යනවා...
ඒ දැරිවියට අතක් දෙන්න මම හිතන්නේ ජර්මනියට යවන්න සුදානම් කරන්නේ..ඒකට ලොකු වියදමක් යනවා මම හිතන විදියට...
ඒත්...සාමාන්‍යයෙන් ලංකාව තුළදීත් කෙනෙකුට අතක් කකුලක් කෘතිමව දාන්න රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් යනවා..
නමුත්...දැනට අපේ රෝහලේ...මේ පහසුකම නොමිලේ සැපයෙනවා..ඒක නිමල් වගේ බොහෝ දෙනෙකුට ලොකු සහනයක්...
ඒත්..කෘතිමව දමන අත ..සියයට සියයක් ක්‍රියාත්මක නැහැ...අපි උත්සහ කරන්නේ..නිමල්ගේ අර ඉතිරි අත් කොටසෙන් ඔහුව වැඩ කිරීම සඳහා පුහුණු කරවන්නයි...
එය මුලින්ම රෝගියාට තේරුම් කරදී ඔහුගේ අනුමැතිය සහ කැපවීම ලබාගත යුතුයි...මගේ මේ දිනවල කාර්යය මේ සම්බන්ධව නිමල් දැනුවත් කිරීමයි...

නිමල් එද්දී හිටියට වඩා...ලොකු වෙනසක් පෙන්වනවා...ඒක අපේ වුනත් හිතට සහනයක්...

.අපි ඔහුට අංශභාගය සැදුන වම් අතේ ක්‍රියාවන් කරන්න ත් මේ දිනවල පුහුණු කරනවා..අංශභාග රෝගියෙක් ගේ ඇවිදීම සියයට හැත්තෑපහක් අසූවක් පමණ නිවැරදි කල හැකි වුනත්...අතේ ක්‍රියාකාරීත්වය නම් කලින් අනුමාන කල නොහැකියි..ඊට හේතුව..අපේ මොලයේ වැඩිම ස්නායු ප්‍රමාණයක් අතේ ක්‍රියාකාරීත්වයට වෙන් වෙලා තියන නිසා...

කොහොම නමුත් ව්‍යායාම ප්‍රතිකාර හමුවේ..නිමල් ගේ ඇඟිලි පවා..දැන් ටිකක් හෙලවෙනවා...අතට පොඩි දෙයක් අරන් කට ගාවට ගන්න තරම්...බිස්කට් එකක්...වගේ දෙයක්...පුළුවන් වෙයි කියලා හිතෙනවා..මේක කියවන ඔබට තේරුම් ගන්න පුළුවන් ද...මේ කියන දේවල් කෙනෙකුට බලපාන විදිය..
ඒක..හරි අමාරුයි...තමන්ට නොවූ අත්දැකීමක් අනුන්ගේ ක්‍රියාවක් තුලින් බැලීම ..ඒ ඔස්සේ තේරුම් ගැනීම හරි අමාරු දෙයක්...

ඒත්....මේ ජීවිතයට අරුතක් දෙන්න අපි උත්සහ කරනවා....මනුස්සයෙක් කියන්නේ නිකම්ම නිකම් හුස්ම වැටෙනා ප්‍රාණයක් පමණක් නෙවෙයි...ඊට වඩා ලොකු පරාසයක් ජීවිතේ තියනවා....



ඉතින්..ඇසට උනන කඳුල ...පොඩි හිනාවක් වෙන තුරු....සමුගන්නම්...

4 comments:

  1. හ්ම්ම්ම්!

    දෙපාරක්ම කියෙව්වා. මගේ හිතට බොහෝම දැනුනා ලියවිල්ල. ඉතිරිය බලාපොරොත්තුව ඉන්නවා..

    ReplyDelete
  2. කාලෙකින් ලිහිණි දැක්කේ...
    ඉස්සරහට මොකක් වෙයිද දන්නේ නම් නෑ.. ඒ වුනාට දැනට කල දේ ගැනත්..හිතට සතුටක් දැනෙනවා...
    ඉස්සරහටත් සුබදායී දෙයක්ම පතනවා....
    බලමු...නේද

    ReplyDelete
  3. මේ කාර්යය සාර්ථක වෙන්න කියා පතනවා..!
    /*සාමාන්‍යයෙන් ලංකාව තුළදීත් කෙනෙකුට අතක් කකුලක් කෘතිමව දාන්න රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් යනවා..*/ මේ කියන්නේ මොලයේ සංඥා වලට අනුව ක්‍රියා කරන අතක් හෝ කකුලක් ද..?

    ReplyDelete
  4. නැහැ චන්දන....එහෙම දියුණු තාක්ෂණයකට යන්න..තවම අපිට ලේසි නැහැ..එකට තමයි..වෙන රට වලට ගිහින් කෝටියක් විතර වැය කරන්න වෙන්නේ..නමුත් මට තවම එහෙම අතකින් වැඩ කරන කෙනෙක් හම්බ වෙලා නැහැ..
    මම මේ කියන්නේ..එක්කෝ පිට පෙනුම ලබා දෙන නිකම්ම නිකම් අතක්..එහෙම නැත්නම් උරහිසේ මාංශ පේශි හරහා වැඩ කරවන්න පුළුවන් අතක් ගැන..මේ වගේ අතකිනුත් කරන්න පුළුවන් වැඩ හරිම සීමිතයි..
    ඒ වුනාට ඕනෑම කෙනෙක් කැමතියි නේ පිටට ලස්සනට ඉන්න..අත් කොටයක් එක්ක ඉද්දි මිනිස්සු අහන ප්‍රශ්න...ඒවාට දෙන්න උත්තර නැහැ..ඊට වඩා කෙනෙක් මේ වගේ කෘතීම අතකට කැමතියි...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න