කාලෙකට ඉහතදී ලියවුන කවි පද කීපයක්...මේ මගේ අත්දැකීමක්...ඒ අත්දැකීම ගැන කතා කරන්න නම් අකමැතියි....ඕනත් නැහැ...වසර ගානකට එහා...ජීවිතේ තිබුන..අතින් අල්ලලා ලං කරගන්න බැරි තරම් සුන්දර වූ අත් දැකීමක්....මේ එක්ක හිත දුවන්නේ පාසල් වියට....ඒ කාලේ..ජීවිතේ සරල බව...සුන්දර බව එක්ක...විඳපු සොඳුරු හැගීම්...
පා යුග ගැටෙන බිම දුහුවිල්ලක් තරම
මා ගැන මතක නුඹ සිත තුල නැතුවාට
දැඟිලි පටලමින් ආ ගිය මග හසර
මුමුණයි අපේ සෙනෙහස බිඳකුදු නෑර
සෙනෙහස සිතේ ගව් ගණනක් දුර නැගුණු
මහමෙර තරම් වුව නුඹ හට නොම දැනුණු
සිඳ බිඳ දමා ගිය මුදු අහිතක් සිතුණු
දිනයක් පැයක් නොමවෙයි හදවත පිරුණු
හිත වට රැඳෙන සුසුමන් පවනක් වෙන්නයි
නෙතු අග කඳුළු ආසිරි මල් වැසි වෙන්නයි
පෑරුණු සිතක පැතුමන් ආසිරි වෙන්නයි
අහිමිව ගියද ..නුඹ හට බෝ සෙත් වෙන්නයි....
ReplyDeleteoyage kawiya lassanayi kalu sudu...
maath mekata prathi kawiyak kiyannam ..
mokada me loke hamomatama meka --------
( his thanata monawa dannada manada )
කඳුලක් ඉණුවම අදද මගේ
නිබඳව සිහිවේ සුවඳ නුඹේ
හිතුණත් එන්නට මතක දිගේ
බැම්මක් ඇත ඉතුරුව ඇඟිලි මතේ
මතකෙට ආවත් ඒ සුව විඳි තැන් අදද
අමතක කර ඇති ලෙස ඉන්නෙමි හෙටද
අහිතක් නොසිතන් සොයුරියේ මේ විලස
මීළඟ පදය ගිල ගන්නෙමි , සුසුමක් සමග!
ගොඩක් ස්තුතියි සහන්...
Deleteහිස් තැන හිස් තැනක් විදියට තිබුනාවේ..එතකොට ඒක වඩාත් දැනෙනවා...
ලස්සන කවි ටිකක්.. අවසාන කවිය වඩාත් ලස්සනයි.
ReplyDeleteඔව් චන්දන...අවසාන හරියේදී ඒ කවියේ හැගීම් ප්‍රබලයි.. ඒ වගේම..ප්‍රාර්ථනය...මුළු හිතෙන්ම නැගුන දෙයක්...
Deleteමමත් කැමති..අන්තිම පේලියට....
අහිමිව ගියද ..නුඹ හට බෝ සෙත් වෙන්නයි.....Untold love.Nice one.
ReplyDeletegreat
ReplyDeletefeel it....
ReplyDelete