Google+ Followers

Saturday, March 9, 2013

පිස්සු කිව්වට පිස්සුමත් නෙවෙයි...

චන්දනගේ අර අල්මේදා උන්නැහැගේ කතාව පටන් ගන්න හරියේ තිබුන මානසික රෝගියෙක් ගැන විස්තරය කියවද්දී මගේ හිතට මතක් වුනා...මම මානසික රෝගීන් සමග වැඩ කල කාලය...
ඒ කාලේ අත්දැකීම් නම් කියලා වැඩක් නැහැ..ජාතික රෝහලේ 59 වාට්ටුවේ වගේම අංගොඩ මානසික රෝහලේත් පුහුණු වෙන කාලය ඇතුලේ ලබපු අත් දැකීම් නම් කියලා නිම කරන්න බැහැ...

ඒත්...මේ ඒ කාලයේදී වගේම පසු ගිය වසරේ මගේ වැඩි දුර අධ්‍යාපන කටයුතු සඳහා අංගොඩ මානසික රෝහලට ගිය කාලය තුලදී වුන රසවත් සිදුවීම් ටිකක් තමයි මම මේ ලියන්න යන්නේ...මම වැඩ කරන ක්ෂේත්‍රය මානසික රෝගීන් සමග අදාළ නොවන නිසා...රෝග ගැන ලියන්න මම යන්නේ නැහැ...

1.පලවෙනි සිදුවීම වුනේ 1995 ,96 විතර කාලේ..මුල්ම වතාවට අංගොඩ රෝහලට යනකොට එහි ස්වරුපය දැන් වගේ නම් නෙවෙයි...ඇත්තටම අඳුරු පරිසරයක චිත්‍රයක් තමයි මැවිලා තිබුනේ...මම ගියේ මගේ බැච් මේට්ලා දෙන්නෙක් එක්ක...අපේ එක්කෙනෙක්ගේ කොන්ඩේ හරි දිගයි...කරලක් ගොතල පද්ද පද්ද යනකොට පිරිමි ළමයි එහෙම හැරිලා බලනවා..(අනේ මගේ නම් බෙල්ල මුලට කොන්ඩේ කපල තමයි අපේ අම්ම මාව කොළඹ එව්වේ.).
ඉතින් මෙහෙම අංගොඩ රෝහල තුල අපි ඇවිදගෙන යනවා අපිට අදාළ තැනට..මේ වෙලාවේ රෝහලේ අන්දර වැට කප කප හිටපු මනුස්සයා(පස්සෙයි දන්නේ ඒ තවත් එක් රෝගියෙක් කියලා) මගේ මිතුරිය දිහා අමුතු බැල්මක් දැම්මා...ඊට පස්සේ මෙන්න ටිකකින් මේ මනුස්සයා අර වැට කපන කතුරත් අරන් ඒක කපන වගේ අතින් සද්ද කර කර අපි පස්සෙන් එනවා මෙහෙම කියා කියා.."කොන්ඩ කපනවා..මරු මරු කොන්ඩ කපනවා..."කිය කියා...අපිට සිහි වුනේ දෙවියන් බුදුන් ..අන්තිමේදී දුවන්න ගත්තු එක නැවතුනේ අපේ ප්‍රතිකාර අංශයටම ඇතුල් වෙලා...එදත් එදා හරි මගේ යාළුවා නෙවෙයි කොන්ඩ කරල් ගොතන් clinical practice ගියේ...


2.මේත් ඒ කාලෙම වුන දෙයක්...ඒ කාලේ හිටියා..පිරිමි ළමයෙක්..අපි නම දාලා තිබුනේ "නන්නානේ" කියලා...මොකද උදේ වාට්ටුවෙන් එලියට ආ වෙලාවේ ඉඳන් මේ ළමයාගේ වැඩේ නන්නානේ...නා..නා..කියා කියා..මුළු එළිමහන් පරිසරය පුරාම දුවන එක...හැබැයි..අපි ආව දවස් වල පණ බයයි..මොකද හිටපු ගමන් ඈත ඉඳල දුවගෙන එනවා නිකම් බදාගන්න වගේ...ළඟටම ඇවිත් අනිත් පැත්තට හැරිලා දුවනවා...පස්සේ පස්සේ යද්දී අපිටත් ගානක් නැහැ...
දවසක් නන්නානේ එනවා..ගිනි පෙට්ටියක මල් ටිකක් දාගෙන....මම පුටුවක වාඩි වෙලා ඉන්නවා...ආවා ළඟටම...දුන්න මල් ටික..මම දැන් බය බිරාන්ත වෙලා බලන් ඉන්නවා ගන්නේ නැතුව...ඒ ගමන මට සැරයක් දැම්ම.."ගන්නයි කිව්වේ මේක"කියලා..මොනවා කරන්නද ..ගත්තා කියන්නකෝ..මෙන්න ඒ ගමන මට දන ගහල වැඳගෙන...ජීවිතේට අහල නැති ගාතා වගයක් කියනවා..මොනවා කරන්නද අහගෙන හිටිය...
ඊට පස්සේ නැගිටලා කියනවා..මම ඉතින් අදහන්නේ මේ වගේ අය විතරයි කියලා..මල් ටික ආපහු උදුරාගෙන වගේ අරගෙන නන්නානේ කිය කියා යන්න ගියා....




3.මේ කතාව නම්....හිනා යන එකක් නැහැ..මම ඒ දවස් වල 59 වාට්ටුවේ ඉගන ගන්න කාලේ...මුලතිවු සටන මතකද....?අපේ හමුදා camp එකකට කොටි ගහල..සේරම වගේ මරපු එක...මේ යුද්ද කාලේ අපිට ගොඩක් හමුදා සෙබළුන් ආවා..post traumatic stress disease නිසා...ඒ අයට relaxation කරන ඒක අපි ශිෂ්‍යයන්ට තමයි පැවරුනේ...මේක හරිම අමාරු දෙයක්..විශේෂයෙන්ම අධි මානසික පීඩනයක් යටතේ උන්න ඒ වගේ අයට...සමහරු අපිට කෙලින්ම බනිනවා...සමහරු අපිව එලවා ගන්නවා...
දවසක් එක සොල්දාදුවෙක්..හිටියා..මම relaxation session ඒක පටන් ගනිද්දී මේ ළමය මගෙන් අහනවා..."ඇත්තටම මිස් දන්නවද මම දැක්ක දේවල්...එහෙම දන්නවා නම් මිස් අද මට මේ සැහැල්ලුවක් උගන්නන්න එන්නේ නැහැ "කියලා.අන්තිමේදී මම දවසක්ම ඒ ළමය කියන දේ අහන් හිටිය...තමන් එක්ක හිටපු සියලුම දෙන කැති ගාල කපා කොටලා මරද්දී..මේ ළමය තල් ගහක් උඩට වෙලා බලන් ඉඳල...ඒ මානසිකත්ව දරා ගෙන පිස්සු නැහැදී උන්න එකත් ලොකු දෙයක්...මට හිතුනා...ජීවිතේ කොයි තරම් නපුරුද..?


4.හිනා කතා ටිකක් ලියන්න ආව මට ලියවුනේ අනුවේදනීය කතාවක්...හැබැයි පහු ගිය වසරේ වැඩි දුර අධ්‍යාපනය සඳහා..මම ආපහු අංගොඩ රෝහලට ගිය..සතිදෙකක් ගෙවුනා...හිනා වෙන දේවල් එමටයි..දවසක් හවස පුහුණුව ඉවර වෙලා යද්දී..කොරිඩෝවේ දෙන්නෙක් ඉන්නවා...පිරිමි ළමයි...මම එතනින් යද්දී පැත්තකට උනාම මම ඒ අය එක්ක හිනා වුනා...මම පහු වෙද්දී ඇහුන දේවල් වලට මට හිනාව නවත්ත ගන්න බැරි උනා...
එක්කෙනෙක් අනිත් එක්කෙනාට කියනවා..."දාපන් පහක්...මම කිව්වේ හිනා වෙනවා කියලා..බලපන් මම ඔට්ටුව දිනුම් නේ"
අනිකා කියනවා..."උඹත් එක්ක නෙවෙයි නේ හිනාවුනේ..මාත් එක්ක නේ " කියලා...
අන්තිමේදී දෙන්නා සමතයකට ආවා..."කමක් නෑ හිනාවුනානේ..හැමදාම එකම මිසීලා දැකල එපා වෙලයි හිටියේ..."කියලා...


5.සමහර දවස් වලට මගේ සිසු දිවිය එක්ක මතකය අවධි කරද්දී හිටිය වයසක අන්කල් කෙනෙක් මතක් වෙනවා..නම ඩේමියන් ..දැන් නම් ජීවතුන් අතරත් නැතුව ඇති...ඉස්සර අපි ඇවිත් රෝගීන් ගෙන් විස්තර අහල ලියා ගනිද්දී...අන්කල් ඇවිත් අපේ ඉංග්‍රීසි භාෂාවේ වැරදි හදනවා...ඒ තරම්ම එයාගේ දැනුම ඉහලයි...මානසික රෝගීන් වුනත් ඒ අය අතරේ පුදුම දක්ෂතා තියනවා...ඒක අමතක කරන්න හොඳ නැහැ...


මේ වගේ මානසික රෝගීන් අතරේ හැමදාම රැකියාව කරන එක නම් ලේසි නැහැ..ඒත් අපේ වෘත්තීය චිකිත්සක නිලධාරීන් බොහොම ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව..මේ වගේ අංශ වල වැඩ කරනවා...සමාජයේ ඉන්න ඔබ..මා දැකලා තියන මානසික රෝගීන් වගේ නෙවෙයි ...මේ වගේ මානසික සෞඛ්‍ය සඳහා වූ ආයතන වල ප්‍රතිකාර ගන්න අය ඉක්මනින් සාමාන්‍ය පුද්ගලයන් බවට පත් කරලා සමාජගත කිරීමයි අරමුණ..ඒත් සමහර රෝග වල නැවත ඉස්මතු වීම් වෙනවා..ඒක වැලක් වන්න බැහැ...ඒත්..මේ විදියට පුනරුත්ථාපනය වුන කෙනෙක් තමන්ගේ ඒ නැවත රෝග ලක්ෂණ මතු වීම ගැනත් මනා අවබෝධයකින් ඉන්න නිසා...ප්‍රතිකාර වලට යොමු වීම ලේසියි..

ඉතින්...යලි හමු වෙමු...

24 comments:

  1. සමහර ඒවට නම් හිනා ගියා...

    මානසිකව වැටුනම වෙන දේ මට නං හිතාගන්න බෑ :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිනා බෝ වේවා...
      මානසිකව නොවැටී සිටීවා....

      Delete
  2. ඔය ආබාධ තියන අය වේවැලට බයයි කියන්නේ ඇත්ත ද? මේ සිද්ධි යටින් තියන අනුවේදනීය කතා ගැන කල්පනා කරද්දී නම් කණගාටු හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. වේවැලට බය නැත්තේ කවුද චන්දන..හැම මනුස්සයෙක්ම දඬුවමට බයයි..නැතුව විශේෂ බයක් නම් මම දන්නේ නැහැ...

      Delete
  3. ඇත්තටම හරිම බුද්ධිමත්, ඉහල අධ්‍යාපනයක් තියන අය පවා මානසික රෝග වලින් පෙළෙනවා. අපිට වුනත් කවදාහරි එහෙම වෙන්න බැරිකමක් නෑ. ඒ නිසා ඔවුන්ට එරෙහි අවමානය, කොන්කිරීම, සහ වෙනස්කොට සැලකීම අඩු කරන්න උත්සාහ කල යුත්තේ. වටිනවා මේ වගේ දේවල් ගැන ලියන එක ගැන. විශේෂයෙන්ම උපහාසය අපහාසය නැතුව සත්‍ය තත්වයෙන්. සුබපැතුම්. ජය...!
    (මමත් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෘත්තීය චිකිත්සක වරයෙක්)

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් ගේ අත්දැකීම් නම් මට නැහැ...ප්‍රදීප් කියන්නේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ..(ඒ කියන්නේ ඉස්සර අපි අංගොඩ මානසික රෝහල කියලා හඳුන්වපු) ඉන්න පළපුරුදු වෘත්තීය චිකිත්සක වරයෙක්...
      මම මේ ලිව්වේ මට ලැබුණ කෙටි කාලීන අත්දැකීම් විතරයි..

      Delete
  4. ඔව් අක්කා හිනා වෙනවා නම් දවසක් හරි හිනාවුනාහැකි එයාලගේ වැඩ නිසා.ඒත් අපි අනුකම්පා කරන්න ඕන එයාලට.මට දවසක් ජි+ එකෙන් චැට් කරන්න සෙට් වුනා මානසික රෝහලේ වෛද්‍ය ශිෂ්‍යයෙක්.මම එයාගෙන් ඔය වගේ කතා ඇහුවම එයා කිව්වේ එයාගේ ලෙඩ්ඩු ගැන එයාට හිනා වෙන්න බැහැ කියලා.ඇත්ත තමා අපේ පවුලේ කෙනෙක්ටත් ඔය වගේ දෛවයක් උරුම වුනොත් අපි කොහොමද හිනා වෙන්නේ?.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි..ඒ කතාව 100% ක් ඇත්ත...අපිට වුනත් මේ වගේ දෙයක් නොවෙයි කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්..?

      Delete
  5. මට නම් කිසිම දේකට හිනා යන්නේ නැහැ !


    යුධ හමුධා අද්දැකීම් ගැන නම් කතා කරලා වැඩක් නැහැ ..
    ඔයාගේ අර තල් ගහේ සිද්දිය කියද්දී නම් හිතට ලොකු අතීතයක්
    මතක් උනා මට..බොහොම අමාරුවෙන් යට කරන් හිටපු දෙයක් ...



    \\\"ඇත්තටම මිස් දන්නවද මම දැක්ක දේවල්...එහෙම දන්නවා නම් මිස් අද මට මේ සැහැල්ලුවක් උගන්නන්න එන්නේ නැහැ "////


    කියපු කෙනෙක් විදිහටත් , ඔහොම කතා අහපු කෙනෙක්
    විදිහටත් අවස්ථා දෙකෙම්ම අද්දැකීම් තියෙනවා...
    නමුත් ඉතාම කණගාටුදායකයි ගොඩක් දෙනාට හරි ප්‍රතිකාර
    ලැබෙන්නේ නැහැ ...:(

    පාපතර නිලධාරී වේසයෙන් ඉන්න මෝඩ පුද්ගලයෝ ඒ අංශ
    දැන් අඩපණ කරලා ...!


    ReplyDelete
  6. ඔව් සහන්...මටත් ඒ අත්දැකීම් මත ඇති වුන කම්පනය අදටත් තියනවා...ඒ ළමයට ඉන් පස්සේ වුන දේ වත් මම දන්නේ නැහැ.සමහර විට මෙඩිකල් කන්ඩේමින් වෙන්න ඇති..තව දුරටත් සේවයේ තියන්න බැහැ කියලා..ඔන්න ඔහොමයි ඒ අයට ඒ කාලේ සැලකුවේ..

    ReplyDelete
  7. අහල තියනව ලෝකේ වැඩිපුරම සතුටින් ඉන්නේ මානසික රෝගීන් කියල. මොකද අපි අපේ හීන හැබැ කරගන්න ජීවිත කාලෙම දුක් විදිනවා. එත් එයාල මනසින් එයාලගේ හීන ලෝක වල සතුටින් ජීවත් වෙනවා. :)

    ReplyDelete
  8. වෙන්න ඇති...මටත් වෙලාවකට පාරේ ඉන්න හිඟන මනුස්සයෙක් දැක්කම හිතෙනවා..මේ මනුස්සයා විඳින නිදහස අපිට නෑ නේද කියලා..
    ඇත්තටම..මානසික රෝගීන් අතරේ මවාගත් ෆන්ටසියක ඉන්න අය එමටයි..ඇත්තටම ඒ අය අපිට වඩා සතුටින් ඉන්නවා වෙන්න ඇති..

    ReplyDelete
  9. අදනේ මේ පැත්තට එන්න ලැබුණේ. ඒත් අපේ විචාරක මහත්තයා නිසා.

    රසවත් සිද්ධි ටිකක්. ඒ වගේම අනුවේදනීය කතාවකුත් එක්ක. සමබරව ඉදිරිපත් කරලා තියෙනවා.

    අර නිශාන් කියපු කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා. මතකද "දොම්පෙට යන පාර කොයිබදෝ" කවි පෙළ. ඒ දවස්වල අපි කොච්චර හිනා උණාද? ඒත් දැන් අපේ අම්මා ශ්‍රවණාබාධිතයෙක්. එයාගේ තත්ත්වේ ගැන හිතනකොට වෙන වැරදීම් වලට කොහොම හිනා වෙන්නද?

    ReplyDelete
    Replies
    1. මටත් තවම ඒ කවි පෙළ මතකයි..ඒත් අපි ඒ කවි වලට හිනා වුනේ අපහාසෙට නම් නෙවෙයි නේද...?
      අද මගේ ලඟට ආවා සීය කෙනෙක්..ස්නායු ආබාධයකට ප්‍රතිකාර ගන්න..කන ඇහෙන්නේ නැහැ..අහන්නේ මොකක්ද..දෙන්නේ වෙන උත්තරයක්..ඒත්..සානුකම්පිතව බලන්න ඕන ..ඔයා කිව්වා වගේ...

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. මහේෂ් රාජසුරිය මහතාණෙනි...
    ඔබගේ කොමෙන්ටුවට බොහොම ස්තුතියි..
    නමුත්..ඔබ මා ලියු දේවල් ඉතාමත් වැරදි ලෙසට වටහා ගෙන ඇති බවයි මට නම් හැඟුනේ..
    මම වෛද්‍ය වරයෙක් යයි මා කිසිදු තැනක කියා නැත..එසේ පෙනී සිටීමටද මට අවශ්‍ය නොවේ..
    එමෙන්ම..මාගේ වෘත්තීය සම්බන්ධව මට විශාල ගවුරවයක් ඇත..එම නිසා වෛද්‍ය වරයෙකු යයි කියා ගැනීමට මට කිසිදු අවශ්‍යතාවයක් ද නැත..

    ඔබ විසින් මා ලියු දේවල් දැඩි ලෙස හෙලා දැක තිබේ..එය ඔබේ අයිතියකි..නමුත් ..මා ලියු කිසිම දෙයක ..මා මානසික රෝගීන් හට සමච්චලයක් හෝ..අපහාස කිරීමක් කර නොමැත..මා..ලියුවේ මා ලද අත් දැකීම් පමණි..ඔබ..කිනම් වෘත්තිකයෙක් දැයි මම නොදනිමි..නමුත්..මානසික රෝගීන් සමග ඔබ ඒක මාසයක් හරියාකාරව වැඩ කර තිබේනම්..මීට වඩා ඔවුන්ගේ හැසිරීම් රටා ගැන කීමට දේවල් තිබේ..මා..මේ කිසිවක් හාස්‍යකටගත්තේද නැත..
    මන්ද යත් මා වසර 16ක් ශාරීරික සහ මානසික ආබාධ වලින් පෙලෙන රෝගීන් සමග කටයුතු කරන බැවිනි..මගේ සේවාව ලබන අසරණ රෝගීන් හාස්‍ය යකට ලක් කිරීමට තරම්...මා පහත තත්වයකට වැටී නැති බව තේරුම් ගන්න..

    වෘත්තීය චිකිත්සාව යනු කුමක්දැයි ඔබ නොදනී නම්...අන්තර්ජාලය ඔස්සේ කියවා බලන්න...
    ඔබට විවේචනය කිරීමට සේම..මටද..මගේ..වෘත්තීය ගරුත්වය වෙනුවෙන් කතා කිරීමට සිදුව ඇති නිසා මේ පැහැදිලි කිරීම කලෙමි...

    ReplyDelete
  12. ඔබේ බ්ලොග් පිටුවට ආවේ විචාරක අඩවියෙන් , ඇත්තටම මම සතුටු වෙනවා මේ අඩවිය කියවන්නට ලැබීම ගැනෙ. රෝගීන් ගැන මානව දයාවෙන් බලන්න පුළුවන් ඔවුන් ගැන සංවේදී වෙන මෙවැනි අදහස් ඇති ඔබ මෙය ලිවීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. මම මානසික රෝගී වාට්ටුවක වෛද්‍යවරයෙක් ලෙස සේවය කර ඇත්තෙමි. මේ කතා මේ විදිහටම නොයෙක් වර අප රෝගීන් අසා තිබෙනවා,මා ඒ ගැන මා ලියන අනිත්කොණ බ්ලොග් අඩවියේ බොහෝ කතන්දර ලියුවා. විශේෂයෙන් මානසික ආබාද වල ලක්වූතරුණ සොල්දාදුවන් ඔය කියූ ලෙසම අප එක්ක කියා තිබෙනවා. එකම වෝඩ් එකේ දෙපැත්තේ හමුදාවේ අයත්, අත් අඩංගුවේ ඉන්න ත්‍රස්තවාදීන් ඩෙංගු රෝගය හා සටන් කරද්දී...අපි ඒ දෙපිරිසටම එක වාගේ බෙහෙත් හේත් කලා. තමන්ගේ ගම්මාන පිටින් විනාස කරපු ත්‍රස්තවාදීන්ට උවටැන් කරන්න ඒ ප්‍රදේශවල සිංහල ඇටෙන්ඩන්ලා හිත හදාගත් අයුරුත් මම ලියුවා මතකයි. ඔබේ පිටුවේ කතා මම හෙමින් කියවමින් සිටිමි. ඔබ දකින විඳින සංවේදී කතා තවත් ලියන්න. ඔබ කරනා සේවය ඉතා අගෙයි. තවත් ලියන්න...

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි...දිගටම එන්න...

      Delete
  13. අපි ඔක්කොම එක්තරා මට්ටමකට මානසික ලෙඩ්ඩු .. මනස පලනය කිරීම අවශ්‍ය වෙන්නෙ ඒකනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව්..සරත් අයියා..බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නේ..සබ්බේ පෘතග්ජනා උම්මත්තකා ...කියලා නේ...

      Delete
  14. අහම්බෙන් මේ අඩවිය මුණගැහුනේ. ඉතා හොඳයි මේ වගේ අත්දැකීම් කීපයක් මටත් තියෙනවා, ඒවා ලියන්න ඕන.

    මේ බ්ලොග් එකකට් ෆොලොවර් ගැජට් එකක් දාන්න.

    ReplyDelete
  15. ඒක දාන්නේ කොහොමද..?කියාදෙන්න

    ReplyDelete
    Replies
    1. හසරැල් දන්නවා අක්කේ..එයාගෙන් කෝල් එකක් දීලා අහන්නකො...මෙහෙම කිව්වට තේරෙන එකක් නැහැ..

      Delete
    2. හා..මල්ලි...ස්තුතියි හොඳේ..

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න