Google+ Followers

Friday, March 29, 2013

අවසන් පැතුම ....

මේ ලියන්නට යන පෝස්ටුව ටිකක් වෙනස් එකක්..ඒත්...ලෝකයේ අපි නොදත් ඉසවු බොහොමයක් තියනවා..අපි දවසින් දවස ඒවා හඳුනා ගන්නවා...මේ එවැනි එක දෙයක්...
මේ ලිපියෙහි පදනම  මගේ උපාධිය සඳහා පැවති දේශනා මාලාවකින් මා උගත් දෙයක්...





palliative care....
මේ ගැන අහලා තියද..?
සුව කල නොහැකි රෝගයක් වැළඳුන කෙනෙක් ...වෙනුවෙන්..ජීවිතයේ අවසන් කාලය ලඟා වන තුරු ලබා දෙන සත්කාරක සේවාවක් තමයි ඉහත නමින් හැඳින් වෙන්නේ..මට මේ සඳහා සිංහල වචනයක් හදා ගන්න අමාරුයි...

"DEATH is not something to be feared.It is something to be acknowledged and accepted"
මේ දෙය වදාළේ .බුදු සමිඳුන් විසින්..
මා ඇතුළු මේ දේශනය සඳහා පැමිණි මගේ batch mates ල හැමෝම මදක් නිහඬ වුන..මේ පළමු slide එක දැක්ක ගමන්...මොකද අපිට මේ දේශනය කරන්න ආවේ..සුදු ජාතික දේශක වරියක්...
බුදුන්ගේ දර්ශනය..අද හැම තැනකම පිළිගත් දර්ශනයක් බව ඇය නොකියා කීවා..

මේ palliative care කියන දේ අපිට ඒ තරම් හුරු දෙයක් නෙවෙයි..ඒත් විදේශ රට වල මේ සේවාව අද හොඳින් ඉතා පහසුකම් ඇතුව රෝගීන් වෙත සපයනවා..

* HIV
* පිළිකා
* දරුණු ගණයේ වකුගඩු සහ හර්ද රෝග
* අවසාන අදියර තෙක්ම පැමිණි පෙනහළු රෝග
* දිනෙන් දින අසාධ්‍ය තත්වයට පත්වන ස්නායු ආබාධ
* අනෙකුත්.....ජීවිතයේ සීමාව පෙන්වන රෝගාබාධ
                                  මෙන්න මේ වගේ රෝග වලින් පෙලෙන්නන් සඳහා මේ palliative care සපයනු ලබනවා...
මෙහි මුලික අරමුණු වන්නේ...
!...රෝගියා සහ ඔහු/ඇය ගේ පවුල සඳහා රෝගයට යම් හුරු වීමක් ලබාදීම..
!...යම් තාක් දුරට රෝගයට අවැසි ප්‍රතිකාර ලබාදීම
!...රෝගය මරණයෙන් කෙලවර වුවද..ඒ සඳහා මනා මානසික හා ශාරීරික පසුබිමක් සැපයීම
!..ඔහු/ඇයගේ අධ්‍යාත්මික දියුණුව කෙරේ අවශ්‍ය පහසුකම් සැපයීම
!...රෝගියා ගේ ආශාවන්..කැමැත්ත..සහ මුලික අවශ්‍යතා සඳහා ප්‍රමුකත්වය සැපයීම..

                                                                                                                      ආදියයි...
hospice....
මේ නමින් හඳුන් වන්නේ මාරාන්තික රෝගවලින් පෙලෙන්නන් සඳහා පවත්වාගෙන යන ආයතනයන්..මෙහිදී රෝගියාට සිය මරණය දක්වා එළඹීම සිය ආත්ම අභිමානයට හානියක් නොවන සේ ලඟා කරදෙනු ලබනවා..
මේ ගැන හිතන්නත් ටිකක් අකැමතියි වගේ නේද..?ඒත් මේ මාතෘකාවේ මට දැනුන විශේෂය...නිසාමයි අද මම මේ ගැන කියන්න හිතුවේ...

අපේ සමහර වැඩිහිටියෝ..මරණය ගැන කලින් තියාම ප්ලෑන් කරනවා..ඒ අනිත් අයට කරදරයක් නොවෙන්න හිතාගෙන..ඒත්..මරණය..එන බව දන දැනම..එහෙම ප්ලෑන් එකක් හදන්න කෙනෙකුට පුලුවන්ද..විශේෂයෙන්ම...මරණය උරුම වෙන රෝගයක් වැළඳුන කෙනෙකුට..

මේ වගේ care එකක වැදගත් කම වන්නේ....මරණය එළඹෙන තුරු ජීවිතය ඒ අදාළ කෙනාගේ අවශ්‍යතාවන්..කැමැත්ත ..ආදියට ඉඩ දෙමින් පවත්වාගෙන යාම...
මෙහිදී...ආගමික කටයුතු..අධ්‍යාත්මය සංවර්ධනයට අවශ්‍ය කටයුතු,විනෝදාස්වාදය සඳහා ක්‍රියාකාරකම්..ආදී නොයෙකුත් පහසුකම් සපයනවා...රෝගී වූ තැනැත්තා...සිය අවසානය වෙත..සුන්දරව ගමන් කිරීමට සැලසීම මේ හරහා කෙරෙනු ලබනවා..


අපේ රටේ මෙවැනි hospice ඇති බව නම් මම දන්නේ නැහැ...මරණයට නියත රෝගයක් වැළඳුන කෙනෙක්ට ...තමන්ගේ නිවහනේ නොකා නොබී  හරි වැටිලා අන්තිම හුස්ම යවන එක...අපේ රටේ අයගේ තවමත් කැමැත්තයි....මම හිතන විදියට..

නමුත්...විදවනවාට වඩා....විඳීම ....මනසට සොඳුරු යි....නේද..?





20 comments:

  1. අපෙ අම්මාගේ අම්මා (ආච්චී) මේ දිනවල පෙනහළු රෝගයකින් පෙලෙනවා. මට ඇයව මතක් වුනා. දැන් ඇයට තරමක් සුවයි.. !

    ReplyDelete
    Replies
    1. ඇයට..නිදුක් නිරෝගී සුව පතන්නම්...

      Delete
  2. පිළිකා රෝගයෙන් පෙලෙන රෝගීන් දෙන්නෙක් තමන්ගේ ජීවිතේ එතෙක් ඉෂ්ටකරගන්න බැරිවුණු බලාපොරොත්තු ලැයිස්තුවක් හදලා ඒවා ඉටුකරගන්න හැටි ගැන අපූරු චිත්‍රපටියක් තමයි bucket list[2007].මෙන්න තියෙනවා trailer එක

    http://www.youtube.com/watch?v=vc3mkG21ob4

    ReplyDelete
  3. අරගෙනා එන්නකෝ දවසක..කට්ටියම එකතු වෙලා බලන්න...

    ReplyDelete
    Replies
    1. අරන් එන්න දෙයක් නෑ ,ඔයාලගේ ගෙදරම තමා ඕක තියෙන්නේ.මං ගිය සතියේ බැලුවේ

      Delete
  4. \\.මරණයට නියත රෝගයක් වැළඳුන කෙනෙක්ට ...තමන්ගේ නිවහනේ නොකා නොබී හරි වැටිලා අන්තිම හුස්ම යවන එක...අපේ රටේ අයගේ තවමත් කැමැත්තයි.///

    ඇත්ත තමයි...ඒත් කිසි කෙනෙක්ට වදයක් නොදී අන්තිම වෙනකම්
    ඉන්නවා කියන හැගීම මතයි ඔය දේ වෙන්නේ...එයාගේ පැත්තෙන්
    සාදාරණයි ... ලන් වීම් වැඩි උනොත් දාල යන දාට දුක වැඩි..
    මොකද මරණයට දින ලැබුණ කියන්නේ හරි අමුතු තත්වයක්
    මනසට ...එහෙම තැනක ඉද්දි තව තව ආදරෙන් බැඳෙන්න දුකයි ...!

    ReplyDelete
    Replies
    1. ඔව් සහන්...අමුත් මේ දේශනය හරහා මම hospice එකක ජීවත් වීම කියන දේ ඉගන ගත්තා...මට කවදා හරි එහෙම රෝගයක් වැළදුනොත්...මම මගේ කැමැත්ත දෙන්නේ එවැනි තැනක ඉන්න...

      Delete
  5. ඒකනම් හොඳ වැඩක් වගේ.. ඒත් සමහරු කැමති නිදහසේ තමන්ගෙ පාඩුවෙ ඉන්නනෙ..කොච්චර ආයතන තිබුනත් හැමෝම කැමති තමන්ගෙ දූ දරුවො එක්ක කාලය ගතකරන්න තමා..

    ReplyDelete
    Replies
    1. අද කාලය ගොඩක් වෙනස්...අපි කොයි තරම් කැමති වුනත්..අන්තිමේදී අපිව බරක් වගේ දැනුනොත්...
      මගේ ළඟ ප්‍රතිකාර වලට එන ගොඩක් දෙමවුපියන්..අන්තිමේදී තනි වෙලා..
      ඒ දුදරුවොන්ට වරදක් කියන්නත් අමාරුයි..එයාලා තමන්ගේ කුටුම්භයේ වැඩ වල හිර වෙලා..

      Delete
  6. අදම තමයි මේ පැත්තේ ගොඩවුනේ. දිගටම එන්නම්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් එන්න...ස්තුතියි...

      Delete
  7. ඒක හොඳ වැඩක් නේ. එතකොට ඒ අයට රෝගය වුනත් තාවකාලිකව හරි අමතක වෙනවා නේ..

    ReplyDelete
  8. ඔව්..රෝගය සහ ඒ හා තිබෙන වේදනාකාරී අත්දැකීම් අඩු කරදීම..ප්‍රතිකාර ලබාදීම වගේම රෝගියා කැමති ක්‍රියාකාරකම් වල යෙදවීම..සමාජගත කිරීම..(HIV රෝගීන් එහෙම..සමාජයෙන් කොන් වෙනවා නේ)ආදියත් මේ මගින් කෙරෙන බවයි...ඇය එම දේශනයෙන් අපිට කිව්වේ...

    ReplyDelete
  9. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  10. ස්තුතියි බොහොමත්ම...
    ඔබටත්..ඔබේ පවුලේ සැමටත්..නිදුක් නිරෝගී සුව පිරුණු සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  11. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete
  12. ඔබ ඇතුළු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. චන්දන....ඔබටත්..පවුලේ සැමටත්..සුබ නව වසරක් වේවා....

      Delete
  13. සහන්....ඔබටත් සුබ නව වසරක් වේවා....ඔබේ යහපත් සහෝදරත්වය...මට හැමදාම සවියක්...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න