අපේ ජීවිතේ පාට පාට හීන තියන කාලයක් තියනවා..ඒ කාලේ තමයි ඉස්කෝලේ ගියපු කාලේ...මගේ ඉස්කෝලේ කාලේ නම් සුන්දර හීන මතක රාශියකින් පිරිලා තිබුන එකක්...පාට පාටින් හැඩ වුන ඒ හීන ඇතුලේ ඉඳ හිට කඳුලුත් නොතිබුනා නෙවෙයි..ඒ වුනාට ලෝකෙටම පේන්න අපි හිනා වෙලා උන්නා.
බාලිකාවේ අරලියා මල් සුවඳ එක්ක අපේ ජීවිත හරි අපූරුවට ගෙවුනා.දඩබ්බර කම් නොකලා නෙවෙයි.අනන්තවත් කළා...ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න ඇති කප්පරකට .ඒත් අපේ ටීචර්ස් ලා අදත් අපිට හරිම ආදරෙයි...ඕනෑම [පරණ ගෝලයෙකුට අපිව අඳුන්නලා දෙන්නේ හොඳම නිර්වචනයන් එක්ක ...
හුඟක් වෙලාවට දෙන කොමෙන්ට් එක වෙන්නේ..." මුන් අර එක ළමයෙකුට පිස්සු හදවපු උන් නේ " කියලා...තනිකරම පිස්සු වැඩ කරපු අපි එක්ක උන්න එක ළමයෙකුට ඇත්තටම පිස්සු හැදුනා කිව්වොත් එක අතිශයෝක්තියක් නෙවෙයි..ඒත් ඒ කතාව ප්‍රසිද්ධ කරන්න බැරි...මේකට අදාළ චරිත තවම ජීවත් වෙන නිසා...
ඒක...අපේ වරදක් නෙවෙයි....
මම කියන කෙනා සාමාන්‍යයෙන් ඒ තරම් ප්‍රසිද්ධ චරිතයක් වුනේ නැහැ ...කිසිම පැත්තකින්..
ලස්සන අතින් වත්...ඉගනීමට ප්‍රබල දක්ෂතා පෙන්නපු අය අතරට වත්..ක්‍රීඩාවට වත්..එහෙම ලොකු දක්ෂ කමක් මම පෙන්නුවේ නැහැ ...ඉතින් සාමාන්‍ය චරිතයක් විදියට තමයි මම උන්නේ...
මට උන්න ගොඩාක් යාලුවෝ අතරේ හරිම ලෙන්ගතු අය උන්නා...අදටත් මම ඒ අයව මතක් කරන්නේ හරිම ආදරෙන්...සමහර මතක අමතක කරන්න බැහැ...ඒත්..මම දන්නවා ඒ කිසිම කෙනෙක් මේ බ්ලොග් එක නම් කියවන්නේ නැහැ කියලා .එහෙම කියවන අය වුනා නම් මට ආයේ ඒ ලෙන්ගතු හිත් හමු වේවි...
මාතරින් සමු අරන් කොළඹට එද්දී...පාර පනින හැටි පවා කියා දීපු මගේ ෆිට් ම යාලුවෙක් උන්නා...අද ලොකු දොස්තර මහත්තයෙක් වුනත්...( නම කියන්න බැහැ නේ ) තවමත්..ඒ මතකය ඇවිස්සුවොත් අනිවාර්යයෙන්ම මාත් එක්ක හිනා වෙන්න තරම් සරල මනුස්සයෙක් ඒ ...
ඒ වගේම ...ඉස්සරම දවසක ...පන්ති ඉවර වෙන්න රෑ වුනාම මාව බස් එකට නග්ගන්න කිසිම හිතේ කහටක් නැතුව ආපු එක කොල්ලෙක් උන්නා...මම කොළඹ ආවට පස්සේ..එකම එක දවසයි මට හම්බ වුනේ ..නම දර්ශන අතපත්තු....මට ඒ යාළුකම කොයි තරම් වටිනවද කිව්වොත්..අදටත් මම දර්ශනයව හොයනවා ..ඒත් අද දර්ශන ඉන්නෙ කොහෙද කියන්නවත් දන්නේ නැහැ...
කෙල්ලොන් වෙලා උන්න බොහොමයක් දෙනා අද අම්මලා...මට මූණු පොත ඔස්සේ බොහෝ අය හමු උනා ...අපි තවමත් මතකයන් අවුස්සනවා...ඉඳ හිට චැට් එකකදී...
මේ මතක අස්සේ හිතේ පැලපදියම් වුන සුන්දර චරිත කොයි තරම් නම් ද...
අදටත් සොඳුරු මතකයක් ව ඉන්න ...සුන්දරම මිනිස්සු...
අපේ ඒ කාලය හරිම සංවේදී වුනා..
class වල දි ...මග තොටදී...රහසේ කතා කරපු ඇස් අතරේ කොයි තරම් මතකයන් අදටත් ඉතුරු වෙලා ඇත්ද...?
අද කාලේ ඇති වී නැති වී යන තාවකාලික සම්බන්ධතා අතරේ..ඒ අතීතයන් ඇත්තටම සොඳුරු මතකයන් ම තමයි...
අපි අතර තිබුන යාළුකම් ගැන සම්බන්ධතා ගැන ...කල... කවට කෙලි සිනා ගැන...දඩබ්බර කම් ගැන ...තවමත් ඒ පන්ති කාමර ,පාරවල් කියාවි...
මේ සැරේ මාතර ආවම මට හිතුන දෙයක් තමයි...දවසක මාතර ගිහින්....ඒ හැම පාරකම ආපහු පයින් ඇවිදින්න ඕන කියන එක...
CEO එක..ගුරුකුලේ...ඇලවේල්ල පාර..කාලිදාස පාර..උයන්වත්ත පාර...බීච් රෝඩ් එක....ඉසදීන් ටවුම...හැමපාරකම ආපහු යන්න ඕන ...
ඉස්සර වගේම හිතෙන් හරි ඒ කාලෙට යන්න ....ආස අය තව ඉන්නවද දන්නේ නැහැ ...
සමහර විට හැමදේම වගේ ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් වෙලා ඇති....අපි ජීවත් වෙන්නේ දුවන ලෝකෙක..ඒත් ...මට මම වගේම හිතන එකම එක යාලුවෙක් හරි හම්බ වුනොත්...මම ආපහු ඒ අතීතේ කියව කියවා....මාතර පාරවල් වල ඇවිදිනවා....
අතීතය හරිම සුන්දරයි...
එහෙම නේද....