Google+ Followers

Saturday, May 18, 2013

මගේ ලොවේ සඳ...

මගේ ලෝකෙට පායපු සඳ වුනේ ඔයා...
ඔයාගේ සිසිලේ මගේ ජීවිතේ සැනහී සැනහී තිබුනා මට මතකයි...
ඔයා මගේ ලෝකෙට පාර පෙන්නුවා..
මගේ ජීවිතේ දුක් සුසුම් වගේම සතුට..ජයග්‍රහණය විඳින්න ..ඔයා බලන් උන්නේ පුදුම ආසාවකින්...
ජීවිතේ....හරිම ලස්සන කාලයක් ඒ ...


අවුරුදු 9ක් ...හ්ම්ම්ම්ම්....
ඒත්..මට තවම දැනෙන්නෙ අද ඊයේ වගේ...
ඔයා යන්න ගියා..නොකියාම යන්න ගියා....
යන්න එපා කියනකල් වත් ...හිටියේ නැහැ...
වචනයක් වත් කතා කරන්න...ලැබුනේ නැහැ..මට ඔයා එක්ක...

කියා ගන්න බැරි වුන ගොඩක් දේවල් ඉතුරු වුනා...
මොනවා නැතත් ඔයාට මම කොයි තරම් ආදරෙයිද...කියලා වචන වලින් කියන්න මට ඕන වුනා..
ඒක කවදාවත්ම මට බැරි වුනා...
අදටත්..මම සිය දහස් වාරයක් පසු තැවෙන්නේ...ඒ නොකියූ ආදරේ සිහි කරලා....
ඒත්..මම දන්නවා...ඔයා දැනගෙන හිටියා...
මම ඔයාට ආදරෙයි කියලා...

ඔයාත්..කවදාවත්..මට වචනයෙන් ..ආදරේ කියලා නැහැ...
පෙන්නුවෙත් අඩුවෙන්..
ඒත්...මම ගමේ ඉඳන් කොළඹ ආවම ඔයා මට ලියුම් ලිව්වා...
ඒ ලියුම් වල ...(වැඩිය නැහැ..දෙකක් විතර..)...ඔයාට මම නැතුව පාලුයි කියන ඒක..ඔයා කෙලින්ම ලියල තිබුනා....
ඔයාට මාව බය කරලා හිනා ගස්සන්න ...ඕන වුනා...
මතකද...ලියුම් ඇතුලේ මැරුන මකුළුවෙක්  දාල එව්වා...
මම පන්තිය ඇතුලේ කෑ ගහල දෙක කළා කිව්වම ඔයා හොඳටම හිනා වුනා...


ඔයා හැම දාම ආස වුනේ..මම ලස්සනට ඉන්නවා බලන්න...
ඔය තෝරලා දෙන සාරී ඇන්දම...හැමෝම මම ලසනයි කිව්වා..
ඔයාට ඒවා කිව්වම....ඔයාගේ මූනේ ඇදුනේ ආඩම්බර හිනාවක්...
ඒ වගේම තමයි..මම ගේන..ඇඳුම් අඳින්න ඔයා ආස කළා...
ඔයා තරම් ලස්සනට අඳින  කෙනෙක් මම දැකලා නැහැ...

ජීවිතේ....ගෙවිල යනවා...
ඔයා නැතුව...
ඒත්..ඔයා ඉන්න තැන ගන්න කාටවත්ම බැරි වුණා..ඒ තැනට එන්න කාටවත්ම බැහැ...
ඔයා විතරයි...
මට සමාවෙන්න...කවදාවත්..මගේ හිතේ තියන ආදරේ කටින් නොකිව්වට...
ඔයා ඒක ඇහුවනම්..කොයි තරම්..ආස වෙයිද...


ඉතින්..අහන්න...ඉන්න තැනකට ඇහෙන්න කෑ ගහල කියන්නද..
මම දන්නවා ඔයාට ඇහෙන්නේ නැහැ..
ඒත්...ඔයාට දැනෙනවා....

මම ඔයාට ආදරෙයි....
මගේ පනටත් වඩා ආදරෙයි...