Monday, January 28, 2013

සූර්ය නමස්කාරය

ඔන්න අද මම මේ ලියන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ..මේක මගේ විශේෂ කෙනෙක්ගේ පොඩි ඉල්ලීමක් මත තමයි ලියන්නේ...එය මේ දවස් වල 5 ශිෂ්‍යත්වයට සුදානම් වෙනවා..5 පන්තියේ පරිසරය පළමු පාඩමේ එන ...සූර්ය නමස්කාරය ගැන ටිකක් විස්තර හොයල ලියමු කිව්වේ එයා තමයි...
ඇත්තටම මේක හරිම වැදගත් දෙයක් කියලා මටත් හිතුණා...අන්තර්ජාලයේ එහෙමත් රවුමක් ගහල පොත් කියවල හොයාගත්තු කරුණු ටික තමයි මේ පෝස්ටුවට ඇතුලත් වෙන්නේ...

සූර්ය නමස්කාරය එහෙමත් නැත්නම් sun salutation කියන්නේ බොහොම අතීතයේ සිට පවත ගෙන එන සූර්ය වන්දනා ක්‍රමයක්.යෝගා භාවනා ක්‍රමයන් ගේ ඇතැම් අවධි මෙහි තියනවා...විවිධාකාර වූ ඉරියවු සහ ව්‍යායාම ක්‍රම මෙහි ඇතුළත්....

සුර්ය නමස්කාරය අපේ ශරීරය ක්‍රියාශීලීව තැබීමට බොහෝ ලෙසින් උපකාරී වෙනවා...
බොහෝ යෝගක්‍රම වගේම මෙයත් කල යුතු නියමිත ක්‍රමයන් තියනවා...
සාමාන්‍යයෙන් මෙය කල යුතු යැයි පැවසෙන්නේ ආමාශය හිස්ව තිබියදී...ඒ කියන්නේ උදැසන ආහාරය ගැනීමට පැය  දෙකකට පෙර හෝ සන්ධ්‍යාවේ....
ඒ වගේම මෙය සූර්යයා දෙසට මුහුණ ලා කල යුතු යැයි පොත පතේ සඳහන්.....
අවධීන් 13කින් යුතු මෙම සූර්ය නමස්කාරය...මුල් වරට කිරීමේදී අවධීන් 13ම එක වර කල යුතු නැහැ..එසේ නොකරන ලෙසත් පොත පතේ කියවෙනවා..මුලදී අවධීන් 3 සිට 6 දක්වා කරන්නට පටන් ගෙන සතියක් තුලදී මුළු සූර්ය නමස්කාරයම කල හැකියි...

මනා ලෙස ආශ්වාස ප්‍රශ්වාස කිරීමත් ලේ ගමන ශරීරය තුල නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීමත් මේ මගින් සිදු වෙනවා.
මේ හා සමගාමීව යන සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම තුලින් අධ්‍යාත්මික දියුණුවක් ද ලැබෙනවා...මෙහිද  අවධීන් 5ක් තිබෙනවා..මේ කරුණු ටික මට දුන්නේ..පුංචි පහේ මගේ රසිකයා...
ඒ අවධීන් තමයි..

1.ශාරීරික ලිහිල් බව
2.මානසික ලිහිල් බව
3.අධිෂ්ටානය
4.ප්‍රාර්ථනය
5.උදානය.


ඉතින්..හැම දේම කියනවට වඩා හොඳයි කරලම බලන එක...නේද...?
මුලික පියවර ටික ඇතුලත් පින්තුරයක් මේ තියෙන්නේ...
මොකද කියන්නේ ...පහේ පන්තියේ පාඩමක් වුනාට කමක් නෑ..කරලා බලමුද..?



you tube එකට ගියාම මේ ගැන තියන වීඩියෝ එහෙමත් බලන්න පුළුවන්.




5 comments:

  1. ඔහොම ක්‍රමවත්ව නොකලත් ශාරීරික ලිහිල් බව, මානසික ලිහිල් බව ඇති වෙනවා කියන එක නම් අත්දැකීමෙන් දන්නවා. අපේ ප්‍රදේශයේ එක් ස්ථානයකට උදෑසන හිරු පායා එන දර්ශනය සුන්දරව දකින්න ලැබෙනවා. ඒ වෙලාවට සූර්යයා දිහා බලන්න පුළුවන්. මම පාන්දර කොහේ හෝ යනවා නම් එතන මදක් නතර වෙලා ඒ අසිරිය විඳලා තමයි යන්නේ. ඉතින් ඔය විදිහට ක්‍රමවත්ව කරනවා නම් යම් ප්‍රතිපලයක් ලැබෙනවා ඇති කියල හිතන්න පුළුවන්.

    ReplyDelete
  2. ඔයා හරි...ඒත් අද අපි කීයෙන් කී දෙනාද..ඉර හඳ ගහ කොලක සුන්දරත්වය දිහා විවේක ඇසකින් බලන්නේ...අපි ඔක්කොම මහා තරඟයක දුවනවා...
    මේ සූර්ය නමස්කාරය වගේම මම කලින් ලියපු Tai chi වලදීත් කාලේ..ඒක ක්‍රමවත් අන්දමකට මේ සැහැල්ලු වීම කල එක...
    එතකොට ටිකක් කරන්න ඕන කියන ඒක හිතට එනවනේ....

    ReplyDelete
  3. මේක නිකන්ම නිකන් දෙයක් නෙවේ මේක තම අපේ සිංහල කම. රාවණ මහා රජුටත් පෙර සිට එන එකක්. රා (සූර්යයා) වණ(වරම) තමයි තේරුම. එදා ඉදල අද වෙනකොටත් සුර්යගෙන් අපි ගොඩක් හාස්කම් කරගන්නවා.අපි සිංහලයෝ විදියට මේක රක ගන්න ඕනේ. 5 වසරට හරි මේක තියන එක ඇත්තටම ලොකු දෙයක්.

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න