Saturday, January 26, 2013

ඇසට කඳුලක් ගෙනෙන කතාවක්....

අලුත් ඇසකින් ලොව දකින පෝස්ටුවේ අතුරු කතාවක් මම අද ලියන්නේ....
සතුටක් ගෙනෙන එකක් නම් නැහැ....
හරිම අනුවේදනීය කතාවක්....ඒත් අපි හැම තිස්සෙම හිතන්නේ අපිට තියන ප්‍රශ්න තමයි ලෝකේ තියන ලොකුම දේ කියලා..ඒක වැරදි නැහැ..මොකද අපි හිතන්නේ ...අපි ගැන නිසා...ඒත්...හැම තිස්සෙම හිතුවොත් අපිට වඩා ප්‍රශ්න තියන අය ගැන..අපි අපි ගැනම සතුටු වෙයි.....

නම් ගම් නොලියා...මේ කතාවේ කතා නායකයා ගැන විස්තර බලමු නේද....
හඳුනා දීමේ පහසුව තකා..මම ඔහුව නිමල් ලෙස නම් කරන්නම්...

නිමල් මට මුණ ගැහුනේ ගිය සතියේ...වැඩ මුළුවකට සහභාගී වෙලා ආපසු වැඩට යද්දී ආව අලුත් රෝගීන් අතරෙයි ඔහු හිටියේ....නිමල් මා වෙත ගෙනාවේ ඔහුගේ මල්ලි..රෝද පුටුවක අය්යව තියාගෙන ආව මල්ලිගේ මුනෙ තිබුනේ කියවල ඉවර කරන්න බැරි තරම් අවිනිශ්චිත බවක්...
නිමල් ගේ  දකුණු අත වැලමිටට මදක් උඩින් කපල තිබුනේ..ඊට දවසකට කලින් මැහුම් කපපු නිසා තවමත් වෙළුම් පටි වලින් ඔතලයි තිබුනේ....
නිමල් ගේ කතාව අහද්දී මට හිතුනේ ඉරණම මිනිසෙකුට දඬුවම් කරන එකේ සීමාව මොකක්ද කියලා...

නිමල් කලින් හමුදාවේ සේවය කරලා වසර ගණන සම්පූර්ණ වූ පසු විශ්‍රාම ගිහින් පොඩි බිස්නස් එකක් කරගෙන ගියා...විවාහ වුනාට තවම දරු සුරතල් බලන්නත් ලැබිල නැහැ...මීට මාසෙකට කලින් දවසක නිමල් ටවුන් එකට යන්න බස් එකට නැගල.ටික දුරක් යද්දී නිමල් ඒක පාරටම සිහි නැතුව බස් ඒක තුලම වැටිලා...රෝහලට ගෙන ගියාමයි දන්නේ ඔහුට ලේ කැටියක් හිරවීම නිසා අංශභාග තත්වයක් ඇවිත් කියලා..මේ අපහසුතාව ඇවිත් තිබුනේ වම් පැත්තට...ඔහුගේ වම අත හා කකුල පණ නැති වෙලා තිබුන...
මේකේ නරකම දේ මේ සිදුවීම වුනාට පස්සේ නිමල් ගේ දකුණු අතෙත් ලේ කැටියක් ඇවිත් බ්ලොක් වුන එකයි..අන්තිමට ඒ අත කපන්න වුනා....

දැන් නිමල් ගේ වම්  පැත්ත පණ නෑ...දකුණු පැත්තේ අතත් නැහැ....
ජීවිතේ ඉස්සරහ ගැන අවිනිශ්චිත බවක් මිස වෙන මොකුත් නැහැ...කතා කරන වචනයක් පාසා..නිමල් ට හීල්ලෙනවා...
ඒකත් නිමල්ගේ අංශභාග තත්වය නිසා ආව සංවේදී බවක්....

ඉතින් දැන් නිමල් ට අදාළ ප්‍රතිකාර පටන් අරගත්තා ....දැනට නිමල්ගේ හැම වැඩක්ම කර දෙන්නේ මල්ලි..අප්‍රාණික අතක් හා කකුලක් සමග...දකුණු පැත්තේ අත් කොටයක් පමණක් ඇතුව ඉන්න නිමල්ව නැවත...ක්‍රියාකාරී මිනිසකු කරන්නට අපි උත්සහ කරනවා...
නිමල් ගේ චායා රුප දමන්න බැහැ..ඒත්..ඉතාම ලඟදි..ඔහු ගැන සතුටු දායක ආරංචියක් දෙන්න මම  උත්සහ කරනවා .....වම් අත ක්‍රියාකාරී කරන්න උත්සාහ කරන අතරේ...දකුණු අතක් කෘතිමව ලබාදෙන අතරේ...දකුණු අත් කොටසෙන් සියලුම වැඩ කරගන්න ඔහුව පුහුණු කිරීම අපිට තියන අභියෝගයයි...


ඉතින්....
ඇසට කඳුලක් ඉනුවා නම්..ඒ ඔබේ සංවේදී කම නිසාමයි..අපි හැමෝම මිනිස්සු...

12 comments:

  1. puduma jeewitha dewiyane.
    eka para maruna nam ....
    ohoma mari mari jeewath wenna
    mat nam godak amarui...

    ReplyDelete
  2. නෑ සහන්...මේක තමයි සැබෑ ජීවිතේ...ඔයා හිතනවා වගේම තමයි හැම කෙනාම මුලදී හිතන්නේ..ඒත්..අපි හැමෝම ජීවත් වෙන්න ආසයි..
    මේක ලොකු අභියෝගයක්...ඒත්...ඒකට අමාරුවෙන් හරි අපිට මූණ දෙන්න වෙනවා..

    අද වෙද්දී නිමල් ගේ වම් අතේ ඇඟිලි ටිකක් හෙලවෙනවා..එකත් ලොකු දෙයක් නේ නේද..?

    ReplyDelete
  3. ඔව් ඒ දේ නම් ඇත්තටම සුබ ලකුණක් ජීවිතේ ගැන සුබවාදීව
    දකින්න ආයෙමත් .මොකද සුබ නිමිත්තක් නැති උන ගමන්
    ( එක රැයෙන් වෙනවා නෙවේ ) ටික ටික අපි ආපස්සට යන්නේ .
    ඔයා බටහිර වයිද්‍ය විද්‍යාවේ ඉන්න බව දන්නවා , ඒත් මගේ සියැසින්
    දැකපු දෙයක් මන් මේ කියන්නේ ඔයා පිලිගන්නම එකක් නැහැ .

    අනුරාධපුරේ මන් දන්න වෙද ගෙදරක් තියෙනවා අංශබගෙට බෙහෙත් කරන .
    මගේ මේ ඇස් දෙකෙන් දැකල තියෙනවා ඇවිද ගන්න වත් බැරුව ආව අය
    සාමාන්‍ය මට්ටමට කකුලක් තියන් තනියම ඇවිද ගන්න පුළුවන් මට්ටමට එනවා.
    අහඹු සිද්දි නෙවේ මේ දේවල් ..හැබැයි 100% යථා තත්වෙට එන්නේ නැහැ .
    අනික් දේ මේ ගැන බටහිර මතයත් මන් දන්නවා ( මොලේ මැරුණ කොටස් නැවත
    ප්‍රකුර්ති නොවීම )

    හරි අනිත් දේ මට කියන්න මගේ මේ පෝස්ට් එක ගැන ..
    හැබැයි දැනට එතැන තියෙන කමෙන්ට් එකක් වත් බලන්නේ
    නැතුව කියන්න මට..මේ ලෝකේ සිද්දි තියෙනවා විසදුම් නැති ...



    මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!

    ReplyDelete
  4. හොඳයි ඔය කියපු විදියටම මම මේ මගේ අදහස ලියන්නේ...
    ඔයා හරි..සමහර දේවල් ..සිද්ධි තියනවා විසඳුම් නැති...ඒත් ..ඒ විසඳුම් නැති කියන සංකල්පය හැමදාටම පවතින්නේ නෑ...ඔයාගේ කතාවේ තාත්තයි දුවයි..හැමදාම ඔය වයසේ ඉන්නේ නෑ...එයාලගේ ජීවිත ඉදිරියට ගලා යනවා...දුව ලොකු වෙයි..ඉගනගනියි..එතනින් එහාට ඒ ජීවිත ගලා නොයයි..කියලා ඔයා හිතනවද?
    මම මගේ රැකියාවත් සමගම..ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත දැකල තියනවා...ඒත්...හැමෝගෙම ජීවිත ගලා ගෙන ගියා..නැවතුනේ නැහැ...
    අංශභාගය ගැන මම පස්සේ දවසක ලියන්නම්...ඔය කියන වෙදමහතා වගේම...මගේ ප්‍රතිකාර ක්‍රමයන් ගැනත් මම එකේ ලියන්නම්...

    ReplyDelete
  5. \\\එයාලගේ ජීවිත ඉදිරියට ගලා යනවා...//

    ඔය හිතනවද ගලාගෙන යාවි කියල?
    ඇත්තෙම්ම නැවතුන ජීවිත ගැන ඔය දන්නවා වෙන්න
    ඕනේ වෘතිය එක්ක..ඒ නිසා එහෙම කියන්න එපා.එයාල
    දිහා පිටින් බැලුවට ඇතුලේ තියෙන ගින්න පේන්නේ නැහැ
    මිතුර .දූ ලොකු වෙන්නෙත් හිස් තැනක් එක්ක .තාත්ත ඉන්නෙත්
    ලොකු පීඩනයකින් .ඉක්මනටම දූට තාත්තගේ සෙනෙහසත් නැති
    වෙනවා ..ඊට පස්සේ දුව සම්පූර්නෙන් තනි වෙනවා..රැවටිලි වලට අහු
    වෙනවා, පාරටම වැටෙනවා..දරුවෙක් එක්ක තනි වෙනවා..

    අම්මගේ තාත්තගේ සොහොන් කොත් ළඟ දූ එක්ක තනි වෙනවා...
    ඔන්න ගලපු හැටි ? හරි අපූරු ගැලීම නේද ???

    ReplyDelete
  6. ඔයා සමහර විට හිතනවා ඇති මම යාන්ත්‍රිකව වෘත්තීය මට්ටමෙන් මේ සංවේදී සිදුවීම දිහා බලනවා ඇති කියලා..එහෙම හිතන්න එපා...
    මමත් අම්ම කෙනෙක්...ඒ වගේම අම්මා අහිමි වුන දුවෙක්...
    හිතේ ඇවිලුන ගිනි තව නිවිලා නෑ...
    ජීවිතේ අසුබ පැත්තම හිතන්න එපා...ඔයා ඔය කියන දේම අනිත් පැත්ත හිතන්න...දුවෙක්ට තාත්තගේ සෙනෙහස නැති නොවුනොත්...(මේ කතාවේ එන තාත්තා ඒ හැටි වයසක කෙනෙක් නෙවෙයි)..ඒ තාත්තා දිරිය ගන්න ඕන දොනිවත් හදාගෙන ඉස්සරහට යන්න...දුව සම්පූර්ණයෙන්ම තනි වෙන්නේ ඇයි..මේ ලෝකේ හොඳයි කියලා කිසිම දෙයක් නැද්ද..?ඒ පුංචි හිතට පිහිට විය හැකි...
    හැම තිස්සෙම අසුබ පැත්තම හිතුවොත්....අපිට යන්තම් හරි සැනසීමක් ලැබෙන එකක් නැහැ...
    ඒ නිසයි මම මෙහෙම ලිව්වේ...නැතුව වෘත්තීය මට්ටමෙන් නෙවෙයි...

    ReplyDelete

  7. නැහැ නැහැ ඔයාට ද්වේශ සහගත විදිහට කිව්වා නෙවේ මන් හොඳද ?
    මට තේරෙනවා ඔයා කියන දේ.ඒ උනාට සමහර අයගේ ජීවිත නැවත
    ගොඩ ගන්න බැරි විදිහට වැටෙනවා කළු සුදු .ඒක තමයි ඇත්ත.
    මන් මෙහෙම කිව්වා කියල හිතන්න එපා අසුබවාදීවම හිතනවා
    කියල.මන් කියන්න උත්සාහ කලේ මිනිහෙක්ගේ දරාගැනීමේ සීමාව
    පැන්නම ඉවරයි .ඉවරයි ඉවරයි .( ඒ සීමාව පුද්ගලයාගෙන් පුද්ගලයාට
    වෙනස් හැබැයි.) ඔයාගේ සීමාව නෙවේ වෙන්න පුළුවන් මගේ සීමාව..

    අනික වැටුන කෙනෙක්ට දිනයක් පාසා හයිය වැය වෙනවා.ඉතුරු උන
    හයිය ටිකෙන් නැගිට ගන්න බැරි වෙනවා කියන්නේ අනාගතය ඉතාම
    භයානකයි .ඊට පස්සේ සියල්ල හිස් .සියල්ල හිස් ...

    ReplyDelete
  8. ඔය කියන දේ සමහර විට හරි වෙන්න පුළුවන්...නමුත් මිනිහෙක් තනිව වැටෙනවා නම්..ඒක විඳගන්න පුළුවන් සහන්..ඒත්..දරුවෙක් කියන්නේ මේ කතාවේ ඉන්න තාත්තට දැන් තියන ලොකුම බැඳීම..ඉතින්..ඒ ඔස්සේ වත් බැරි වෙයිද...මේ තාත්තට දරාගැනීමේ සීමාව දිගේ තව දුරටත් යන්න..

    ජීවිතේ හිස් බව කියන දේ අපි හුඟ දෙනෙක් විවිධ අන්දමට අත් විඳලා තියනවා සහන්...දෙනෝ දාහක් ගැවසෙන මේ ලෝකේ දැන් වුනත්..හිතට දැනෙන්නෙ මොකක්ද...හිස් බව තමයි...ඒත්...හිස් වුන ජීවිතය පුරවන්න දුවගේ හිනාවකට බැරිද...

    ReplyDelete
  9. ඔව් දූගේ හිනාව තමයි මේ තරම් දුර ගෙනාවේ . ඒ හිනාවට නම්
    ලෝකෙම යටයි දූ එක්ක ජීවත් වෙන්න ඒ තාත්තට ලැබුන නම් .
    හරි බරයි කළු සුදු .ඔයාගේ කරුණාවන්ත වචන වලට ගොඩක් පින්..
    ඔයාටත් ඔයාගේ පවුලටත් වාසනාවන්ත ජීවිතයක් ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  10. ඔයාගේ කතාව ලස්සනයි කියලා මේ සංවාදය ඉවර කරන්න බැහැනේ...
    සියලු දේම යහපත් වන අනාගතයක් ගැන මගේ තියන ධනාත්මක බලාපොරොත්තුව විතරක් මම ඔයාගේ කතාවේ තාත්තට සහ දුවට පතන්නම්....

    ReplyDelete
  11. ඔබේ සහ මේ සද් කාර්යයේදී සහායදෙන හැමෝගෙම බලාපොරොත්තු සඵල වෙමින් ඔහුට සවාධීන වීමට වාසනාව ලැබේවා. මගෙ පුතා විශේෂ දරුවෙක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම..සරත් අයියා..ඒ උත්සාහය සාර්ථක වුනා යම් ප්‍රමාණයකට...100%ක්ම කියන්න බැහැ..ඔහුට කෘතීම අතක් අපි ලබාදුන්නා..එයින් පුහුණු කළා..නමුත්..එයද රැගෙන ඔහු නිවසට ගියාට පසු ඒ අත භාවිතය සම්බන්ධව මට සැකයක් ඇති වුනා...මොකද...එහි cosmatic appearence එක ඒ තරම් හරි නැහැ...මොකද මේවා ක්‍රියාකාරී වෙන්නට මිස..පෙනුම සඳහා හදන ඒවා නොවන බැවින්...

      ඔබේ පුතා..විශේෂ දරුවෙක් කියනවාට වඩා ..මම කැමතියි..ඔබ විශේෂ දෙමවුපියෙක් කියන්න..ඒ ඇයි කියලා..දවසක මගේ පොස්ටුවක මම ලියන්නම්..

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න