අද පොඩි නිවාඩුවක් ලැබුණා...අහම්බෙන් වගේ ..
උදේ ගෙදර වැඩ ටික කරලා ඉන්න වෙලාවේ හිත දුවලා ගියා මගේ පොඩි කාලේ මතකයන් අතරට..
ඒ කාලේ කොයි තරම් නම් සුන්දර අහිංසක අත්දැකීම් අපිට තිබුනද?
මම ජීවත් වුනේ ලස්සනම ලස්සන ගම්මානෙක..දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ...
අපේ ගම හරහා ගලා ගියේ නිල්වලා ගඟ..ප්‍රධාන ගඟ නෙවෙයි..අතු ගඟක්..
ඒ ගඟෙන් බෙදී ගියපු ඇල පාරවල් වලින් තමයි කුඹුරු වලට වතුර දුන්නේ.
ඇල පුරාම ඒ දවස් වල පිපිලා තිබුනේ නිල්මානෙල්.
දන්නවා නේද මේ මල..දැන් නම් ලංකාවේ ජාතික පුෂ්පය.
විද්‍යාත්මක නම Nymphaea stellata....
1986 තමයි අපේ ජාතික පුෂ්පය කියලා නම් කලේ.
මගේ පුංචි කාලේ ඒ හා සමගාමී ව ගෙවුනේ.
උදේම පලවෙනි හිරු රැස් පොදින් ඇහැරෙන නිල් මානෙල් යයෙන් එන සුවඳ මට තවම මතකයි.සති අන්තේ වෙනකල් ඉතින් මේ සිරිඅසිරි බලන්න ඉඩක් න නේ...ඉස්කෝලේ ගිය නිසා.ඒත් සෙනසුරාදා..ඉරිදා එහෙම උදේම මල්ලිලා එක්ක මම ඇල ඉවුරට යනවා කෙක්කක් අරන්...
නිල්මානෙල් පිපුන ඇල අයිනටම යන්න බයයි..ඒ නිසා දුරින් ඉඳන් කෙක්ක දාලා මල් නටුවේ පටලවලා කඩාගන්නේ.
ඉතින් මේ කඩාගෙන එන මල් බුදු පහන ගාව තිබ්බම අපේ ආත්තම්මා ගෙන් ලකුණු ගොඩයි..හැබයි ...මඩ නම් ගාගෙන එන්නේ..ඉතින් අම්ම ගෙන් බැනුම් ටිකකුත් ලැබෙනවා..
ජීවිතේ කොන්ක්‍රීට් වනාන්තරයක හිර වුන මට ඒ සුන්දර මතකයේ සුවඳ තවමත් දැනෙනවා...
No comments:
Post a Comment
පුංචි හරි අදහසක් දක්වලා යන්න