Google+ Followers

Wednesday, January 29, 2014

72. හීනයක් වගේ මතකයක්




අපේ ජීවිතේ පාට පාට හීන තියන කාලයක් තියනවා..ඒ කාලේ තමයි ඉස්කෝලේ ගියපු කාලේ...මගේ ඉස්කෝලේ කාලේ නම් සුන්දර හීන මතක රාශියකින් පිරිලා තිබුන එකක්...පාට පාටින් හැඩ වුන ඒ හීන ඇතුලේ ඉඳ හිට කඳුලුත් නොතිබුනා නෙවෙයි..ඒ වුනාට ලෝකෙටම පේන්න අපි හිනා වෙලා උන්නා.

බාලිකාවේ අරලියා මල් සුවඳ එක්ක අපේ ජීවිත හරි අපූරුවට ගෙවුනා.දඩබ්බර කම් නොකලා නෙවෙයි.අනන්තවත් කළා...ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න ඇති කප්පරකට .ඒත් අපේ ටීචර්ස් ලා අදත් අපිට හරිම ආදරෙයි...ඕනෑම [පරණ ගෝලයෙකුට අපිව අඳුන්නලා දෙන්නේ හොඳම නිර්වචනයන් එක්ක ...
හුඟක් වෙලාවට දෙන කොමෙන්ට් එක වෙන්නේ..." මුන් අර එක ළමයෙකුට පිස්සු හදවපු උන් නේ " කියලා...තනිකරම පිස්සු වැඩ කරපු අපි එක්ක උන්න  එක ළමයෙකුට ඇත්තටම පිස්සු හැදුනා කිව්වොත් එක අතිශයෝක්තියක් නෙවෙයි..ඒත් ඒ කතාව ප්‍රසිද්ධ කරන්න බැරි...මේකට අදාළ චරිත තවම ජීවත් වෙන නිසා...
ඒක...අපේ වරදක් නෙවෙයි....

මම කියන කෙනා සාමාන්‍යයෙන් ඒ තරම් ප්‍රසිද්ධ චරිතයක් වුනේ නැහැ ...කිසිම පැත්තකින්..
ලස්සන අතින් වත්...ඉගනීමට ප්‍රබල දක්ෂතා පෙන්නපු අය අතරට වත්..ක්‍රීඩාවට වත්..එහෙම ලොකු දක්ෂ කමක් මම පෙන්නුවේ නැහැ ...ඉතින් සාමාන්‍ය චරිතයක් විදියට තමයි මම උන්නේ...

මට උන්න ගොඩාක් යාලුවෝ අතරේ හරිම ලෙන්ගතු අය උන්නා...අදටත් මම ඒ අයව මතක් කරන්නේ හරිම ආදරෙන්...සමහර මතක අමතක කරන්න බැහැ...ඒත්..මම දන්නවා ඒ කිසිම කෙනෙක් මේ බ්ලොග් එක නම් කියවන්නේ නැහැ කියලා .එහෙම කියවන අය වුනා නම් මට ආයේ ඒ ලෙන්ගතු හිත් හමු වේවි...

මාතරින් සමු අරන් කොළඹට එද්දී...පාර පනින හැටි පවා කියා දීපු මගේ ෆිට් ම යාලුවෙක් උන්නා...අද ලොකු දොස්තර මහත්තයෙක් වුනත්...( නම කියන්න බැහැ නේ ) තවමත්..ඒ මතකය ඇවිස්සුවොත් අනිවාර්යයෙන්ම මාත් එක්ක හිනා වෙන්න තරම් සරල මනුස්සයෙක් ඒ ...

ඒ වගේම ...ඉස්සරම දවසක ...පන්ති ඉවර වෙන්න රෑ  වුනාම මාව බස් එකට නග්ගන්න කිසිම හිතේ කහටක් නැතුව ආපු එක කොල්ලෙක් උන්නා...මම කොළඹ ආවට පස්සේ..එකම එක දවසයි මට හම්බ වුනේ ..නම දර්ශන අතපත්තු....මට ඒ යාළුකම කොයි තරම් වටිනවද කිව්වොත්..අදටත් මම දර්ශනයව හොයනවා ..ඒත් අද දර්ශන ඉන්නෙ කොහෙද කියන්නවත් දන්නේ නැහැ...
කෙල්ලොන් වෙලා උන්න බොහොමයක් දෙනා අද අම්මලා...මට මූණු පොත ඔස්සේ බොහෝ අය හමු උනා ...අපි තවමත් මතකයන් අවුස්සනවා...ඉඳ හිට චැට් එකකදී...



මේ මතක අස්සේ හිතේ පැලපදියම් වුන සුන්දර චරිත කොයි තරම් නම් ද...
අදටත් සොඳුරු මතකයක් ව ඉන්න ...සුන්දරම මිනිස්සු...
අපේ ඒ කාලය හරිම සංවේදී වුනා..
class වල දි ...මග තොටදී...රහසේ කතා කරපු ඇස් අතරේ කොයි තරම් මතකයන් අදටත් ඉතුරු වෙලා ඇත්ද...?
අද කාලේ ඇති වී නැති වී යන තාවකාලික සම්බන්ධතා අතරේ..ඒ අතීතයන් ඇත්තටම සොඳුරු මතකයන් ම තමයි...

අපි අතර තිබුන යාළුකම් ගැන සම්බන්ධතා ගැන ...කල... කවට කෙලි සිනා ගැන...දඩබ්බර කම් ගැන ...තවමත් ඒ පන්ති කාමර ,පාරවල් කියාවි...

මේ සැරේ මාතර ආවම මට හිතුන දෙයක් තමයි...දවසක මාතර ගිහින්....ඒ හැම පාරකම ආපහු පයින් ඇවිදින්න ඕන කියන එක...
CEO එක..ගුරුකුලේ...ඇලවේල්ල පාර..කාලිදාස පාර..උයන්වත්ත පාර...බීච් රෝඩ් එක....ඉසදීන් ටවුම...හැමපාරකම ආපහු යන්න ඕන ...
ඉස්සර වගේම හිතෙන් හරි ඒ කාලෙට යන්න ....ආස අය තව ඉන්නවද දන්නේ නැහැ ...

සමහර විට හැමදේම වගේ ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් වෙලා ඇති....අපි ජීවත් වෙන්නේ දුවන ලෝකෙක..ඒත් ...මට මම වගේම හිතන එකම එක යාලුවෙක් හරි හම්බ වුනොත්...මම ආපහු ඒ අතීතේ කියව කියවා....මාතර පාරවල් වල ඇවිදිනවා....

අතීතය හරිම සුන්දරයි...
එහෙම නේද....








30 comments:

  1. මේ බ්ලොග් එක ලියන්නේ කවුද?

    දර්ශන අතපත්තු. හිහි ඒ දේශකයා වෙන්න බැරිද

    ReplyDelete
    Replies
    1. Eka nam keeyata wath wenna ba boralu.Mata ehema hithenne na

      Delete
  2. මටත් මග ඇරිච්ච පරණ යාලුවෝ ඉන්නවා. හොයාගන්න එක තමයි ප්‍රශ්ණේ.

    ReplyDelete
    Replies
    1. ඔව් Dude..තවම සමහර අය ඉන්නවා හොයාගන්න නම් ඕන ..ඒත් දන්නේ නැහැ කොහොම හොයාගන්නද කියලා

      Delete
  3. ඇයි ලව් ලෙන් එක ... දැන් නම් එකේ ඉන්න දෙන්නේ නැතිලු . ගෙවල් වලින් එලවනවලු ... ඉස්සර නම් අපි වල ගැහුවේම ඕවයි තමා ...
    ඉස්සර බීච් එකේ පොල් ගස් තියේන කාලේ (ස්ටෑන්ඩ් එකට එහා ) කුරුම්බා කඩල බොනවා .. එක දවසක් පොලිසියේ උන් දෙන්නෙකුත් එළවන් ආව ...හික්ස්
    මාරු ඒ කාලේ නම් ... දැන් උන් කොහෙද කියලවත් දන්නේ නෑ ... ගොඩක් උන් ලංකාවේ නෑ ...

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ මතකයන්....

      Delete
  4. ඉස්කෝලේ කාලේ හරිම සුන්දරයි. එක තේරෙන්නේ කාලෙකින අපි එකතුවුනාම. අපි මේ ලඟදි තිබ්බ ඉස්කෝලේ ගෙට්ටුවේ පාසල් ගීය වාදනය වෙනකොට ගොඩදෙනෙක් ගේ ඇස් වලින් කඳුළු ආවා

    ReplyDelete
    Replies
    1. දැනටත් මට ඉස්කෝලේ ගාවින් යද්දී හිතෙනවා චුට්ටක් ගිහිල්ල එන්න ඇත්නම් කියලා මල්ලි...

      Delete
  5. අන්න අරෙහෙ දේශකයා ඔයාගෙ දිනපොත ලියනවා.

    ReplyDelete
    Replies
    1. මේක කරන්න බෑ සරත් අයියා...මේ දේශකයා නම් මගේ පරණ තරහ කාරයෙක්ද කොහෙද...

      Delete
  6. මේ කතාවත් එක්ක දැනෙන්නේ ඔබ ජීවිතය හොදින් විඳලා තිබෙන වගයි... අතීතය සිහිනයාක් පමණයි සැබෑසුවඳක් නැ කියන්නේ බොරු කතාවක් නේ....

    ReplyDelete
    Replies
    1. ඒ අතීතේ හරිම සුවඳයි නලීන් ...සිහිනයක් නම් නෙවෙයි ...ඇත්ත මම ජීවිතේ හරිම සුන්දර විදියට වින්දා

      Delete
  7. හ්ම්ම්... තාම ඉස්කොලෙන් අවුට් වෙලාත් කලායක් නැ. ඒ නිසා ඉස්කොලේ යාළුවෝ පන්තිවල යාළුවෝ ඔක්කමලා තාම ඉන්නවා ලගින් ලගින්ම.. :) ඇත්තටම සුන්දර මතකයන් පිරුණු අතීතයක් පාසල් කාලේ.

    ReplyDelete
    Replies
    1. මම නම් අවුට් වෙලා ගොඩාක් කල්....ඒත් මතකය අලුත්...ඔයා ලඟදි නම් අවුට් වුනේ...අලුත්ම මතකයන් ඇති

      Delete
  8. Replies
    1. හ්ම්ම්ම්....ඒ හ්ම්ම්ම් එක ඇතුලේ කියාගන්න බැරි මොනවාහරි තියද මන්දා

      Delete
  9. මගෙත් දැන් නම් හුඟක් යාළුවෝ ලග නෑ.. රට ආවට පස්සේ හුඟක් දෙනෙක් ඈත් වුනා.. ඒත් ඒ මතකය තාම හිතේ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මතකය ජීවිතේ අවදි කරවා තබනවා මල්ලි

      Delete
  10. ඉස්කෝලේ යාළුවෝ... මතක් වෙනකොටත් හරිම සුන්දර කාලයක් ඒක...

    ReplyDelete
  11. අතීත මතක එක්ක රවුම් ගහන එක වයසට යනකොට එන කොමන් ලෙඩක්ද මන්දා.
    මටත් මේ ලෙඩේ තදට තියෙනවා.
    මම ඉතින් කොහොමටත් මම උපන්දා ඉඳන් සිදුවීම්, යාළුවෝ අනම්මනම් තවම විශ්වාස කරන හින්දා ලේසියෙන් මග හැරෙනවා අඩුයි. ලංකාවේ මගේ යාළුවෝ හැමෝම කියන්නේ උඹ කතා කලේ නෑ කියන්නේ අනිත් එකෙක්වත් කොහොමටත් කතා කරන්නේ නෑ කියලා. ගමේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මට. එකෙක්ගේ ගෙදර නම් මම ගමේ දවස් දෙකකට වඩා ඉන්නවා නම් මොන බොරුවක් හරි ගෙදරට කියලා රැයක් ගෙවනවාමයි. ඒ ගෙවල් වල හදන කෑම හෙම ලේසියෙන් අමතක කරන්න බෑ. මගෙ යාළුවන්ගේ අම්මලා ඉස්සර අපි පොඩි කාලේ වගේම මම කන්න ආස හදලා දෙන කෑම කන්න යනවා කියලා ඉතින් ඔය මගෙ යාළුවෝ නම් කියන්නේ. ;)

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ..ඔයාගේ නම එක්ක මම කොහොම ආමන්ත්‍රණය කරන්නද මන්දා...
      වයසට යද්දී ඇති වෙන මේ ලෙඩේ ඔයාටත් තියන එක ගැන මටත් සතුටුයි...

      Delete
  12. මිිහිරි මතක වාගේද අමිහිරි මතක

    ReplyDelete
    Replies
    1. ඒකට අටම් වෙනම පොස්ටුවක් ලියන්න ඕන...අමිහිරි මතකත් එමටයි...

      Delete
  13. අතීත මතකය අවුස්සන්න ගියොත් දුක වගේම සතුටත් සම සමව තියෙනව.සමහර අය පාසලෙන් ඉවත් වුනාට පස්සෙ දැකලම නැහැ.

    ReplyDelete
  14. අපි හම්බවෙලා කතාකරන්න ගන්න ඕනෑම දෙයක් අවසන්වෙන්නේ පාසල් කාලයට ගිහිල්ලා. ඒක නවත්තන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ කාලේ හරිම සුන්දර නිසා Aru....

      Delete
  15. සුන්දර පාසල් විය.මතක් වෙනකොටත් ආසයි.මගෙ නම් බොක්කෙ සෙට් එක ඉදහිට සෙට් වෙනව.දෙසැම්බර් 30ත් සෙට් වෙලා එකාලෙ වගෙ සන්ගිතෙකට ගිහින් නටල පාන්දර ගෙදර ගියා.පට්ට ආතල්.

    ReplyDelete
    Replies
    1. ළඟපාතක උන්නා නම් හොයාගෙන හරි යන්න තිබුණා මල්ලි..ඒත් දැන් කොයි තරම් දුරකද ඉන්නේ මම

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න