ඉතින්...කාලයක පොඩි නිහැඬියාවක් තිබුනා නිමල් ගේ තත්වය ගැන...එහෙම නේද..
ප්‍රතිකාර කටයුතු දිගටම පවත් වාගෙන ගියත්...අපිට ප්‍රතිපල එන තුරු ටිකක් ඉවසීමෙන් ඉන්න වෙනවා..ඊටත් සමහර දේවල් පර්යේෂණ මට්ටමේ සැලසුම් ....
නිමල් ගේ තත්වය අපිට සතුටුදායකයි කියලා දැන් හිතෙනවා...මොකද දැන් එයා යම් තාක් දුරට හොඳ මානසික මට්ටමකට ඇවිත් ඉන්නේ...මානසික රෝග ක්ලිනික් යන්නත් ආයේ අවශ්‍ය වෙන එකක් නැහැ...නමුත් නිතරම වගේ ඔහු හා සංවාදයේ යෙදෙමින් ඔහුගේ මානසික මට්ටම බිඳ නොවැටී තබා ගත යුතු වෙනවා...
අපේ අරමුණ ඔහු නැවත ස්වාධීන පුද්ගලයකු කිරීමයි...මේ සඳහා අපි දැන් පොඩි පර්යේෂණ මට්ටමේ ව්‍යාපෘතියක් කරන්නයි හදන්නේ....සාර්ථක වෙයි ද... නැද්ද ..කියන්න දැන්ම අමාරුයි..අසාර්ථකම නම් වෙන එකක් නැහැ..මොකද තවත් විකල්ප තියන නිසා...
ඉතින් මේ තියෙන්නේ දැනට අපි කරන්න හදන දේ...මේක මුල්ම පියවර පමණයි...
නිමල්ගේ අනන්‍යතාවය මා විසින් රැකිය යුතුව තියෙනවා... එම නිසා මම ඔහුගේ අවසරය මත අතේ විතරක් චායාරුපය ක් ගත්තා....
මේ එහි නවතම තත්වය...
ඔබට මොකද හිතෙන්නේ කියලා මම අහන්නේ නැහැ...
ඒත්...අනේ පව් කියන්න නම් එපා..ඒක නිමල් ට කරන අසාධාරණයක්...
ඔහු නැගී සිටින්න වෙර දරන්නේ පුදුම ආත්ම ශක්තියකින්...එයට අපි වචනයකින් හෝ සහය දිය යුතුයි..
මේ අත් කොටසට සම්බන්ධ කර ඇත්තේ යකඩ පතුරක්...මේ තාවකාලික පතුර ඔස්සේ අපි ඔහු ක්‍රියාකාරී කරන්නයි උත්සාහ කරන්නේ...උඩ අත් බාහුව පමණක් ඇති කෙනෙකුට මේ පුහුණුව දෙන එක ඉතාම අමාරු දෙයක්..ඒත්..බැහැයි කියලා දෙයක් නැහැ...
මේ යකඩ පතුර පිටුපස තියෙන්නේ..නිමල්ගේ ස්වාධීන වීමට ඇති ආශාවයි...ඒ සඳහා කැපවුන...කීප දෙනෙකුගේ හිත වල ශක්තියයි....නිමල්ගේ මල්ලිගේ නොපසුබට උත්සාහයයි....එයයි මේ යකඩ පතුරට ජීවය දෙන සාධක....
මේ ඔබ දකින්නේ අපි දැන් උත්සාහ කරන්න යන දේ...
හිතන්න හුගක් දේ ඉතුරු වෙයි .....
අපි පුංචි කාලේ කන්න බෑ කිව්වම අම්මා කවන්නේ....අතේ ඉඳුල් ගෑවෙනවට අකමැත්තේ..අදටත් අපි සමහර වෙලාවට හැන්දෙන් කනවා...
ඒත්..මෙහෙම දෙයක් දැක්කම ඔබ ඔබේ හැකියාව ගැන..අදටත් ඔබට ඉතුරු වී ඇති දේ ගැන..සතුටු වෙයි...
නිමල් මේ උත්සාහය දරන්නේ....පුදුම ආසාවකින්...මාස ගානකට පස්සේ හරි අතින් කන්න දැන් ඔහුට බලාපොරොත්තුවක් ඇති වෙලා..
මම දිගටම ලියන්නේ නැහැ...ඔබට හිතන්න ඉතුරු කරලා...මම නිහඬ වෙන්නම්...
ඇයි මේ මිනිස්සුන්ට ඇත දෙන්න ආණ්ඩුව සල්ලි වියදම් නොකරන්නේ..මේ අය නිකම්ම මිනිස්සු නිසාද...?නැත්නම් වැඩේ මාකට් කරන්න බැරි නිසාද..
ReplyDeleteඑහෙමමත් කියන්න බැහැ...මොකද මේ වන විට අපේ රෝහලේ කෘතීම අත් සහ පාද රෝගීන්ට ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ...ලක්ෂයකට අධික මුදලක් වැය වෙන කෘතීම පාදයක් ලබා දෙනවා විතරක් නෙවෙයි ...ඒ පාදයඇතුව ඇවිදින එකත් මුළුමනින්ම අපි පුහුණු කරනවා...
Deleteහරිම දුක්මුසු තත්වයක් ..
ReplyDeleteඔව්..හුඟක් අයගේ කතාවල් දුක්මුසුයි...ඒත්,,අපිට හැකිතාක් දුරට ඔවුනට සහය වන්නයි මේ වෑයම...
Deleteපව්!
ReplyDeleteපව්..කිව්වොත්..ඒක ඔහුගේ ආත්ම ශක්තියට කරන පොඩි සමච්චලයක්...වගේ..නේද රජතුමනි...
Deleteසුබ වේවා...කියලම කියමු
ReplyDeleteඅතපය නැති උනත් මානසික මට්ටමයි පවත්වන්
යන්න ඕනේ..ඔහොම දේකදී ගොඩක් වැටෙනවා.
මොකද වෙන කෙනෙක් නැතුව වතුර උගුරක් වත්
බීගන්න බැරි උනාම මිනිහෙක්ගේ පෞරුෂය නැතිම
වෙලා යන්න පුළුවන්නේ..
ඇත්තටම " පව් " තමයි කියන දේ හිතේ හංගන්
එයා තව "පව් " නොවෙන තැනට ඔහොම වැඩ
කරන එක නම් ලොකු දෙයක් කළු සුදු ...
100% එකගයි...කරන්න පුළුවනුත් මේ දේ තමයි සහන්...
ReplyDelete