Thursday, February 21, 2013

මොකෝ

මොකෝ.....


මෙහෙම ඇහුවම පෝස්ටුව කියවන්න ආව අය හැරිලා යාවිද මන්දා..අනේ යන්න නම් එපා...
ඇයි..? ...මොකෝ...?කියලා ආපහු අහලම මේක කියවන්නකෝ..

මොකෝ කියන්නේ මම ආසම කරන පොතක්...මේ පොත මම මිලදී ගත්තේ 2004 අවුරුද්දේ..ගත්තු දිනේ බැලුවම 2004.6.25 කියලා මම ලියල තියනවා...මේ කාලය මගේ ජීවිතේ මහා කුණාටුවක් ආව කාලයක්...ඇත්තටම කියනවා නම් ..මෙහෙම පොතක් මම අරගත්තේ ඇයිද කියලා මට හිතාගන්න බැහැ..මේ දින වකවානු එක්ක බලද්දී...හරියටම මගේ අම්මා අපෙන් සමු අරන් එතකොට සතියක් වගේ...සමහර විට මම මේ පොත ගන්න ඇත්තේ ...ඒ දවස් වල තිබුන මනස කඩා වැටීමෙන් මිදෙන්න විකල්පයක් විදියට වෙන්න ඇති...හේතු කාරනා මොකක් වුනත්....අපි මොකෝ ගැන ටිකක් බලමුකෝ..

මොකෝ කියන්නේ උපාලි උබයසේකර මහතා විසින් පරිවර්තනය කරන ලද පොතක්....විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක් ...මිල වුනේ රුපියල් 180 ...
මෙහි මුල් කතු වරයා.. JOSTEIN GAARDER කියලා කෙනෙක්.
පොතේ මුල් කෘතියේ නම..."hello..is anybody there?"

මේ පොතේ පිදුම හරි ලස්සනයි....
"ආදරණීය දරුවන්ට සහ විශ්වය පුරා ඇති චමත්කාරය පුදුමය හා සුන්දරත්වය රසවිඳිය හැකි ළමා මනස දැනුමෙන් හා ගව්රවයෙන් විනාශ කර නොගත් වැඩිහිටියන්ට ආදරයෙන් පිරිනමමි..."

අපි ගැනයි මේ කියලා තියෙන්නේ...එහෙම නේද...

මම මේ පොත කියවපු වාර ගණන නම් මෙතකැයි කියන්න බැහැ..ඒ වගේම මගේ යාළුවන් ගොඩක් දෙනෙක් මෙය කියෙව්වේ මගේ කොමෙන්ට් එක අහල...
මේ තමයි ඒ පොතේ මුල් කෘතියේ පෙනුම...සිංහල පරිවර්තනයේ...ම්ම්ම්ම්ම්...ඒක අනුවාදයක් ද කියලත් වෙලාවකට මට හිතෙනවා..මොකද උපාලි මහත්තයා..මේක අපේ ළමයින්ට ගැලපෙන ලෙස ලියා ඇති නිසා..


මේ පොත කියවන කොට මට දැනෙන දේ තමයි අපි දැන් අපේ සංකීර්ණ ජීවිත වල දි වගේ නෙවෙයි පොඩි කාලේදී හැම වචනයකම හැම දේකම පරතෙරට ගිහින් හොයන්න බැලුව නේද කියන එක..

සමහර දේවල් වලට හිනා යන්න ගත්තම නවත්තන්න බැරි තරම් මේ පොත රසවත්..ඒ කතුතුමා ගේ දක්ෂකම..මම හිතන්නේ නැහැ අපිට english පොතෙන් එහෙම රසයක් විඳින්න පුළුවන් කියලා...මොකද මේ අපේ කටවහර නිසා..

මේකේ එන රසවත් තැන් ටිකක් උපුටල වගේ ලියන්නම් කෝ...
මුල්ම පිටුවල එන සිද්දියක් තමයි..අපි චක්‍රවාටය ගැන...
මේ කතාවේ සංවාදයට එකතුවෙන්නේ උපාලියි..(ඒ මන් හිතන්නේ අපේ කතුතුමා පුංචි කාලේ..)..පිටසක්වලින් ආව මොකෝ කියන අමුතු ලමයයි දෙන්නා...

මේකෙදි කියනවා... කියමුකෝ...අවුරුදු සියගණනක් ගිහිල්ලා ගිහිල්ලා..සමහර විට දුවට..(ආ..මට මතක වුනා නේ...මේ කතාව කියන්නේ  මාමා කෙනෙක් එයාගේ දුවෙකුට ලියන විදියට...)...තවත් පණ තියෙන සතුන්,ජීවින් ඉන්න ග්‍රහලෝකයකට යන්න පුළුවන් වුනා කියලා...
එහෙම ජීවින් හිටියත් කිකිලියෙක් නම් එහෙ ඉඳීවි කියලා හිතන්න බොහොම අමාරුයි...බිත්තරයක් නම් හම්බ වෙන්න ඉඩ තියනවා...ඒත් ඒ බිත්තරෙන් කුකුළු පැටියෙක් නම් එලියට එයි කියලා කියන්න බෑ...
මේ මුළු සක්වලේම කිකිලියෙක් ඉන්න එකම තැන මේ අපේ ලෝකේ, අපේ මහා පොලවේ විතරයි...

මේ ටික කියවද්දී අපි අර මුල් පිදුම කොටසේ ඉන්න වැඩිහිටියන් නොවී දැනුමෙන් සහ ගවුරවයෙන් ඔලුව උදුම්මගත්තු වැඩිහිටියන් වෙලා නම් ඉන්නේ..අනේ මේ මොන විකාරයක් ද කියලා පොත අහක දාවි නේද...මට නම් මේ පොත නැවත නවත්කියවන්න හිතුනේ..මේ පොත දිගේ මම මගේ ළමාකාලයට...මගේ මල්ලිලාගේ ළමා කාලයට වගේම මගේ දරුවන්ගේ ළමා කාලයට සිතින් සිය දහස් වරක් ගමන් කල නිසා.

මේ දවස් වල අපේ ගෙදර ඉන්න අලුත් පොත් කියවන්නෙකුත්..රස කර කර මේ පොත කියවනවා දැක්කා..ඒ අපේ තාත්තා...දැන් ටික කලෙක ඉඳන් තමයි තාත්තා නැවත පොත් කියවීම පටන් ගත්තේ...දැන් ඉතින් සති අන්තෙට පොත් දෙකතුනක් ගෙනත් තියන්න ඕන ...මේ පොත කියවල මම හිතන්නේ එයාත් චක්‍රාවාට දෙක තුනකට එහා ලෝකෙක සැරි සැරුවා මම හිතන්නේ...

මම පොඩි කාලේ මට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ලෝකේ ගෝලාකාර නම්...ඒක කරකැවෙනවා නම්...ඒක කරකැවෙන වෙලාවක අපේ ඔලුව පහලට හිටින වෙලාවක කකුල පැටලිලා වැටුනොත්...කොහේ ගිහින් නවතියිද කියලා...එතකොට මේ ගුරුත්වාකර්ෂණය කියන ලොකු වචනේ තේරුම මම දැනගෙන හිටියේ නැහැ..මේ පොතේ ඒ සංකල්පය දරුවෙකුට කියා දෙන්නෙ හරිම සරල විදියට..උඩ යට මාරු වීම කොයි තරම් සරල සිද්ධාන්තයක් වුනත්..ඒක  පොඩි දරුවෙකුට කියාදෙන්න හරි අපහසුයි..


ස්නායු ගැන...ශරීරයේ ක්‍රියාකාරිත්වය ගැන...පරිනාමය ගැන...දෙවියන් ගැන ..ඔන්න ඔය වගේ පුංචි කාලේ අපි කෙළවරක් නැතුව ඔලුවේ ප්‍රශ්න මාවන් උන්න..දේවල් ගැන උපාලියි...මොකෝ යි දෙන්නගේ අරුම සංවාදයක් යනවා...මම මේ පොත කියවද්දී මනසින් ඒ දෙන්නගේ සංවාදයට එක් වෙනවද කියලා මට හිතුන වාර අනන්තයි...

මේකේ අන්තිම හරියට මම හරිම ආසයි...ඒ ටික කියවලාම සමු ගන්නයි හිතුවේ...

මට දැන් හිතෙනවා..අපේ හුඟක් වැදගත් හමුවීම් සිද්ද වෙන්නේ නිදාගෙන ඉන්න  කොට කියලා..අපිට සිද්ද වෙන සමහර දේවල් බොහොම ටිකක් විතරක් ජීවිතේට වෙන්න බැරි තරම් පුදුම දේවල් කියලා අපිට හිතෙනවා...
මට හිතෙනවා..අපි හැමදාම රැට නිදාගත්තම අපි ගතකරපු ජීවිතෙන් චුට්ටක් අපිට අමතක වෙලා යනවා කියලා.හැබැයි ඒ වෙලාවේම අපේ හිත බොහොම තදට වැඩ  කරනවා...
මම හිතන්නේ...අපි නිදාගත්තම අපිට අමතක වෙලා ගිහින් හැදෙන හිස් තැන පුරවන්න අපි හීන දකිනවා ඇති...උදේට ඇහැරුනාම අපේ හීනේ නිකම්ම දියවෙලා යනවා...හරියට හිරු රැස් වලට පිනි දියවෙනවා වගේ ..අපි මොන තරම දේවල් ඇහැ ඇරගෙන දකිනවද..මන් හිතන්නේ ඒ දකින දේවල් හුඟක් වැඩි නිසා හීන වල ට ඉඩක් නැතුව යනවා ඇති අපේ ඔලුව ඇතුලේ..."

" හීනයක් මතක තියා ගන්න එක  හරියට නීල කොබෙයියෙක් නැත්නම් පුංචි දඟකාර බට්ටිච්චෙක් අල්ලලා අල්ල උඩ තියාගෙන ඉන්නවා වගේ වැඩක්...හැබැයි....ඒ වාගේ ලස්සන කුරුල්ලෙක් එයාටම හිතිලා පියාඹගෙන ඇවිත්...දුවගේ උරිස්සේ වැහුවොත්...?"








මොකෝ.....කියන්නේ...?




8 comments:

  1. මේ පුංචි විස්තර ටික කියවල පොත බලන්න ඕන කියල හිතුන. ඒ වගේ පොත් තියනවා කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ...

    ReplyDelete
  2. ඒ වගේම තමයි චන්දන...බලන්න මේ පොත් වල මිල..හොඳ පොතක් කියන්නේ මිල අධික පොත් වලටම නෙවෙයි...
    මම ලඟදි මාර්ටින් වික්‍රමසිංහ සහ කේ.ජයතිලක මහත්වරුන්ගේ පොත් ගොඩක් ගත්තා..ඇත්තටම බැලුවම..කොයි තරම් මිල අඩුයි ඩ කියලා හිතෙනවා...
    ඒ වගේම මිල කල නොහැකි රසාස්වාදයක් එහි තියනවා..
    අනිවාර්යයෙන්...මොකෝ කියවන්න..ඔයත් ආස වෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඇත්තටම මිල අඩු ඉතා හොඳ පොත් හොයා ගන්න පුළුවන්. //මාර්ටින් වික්‍රමසිංහ සහ කේ.ජයතිලක මහත්වරුන්ගේ පොත්// මේ දෙදෙනා ගෙ පොත් මමත් ගොඩක් කැමැත්තෙන් කියවනවා.

      Delete
  3. හොයාගන්න බලමු :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හොයන්නාට හම්බ වේ...
      තැන්කු වේවා..රජුනි...

      Delete
  4. විස්තර කරපු විදියට දැන් මේක නොකියවා ඉන්නේ කෝමෙයි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්....කියවද්දී ඔයාට තේරෙයි...මම කිව්වටත් වඩා මේකේ රසවත් බව...

      Delete
  5. මොකො පොත මට එක පාරට මතක් උන හන්දා නිකන් අන්තර්ජාලයේ හොයද්දී මේ විස්තරේ ආවේ... මුලින්ම මම මොකො පොත කියෙව්වේ ඉස්කෝලේ 3 හරි 4 හරි.. දැන් 26 වෙනවා එක පාරට මෙහෙමෙ පොතක් කියෙව්වා නේද කියලා හිතිලා තාමා මෙහෙම හොයන්න ගත්තේ එහෙම හිතුනේ ඒ කාලේ එ පොත කියෙව්වට පස්සේ සෑහෙන්න හිතට වැදුන හන්දා... කොහොම හරි මෙහෙම විස්තරයක් දාපු එක න්ම් වටිනවා......

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න