Tuesday, January 8, 2013

හිතට දැනුන දේ....


අහස තරමට දුරින් ඉඳ ගෙන
ජීවිතේ ගැන කියාදුන්නට
පොලොව මතුයේ තිබෙන පා යුග
රිදුම් දෙන හැටි දැනෙන්නේ නැත...

අහස වට මහ වැසි දියෙන් නිති
තෙමෙන හිසකට සෙවන වූවද
එවන් වැස්සක තෙමෙන දෙනෙතක
කඳුලු ඇති බව පෙනෙන්නේ නැත...

හිතක් අද්දර කොතෙක් උන්නද
සවන් දෙන්නට හිතක් නැති විට
ඉකිලමින් හඬ ගසන සිතුවිලි
තවත් හිතකට පෙනෙන්නේ නැත.....




5 comments:

  1. ada thamai awe...dan welawa naha..
    passe nowaradeema ennam..
    godak dewal athulath asa hithena blog ekak..
    digatama liyanna, asawen balanawa....

    ReplyDelete
  2. බොහොමත්ම ස්තුතියි ......මම අලුතින් බ්ලොග් එක ලියන්න ආවේ ...
    පුළුවන් වෙලාවක කියවලා කොමෙන්ට් එකක් එහෙම දාන්නකෝ...

    ReplyDelete
  3. apoi..ow..mata nam touching newey..hondata hithata danenna waduna welawaka liyawuna ekak..hitting..kiyanna thamayi wenne...hikz

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න