කතාවක් සටහනක් ගලපාගන්න තව ටික දවසක් යාවි..
ඒත් කවි ලියපුවා තියනවා දාන්න..
බ්ලොග් එක අප්ඩේට් කරනවා සතියකට වතාවක්වත් කියල හිතාගත්තු දේ කරන්න ඕන කොහොම හරි..
මේ මගේ ජීවිතයේ නිල්ල නිලූ දියවර ගැන.……එක රැයකින් අහිමි වී ගිය ඒ සුන්දර ආදරය ……අම්මා වෙනුවෙන්.………
නිල් දියවර පිරි
වැව් තලයක් සේ
රැළිති නගන
සිහිලැල් ගඟුලක් සේ
නිවා ලමින්
ගිනිගත් හිත සැනසූ
මහ සෙනෙහක් තිබුණා
නෙත් ඉම අද්දර
පුන් සඳ සේ නුඹ
පායා විත් තිබුණා
පස් පියුමින් සැදි
දිය දහරා වක
සිහිලස ලබනා
කෙත් යායක් ලෙස
නුඹේ සෙනෙහසින්
පිරිපුන් මා හිත
පියුමක් වී පිපුණා
ඒ සිහිලැල්ලේ
තව මල් දහසක්
පිපී සිනා සැලුවා
මහ වැසි හැලෙනා
දවසක දිවියේ
වැව් බැමි පුපුරා
දියවර සිඳුණා
නිල්ල නිලූ කෙත
කම්පිත දෑසින්
බලා හිඳිනු දුටුවා
මහ වැව් තලයේ
සිහිලස දුන් නුඹ
යන්න ගිහින් තිබුණා.……
2015 / 06 / 24
කලු සහ සුදු
Wednesday, June 24, 2015
Sunday, June 21, 2015
85.කවි කුසුම් පිපුණාවේ
කාලෙකින් ඔන්න බ්ලොග් එක ට කවියක් ලියන්න හිතුනා..
මල් තුහින ඉහෙන කොට
සඳ කිනිති පිපෙන කොට
ඕනෑවටත් වැඩිය
මට නුඹව දැනෙන හැටි
ගංදෑල හඬන සර
සවනතර වැකෙන කොට
ඕනෑවටත් වැඩිය
උණුසුමක් දැනෙන හැටි
රෑහි හඬ නැගෙන කොට
තනි සුසුම් නැගෙන කොට
ඕනෑවටත් වැඩිය
නුඹෙ සෙනෙහෙ දැනෙන හැටි
හිමි නොහිමි බව කෙලෙස
දරා උන්නද මෙහෙම
ඕනෑවටත් වැඩිය
සිතුම් බර දැනෙන හැටි
Thursday, March 19, 2015
84. හිත පාරවන කවි
සමහර වෙලාවට වැඩ කරද්දී අත්විඳින්නට ලැබෙන අත්දැකීම් හරිම සංවේදී ඒවා...එහෙම දෙයක් ගැන දිගින් දිගටම හිතද්දී හිතට මහා බරක් එනවා...
මේ එවන් අත්දැකීමක්....
මම වැඩිය ලියන්නේ නැහැ....
ඒත් කියවන්න...
දැනෙන දේ කොයිතරම් ද කියලා මට කියන්න ...
බත උයාදී දවස සරි වන තුරා මග බැලු මියුලැසි
ලෙඩ ඇඳේ හිටිවනම උන්නම මට ඉතින් වාවනු බැරී
පුරා විසි තිස් වසක් එක්වී දුකද සතුටම කල හැටි
මතක් වෙනකොට කෙසේ වාවා සිටින්නද නොදනිමි යලී....
ලෙඩක් නොහැදුණ කෙනෙක් නොම උන් ගෙයක් හොයනෙමි හදවතින්
ඇයත් එලෙසම කියා උන් හැටි ඉහෙන් බහිනා ලෙඩ නොවින්
කොහෙන් මතුවුණු රෝ බියක් විද හිතා ගනු බැහැ මට ඉතින්
අනේ මගේ සඳ ඔහේ ඔත්පල යහනකට වූ හැටි දුකෙන් .....
සුවක් ලබනට ඔසු සොයන්නෙමි අහස උසටය මිල ගණන්
පිරිමි මට ඉඩ නෑ ලූ ඈ ළඟ ගැහැණු අය ඉන්නා තැනින්
දවස් කුලියට හිටින්නට නම් හතර වට ඕනෑ තරම්
දවස් තුනකින් නොකෑ මට ඒ මිලක් හොයනට බෑ ඉතින් ...
නොකා නොමබී එකට මිය යමු කියා මා හා ආ දිනේ
අදත් මතකයි ඊයේ වාගේම මගේ ළඟ උන්නා අනේ
මුදල් අග හිඟ කමින් අසරණ මගේ නෙතු දෙස බැලු සැනේ
නුඹේ නෙතඟට නැගුන ඒ දුක කියාගනු බෑ මට අනේ ...
වියත් මහතුනි රටක් කරවන අසන මේ අවනඩු අපේ
මිලක් දෙන්නට නොහැකි දවසට උරුම මහමග දෝ අනේ
සරස්වතියකි මට මගේ ඇය අතටමිට හිඟ වුව අනේ
හෙටත් අප වන දැනන් අසරණ නොවන අරුණක් දෙනු මැනේ.....
නිමිත්ත
සිය ඔත්පල බිරිඳ ළඟ නවත්වන්නට කෙනෙකු තැබීමට මුදල් නැති හෙයින් ඇය නිවසට ගෙන යන්නට තීරණය කල සැමියෙකුගේ නොකියා කියූ හැඟීම්...
මේ එවන් අත්දැකීමක්....
මම වැඩිය ලියන්නේ නැහැ....
ඒත් කියවන්න...
දැනෙන දේ කොයිතරම් ද කියලා මට කියන්න ...
බත උයාදී දවස සරි වන තුරා මග බැලු මියුලැසි
ලෙඩ ඇඳේ හිටිවනම උන්නම මට ඉතින් වාවනු බැරී
පුරා විසි තිස් වසක් එක්වී දුකද සතුටම කල හැටි
මතක් වෙනකොට කෙසේ වාවා සිටින්නද නොදනිමි යලී....
ලෙඩක් නොහැදුණ කෙනෙක් නොම උන් ගෙයක් හොයනෙමි හදවතින්
ඇයත් එලෙසම කියා උන් හැටි ඉහෙන් බහිනා ලෙඩ නොවින්
කොහෙන් මතුවුණු රෝ බියක් විද හිතා ගනු බැහැ මට ඉතින්
අනේ මගේ සඳ ඔහේ ඔත්පල යහනකට වූ හැටි දුකෙන් .....
සුවක් ලබනට ඔසු සොයන්නෙමි අහස උසටය මිල ගණන්
පිරිමි මට ඉඩ නෑ ලූ ඈ ළඟ ගැහැණු අය ඉන්නා තැනින්
දවස් කුලියට හිටින්නට නම් හතර වට ඕනෑ තරම්
දවස් තුනකින් නොකෑ මට ඒ මිලක් හොයනට බෑ ඉතින් ...
නොකා නොමබී එකට මිය යමු කියා මා හා ආ දිනේ
අදත් මතකයි ඊයේ වාගේම මගේ ළඟ උන්නා අනේ
මුදල් අග හිඟ කමින් අසරණ මගේ නෙතු දෙස බැලු සැනේ
නුඹේ නෙතඟට නැගුන ඒ දුක කියාගනු බෑ මට අනේ ...
වියත් මහතුනි රටක් කරවන අසන මේ අවනඩු අපේ
මිලක් දෙන්නට නොහැකි දවසට උරුම මහමග දෝ අනේ
සරස්වතියකි මට මගේ ඇය අතටමිට හිඟ වුව අනේ
හෙටත් අප වන දැනන් අසරණ නොවන අරුණක් දෙනු මැනේ.....
නිමිත්ත
සිය ඔත්පල බිරිඳ ළඟ නවත්වන්නට කෙනෙකු තැබීමට මුදල් නැති හෙයින් ඇය නිවසට ගෙන යන්නට තීරණය කල සැමියෙකුගේ නොකියා කියූ හැඟීම්...
19 / 03 / 2015
Tuesday, March 10, 2015
83. අභියෝගය...
මිනිසෙකු ජිවත් වීමට දරන්නාවූ වෙහෙස හා දිරිය කෙතෙක් දැයි අප සැබවින්ම හඳුනනවාදැයි මම තවම සිතමි....
ධනය බලය හා දහසකුත් එකක් භෞතික දේ මත මිනිසුන් කා වැටෙන ලොවක මට අපුරු මනුස්සයෙක් හමු විය....
පළමුව මේ කවිය කියවන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි...දෙවනුව ඔහු ගැන මම ලියන්නෙමි ...
ඉරට කලියෙන් ඇහැර ගන්නට තවත් දවසක එලිය .............වැටුනා
උදෙන් බත ලිප තියා ගන්නට පොල් හනසු දෙක තුනක් ......තිබුණා
ලොකු කෙලී පොල් ගා හදා දුන් සම්බලේ සැර හොඳට ........දැනුනා
රේල්ලුවෙ හඬ වෙනද වාගෙම මහා හයියෙන් ගෙටම ..........ඇහුණා
කිරෙන් අත හැරි දිනේ හැර ගිය මවක නුහුගුණ කොහෙන් ..මැකුණා
මද්දුමී පොඩි එකී එක්කල සුදු ගවුම් හැඳ පෙළට ................වැටුණා
වැටෙන් ඔබ්බට දෙපා නැවතී මහා සුසුමක් හෙලා ..............වැටුණා
තවත් දවසක හිරුත් එක්කම දෙපා එසවී පෙරට ..................ඇදුණා
හඬින් හූ නද සවන් හුරු වුව මිහිර නිති දුන් බවක් ...............දැනුනා
කලුතෙලින් වට සිල්බරය වුව රටා මවනා ලෙසක් ...........පෙණුනා
රේල් පාරේ දෙපස කහ මල් ගොඩක් හෙමිහිට හිනා ...........සැලුවා
පිපුණු මල් පෙති නොපෑගෙන්නට හෙමින් පා යුග දුරට .......තැබුවා
එදත් කලබල ලෙසින් නුවරට ඇදෙන දුම්කඳ හඹා .............වැටුණා
පුරුදු සිනහව කවුලු දොරකින් අතක් සලමින් කතා ...........කෙරුවා
හිතන්නට බැරි තවත් මොහොතක් ඉරණමේ පිටු පුරා .........ඇඳුණා
මිතුරු ඇසුරේ කතා බහකට ධනේ පාරට අඩිය ...................තැබුවා
තුරුණු විය සිට පුරුදු පාරෙම රැජින හැල්මේ එමින් ............තිබුණා
වෙනද වාගෙම ධනේ දැක්කට ඇයට ඉන්නට වෙලා ..........නැතුවා
පාර දෙපසින් කහ ගැහුණ මල් පුරා රතු තිත් බිංදු ...............ඉහුණා
ඉණෙන් දෙකඩව හිනා මුහුණෙන් රේල් පාරට ධනේ .........වැටුණා
මේ ඒ අපූරු මිනිසාගේ කතාවයි...
රැකියාවට ආ දිනපටන් උදේ හවස දුටු රේල්ලුවටම හැපී ඉනෙන් පහලට කිසිවක් නොමැතිව ඉතුරු වූ පණ ඉතුරු වූ ඔහුගේ කතාවයි...
මට ඔහු හමුවුයේ අහම්බෙනි....මේ ඔහු පිලිබඳ සුන්දර නොවූ ඒත්...සුන්දර යයි හිතන කතාවක්මයි...
ඔහු මා වෙත යොමු කල වෙදැදුරු තුමන් මගෙන් ඇසු එකම දෙය නම් ....මේ පුද්ගලයා වෙනුවෙන් ඔබට යමක් කල හැකිද යන්නයි...
වෘත්තීය දිවියේ මුල්ම වරට මෙබඳු සිදුවීමක් නෙත ගැටුන මා හට....දෙවරක් සිතන්නට කල් නොවිය...ඒ අභියෝගය මාහට දෙන්නට ඔහු ඉදිරිපත් විය...
ඒ කෙටි කඳ කොටස දෑතේ විරියෙන් ඔසවා මට පෙන්වූ ඔහු කියා උන්නේ ....මට කෙලින් වි සිටීමට ඉඩක් සකසා දෙන මෙන්ය...
අද අප ඒ ඉලක්කය වෙත පැමිණ සිටිමු...ඔහු සිය කඳ කොටස රෝද පුටුවක් මත සමබර කොට දෑතින් පුටුව පැද යයි....ඒ මත සිට පුවත්පත බලයි..ආහාර ගනියි...
ඔහු වෙනුවෙන්ම ඉදිරියේදී නිමවෙන රෝදපුටුවේ සිට ඔහු ජීවිතය දිහා උපේක්ෂාව හා අපේක්ෂාව මැද සිට බලා සිටිනු ඇත...
කළු සුදු නැවත ලියන්නට තර්ජනය හා ගර්ජනය කල ඔබට මගේ ප්රණාමය.....
කළු සහ සුදු...
Thursday, August 28, 2014
82. මල් යාය දකින්නට එන්න ඔබත්.....
හරි අපූරු කාලයක් ජීවිතේට උද වෙලා තියනවා කියල වෙලාවකට හිතෙනවා...ඒක මෙහෙමයි මෙහෙමයි කියන්නට විස්තර කරන්නට අමාරු දෙයක්....
නමුත් ජිවිතේ සරල වෙන්න සරල වෙන්න ...අපි ජිවිතේ විඳිනවා....
බැඳීම් වැඩි වෙන්න වැඩි වෙන්න ...අපි සංකීර්ණ වෙනවා වගේම ඒවා එක්ක ජිවිතේ සරල ව ගෙනියන්න ලොකු උත්සහයක් ගන්නත් වෙනවා...
ඒත්,......ජිවිතේ සරල වෙන්නේ කොහොමද කියලා හිතට තට්ටු කරලා බලන්න හිතෙනවා නේද...?
ඒක...ඔබට...මට ...එකම වෙන්නේ නැහැ...
විවිධාකාර වූ සිතුම් පැතුම් තියන අපිට .....අපේ මග හොයා ගන්න වෙන්නේ ඒ විවිධත්වය මතම ඉඳගෙන....
කාලය ගලා යනවා....නවත්වන්න බැරි වේගයකින්....
ඒත්...ආපස්සට හැරිලා බැලුවම හිතෙනවා....ගත වුන කාලය.....කොච්චර අපතේ ගියාද කියල....
ඒත් ඒ දේම හෙටත් වෙනවා..
අපි දෙයක් වෙන්න කලින් ඒ දේ එහෙම වෙනවා කියල හිතන්නේ නැහැ නේ...
ජීවිතය ඔන්න ඔහොමයි....
ඉතින් පහු ගිය කාලේ දිහා බැලුවම මට හිතෙනවා...මම අපූරු අත්දැකීම් ගොඩක් වින්දා කියල...
එකින් එක ලියන්න ගියොත්...ඒක මහා හැල්ලක් වෙයි....
නමුත්....
එකක් දෙකක් ලියමුකො බලන්න නේද....
අලුත්ම සිද්දියක් වුනාට...ඉස්සෙල්ලම ඔලුවට එන්නේ...රන්දිකා නංගිගේ පොත....
කල් ඇතුව කියලත්...මට එතනට යන්න වුනේ අන්තිම මොහොතේදී..
මුණු පොතෙන් හඳුනා ගෙන උන්නට මම රන්දිකාගේ බ්ලොග් එක කියවල තිබ්බේ නැහැ...( තවමත් කියවන්න බැරි වුනා..) අපේ shanu....බස්සි....ඉවාන් මල්ලි...නම් දන්නවා නේ මගේ ලිවිල්ල වගේම තමා කියවන එකත් කියල....
කොහොම නමුත් මහා කරදර ගොඩක් මැද්දේ හරි අන්තිම මොහොතට ...එතනට ගියායින්...මට අපේ බ්ලොග් ලෝකේ කප්පිත්තෝ ටික දෙනෙක් නමට හරි හඳුනාගන්න ලැබුණා...
අනේ මම නම් කුරකුහුම්බුවෙක්...මාව ඒ අයට නම් මතක නැතුව ඇති..
ඒත් ඔලුවේ රඳවාගෙන ආවේ...ඒ බ්ලොග් කියවන්න ඕන කියල...
අර මාරයා...කියල එක්කෙනෙක් ඉන්නවා නේ....එතුමා ත් මට එහෙදි මුණ ගැහුනා....අප්පේ...හරි කඩවසම් මහත්තයෙක් නේ....දුකේ බෑ මාරයා කියන්නත්....
කොහොමින් කොහොම නමුත්..ඒ හමුවීම් ජීවිතේට අපූරු සුන්දර බවක් ගේනවා....බ්ලොග් ලියනවද නැද්ද දන්නෙත් නැති...නදීෂා නංගිවත්....එතැනදී හමු වුනා....( එකට හරි යන්න මඩත් කැවා....)
එළඹෙන්නේ...සැප්තැම්බර් මාසය....
පොත් ගැන මතක් වෙද්දීත් ආසයි...ඒත් ගෙදර තියන මහා පොත් රැක්කේ තියන පොත් මට ඔච්චමට හිනා වෙනවා...කෝ මෙතැන තියන ඒවායින් ඔයා දැන් කියක් තව අල්ලලාවත් නැද්ද කියල...
එහෙම තමයි ඉතින්....කියවනවා කියල ඔක්කොම කියවන්නත් බැහැ නේ...එහෙමයි කියල...පොත් අතරේ සැරිසරන්න අවුරුද්දකට පාරක් එන මේ අවස්ථාව නැති කරගන්නේ කවුද...
පොත් අතරේ ඇවිදිනවා කියන්නෙත්...ලබැඳි මිතුරන් බොහොමයක් දකිනවා වගේ වැඩක්...
නැවුම් ලෙස ලෝකය දකිමින්..සරලව..
වයසින් එහාට යද්දී...ලෝකය දකින විදිය ඇත්තෙන්ම සරලයි කියල මට හිතෙනවා...
ඒත්.....අපි ලෝකය දකිනවා හා සමානව....අපි ලෝකය විඳිනවා ද...?
මට ඒ ගැටලුව තියනවා..
කවියක ගියක....රසය..කණට විතරක් නෙවෙයි හිතටත් දැනෙන ..
ගහක කොලක මලක සුන්දරත්වය...ඇසට විතරක් නෙවෙයි මුළු හිතට ම දැනෙන....
විඳීමක් .....
අපූරුයි......
මට ආයෙත් ලියන්න ඕන...
හිනාවෙන්න එපා ඔන්න...
කී දවසකටද අහල...
පුළුවන් හැටියකට ලියන්න....ආපහු බ්ලොග් එකට ආවේ...
මගේ කරදරකාරී...shanu......මට මැවිලා පේන්නේ....හිනාවෙන හැටි...
ලියන්න ප්රස්තුතයන් එකින් එක හිතට එන්න අරන්....
බලමුකෝ....
ලියලම...නේද....
මේක අහන්න......
මේ මට දැනෙන අපූරු සුන්දරත්වය....
ඉතින් සුබ දවසක්...
මම
කළු සහ සුදු...
Subscribe to:
Posts (Atom)




