Google+ Followers

Tuesday, March 10, 2015

83. අභියෝගය...






මිනිසෙකු ජිවත් වීමට දරන්නාවූ වෙහෙස හා දිරිය කෙතෙක් දැයි අප සැබවින්ම හඳුනනවාදැයි මම තවම සිතමි....
ධනය බලය හා දහසකුත් එකක් භෞතික දේ මත මිනිසුන් කා වැටෙන ලොවක මට අපුරු මනුස්සයෙක් හමු විය....

පළමුව මේ කවිය කියවන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි...දෙවනුව ඔහු ගැන මම ලියන්නෙමි ...




ඉරට කලියෙන් ඇහැර ගන්නට තවත් දවසක එලිය .............වැටුනා උදෙන් බත ලිප තියා ගන්නට පොල් හනසු දෙක තුනක් ......තිබුණා ලොකු කෙලී පොල් ගා හදා දුන් සම්බලේ සැර හොඳට ........දැනුනා රේල්ලුවෙ හඬ වෙනද වාගෙම මහා හයියෙන් ගෙටම ..........ඇහුණා
කිරෙන් අත හැරි දිනේ හැර ගිය මවක නුහුගුණ කොහෙන් ..මැකුණා මද්දුමී පොඩි එකී එක්කල සුදු ගවුම් හැඳ පෙළට ................වැටුණා වැටෙන් ඔබ්බට දෙපා නැවතී මහා සුසුමක් හෙලා ..............වැටුණා තවත් දවසක හිරුත් එක්කම දෙපා එසවී පෙරට ..................ඇදුණා
හඬින් හූ නද සවන් හුරු වුව මිහිර නිති දුන් බවක් ...............දැනුනා කලුතෙලින් වට සිල්බරය වුව රටා මවනා ලෙසක් ...........පෙණුනා රේල් පාරේ දෙපස කහ මල් ගොඩක් හෙමිහිට හිනා ...........සැලුවා පිපුණු මල් පෙති නොපෑගෙන්නට හෙමින් පා යුග දුරට .......තැබුවා
එදත් කලබල ලෙසින් නුවරට ඇදෙන දුම්කඳ හඹා .............වැටුණා පුරුදු සිනහව කවුලු දොරකින් අතක් සලමින් කතා ...........කෙරුවා හිතන්නට බැරි තවත් මොහොතක් ඉරණමේ පිටු පුරා .........ඇඳුණා මිතුරු ඇසුරේ කතා බහකට ධනේ පාරට අඩිය ...................තැබුවා
තුරුණු විය සිට පුරුදු පාරෙම රැජින හැල්මේ එමින් ............තිබුණා වෙනද වාගෙම ධනේ දැක්කට ඇයට ඉන්නට වෙලා ..........නැතුවා පාර දෙපසින් කහ ගැහුණ මල් පුරා රතු තිත් බිංදු ...............ඉහුණා ඉණෙන් දෙකඩව හිනා මුහුණෙන් රේල් පාරට ධනේ .........වැටුණා


මේ ඒ අපූරු මිනිසාගේ කතාවයි...
රැකියාවට ආ දිනපටන් උදේ හවස දුටු රේල්ලුවටම හැපී ඉනෙන්  පහලට කිසිවක් නොමැතිව ඉතුරු වූ පණ ඉතුරු වූ  ඔහුගේ කතාවයි...
මට ඔහු හමුවුයේ අහම්බෙනි....මේ ඔහු පිලිබඳ සුන්දර නොවූ ඒත්...සුන්දර යයි හිතන කතාවක්මයි...

ඔහු මා වෙත යොමු කල වෙදැදුරු තුමන් මගෙන් ඇසු එකම දෙය නම් ....මේ පුද්ගලයා වෙනුවෙන් ඔබට යමක් කල හැකිද යන්නයි...
වෘත්තීය දිවියේ මුල්ම වරට මෙබඳු සිදුවීමක් නෙත ගැටුන මා හට....දෙවරක් සිතන්නට කල් නොවිය...ඒ අභියෝගය මාහට දෙන්නට ඔහු ඉදිරිපත් විය...
ඒ කෙටි කඳ කොටස දෑතේ විරියෙන් ඔසවා මට පෙන්වූ ඔහු කියා උන්නේ ....මට කෙලින් වි සිටීමට ඉඩක් සකසා දෙන මෙන්ය...

අද අප ඒ ඉලක්කය වෙත පැමිණ සිටිමු...ඔහු සිය කඳ කොටස රෝද පුටුවක් මත සමබර කොට දෑතින් පුටුව පැද යයි....ඒ මත සිට පුවත්පත බලයි..ආහාර ගනියි...

ඔහු වෙනුවෙන්ම ඉදිරියේදී නිමවෙන රෝදපුටුවේ සිට ඔහු ජීවිතය දිහා උපේක්ෂාව හා අපේක්ෂාව මැද සිට බලා සිටිනු ඇත...



කළු සුදු නැවත ලියන්නට තර්ජනය හා ගර්ජනය කල ඔබට මගේ ප්‍රණාමය.....



කළු සහ සුදු...



8 comments:

  1. හප්පේ කාලෙකට පස්සේ ලියන්න මතක් වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. කොටින්ම කිව්වොත් blog එකට එන්න පාස්වර්ඩ් පවා අමතක වෙලා උන්නේ මට...ඒත්...ඊයේ හිතුනා ආපහු ලිවිය යුතුමයි කියල...

      Delete
  2. අනපේක්ෂිත දේවල් හමුවේ ජීවිතය දෙස යතාර්තවාදීව සහ අධිෂ්ටානශීලීව බලන්නට ශක්තිය ඇති ඒ මිනිසාට සහ ඒ දිරිය ලබාදුන් ඔබටත් ප්‍රණාමය ...

    කවුද අප්පා ඔයාට තර්ජනය කලේ බ්ලොග් ලියන්න කියලා ... බලන්න ඉතිං :p

    ReplyDelete
    Replies
    1. මම ඔය තර්ජන ගර්ජන වලට බය අක්කෙක් නෙවෙයි කියල දන්නවනේ...ඒත්...සමහරුන්ට යන යන තැන තියන පිළිගැනීම දැක්කම ඇත්තටම ඉරිසියයි ණේ අප්පා....

      කොහොම උනත් වැඩි ප්‍රණාමය ඔයාට තමයි...

      Delete
  3. Life is always a pretty puzzling challenge

    ReplyDelete
    Replies
    1. yes...but we can't imagine how they accept chalenges.because we have everything.But they still have courage to live.

      Delete
  4. ඒ මනුස්සයා අපි හැමෝටම ආදර්ශයක්!

    ReplyDelete
  5. ඔව් බස්සි.....e දිරිය ගැන හිතද්දී මටත් එහෙම හිතෙනවා...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න