Thursday, March 3, 2016

99.මගේ කවි....එදිනෙදා





කලු කපුටු රෑන් පිරි
නගර කලබල උදේ
ට්‍රැක්ටරේ නලා හඬ
සමග හැල්මේ දුවන
අගුපිලෙත් මැදුරෙදිත්
එකම ලෙස කුණු අදින
නුඹේ වත දුටිමි අද
වෙනදාට වැඩියෙන්ම
සුපසන්ව......
නානගේ වෙලඳසැල
අසල එක්වන කුණුද
සින්නතම්බී දමන
තෝසෙ වඩ ඉඳුලින්ද
බොරැල්ලේ කොණක හිඳි
සිරිදාසගේ එකම
එලවලු සැලෙහි...
කුණුව දියාරුව ගලන
එලවලුද පලතුරුද
එකම දෑතින් අදින
නිහඬ වූ නිසල වත...
අද වෙනම මම දුටිමි...
රැයක් ගෙවෙමින් නැගෙන
හැම උදේකම මගට
ජීවිතේ කුණු හලන
උස් පහත් මිනිස් වග
අතර මා නිතර දුටු
එහෙත් අද වෙනම දිසි...
පිරිසිදුම දෑත් යුග
නුඹේ යැයි
සිතෙයි මට....

5 comments:

  1. සුපිරිසුදුම දෑත් ගැන ලස්සනටම ලියලා.සුබපතනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට බොහොමත්ම

      Delete
  2. ලස්සනට තියෙනවා

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න