Google+ Followers

Sunday, March 6, 2016

100.සියවැන්න......රටාවක ඔතන්නෙමි....

සියවැනි පෝස්ටුවත් ලියන්න...කලු සහ සුදුට හැකි වුණා...එහෙනම්......

සතුටුයි...ඒත්...දුකකුත් නැතුවා නොවෙයි.....ඉස්සර තරම් බ්ලොගයට නො ඒම ගැන.......

ලියපු ගැම්මට ලිව්වා නම් ,....සෑහෙන්න මේ වෙද්දි ලියලා......

ඒත්...ලද දෙයින් සතුටු වෙලා මෙහෙමවත් ලියමු...


ස්තුතියි..මා ආ මග නිතර රැඳුනාට...දිරි දුන්නාට.....



                                                               ------රටා------



                                                                     
කිසිම අරමුණක් නැතුව හිස්ම හිස් බවක් විතරක් ඉතිරි වෙන නිමේශ අපේ ජීවිත වල තියනවා...මට එහෙම නිමේශ එමට හමුවෙනවා...ඔබටත් එහෙම ඇති...
අන්න ඒ වෙලාවට හිත....ඉගිල්ලෙන්න ගන්නවා...වටේට වටේට ...තමන් වටා හත් අට වතාවක් භ්‍රමණය වෙලා ඇති වුනාම...ඒ හිත යන්නේ ලෝකේ එහා කොනෙනුත් ඔබ්බට...සමහරක් වෙලාවට මගේ හිත ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදිලා එහා චක්‍රවාටයක් වෙනකල් ම යනවා....ආපහු ගෙන්න ගන්නෙ පුදුම අමාරුවකින්.....
එහෙම රස්තියාදු ගහන නිමේශයන් අතරේ හිතට එනවා තනිපද....දෙපද...හා සිවුපද...
ඒ වගේම අගක් මුලක් කිසිවක් නැති මාතෘකා...
හැබැයි ඒ හැමදේකම හැංගිලා තියනවා අපූරු රසයක්......
රටා......
එහෙම කිව්වම මොනවද හිතට එන්නෙ....
මෙන්න මේ වචනෙ දිගේ අද මගෙ හිත ඇවිද්දා සෑහෙන දුරක්.....
ඉස්සරම වෙලා ඔන්න හිත ගියේ අපේ මහ ගෙදර මිදුලට...ඉස්සර අපෙ අත්තම්මා ගෙ අණ පණත් වල එකක් තමයි මිදුල අතුගෑම...හරියට පොල් අතු රටාවට අතුගාන්න ඕන....එක ගලක්වත් සුදුවැලි පොලවෙ තියෙන්නට බැහැ...වැලිගොඩවත්ත කියල ගෙදරට කියන කොට ඒකෙ ගල් ගොඩවල් තියෙන්න බෑ නෙ....අතුගෑමත් කලාවක් ...ඉදල අතින් අතට හරියට මාරු නොවුනොත් රටාවල් වරදිනවා...පොලව හෑරෙනවා...බැණුම් කෝටියයි...ඔක්කොටම එහා මිදුලෙ කොණක තියන ඇහැල ගහ...මල් පිපෙන කාලෙට කහ ඇතිරිල්ලක් එලුවා වගෙ...අනිත් කාලෙට කොල...අතුගාන එක වදයක්ම වුනත්...ඒක අනිවාර්‍ය රටාවක් උනා ජීවිතේට....
අපෙ අත්තම්මා පන් පැදුරු වියනවා ඉස්සර...ගෙදර පැදුරු ආනෙ ර්ටා දමපු ඒ පැදුරු අපේ ගෙදරම වියපුවා...ඒක තවත් අමුතු කලාවක්...පැදුරු වියන පන් ගේන්නෙ පන්විලෙන්...ඕකට ත් අත්තම්මා එක්ක අපි යනවා ඉස්සර....පන් ගෙනල්ලා දෙන්න කෙනෙක් නැති උනාම....පන් ගෙදර ගෙනල්ලා ලී පටියකින් ඉරනව ..ඉන් පස්සෙ වේලනවා...ඉන් පස්සෙ රතුපාට..කොල පාට සායම් මුට්ටි දෙකක් උණු කරලා පන් මිටි රවුම් දරණු වලට ඔතලා ඒවයෙ පොඟවනවා...ඉන් පස්සෙ දිග හැරලා අව්වෙ දමනවා.....
වේලුනාට පස්සෙ...රටා දමලා පන් පැදුර වියනවා....මූලික රටා ටිකක් එහෙන් මෙහෙන් අහගත්තට අපි ඒ කාලෙ ආසම දේ පැදුරු වියන අන්දම බලන් ඉන්න....ඒක සීරුමාරුවට වියලා..කොන් පවා පිලිවෙලකට හරිගස්සන සංයමය....බලන් ඉඳලම ජීවිතේට එකතු වුනා....
ජීවිතේ වරින් වර රටාවන් දාලා අපි ට හැඩ කරගන්නට වෙනවා....සමහරක් විට වර්ණ මොකුත්ම නැතුව...හරියට සමාධිගතව ඇමදූ වැලි මිදුල වගේ...
සමහරක් වෙලාවට අපිට සායම් හැඩ එක් කරලා රටා දමන්න ත් වෙනවා....ඒක චාම් පිලිවෙල රටාවක් උනාම දැන් තියන සින්තටික් පැදුරක රටාවට වඩා සෞම්‍ය..පිලිවෙලක සිරිය දෙනවා...
වියමනක රටාවක සැරිසරපු මගේ හිත අහසේ තරුරටා දක්වා ඇවිදපාව යන්නට පෙර.....කැඳවාගන්නට...ඉතින් මම සටහන නිමාකරනවා.....


100 ඉඳලා 200 ට යනකොට මීට වඩා හොඳට මන් ලියාවි කියලා මම හිතන්නම්

28 comments:

  1. සුභපැතුම්................... ජයවේවා...

    ReplyDelete
  2. කෝ මල්ලිලා දෙන්නා

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ...උන් දෙන්නා ලියන්නෙම නෑ

      Delete
  3. Our hundred is yellow yellow sleeping on the donkey bed!

    Best wishes for your hundred!

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි කිඹුලියො

      Delete
  5. //"100 ඉඳලා 200 ට යනකොට මීට වඩා හොඳට මන් ලියාවි කියලා මම හිතන්නම්"// අනේ ඉතිං ඊක දකින්න අපිට වාසනාව නැති වෙනවනේ ,කොහොමෙයි ඔච්චර දග කාලයක් ජීවත් වෙන්නේ , පරමායුෂ තියෙන්නෙත් 120 ළු .

    අනේ ඔයාගේ ලියවිල්ල ...

    සීයට සුබ පැතුම් ඈ

    ReplyDelete
    Replies
    1. මලත් හොල්මනක් වෙලා හරි ලියනව

      Delete
  6. 100 ට සුබ පැතුම් Black & White

    ReplyDelete
  7. මාත් ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියල හිතන් ෆෙස්බුකියට සමු දීලා බ්ලොග් කියවන්න ආව ආපහු...
    අපි ඇනිවසරි වේවා ! ශතකයට

    ReplyDelete
    Replies
    1. මාත් ලියන්න ඕන වැඩිපුර කියලා හිතාගත්තා

      Delete
  8. ශතකය දිනේවා
    ද්විත්ව ශතකය ඉක්මණට බැට් කෙරේවා...
    ජයවේවා කළු සහ කළු සහ කට්ට කළු
    හිහි

    ReplyDelete
  9. Congratulations on your 100. My first comment here. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....මල්ලි

      Delete
  10. සුභ පැතුම් 100ට

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න