Sunday, July 21, 2013

සොඳුරු සිතුවම් රැඳෙන දිනපොත...

ඉතින්...කොහොමද ..?
මට මේ දිනපොත ලියන එක ඒ ගමන ඇබ්බැහි වීමක් වෙලා වගේ..
නමුත්...මේකෙත් හරිම සුන්දරත්වයක් තියනවා...මොකද ..ඔයාල කොමෙන්ට් කරන ඒවා නිසා...
ඔන්න ඉතින්..තවත් සතියක්...
---------------------------------------------------------------------------------------------------------------------

15.07.2013 සඳුදා


ඊයේ ගිය ගමන batch ට්‍රිප් එක ....නුවර.....රණවන විහාරය ,,.....මේ ගැන පින්තුරද සමග පෝස්ටුවක් මග එනවා...නමුත්..කෙටියෙන් කිව්වොත්..ලංකාවේ තියන වැදගත් සුන්දර දුර්ලභ ස්ථාන අපේ අතින් කොයි තරම් මග හැරිලා යනවද..?
මේ නුවර පාරේ අපි ට්‍රිප් කොයි තරම් යන්නට ඇත්ද..? ඒ වුනාට...පිළිමතලාවේ තියෙන මේ රණවන විහාරය ගැන මම අහලාවත් තිබුනේ නැහැ...


මේ ගැන ලිපියක් ලියන නිසා...වැඩි දුර විස්තර ඕන නැහැ..දැන්.
කාලෙකින් ට්‍රිප් එකක් ගියේ...ඉගනීමට හිර වුන පහුගිය කාලේ..ඇත්තටම කිසිම විවේකයක් නැහැ..තිබුනේ...
ඒත්..ගමනක් ගියාම හිතට දැනෙන සැහැල්ලුව විනෝදය..කාලයකට අපිව ජීවී බවින් පවත්වාගන්නවා...

කොහොම වුනත්...රස මුසු තැන එමටයි...
උදේ කෑමට නැවත්වුවේ...ගුණදාස'ගේ තලගුලි...කඩේ..
අන්තිමට කට්ටිය කොයි තරම් කෑවද කිව්වොත්..මදි පාඩු හරියට අල්ලපු කඩේනුත් ගේන්න වුනා...


---------------------------------------------------------------------------------------------------------------------

16.07.2013 අඟහරුවාදා
කොහොමද ඉතින්...
ලියන්නට බොහෝ දේවල් හිතේ තිබුනට..සමහර වෙලාවට...ලියවෙන්නේ නැහැ...

මේ දවස් වල මම ඉතිහාසය පාඩම් කරනවා...ලෝක ඉතිහාසය...
පිස්සුවට නම් නෙවෙයි..මගේ ලොකු පුතාට කියල දෙන්න ..වාර විභාගයට...

මේකේ එන එක පාඩමක් තමයි...වියට්නාම යුද්ධය...
එය ඉතා කෙටියෙන් තිබුනත්...මට අලුත් දෙයක්..

My Lai Massacre......
මේ එහි එන විශේෂ වූ එක අවස්ථාවක්,....

වියට්නාම් යුද්ධයේදී...ඇමෙරිකානු ජාතික හමුදා කණ්ඩායමක්...දකුණු වියට්නාමයේ My Lai කියන ගමට රහසේම ගොඩ බැස කල සමුල ඝාතනය ගැනයි..ඒ කියවෙන්නේ...

ගරිල්ලා යුධ භටයන් ට කිසිදු සම්බන්ධයක් නැති...අහිංසක වැසියන්..නිරායුධ අහිංසක වැසියන්...150ක් පමණ ඔවුන් අමු අමුවේ මරා දමනු ලැබුවා..
මේ කෙටි පාඩම් සටහන තුලින් මම අපේ රටේ බොහෝ දුර නොවන අතීතයකටත් ගියා...
එය....පසු දවසක කතා කරමු...
හිත ගොඩක් බර වුනා....මතකයන් සමග...

---------------------------------------------------------------------------------------------------------------------


17.07.2013 බදාදා



අද ..වැඩ අධික දවසක්...අමාරුම ලෙඩ්ඩු කීප දෙනෙක්...
මෝටර් බයිසිකල් accident එකකින් ආබාධිත වූ ගැහැණු ළමයෙක්...අලුතින්ම ආව රෝගියා ...
ලොකුම ලොකු අනතුරක් වුනත් වාසනාවකට වගේ...ජීවිතයත් බේරිලා...ආබාධය පවා සුව කල හැකි වෙයි කියා සිතන මට්ටමක ඇය ඉන්නේ...
ලංකාවේ වැඩිම අනතුරු ප්‍රමාණයක් වන ..රථය තමයි යතුරු පැදිය...
මේ ගැන ලියන එකත් වැඩක් නැද්ද මන්දා...
මේ යතුරු පැදි  ධාවකයන් ගේ හෙල්මටය කියන එක ඇත්තටම තියෙන්නේ වැලමිටට දාගෙන ස්ටයිල් එකට යන්නද කියලා මට වෙලාවකට හිතෙනවා..
ඇත්තෙන්ම ..සමහර අය දාන හෙල්මට් නිකම් අර වැඩබිම් වල වැඩ කරන අය දාන ...ඉබිකටු වගේ...
මේවයින්...කුමන ආරක්ෂාවක් ලැබෙනවද කියා නම් මට තේරෙන්නේ නැහැ...
හිස් කබලට පූර්ණ ආරක්ෂාවක් ලබාදෙන්න මේ වගේ එකකට බැහැ නේ.. ඒ වගේම..අර අපි දකින සාමාන්‍ය හෙල්මටය වුනත් නිවැරදිව බෙල්ට් එක තද වෙන්න දමා නොසිටියොත් ගැලවී යනවා..මගේ නව රෝගියාට වෙලා තියෙන්නේ ඒකයි...
 ඒ වගේම තමයි...නිවැරදි ව වේගය පාලනය කරගෙන ධාවනය නොවීම හේතුවෙන් බොහෝ අනතුරු වෙන්නේ...
මම පහු ගිය කාලයේ වැඩ කළා...සුදු ජාතිකයෙක් සමග ව්‍යපෘතියක...ඔහු ලංකාවට එන විට රැගෙන ආ එක දෙයක් තමයි ආරක්‍ෂිත හෙල්මටය...යතුරු පැදියක් මිලදී ගත හැකි වුවත්...හෙල්මටය තම රටෙන්ම ගෙනෙන එක ඔහුට වඩා විශ්වාස දායක වුනා...

ලංකාවේ අනතුරු ගැන පස්සේ දවසක පෝස්ටුවකින්ම කතා කරමුකෝ නේද..?

------------------------------------------------------------------------------------------------------------------

18.07.2013 බ්‍රහස්පතින්දා

වැඩ අධික සතියක්...පිස්සු හැදෙන තරමට ම දැන් ලෙඩ්ඩු එනවා..මට හිතාගන්න බැරි මේ තරමට ලෙඩ වෙන්න තරම් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මොකක්ද කියලා...
නැහැ....ඇත්තටම් මේකට හේතුව..අපේ ජීවන රටාවේ ඇති වැරදි ...
ආහාර ගැනීම..ව්‍යායාම නැතිකම ..stress...ඔය හැමදේම තුල...මිනිසුන් ඉන්නේ හරිම පීඩාකාරී තත්වයක...
මේ නිසා...ලෙඩ රෝග ඇති වීම වගේම...හදිසි අනතුරු ඇති වීමත් හරිම වැඩියි...

අද වැඩ ඉවර වෙලා..කෝච්චියට ආව...ගෙදර එන්න...
ඇත්තටම...අහක යන දේවල් නිසා..අපිට ඇති වන stress එක කොයි තරම් ද...?

හිටගෙන සෑහෙන දුරක් ආවට පස්සේ ඉඳගන්න ලැබුණා...අපරාදේ ඉඳගත්තේ කියලා හිතුනේ...ඉස්සරහ ඉන්න අයගේ වැඩ දැක්කමයි..
අම්මා කෙනෙක්..අවුරුදු 55 ක් විතර ඇති..පුතා 19 ක් විතර ඇති...දෙන්නා එන ගමන්..මිදි වගයක් කනවා...අම්මා එකක් කනවා..පුතාට එකක් දෙනවා...මිදී ගෙඩියේ නැට්ට කඩලා..එතනම බිම දානවා...
කටට දා ගත්තු මිදිගෙඩිය හින්දට රස කරලා කනවා..කටේ ඉතුරු වෙන ඇට තූ...ගාලා..එතනම බිමට දානවා...මේ දේ දිගටම වෙනවා..
ඒ මදිවට ..බෑග් එකෙන් ගත්තු කඩදාසි උරයක් හා ෂොපින් බෑග් එකක් අරන් කෝච්ච්යේ ජනේලෙන් එලියට විසි කළා..

අනේ මගේ කට.....මේවා දැක දැකත්..ඉන්න වුනා නේ කට වහන්...
මේවා දැකලා stress වැඩි වෙන්නේ නැද්ද..මම අහන්නේ...?

අපේ මිනිස්සු නම්..කවදා හැදෙයි ද..?


--------------------------------------------------------------------------------------------------------------
19.07.2013 සිකුරාදා





මුලින්ම කියන්න ඕන මේ මම නෙවෙයි....
හැබැයි..මගේ යාලුවෙක්..වගේ කියලා හිතාගත්තට කමක් නෑ...
මොකද ඔයාල ඔක්කොම දැන් මගේ යාළුවොනේ..
එතකොට එක එක්කෙනා හිතාගනියි...ආඃ..මේ කියනවා ඇත්තේ අරයා ගැන...එයා හිතනවා ඇති..ආහ්හ්..මේ අර අරයා නේ..කියලා...
ඕන කෙනෙක් අදහස් දෙන්න..වඩා ගැලපෙන කෙනාට..මේ පින්තුරය පරිත්‍යාග කරනු ලැබේ....


මං හැර ඕන කෙනෙක්....

හාස්‍ය රසයක් දෙන්න පින්තුරයක් දාලා..ඔය පොඩි වාක්‍යයක් ලිව්වට..තරහ වෙන්න එපා ළමයි...

අපේ මල්ලි..හසරැල් නෙවෙයි..ලොක්කා..එයා මේවයේ නැහැ...
දවසක් ෆේස්බුක් එකේ දාල තිබුන පෝස්ටුවක් මතක් වුනා..

1 ඉඳන් 10 ට ....10 යි...
10 ඉඳන් 1 ට...10 යි..

කොළඹ ඉඳලා මාතරට  කිලෝමීටර් 160 යි...
මාතර ඉඳලා කොළඹට කිලෝමීටර් 160 යි..

සඳුදා ඉඳලා සිකුරාදාට දවස් 5 යි..
සිකුරාදා  ඉඳලා සඳුදා ට දවස් 2 යි...

ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ කියලා....

(මොකද අපේ මල්ලි..වැඩට එන්නේ කොළඹ...හැමදාම උදේ.මාතර ඉඳලා...වීක් එන්ඩ් එක විතරයි නිවාඩු ...බලන්න අප්පා...මේ ළමයට දැනෙන දුක...)

සිකුරාදා ගැන ලියන්න ගොඩක් දේවල් නැහැ නේ..ඒ නිසා පොඩි කතාවක් ලිව්වේ ඒකයි...


එහෙනම්...ගිහින් එන්නම්...

--------------------------------------------------------------------------------------------------------------

සුබම සුබ සති අන්තයක් වේවා......!





20 comments:

  1. රණවන විහාරේ විස්තර එනකම් බලාන ඉන්නං. ඒත් යද්දි කෑම කාල තියෙන්නේ ඩුප්ලිකේට් පොට් එකෙන්නේ. නියම එක ජිනදාසගේ එක. ඩුප්ලිකේට් එක තමා ගුණදාසගේ කඩේ. මේ කියන්නේ වරකපොළේ පොට් එකනේ.
    ඉතිරි ටික නං හිතන්න යමක් තියන කරුණු තමා..

    ReplyDelete
    Replies
    1. අනේ ඔවු නලින්..මේ වැඩේ වුනේ...අපේ රියදුරු මහතාගේ සහ යන උදවියගේ මැති මතාන්තර වල ගැටුමක් නිසා....
      අන්තිමට කාලා ආවාමයි දන්නේ කාල තියෙන්නේ ඩුප්ලිකේට් එකෙන් කියලා...

      රණවන විහාරේ ගැන නම් ඉක්මනට ලියන්න ඕන...

      ඔබේ අදහස් වලට ගොඩක්ම ස්තුතියි...

      Delete
  2. //මං හැර ඕන කෙනෙක්//ඔයා හැර වෙන කෙනෙකුට මේ පින්තුරේ හොඳටම ගැලපෙන්නේ නෑ ..හි හි ..//කටට දා ගත්තු මිදිගෙඩිය හින්දට රස කරලා කනවා..කටේ ඉතුරු වෙන ඇට තූ...ගාලා..එතනම බිමට දානවා...මේ දේ දිගටම වෙනවා..
    ඒ මදිවට ..බෑග් එකෙන් ගත්තු කඩදාසි උරයක් හා ෂොපින් බෑග් එකක් අරන් කෝච්ච්යේ ජනේලෙන් එලියට විසි කළා..//
    ඔය මිනිස්සුන්ට රට ගැන කිසිම හැගීමක් නෑ .. පොඩ්ඩක් ඔය මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහින් බැලුවොත් සමහරවිට ගෙදර මාර පිරිසිදුයි පිළිවෙලයි .ඒ උනාට තමන්ගේ කියල හැගීමක් නැති හැම තැනකදීම හැසිරෙන්නේ ඔහොමයි .ඒ නොදැනුවත් කම නෙවෙයි ...උවමනාවෙනමයි ඒක කරන්නේ ..ඒ වෙලාවට ඔය කොහෙටහරි කුණු ගොඩ දාල ශේප් වෙනවා

    ReplyDelete
    Replies
    1. ශ්..ශ්..ශ්...රෙහානි...ඔයා මගේ මූණ අඳුනගත්තට අනිත් අයට කියන්න එපා අනේ...

      ඔය කියන දේ හරියටම හරි..තමන්ගේ නම්..එක විදියක්..අනුන්ගේ නම් තව විදියක්...

      Delete
  3. නිවාඩු මාසවලට දවස් දොලහක්ද වැඩ කරන මාස වලට දවස් හැත්තෑ හතරක්ද තිබේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්..dude....මේක අනිත් පැත්තට වෙනවා නම්...කොයි තරම් හොඳද..?

      Delete
  4. හෙල්මට් නම් තියෙන්නේ වැලමිටේ දාගෙන යන්න තමයි. අනික මම හිතන්නේ ලංකාවේ හෙල්මට් වල කිසි ප්‍රමිතියක් නෑ. ඒකත් ලංකාවේ පොලිටික්ස් වගේම තමයි. නෝනේ දන්නවයි අර ජැකට් එක වැරදි පැත්තට ඇඳගෙන ගිහින් ඇක්සිඩන්ට් වෙලා වෙච්චි දේ.

    අර පින්තූරේ ඉන්නෙ මමත් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. අර සිහිනතුව වැටිලා උන්න මනුස්සයාගේ ඔලුව කරකවපු එකද..?හපොයි..ඇඟ හීතල වෙන විහිළුවක් ඒක..

      අර පින්තුරේ නම් මාතලන් වගේමයි කියල තමයි කවුද නම් කිව්වේ.....හිහිහි...මම දැකල නැහැ නේ ...

      Delete
  5. මේක බ්ලොග් ලෝකෙට අළුත්ම සංකල්පයක් වෙයි ලියලා මට හිතෙනවා. දිගටම කරන්න. පොඩි සටහනකින් ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් බව 17, 18 සටහන් දෙකෙන් පේනවා.

    කුණු තමන් අවට හැමතැනම විසිකරණ එක සත්තුන්ගෙ විදිහක්. ඕකුන්ට කිව්වට කවදාවත් තේරුම් ගන්නෙත් නෑ. මමනම් ඩස්ට්බින් එකක් ලඟපාතක නැත්නම් අතේ අරගෙන යනවා එකක් හම්බෙනකම්. සමහර වෙලාවට ගෙදරට ඇවිත් විසිකරන්න වෙන වෙලාවලුත් තියනවා.

    තව එකක්, වැරැද්ද දැක දැක නිහඬව ඉන්න මිනිස්සුලු ලොකුම අපරාධකාරයො. ඒත් දැන් රටේ තියන තත්ත්වෙ අනුව කාටවත් වැරැද්දක් පෙන්නලා දෙන එකත් භයානකයි. සමහර විට ඇසිඩ් පාරක්, පිහි පාරක්, කෝච්චියෙම දණගහගෙන ඉන්න වීමක් වෙන්න ඒක බලපාන්න පුළුවන්. පවුල් කාරයෙකුට ඔය අවධානම ගන්න ටිකක් අමාරුයි. එතකොට ඒක තමන්ගෙ යැපෙන්නන්ට වෙන ලොකු අසාධාරණයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා...
      ඇත්තටම මම මේක ලියන්න ගත්තේ මේ තරම් දුර යන්න නෙවෙයි..මේ වෙනකොට මම පෝස්ටු 45 කට වඩා ලියල තියනවා කියලා මට හිතාගන්නත් බහ..ඔයාලා වගේ මේ ගැන මම ඒ තරම් දන්නෙත් නැහැ...
      කොහොම නමුත්..මගෙන් යමක් කාට හෝ වෙනවා නම්..සේවයක්.උදව්වක්...එක මට ලොකු දෙයක්..

      ඔයා කියන දේ මමත් පිලිගන්නවා..මේ වගේ දේවල් දැක දැක නිහඬව යන්න තරම් අපි නිවටයි ද කියල ඒ වෙලාවෙත් මට හිතුනා..එත්..ඔය කියන දේ ම තමයි...

      Delete
  6. //මෝටර් බයිසිකල් accident එකකින් ආබාධිත වූ ගැහැණු ළමයෙක්// සමහර වෙලාවට අපි දකිනව හරහට වඩාගෙන යන පුංචි පැටවුනුත් තියාගෙන කිසිම පරිස්සමක් නැතුව රිංග රිංග යන බයික්.. පොඩ්ඩ වැරදුනොත් ආයෙ ඉතින් වැඩක් නෑනෙ..

    අර පින්තූරෙ හරි ලස්සනයි.. :D

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් චන්දන..පාරට බැස්සම මම අකමැතිම මේ බයික් වල මිනිස්සු යන විදියටයි...

      පින්තුරේ නිකම් ..කන්නාඩිය ඉස්සරහට ගියාම පෙනුනා වගේ ද..හිහිහි...

      Delete
  7. පිලිමතලාවෙ ඉගෙනගත්ත මං වත් දන්නෙ නැනෙ මේ විහාරෙ !

    ReplyDelete
    Replies
    1. අනේ සරත් අයියා....ඔය ඇත්තමද..?
      ඉන්නකෝ මම අද හෙටම පෝස්ටුව දානවා..එතකොට බලන්නකෝ

      Delete
  8. //"ගරිල්ලා යුධ භටයන් ට කිසිදු සම්බන්ධයක් නැති...අහිංසක වැසියන්..නිරායුධ අහිංසක වැසියන්...150ක් පමණ ඔවුන් අමු අමුවේ මරා දමනු ලැබුවා.."//හා හා බලාගෙන කළු සහ සුදු බ්ලොගටත් පියාඹන මාළුවන්ට වුනු දේම වෙයි.

    ReplyDelete
  9. මේක වියට්නාම යුද්දේ ගැන නේ ඉවාන්...
    ඇයි එහෙම වෙන්නේ...?

    ReplyDelete
    Replies
    1. //"මේ කෙටි පාඩම් සටහන තුලින් මම අපේ රටේ බොහෝ දුර නොවන අතීතයකටත් ගියා"// කියන ඊළඟ කොටස නිසා. මොකද කාටහරි බැටේ දෙන්න ඕන වුනාම අපේ ය කබර ගොයා තලගොයා කරන නිසාය.

      Delete
    2. අප්පේ...ඔවුම නේන්නම්..හැබැයි ඉවාන් ..මම ඒ දුර නොවූ අතීතයේ..මතකය ලියා තැබුවා..මගේ කලින් පොස්ටුවේ..."ඉනූ කඳුලද සිදෙන්නට පෙර..." කියලා...

      Delete
  10. මෙ බයික් ගෑන කියනව නම් මතකද ජපන් එව විතරක් තිබුන කලෙ මෙ වගෙ ඈක්සිඩන්ට් උනෙ නෑ.මෙකට හෙතුව ඉන්දියන් බයික් වල තෙල් ඉතුරු කරන්න බර අඩු කරල හදනව.හෑ බෑය් වෙගෙ 180 ට විතර යන්න පුලුවන් වෙන්න හදනව .එතකොට සෙෆ්ටි පෑත්ත අඩු වෙනව.ඉන්ඩියන් කරය හිතන්න ඈති ජපනට මෙක හොයා ගන්න බෑරිඋනා කියල.එත් මෙ තෙල් ඉතුරු කරන්න ගිහින් ලන්කවෙම කි දෙනෙක් මෑරුනද.අපෙ මිනිස්සුත් අලුතෙන් ගත්තම යන්න පුලුවන් වෑඩිම වෙගෙන් යනව මිසක් නවත්තන්න ඔනවෙයි කියල හිතන්නෙ නෑ නෙ.ඉන්දියන් බයික් වල විතරමයි මෙ අවුල චින එව වලත් නෑ
    කලින් එකත් කියෙව්ව ලස්සනයි ඔයාට නෙමෙයි නේද උනෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දමිත් මම බයික් ගැන දන්නේ නැහැ..එත් ඔය කියපු කතාව මටත් කවුද කියල තියනවා...ඇත්ත තමයි නේද...?

      මාත් ඒ කතාවේ ඉන්නවා....ඒ කණ්ඩායමේ ම උන්න කෙනෙක් මම..නැත්නම් කොහොමද මේ තරම් කාලෙකට පස්සේ අද ඊයේ උනා වගේ ලියන්නේ...නේද...?

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න