Google+ Followers

Wednesday, July 17, 2013

ඔබද...මමද..ඔවුන්ද...මිනිසුන් වන කල්හි......

මේ පොස්ටුව ලියන්නට නිමිත්ත ආවේ අද හවස හොස්පිටල් එකේදී...
ගෙදර ඇවිත් ලියන්න ඕන කියල හිතුවට මගේ ළමයි දෙන්නටම වාර විභාගේ..
ඉතින් මාත් ඒ හරි හරියට පාඩම් කරන්න එපයි...
කොහොම හරි....මේකත්...ලියනවා අදම...කීයට හරි....

මගේ සේවය ලබාදෙන රෝහල තුලදී මට හමු වන මිනිසුන් විවිධාකාරයි...ජාතීන් ලෙසත්...ආගම් ලෙසත්..ස්ත්‍රී පුරුෂ ලෙසත්..විවිධාකාර වයස් මට්ටම් වලිනුත්..විවිධාකාර සමාජ මට්ටම් වල සහ...එකිනෙකට වෙනස් මතධාරීන් ලෙසත් මට ඔවුන් මුණ ගැසෙනවා...

එහෙත්...අහල තියනවා නේද..."රජෙක් වුවත් ලෙඩෙක් වුනොත්.." කියන දේ...?
නිරෝගී කම හැර සැපතක් ලොවේ කොයින්දා....



ජීවිතයේ අපි නොහිතන අන්දමින් අපි රෝගී වෙන්න පුළුවනි...ඒ වගේම..මා ඉහත කී කිසිම වෙනස් මට්ටමකට..මේ රෝගී වීම වලක්වන්න හැකි නොවේ...
මිල මුදලින් සපිරි සුපිරි දිවියක් ගත කරන්නාටද...මහා මග අගුවක වැතිර එදා වේල සපයාගන්න තැනැත්තාද...එක හා සමානව ආබාධයකට ගොදුරු වූ කල්හි ...අසරණ වෙති...


ඉතින් මේ පොස්ටුවේ..නිමිත්ත තුල ඉන්නේ මා වටා ඉන්න අපූරු චරිත කීපයක්...

අද..පුවත් පතක...FB වැනි සමාජ අඩවියන් තුල...උනුන් වහරේ...හැම තැනම ඇවිලෙන ජාතිවාදය...උනුන් හෙලා දැකීම තුල....අපත් වල්මත් වෙන අවස්ථා එමටයි...
ඒත්..මා මේ ලියන්නාවූ කිසිවක්..ඒ කා ගේ හෝ පුද්ගලික මති මතාන්තර හා කරන්නාවූ ගනු දෙනුවක් නම් නොවෙයි..
මේ ආබාධයන් නිසා අසරණ ව සිටින තවත් එක මිනිස් සමුහයක...හැගීම් සමග..යෙදුන පුංචි සංවාදයක්...





මට නම් කියන්න අවසර නැහැ...ඒ නිසා මම අනුවර්ත නාමයන් ගෙන් ඔවුන්ව හඳුන්වන්නම්...

මාගේ ප්‍රතිකාර සඳහා..එන රෝගීන් අතර...
එක මුස්ලිම් ජාතිකයෙක්..දමිල ජාතිකයෙක් සහ...සිංහල ජාතිකයෙක් ඉන්නවා...
ඔවුන් සියලු දෙනාම එකම වාටුවේ අය..
වයස් මට්ටම් ගත්තම...මුස්ලිම් ජාතිකයා...මොහොමඩ් කියමුකෝ...ඉතාම තරුණ වියේ ඉන්න කෙනෙක්..දමිල ජාතිකයා ..රාමන් කියමුකෝ...මැදි වියේ ..වයස 54 ක් විතර ඇති...
සිංහල ජාතිකයා...සිරිදාස කියමුකෝ..එයා ඉතාම වයසයි...70කට කිට්ටුයි...


මෙතන ජාතීන්..වයස්..ආදිය වගේම ඔවුන් ආ පරිසර පවා වෙනස්...ඒත්...රෝහලක් තුලට ආවම...ඔවුන් බොහෝ දෙනෙකුට ..තියන සමානකමක් තියනව නේ..ඒ තමයි...රෝගය..ආබාධය..අසරණ කම...මේ සමානකම තුල ඔවුන්...අර දහසක් අසමානකම්...අමතක කරලා...එකට ඉන්නවා...

මේ දවස් වල...මොහොමඩ් ට නෝම්බි අල්ලන්න  බැහැ..එකක් එයා රෝගියෙක්...අනික..ඒ තරම් දින ගනනක් ඔහුට මේ සඳහා..නිවාඩු දී යවන්න බැරි රෝගයක ඔහු ඉන්නේ...ඒ වගේම අංශභාග තත්වයෙන් පෙලෙන සිරිදාස ට ...ගමට යන්න ඕන වුනේ..දෙවුන්දර පෙරහරට ඉන්න..එත්...සැතපුම් සියගණනක් ගෙවලා..ඒ තරම් දුරකට යන්න...අවසර ලැබුනේ...නැහැ...
මේ දෙන්නා...එක මේසෙට වාඩිවෙලා...ප්‍රතිකාරාත්මක ක්‍රියාකාරකම් කරන ගමන්...කතාකරන්නේ මේ පොදු ගැටලුව ගැන....
මේ කතාවලට සමහර වෙලාවට අපටත් මැදිහත් වෙන්න වෙනවා...මොකද මේ මිනිසුන්ගේ මානසිකත්වය නගා සිටුවීම ඉතා වැදගත් වන නිසා....



අද උදේ වරුවේ මම නිවාඩු...වරුවෙන් වැඩට ගියාම රෝගීනට මා හමු වන්නේ හවස් යාමයේ ප්‍රතිකාර වෙලාවේදී පමණයි...
රාමන් ව දැක්කම මම දවල් දෙකට.."good morning" කිව්වා...රාමන් ට ඉබේටම good morning නෝනා කියවුනා...ඒ එක්කම තමයි රාමන්ට මතක් වුනේ..මේ මහා දවල් කියලා...ඒ මිනිස්සුන්ගේ අහිංසක කම ගැන දුකත් හිතෙනවා...
ඒ එක්කම නෝක්කාඩුවක්...මොහොමඩ් ගෙන්...මිස් මට good morning කිව්වේ නෑ නේ කියලා...මම කිව්වා "මම රාමන් ට පොඩි විහිළුවක් කලේ...මේ උදේ නෙවෙයි නේ" කියලා..
මොහොමඩ් කියනවා..වෙලාව මොකක් වුනත් කමක් නෑ නෝනා...හිත හොඳින් අපිව  පිලිගන්නවා නේ ..කියලා...

මේ මිනිස්සු අව්‍යාජයි...
මම අකමැති බොහෝ දේ මේ ජාතීන් අතරේ සිදු වෙනවා..නමුත් මෙතනදී ..ඔවුන් සියල්ලන්ම මනුෂ්‍යයන් පමණයි...

ජාතියක..ආගමක...සංස්කෘතියක සීමා බන්ධන වලින් වෙන් වී කා කොටා ගන්නා මිනිසුන්...එකම පවුලක අය මෙන් අසීරුතා බෙදා හදා ගෙන..එකිනෙකාට උදවු කරගෙන..සිටිනා..අපුරුව බලන්න...






26 comments:

  1. \\\\වෙලාව මොකක් වුනත් කමක් නෑ නෝනා...හිත හොඳින් අපිව පිලිගන්නවා නේ ..කියලා...\\\

    මෙන්න මේ කොටස හරි සංවේදී අක්කේ...මේ ලෝකේ මිනිස්සු මානුෂීය නම් නිරායාසයෙන්ම අනිත් පිරිස්ද මානුෂීය වෙනවා..බහුතරය ම්ලේච්ඡ නම් නිරායාසයෙන්ම ඉතුරු කීප දෙනාත් ම්ලේච්ඡ වෙනවා..


    ක්‍රමානුකූලව මිනිස්සුන්ගේ හිත් වලින් වෛරය ඉවත් කරන්න බැරි නැහැ ... ලෝක යුද්ධ වලින් පස්සෙත් එහෙම උන එකේ අපිට අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ..මේ හූනු බෙට්ටක් වගේ රටේ ගහමරාගෙන වැඩක් නැහැ කියන දේ මිනිස්සුන්ට තේරුම් කරන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔවු සහන්...හැබැයි මේ වගේ භාර දූර කාර්යයක් ...මහා අමාරුත් නැහැ..මනසක් වෙනස් කරගන්නට අපිට පුළුවන් නම්...තව කෙනෙකුට බැරි ඇයි නේද...

      මොනවා වුනත්..ඒ මිනිස්සු...එච්චරයි මා දකින එකම දේ...

      ඇත්තටම සහන්..මේ මිනිස්සුන්ට අපේ හිනාවක්..කාරුණික වදනක්..කොයි තරම් වටිනවද...?
      එය මා දන්නේ අත් දැකීමෙන්...

      Delete
  2. රෝහලේදී විතරක් නෙමෙයි හැම තැනකදීම අපිට මෙහෙම ඉන්න පුළුවන්නම් කොච්චර හොදද....

    ReplyDelete
    Replies
    1. ඒක රඳා පවතින්නේ ,....අපේ මිනිසුන්ගේ මානසිකත්වයන් මතයි ..නේද නංගි...

      Delete
  3. මම මේ බ්ලොග් එකේ දාන පලවෙනි කමෙන්ට් එකද කොහෙද .
    හිතන්න ගොඩක් දේවල් ඉතුරු උනා .
    දිගටම කියවන්න එනවා .
    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා..දිගටම එන්න..මාත් ඔය පැත්තේ එන්න ඉන්නේ...

      Delete
  4. අසරණකමෙන් පිට ඕක ප්‍රායෝගිකව වෙන්නැති එකනෙ කරුමෙ. එතනින් එළියට ගියම හැමෝම "මම / අපි තමා පොරවල්" කියලා හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. "මම / අපි තමා පොරවල්"

      ඔයා කියන දේ තමයි වෙන්නේ.....

      හරියටම හරි සෙන්නා....

      Delete
  5. අපේ රටට අද ඇත් සැබෑ ගැටලුවට නියම ප්‍රවේශයක් ඔබ ගෙන තියෙනනවා. මේ සේරම දේවල් එන්නේ බලය කියන තැන ගැන හිතන්න මේ හොඳම තැන. අසරණ වුණු කල හැමෝම එකයි. භෞතිකවාදිව එකතුවන දේ එක්ක තමයි මේ සේරම මනස්ගාත එන්නේ.අමතක නොකරන්න මිනිසා තුළ දෙවියා මෙන්ම යක්ෂයාද නිතරම ඉන්නවා. ඔබ පෙන්වා දෙන හැම තැනම අසරණ කම එක්ක දෙවියා එළියට ඇවිත්. එපමණයි වෙලා තියෙන්නේ.
    ඉතාමත් හොඳ සටහනක් මෙන්න මගෙන් මල් මිටක්.
    රෝගී වීම තරම් කරුමයක් ලොව වෙනත් දෙයක් නැ. එතැන දී පිහිටට එන ඔබ වැනි වෘත්තිකයන් සදා දෙවිවරුන් වන්නේ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ මල් මිටට ස්තුතියි නලීන්..
      මිනිසෙකුව ඉපදී...මිනිසත් කම පිරුණු කෙනෙකු ලෙස ජීවත් වී ..මිඉසකු ලෙසම මියැදෙන එක තරම් දෙයක්....තියද අපිට..
      ඇත්ත..මේ මිනිසුන් මෙහෙම අසරණ නොවුනා නම්..ඔවුනුත් අන්තවාදී මිනිසුන් වීමට ඕන තරම් ඉඩ තිබුනා...

      Delete
  6. පොදු සතුරෙක් ඉදිරියේ කවුරුත් ඔහොමයි කලු සුදු.

    මගේ කෙටි නම ඩූඩ්.

    ReplyDelete
  7. ඇත්තටම මිනිස්සුන්ට මේටික තේරුම ගන්න බැරි ඇයි ? නමුත් අසරණ වුනාම හැම කෙනෙකුටම වාගේ සත්‍යය වැටහෙනවා. එත් එතකොට ප්‍රමාද වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔවු..ඉවාන්...
      පමා වී හෝ දැනෙනවානම් ඒකත් ලොකු දෙයක්...අඩු තරමේ ඊළඟ අවස්ථාවකදී හෝ වරද සිදු නොකර දෙසැරයක් හිතන්නවත් පෙළඹෙයි නම් පමණයි...

      Delete
  8. මිනිස්සු කවුරුත් එකයි. බලය, ධනය ලැබෙද්දි අර මනුස්ස කම් ගිලිහිලා යන එකයි වෙන්නෙ. එහෙම නැත්නම් වෙනත් අයගෙ උවමනාවන් වෙනුවෙන් මිනිසුන් අතර භේද ඇති කරවීමක් තමයි සිද්ධ වෙන්නෙ.

    ලෙඩ දුක් වුනාම ආයෙත් සත්‍යය යම් තරමක් හරි වැටහෙන්න ගන්න හින්දා අර යට වෙලා තියන මනුස්සකම් ඉස්මතු වෙනව.

    ReplyDelete
    Replies
    1. චන්දන...ඇත්තටම මිනිස්සු අසරණ වන තුරුම ඉන්නේ ඇයි සත්‍යය දකින්නට...
      මේ මිනිසුන් මෙතනින් එලියට ගිය දවසට අයෙත් අර පුරුදු කා කොටා ගන්න මානසිකත්වය ඇති වෙන්න ඉඩ නැහැයි කියන්නට අපිට බැහැ නේද,,?

      Delete
    2. //මේ මිනිසුන් මෙතනින් එලියට ගිය දවසට අයෙත් අර පුරුදු කා කොටා ගන්න මානසිකත්වය ඇති වෙන්න ඉඩ නැහැයි කියන්නට අපිට බැහැ නේද,,?//

      සම්පූර්ණ ඇත්ත.

      Delete
  9. මනුස්සකම උතුරා ගියපු රටක්. කාළකන්නි රටක් කලේ එක පවුලක්. එක පුද්ගලයෙක්.. මම ඒ කාළකන්නි ගැන මෙතන ලියන්නවත් කැමති නෑ. මොකද මේ බ්ලොග් අඩවිය ඒ තරම් සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. කතාව සම්පූර්ණ ඇත්ත.. හැබැයි අදටත් රටේ මිනිස්සු දන්නේ නැහැ තමන්ට වැරදුණේ කොතනද කියලා. වරද්දපු මිනිස්සුන්ටම දොහොත් මුදුන් දීලා වඳින්නේ ඒකයි...

      Delete
    2. (ඉන්නම බැරුවයි ඔය ටිකත් කිව්වේ)

      Delete
    3. අනේ ඔවු..ප්‍රියන්ත...අපි ඒ ගැන නොලියාම ඉමු...


      මට තේරෙනවා..සහන්...

      Delete
  10. අක්කේ,

    මම ඔයාගෙ බ්ලොග් එක කියවගෙන යන ගමන්... හිරු අක්කගෙ බ්ලොග් එකෙන් දැකලා තමා ආවෙ....
    මම ගොඩාක් බ්ලොග් කියෙව්වට කොමෙන්ට් දාන්නෙ නම් නැති තරම්..අවංකවම කිව්වොත් වෙලාවක් නෑ. මම පොඩි බබෙක් ඉන්න අම්මා කෙනෙක්. ඉතින් ගෙදර ගියාම කොම්පියුටර් එක අල්ලන්න වෙන්නෙත් නෑ.
    බ්ලොග් කියවන්නෙ කෝච්චියෙ යන එන ගමන්, මගෙ පෝන් එකට පින් සිද්ද වෙන්න
    ඉතින් ඔයාගෙ බ්ලොග් එක ආසාවෙන් කියවගෙන යනවා..කොමෙන්ට් නොකලට ඔයා ලියන හැම දෙයක්ම කියවනවා..
    ආසාවෙන් කියවන්න පුලුවන් බ්ලොග් එකක්..බොහොම ස්තුති ඔයාට කාර්යබහුල දිවිය අතරෙ මෙ වගෙ දෙයක් කරනවට
    මම ඔයාගෙ බ්ලොග් එක මුල ඉඳලා අගට කියවගෙන යන ගමන් :P

    ReplyDelete
    Replies
    1. පැබ්ස්..ඇත්තටම ඒ නම හරි අමුතුයි...
      මාත් ඔයාගේ කාලේදී නම් නංගි..මේ මොකුත් කලේ නැහැ...අඩුම තරමේ මට ෆෝන් එකක්වත් තිබුනේ නැහැ..මීට අවුරුදු 10කට එහාදී...
      ඉතින් කොම්පියුටර් එකක් නම් කොහොමටවත් නැහැ..හැබැයි මම ලිව්වා...කොලවල..කවි..පත්තරේට දැම්මා..පලවුනාම හරි ජොලි ඒ කාලේ...
      කොමෙන්ට් නොකලත් කමක් නැහැ..කියවන්නකෝ..ඉඩක් ලැබුනහම කොමෙන්ටු දාන්න...

      Delete
  11. ඔයාල ඔය විදියට හිතනව නම් හොදයි මෑඩම්.එත් කියන්න කනගාටුයි බහුතරය ඔහොමනෑ.එයාලහිතාගෙන ඉන්නෙ ලෙඩ්ඩු එන එක මල වද්යක් කියල.එයාල දන්නවද මන්ද ලෙඩ්ඩු නාවොත් එයාලට රස්සාවත් නෑ කියල.අනික කාරනාව එයාල හිතාගෙන ඉන්නෙ එයාල තරමටම අනිත් මිනිස්සුත් ඔය එයාලගෙ වචන සෙට් එක දන්නව කියල.මම මෙ කියන්නෙ සෞක්ය (වචනෙ හරිගස්සගෙන කියන්න හොදෙ ) සියලුම අය ගෑන

    ReplyDelete
    Replies
    1. බහුතරය අතරේ එහෙම නොවන සුලුතරයකුත් ඉන්නවා මල්ලි...ඒකත් අපි පිළිගන්න ඕන නේද..?
      ඇත්තම කියනවා නම්...අද කාලේ බොහෝ දෙනෙක් නුගතුන් නෙවෙයි...මේ වචන සෙට් එක ඔය කියන තරම් අපබ්‍රන්ෂත් නෙවෙයි..නමුත් අපි නම් ව්‍යවහාරයේදී හැකි තරම් ලෙඩ්ඩුන්ට තේරෙන බසින් පැහැදිලි කරනවා...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න