Google+ Followers

Saturday, July 13, 2013

දිනපොත...ආයෙත්....

මේ දිනපොත ලිවිල්ලත්...වෙලාවකට හරිම අගෙයි...
සහන් කියලා තිබුන නේ හරි හුරතල් ලියවිල්ලක් කියලා...
අපොයි ..මේ වයසක මම හුරතල් ලියවිලි ලියන්නේ කොහොමද...?
( sahan...this is a joke...ok)
කොහොම හරි ඕපාදුප ටිකකුත් එක්ක ...වැදගත් කරුණු ටිකකුත් ලියන්නයි..මේ දිනපොත එන්නේ....

--------------------------------------------------------------------------

සඳුදා.....08.07.2013.


ඔන්න සඳුදා......කොහොමද ඉතින්....
වීක් එන්ඩ් එක කොහොමද...
මම නම් රෙදි සේදුවා..ඉව්වා...ටියුෂන් පන්ති ගියා..පොලේ ගියා...බලාගෙන යද්දී පැය 24 මදි....
සතියේ අනිත් දවස් වල මට මේ තරම් වැඩ නැහැ නේ...
කොහොම්ම හරි සඳුදා උදේ කියන්නේ ලෝක යුද්දේ වගේ නේ ...
ඒ මදිවට කෝච්චි ස්ට්‍රයික් එකක් ..අපිටමයි මේ සේරම...

බලාගෙන යද්දී...මේ ස්ට්‍රයික් එකත්...අපිවම කන්න ආපු එකක්....
මොකද ...මේ ස්ට්‍රයික් කරන මහත්වරු ඉල්ලන්නේ...පරිපූරක වෛද්‍ය සේවාවේ වැටුපලු නේ...(මහා ලොකු basic එකක් තියනවා නම් බැරිය...)
තර්කය.....මොකක්ද....
බදවාගැනීමෙදී...සමාන සුදුසු කම් වලින් ගැනීම....
මේක පුදුම රටක්...නේ...

තව ටික දවසක් ගියාම....අවුරුදු 5ක් ට්‍රේනින් ගත්තු ඕනෑම කෙනෙක්....වෛද්‍යවරයෙක් ගේ වැටුපත් ඉල්ලාවි...ඇයි ඉතින්..එක දේකින් හරි සමානයි නේ...

මම නම් කිව්වේ දීලා දාමු ..හැබැයි ඊට පස්සේ...අපිට රැ දැන් නොලැබෙන..OT..බටා...එහෙම අපිටත් ඉල්ලා ගම්මු කියලා...මොකද..අපිට හීනෙන් වත් රුපියල් ලක්ෂයකට එහා යන පඩියක් ලැබෙන්නේ නැහැ නේ...

හෙට ඉඳල මට කෝච්චියේ යන එක තහනම් වෙයි ද...?
මාව අඳුනන අය මගේ අනන්‍යතාවය හෙළි කරන්න එපා...

හවස යම යුද්දයක් කරලා..බස් එකේ ගෙදර ආවා.....
අනේ කෝච්චි වාසනාවන්...

----------------------------------------------------------------------------

අඟහරුවාදා  09.07.2013 


අදත් වැඩට ගියේ පෝලිමේ ඉදලා බස් එකකට ගොඩ වෙලා ..වැඩිත් වුනා..මගේ එහා පැත්තේ ඉන්න මල්ලි..හොඳටම නිදි..පව්..මගේ උරහිසටම වෙලා..
කාගේ වුනත් දරුවෙක් නේ..හෙමීට කතාකරලා කිව්වා...නැගිටලා..එහාපැත්තෙ හිටගෙන ඉන්න අන්කල් ට හේත්තු වෙලා නිදාගන්න කියලා...
මම එහෙමයි....

අද අපිට වැඩමුළුවක් තිබුනා...උදේ 8 වෙද්දී හොස්පිටල් එකේ ඉන්න කිව්වට මම යද්දී...8.30 යි....
කමක් නෑ..පටන් ගත්තේ 9 ට ...(ලංකාවේ වැඩසටහන්..ඔහොමයි නේ..)
අද තිබුනේ...අත් සම්බන්ධ අනතුරු සඳහා ප්‍රතිකාර..ඔස්ට්‍රේලියාවේ ඉඳල ආව වෛද්‍යවරයෙක් හා වෘත්තීය චිකිත්සක වරියක් තමයි මේ වැඩමුළුව පැවැත් වුයේ...
හුඟක් දේවල් නම් අපි දැනටමත් කරන ඒවා..තමයි..නමුත්..තවමත්..සුදු හැම ඇති කෙනෙක් කියලා දුන්නම අපේ අය..බලන්නේ අනේ අපි මේ මොකුත්ම දන්නේ නැහැ නේ..කියලා...
මම හදපු අත් පත්‍රිකාව තුල අඩංගු වුන කරුණු....වෘත්තීය චිකිත්සක නිලධාරිනිය එයාගේ වචන වලින් කිව්වා....
බලාගෙන යද්දී.....කොයි රටෙත්....එකම දේ තමයි...
මම මේ ලෙක්චර් එක හා සම්බන්ධ දේවල් වෙලාවක ලියන්නම්...වෙන පෝස්ටුවක...

දැනුවත් වීම ඉතාම වැදගත් නේ....මම අර කලින් ලිව්වා පෝස්ටුවක් මතකද...දැනුවත් වීම කියලා...අන්න ඒකෙත් කියන්නේ මේ වගේ දේවල් තමයි...

---------------------------------------------------------------------------
බදාදා 10.07.2013 




හ්ම්ම්ම්......කොහොමද ඉතින්...ඔන්න මම පෝස්ටු කීපයක් ලියන්න මුල පිරුවා...
ඒවා නම් එළි දකිද්දී ටිකක් කල් යාවි..ලෙඩ රෝග ප්‍රතිකාර ගැන ලියන එක මේ දිනපොත වගේ ලේසි නැහැ...scientific terms නැතුව සරල වචන හොයා හොයා ලියන එක ටිකක් අමාරුයි...

සහන්..නලින් ඇතුළු බොහෝ දෙනෙක් ගේ ප්‍රතිචාර සහ අදහස් දැක්වීම් වලින් මට ලැබෙනා දිරිය නම් කියලා නිම කරන්න බැහැ..

මම බ්ලොග් එකක් ලියන්න හිතුවේ මගේ මල්ලි ගේ(හසරැල් ගේ ) බ්ලොග් එක කියවලා ආසාවට...ඉස්සර ඉඳල ලියන ආසාව තිබුනට ....මේ වගේ නොදුටු වුනත්..හොඳ යාලු මිත්‍රයන් ගෙන් ප්‍රතිචාර ලැබෙන ක්‍රමයක් මම දැනගෙන උන්නේ නැහැ...

කොහොමත් දැන් මගේ ජීවිතයේ කොටසක් වෙලා..මේ බ්ලොග් ලිවීමත්..මේ ඔස්සේ අලුතින් දෙයක් කියවන්න...නැවත දෙයක් ලියන්න ..මම පෙළඹෙනවා...

ඒ දෙන දිරියට ස්තුතියි..ඔයාල හැමෝටම..



----------------------------------------------------------------------------

බ්‍රහස්පතින්දා   11.07.2013



කොහොමද ඉතින්....අද මම පොඩි නිවාඩුවක් දැම්ම....නිවාඩු කිව්වට මොන නිදහසක් ද...?
උදේ බ්ලොග් එක චුට්ටක් බලලා...වැඩ පටන් ගත්තු මට...ඔන්න දැනුයි..ආපහු එන්න ලැබුනේ..හිරු කියාපු පාර දිගේ...නෑදෑයෝ ගොඩක් ඇවිත් මගේ දිහාවේ.....සාදරයෙන් ආදරයෙන්..සහ හද පිරි ගවුරවයෙන්  ඔයාල හැමෝම පිලිගන්නවා...(ගවුරවය හරියට ලියන හැටි කියලා දෙන්නකෝ කවුරුහරි...නලීන් ...ප්ලීස්...ගයනු කිත්ත කොටන හැටි කියලා දෙන්නකෝ...)
උදේ නැගිටිද්දී 4යි...උයන්න ගියා...එක එලවලුවයි හැදුවේ ගෑස් එක ඉවර වුනා....හැමදාම හිතන් ඉන්නවා අමතර ටැංකි පොඩ්ඩක් ගන්න...ඒත්..ආයේ ඒක මතක වෙන්නේ ගෑස් ඉවර වුන දාටම තමයි...
ගෑස් එන්නේ 8 පහු වෙලා....මොකද කරන්නේ...පොඩි දෙන්නයි ස්වාමිපුරුෂයයි...නිවසින් යනකල් ඉඳලා...ඊයේ හොස්පිටල් එකේ ලයිබ්‍රරියෙන් ගෙනාව පොත කියවන්න ගත්තා...
හිත කීරි ගැහෙන කතාවක්...JAICY DUGUARD ගේ A STOLEN LIFE...සිංහල පරිවර්තනය...අනුල ද සිල්වා මහත්මිය...."සොරාගත් නිරුවත " 
ළමා අපචාර බහුල අපේ රටෙත් මේ වගේ දේවල් අනන්තවත් වෙනවා ඇති...කියවලා තියන අය මේ ගැන දන්නවා ඇති..නැත්නම්...හොයන් කියවන්නකෝ...

ජීවිතේ පොඩි වෙනසකටත් එක්ක ..කොන්ඩේට පොඩි RELAXING සාත්තුවක් කරගත්තා...ගෙදරදීම...
අර ක්‍රීම් එක ගාල මම කරට රෙද්දක් දාගෙන තමයි ඉතුරු වැඩ කලේ ...අපේ ජෙෆ්....(මගේ බලු සුරතලා...) මගේ දිහා බැලුවේ නිකම් කෝචෝක් තාලෙට...සුපර් මෑන් ද (වුමන් ද..) කියලා අහනවා වගේ...

---------------------------------------------------------------------


.සිකුරාදා..12.07.2013...
අද ඉතින් සිකුරාදා...සතියක් ඉවරයි...
මේ දිනවල මගේ රෝගියෙක් ඉන්නවා පොළගෙක් කාලා ඇවිත්...පොලොන් විසට ප්‍රතිකාර කරන්න යන අතරේ....heart attack එකක් ඇවිල්ල..දැන් මොළයට වූ හානිය නිසා..ආබාධිත වෙලා...

අපි අප අවට ලෝකය ගැන කොයි තරම් සංවේදී ද ...
ඒ සංවේදනයන් නොදැනුන දවසක..වෙන දේ ඔබට හිතා ගන්න පුලුවනිද..?
ඇහැට පේන්නේ නැති...
කනට ඇහෙන්නේ නැති...
දිවට රස නොදැනෙන ..
ස්පර්ශයක වෙනසක් නොහැඟෙන.....
ජීවිතයක්.....
මම හිතන්නේ..කවදාවත් බැහැ..හිතාගන්න වත්...
ඒත් ...එහෙම වෙන අය ඉන්නවා....

මේ වගේ රෝගීන් ගැන මම දවසක ලියන්නම්...

ඉතින්...සතුටු වෙන්න..අපි තාමත්..හැගීම් දැනෙන මිනිසුන් ලෙස ඉන්න එක ගැන...


ඔබට සුභ සති අන්තයක්...



40 comments:

  1. අදයි මේ බ්ලොග් එකට ආවෙ. වෙනස් බ්ලොග් එකක්. ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න...සාදරයෙන් පිලිගන්නවා...

      Delete
  2. මේ ටික කියවත්දි මමත් අතීතයට ගියා වගේ දැනුන , ලියවිල්ල සරළයි , සුන්දරයි . ඒ රස වැඩි කරනවා ඔබ එක් කරන පිංතූර ටිකෙන් , 
    ඔබේ උත්සාහය අගය කරමි. නැවත ඉඩ ලද විගස එමි , ඔබේ දින පොත කියවන්නට :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් ...
      සරල බව හැම විටම සුන්දරයි...

      Delete
  3. ඒ ඒ කොටසට නියමෙට මැච් වෙන පින්තූර හෙම දාලත් තියන්නෙ, :)

    අර මල්ලි පව් අප්පා.. ඉතින් අනෙක් පැත්ත හැරිල නිදා ගත්තද.. නැත්නම් නින්ද එපා වුනාද දන්නෙත් නෑ.. :)

    ReplyDelete
    Replies
    1. න..මල්ලි හොඳට ඇහැරලා ගියා ඊට පස්සේ..ඔයිට වඩා හොඳ කතාවක් තියනවා..දවසක මට වූ ඇබැද්දි ගැන පෝස්ටුවක ලියන්නම් කෝ...

      මට පෝස්ටු ලියද්දි ..නිකම් පාලුවට අකුරු විතරක් දකිද්දී කම්මැලියි වගේ..ඒ නිසා...පික්ස් හොයලා දැම්ම...

      Delete
  4. ශෝයි පින්තූර ටික අප්පා....

    ReplyDelete
    Replies
    1. ඇත්තද අප්පා..පෝස්ටුවත් කියවන්න...

      Delete
  5. මුලින්ම ගයනු කිත්ත යොදන්නේ දකුණත් ශිෆ්ට් එකත් එක්ක A කී එක එබීමෙන්. සිංග්ලිෂ් නම් ඔබ භාවිත කරන්නේ gau යෙදීමෙන් ගැටලුව විසඳාගත හැක. දැන් යමු දිනපොතට

    සඳුදා -:
    මාත් තාම වැඩට යන්නේ කෝච්චියේ. උදේම ස්ටේෂන් එකට ගියේ දුම්රියක් හෝ දෙකක්වත් යාවි කියන අදහසින්. ඒත් එකක්වත් නෑ. මලම පැනලා ගෙදර ආවා. ඩොංගලේ පිහිටෙන් ගෙදර ඉදන් කාර්යාලයේ වැඩ ටික කළමනාකරණය කරගත්තා.
    වැඩේ පටන් ගත්තෙම ස්ට්‍රයික් මහත්තුරු එක්ක මලෙන්. ඒ හින්දා තමයි මේකට මුල් වෙච්ච එවුන්ගේ මේ මස ලැබෙන්න නියමිත වැටුප් ටික හොයන්න ඕන කියන එක. ඒ විධානයන්ට අනුව පැය කීපෙකින් සේරම ලොක්කන්ගේ වැටුප් පත්‍රිකා මගේ තිරේ ඉදිරියේ.
    අවසානයේ වුණේ ස්ට්‍රයික් ලොක්කන්ගේ පැටික්කිරිය මෙන්න යනුවෙන් පොල්ගෙඩි සිරස්තලයකින් පත්තරේ මුල් පිටුවක් සැකසීම.
    ඒත් දුක හිතෙනම දේ වුණේ පහුවදා.. වැටුප් වාර්ථාව එළි කෙරුණු දුම්රිය රියැදුරෙක්(යෝජිත පයිලට්)බොහොම අනුකම්පාවෙන් මාව අමතමින් කියා හිටියේ දාපු විස්තර සේරම හරි ඒත් කරේ සුනඛ වැඩක් කියලයි. හේතුව හැටියට ඔහු කිව්වේ කවදාවත් ගෙදරට පඩිය කියලා තිබුණේ නෑ දැන් ඒක එළිවෙලා පවුලයි ළමයිනුයි ගියොත් ඒ වගකීම මට ගන්න කියලයි.මේ ගැන අද පෝස්ටුවක් ලියන්න හිටියත් පසුව මා ඒ අදහස අතහැරියා. ඔන්න ඒ කතාව මෙතන ඉතාම කෙටියෙන් කෙටුවා.

    ඉතිරි දවස් ටික - හිනි ටොකු ටික හරිම රසවත් හිත් නොරිදෙන අපුරුම ශෛලියකින් ලියල තියනවා.

    බ්‍රහස්පතින්දා - /JAICY DUGUARD ගේ A STOLEN LIFE...සිංහල පරිවර්තනය...අනුල ද සිල්වා මහත්මිය...."සොරාගත් නිරුවත "/ මේ පොතේ නේද එන්නේ කුඩා දැරියක් පැහැරගෙන ගොස් ඇයට දරුවන් දෙදෙනෙක් උපදිනකම්ම සිරකරගන සිටි කතාව. අන්තිමට ඒ දැරියගේ පියාත් ඒ පැහැරගත් තැනැත්තාම බව කියන කතාව නේද. මට මතක් වුණේ ඒ කතාව හරිටම මතක නෑ.
    අනුල ද සිල්වා මගේ පත්තරකලා දිවියේ කලෙක ගුරුවරියක්..
    අවසන ඔබ කියන /ඉතින්...සතුටු වෙන්න..අපි තාමත්..හැගීම් දැනෙන මිනිසුන් ලෙස ඉන්න එක ගැන.../
    මේ සටහනට හරිම කැමතියි.
    කැමතිනම් පමණක් කියන්න ඔබ දුමිරියේ යන්නේ කොයි ඉසව්වේ සිටද?

    ReplyDelete
    Replies
    1. ඔව් නලීන්..පොත ඒකම තමයි ....හරිම අනුවේදනීයයි...

      කෝච්චියේ වදෙන් තව ටිකකින්...හරි වැඩක් නේද වෙන්න යන්නේ...
      මම එන්නේ පුත්තලම් දුම්රිය මාර්ගයේ...මීගමුවට ආසන්නයෙනුයි...

      අර පයිලට් ගේ කතාවත් දාලා පොස්ටුවක් ලියන්න...

      මට මේ ආබාධ සහිත වූවන් එක්ක ඉද්දි..අපි කොයි තරම් වාසනාවන්තද කියලා හිතෙන වාර ගණන අනන්තයි..ඒත්..අපි තවමත්...දෙපා නැති අය දිහා බල බලා...නොලැබුන සපත්තුවලට අඬන මිනිස්සු....

      අර හෙලකුරු උපදෙසට ස්තුතියි...

      Delete
  6. අනේ පව් අප්පා අර මල්ලි.... ලැජ්ජ හිතුනද දන්නෙත් නෑ කොල්ලට.... හික්....

    සර්පයෝ දෂ්ට කරන ඒකත් ලේසි පහසු දෙයක් නෙමෙයි නේද....... අපේ අම්මවත් දවසක් සර්පයෙක් දෂ්ට කරලා දවස් 2කක් ඉස්පිරිතාලේ ඉන්න වුනා......පෙෂර් එක නම් වැඩි වුනා. වැඩි ආබාධයක් නම් වුනේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් සමනලී..සමහර සර්පයින් පමනයිලු නේ විස..ඒත් නිර්විෂ ප්‍රතිකාරයන් නිවැරදිව ලැබුනොත් ඒ හැටි අවුලක් වෙන්නේ නැහැ..නමුත්...හෙළ ක්‍රමය යටතේ නම්..විෂ නගින..බසින හෝරාවල් පවා වැදගත් ලු නේද..?

      Delete
  7. එහෙම හිතන්නත් එපා. හිත ඇතුළේ පොඩි ළමයෙක් ඉන්න නිසයි පෝස්ට් එකට පින්තූර උනත් එකතු කරන්නේ ඔයා..ඒ ගැන සතුටු වෙන්න ඕනේ මොනවා උනත්.. අනිත් එක බලන්න සිබිල් වෙත්තසිංහ ගැන , පුංචි ළමයි ටිකක් එකතු කරන් තාමත් කතන්දර කියලා දෙන හැටි..

    අපි හැමෝම ආසයිනේ ඒ මිහිර විඳින්න...දරුවෙක් උනත් හුරතල් කිරීම තුළ නැවත අපිත් වක්‍රාකාරව හුරතල් වෙනවා නේද ...?

    ReplyDelete
    Replies
    1. ඔයා හරි සහන්..මගේ හිත ඇතුලේ ඉන්නෙත් හරිම සුන්දර පුංචි ගැහැණු ළමයෙක්...ඇත්තටම....අපි ජීවිතේ විඳින්නේ ඒ හරහා...

      Delete
    2. @ නලීන්.....+++++++++++ මමත්....

      Delete
  8. ඔන්න මමත් නිත්‍ය සාමාජිකයෙක් වෙලා නොදැනුවත්වම. දැන් මේක මගේ බ්ලොග් රෝල් එකේ එල්ලලා තියෙන නිසා වහාම දැනගන්නවා පෝස්ට් එකක් දාපු ගමන්.

    අරක ගහන්නේ gau ගෞ කියලා.

    අපේ එවුන්ට සුද්දෙක් කිව්වොත් තමයි ඕනෙ දෙයක් හරි. උන් කියන්නෙත් අපි කියපු දේම තමයි. නමුත් හම සුදු නිසා උන් කියනදේවල් හරි convincing. හමත් හරි පිරිසිදු පාටයිනේ. අපේ හම් මොනවද? හරිම කිලු‍ටු පාටයි, ඒක නිසා කියන දේවල වුනත් තියෙන එච්චර විශ්වාසනීය භාවය අඩුයි. :D

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට හෙන්රි....
      සුද්දෝ තවමත් අපිට ගෞරව කරන වෙලාවල් තියනවා...
      එහෙම වෙන විදියට අපි වැඩ කරන්න ඕන නේද...
      ඇත්තටම..අපේ මිනිස්සුන්ගේ තියන පරාධීන මානසිකත්වය සහ තමන්ගේ හැකියාවන් හෙලා දැකීම තුල..අපි අපි විසින්ම පස්සට ගිහින්...

      මම මගේ උපාධියේ වැඩ කටයුතු සඳහා දින 20ක් පුත්තලම සහ කල්පිටියේ වැඩ කළා...ආබාධිත දරුවන් සමග..
      මගේ supervisor වුනේ ඇමෙරිකානු ජාතිකයෙක්...
      ඇත්තටම..ඔහු මගේ සේවය ඉතා ඉහලින් අගය කළා..ඒ වගේම ඉහල හැම තැනටම දන්වලා...ලොකු ප්‍රසංශාවක් ලබාදුන්නා...

      අපේ අයගේ නේද මේ වරද ඒ විදියට බලද්දී...

      Delete
    2. ඇත්තෙන්ම මම කිව්වෙ අපේ අයගේ ආකල්ප ගැන තමයි. සුද්දොත් එක්ක මට ඇති අවුලක් නෑ. මම දන්න හුඟක් සුද්දෝ down to earth. ඔය විදියට සුදු හමට විශේෂ ගෞරව සම්ප්‍රයුප්ත බියක් දක්වන්නේ අපේම එවුන්. :)

      Delete
    3. ඔව් henri..මමත් ඔයා කියන දේ අනුමත කරනවා...

      Delete
  9. අනේ කෝච්චි වාසනාවන්...//

    ආයිත් අහලා...

    අනිත් කතන්දර ටික ඔය කියලා තියෙන්නෙ කට්ටිය... මට අර පොතේ කතාව දැක්කම මතක් උනේ The Room පොත...

    ReplyDelete
    Replies
    1. මම ඒ පොත කියවලා නැහැ නේ හිරු...පොඩ්ඩක් පුළුවන් නම්...විස්තරයක් දානවද..ලියපු කෙනා..සහ සිංහල පරිවර්තනයක් තියේ නම් එකේ නම එහෙම..

      Delete
  10. ඔන්න හිරු කියපු පාරෙන් අපිත් ආව.මට හිතුන එව ඔක්කොම උඩ කමෙන්ට් වල තිබුන නිසා කෙටියෙන් කියන්නම් භෂාවයි පෙලගෑස්මයි නිස කම්මෑලිනෑතිව ආසාවෙන් කියවන්න පුලුවන්.ඔන්න් අපි දිගටම එනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම එන්න..මගේ භාෂා විලාසය අගය කිරීම ගැන තුති...

      Delete
  11. කෝච්චි ස්ට්‍රයික් එක ගැන නම් හිනා ගියා. ඊටත් වැඩියෙන් හිනා ගියේ නලීන්ගේ උනපූරණයට. ඔයාලා ස්ට්‍රයික් ක්‍රන කොටත් ඔහෝම තමයි. නලීන්ට පුලුවන්ද දන්නේ නෑ. ඔය සෞඛ්‍ය අමාත්‍යංශයේ තියෙන මාෆියාව ගැන සමීක්ෂණ වාර්ථාවක් ලියන්න. එතකොට එයාලගෙ පඩි ගැනත් පොඩ්ඩක් ලියන්න.

    කොහොම උනත්. මේක නෙතට මෙන්ම සිතටත් රස අඳුනක්..

    ReplyDelete
    Replies
    1. ග්ර්ර්ර්ර්ර්.....
      ලියයි...ලියයි...මාත් හරිම කැමතියි ඒක ලියනවා නම්...අපි ඉන්නේ කොතනද කියලා දැනගන්න ඕන මුළු රටම....
      හි.....ස්තුත්යි..රසඳුනක් කිව්වට...
      මගේ බ්ලොග් එකේ පින්තුර දාල තියෙන කොට රසඳුනක් තමයි නේද..?

      Delete
  12. සුද්දන් දැක සුද්දන් කිවුවලු.. අපේ රටේ අයියලාට තම අර යටත් විජිත මානසිකත්වයෙන් මිදෙන්න බැ. ඒකයි සුද්දන් උඩ දාන්නෙ. ඒකනෙ අපේ මිනිස්සු පිටරටවල වැඩ කරද්දි අපේ රටේ ඒ රස්සා වලට තඩි පඩි දීල සුද්දො අරං තියෙන්නෙ. එහෙම එකක් මටත් උනා. බහුජාතික සමාගමේ සුදු ලොක්කා මාව ලංකාවෙ එයාලගෙ පාලනේ යටතෙ තිබ්බ ලංකාවෙ ආයතනයෙ ප්‍රධානියා හැටියට ‍තෝර ගත්තා ඒත් ඒකෙම ලංකාවෙ කොටස්කාරයා ඒකට වල කපල පස්සෙ කාලෙක සුද්දෙක් ගත්ත. අර ආයතනය සංස්ථාගත කරන ලියවිලිවල හැටියට අවුරුදු පහකට පස්සෙ ලාංකීය කලමණාකාරිත්වයකට බාරදෙන්න ඕනෙ උනත් තාමත් ඉන්නෙ සුද්දෙක් !! එයට අඩම්බරයිනෙ එයගෙ කොම්පැණියෙ සුද්දෙක් එයාට රපෝර්තු කරනවයි කියන්න !!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.... මේ පරගැති මානසිකත්වය තියෙන තුරු අපි යටත් වැසියෝ නේද,,,?

      Delete
  13. හ්ම්ම්, සොරාගත් නිරුවත නං මට තාමත් කියවන්න බැරි වුණා. මේ ළඟ දී කියවපු සංවේදී පොතක් තමයි Forbidden Love (Norma Khouri) සිංහලට නගලා තියෙනවා "ආදරණීය ඩාලියා" නමින්. පුළුවන් නං හොයලා කියවන්න. ඒ වගේ ම Princess ලේබිකාවගේ නම නං මට දැන් මතක නැහැ. හුඟක් කාලෙකට කලින් කියෙව්වේ. සිංහලට පරිවර්තනය කරපු බවක් නං දන්නේ නැහැ මං. ඒ මම කියවපු හුඟක් සංවේදී කතා පොත් දෙකක්. පුළුවන් නං සති අන්තෙ දී කියවන්න. සුභ සති අන්තයක් වේවා!

    ReplyDelete
  14. මම ආදරණීය ඩාලියා කියෙව්වා...හරිම සංවේදී පොතක් ඒක..princess නම් මතක නැහැ..english එක හරි හොයාගන්න බලන්නම්..ස්තුතියි ධාරා...

    ReplyDelete
    Replies
    1. Princess පොතේ ලේඛිකාවගේ නම Jean Sasson. එහි ඇතුළත් වෙලා තියෙන්නේ සෞදි අරාබියේ රජ පෙළපතට නෑකම් කියන සුල්තානා නම් කුමරියකගේ කතාව! මේ පො‍ත "තටු සිදුණ කිරිල්ලී" නමින් සිංහලට නගා ඇති බව මගේ යාළුවෙක්ගෙන් දැන ගන්න ලැබුණා. පුළුවන් නං හොයා ගෙන බලන්න.

      Delete
  15. ධාරා නංගි...ඒ කතාව මම හිතන්නේ..තටු සිඳුණු කිරිල්ලී ...නෙවෙයි....කූඩු කිරිල්ලී...
    මම ඒ කතාවේ කොටස් තුනම කියෙව්වා....
    ඒ කතාවේ බොහෝ තැන දුක්බරයි..ස්ත්‍රීන්ට වෙන අසාධාරණකම් බොහොමයක් හරිම සංවේදී ලෙස එහි ලියා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔන්න මමත් ආවා මේ පැත්තට, මේකේ English එක කියෙව්වා.. ඒත් සමහර තැන් ටිකක් කම්මැලියි වගේ...ඒත් එහෙ මිනිස්සුන්ගේ ම්ලේඡ්ච කම නම් හොදටම තේරෙනවා..

      Delete
    3. english එකට වඩා සිංහලට හරවද්දී ඒ වගේ කම්මැලි තැන් මගහරින්න අපේ පරිවර්තක වරු දන්නවා....එහෙම නේද...?ඔය කියන දේ හරි නදිනි..ස්ත්‍රීත්වයම අවාසනාවක් ලෙස සලකන මිනිසුන් එහි ඉන්නේ...

      Delete
    4. ආවට ගොඩක් ස්තුතියි නදිනි...දිගටම එන්න...

      Delete
  16. මට සමහරක් පෝස්ට් මග ඇරිලා . මුල ඉදන් බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. අග සිට මුලට ගියත් කමක් නෑ අටම්....
      හැබැයි අන්තිම හරියේ පොස්ටු දෙක තුනක් combine ඒවා තිබුනා...

      Delete
  17. අක්කගේ ඉට්ටැයිල් එකට මං කැමතියි.. පස්සේ එන්නං.. (මල්ලි නං නපුරා.) හැක්

    ReplyDelete
    Replies
    1. ඔයා එක්ක හසරැල් අවුල් ද..?හිහිහි...
      අනිවාර්යයෙන් ඇවිත් කියවන්න...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න