Google+ Followers

Monday, July 8, 2013

දිනපොතෙන් සතියක්....

ගිය සතිවල නොලියපු දිනපොත අද ලියන්න හිතුනා...

අද සෙනසුරාදා නේ...සතියක දේවල් කටුසටහනක් ගහලා මතකයේ තියන් ඉඳලා...ලියන එකත් ලේසි පාසු වැඩක් නොවෙයි..

වයසට ගියත් මතකය තවමත් නරකම නැහැ ....

ඉතින් මේ මගේ දින සටහන් ..











සඳුදා....01.07.2013 



පුරුදු විදියටම සඳුදා උදේ කෝච්චි සටන ඇරඹුනා....සඳුදා උදේ සෙනග ටිකක් වැඩියි නේ..මම කොහොමත් මීගමුවට ආසන්නයෙන්ම නගින නිසා පොරකාලා නැගලා සීට් එකක් අල්ලා ගන්නවා...

මගදී ..මගේ යෙහෙළියකට සීට් එක දීලා ඉතුරු ටික හිටගෙන යනවා...
මේ විදිය කෝච්චි වල යන අය සාමාන්‍යයෙන් කරන දෙයක් නේ...

ඔන්න ඉතින් පුරුදු ලෙසම මගේ මිතුරිය නැග්ගම මම සීට් එක දීලා හිටගත්තා..

ජා ඇල හරියට එද්දී..මගේ මිතුරිය අහනවා...."අර ඉන්න ගැහැණු ළමයා ප්‍රෙග්නන්ට් ද "කියලා...
මමත් බැලුවා...කොහොමත් ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් සීට් එක දෙන එක අපේ යුතුකමක් නේ...

ගැහැණු කෙනෙක් නම් ඉන්නවා...උඩට අන්දපු බ්ලවුස් එක දිහා බැලුවම බඩකුත් වගේ පේනවා..ඒත්.ඇඳලා ඉන්නේ ඩෙනිම් කලිසමක්...ටයිට් ඩෙනිමක් ....

සීට් එක දෙන්න කතා කරලා බැනුම් අහන්න වුනොත්...කියලා සද්ද නැතුව උන්නා අපි දෙන්නම...කොහොම හරි රාගමින් බැස්සම මේ ගැහැණු කෙනාත් බැහැලා බැන..බැන යනවා මුළු කෝච්චියටම...

ඇත්තටම ..කාගේද වරද...අපි කතා වුනා...දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් ගේ තියන මාතෘ පෙනුම ...කෙනෙකුට හඳුනා ගන්න තියන එක සංකේතයක් තමයි..ගැබිණි සමයේදී අඳින ඇඳුම...
ඉස්සර දරුවෝ ලැබෙන්න හිටපු කාලේ...(මීට අවුරුදු 10 කට විතර එහාදී)...අපි ඇන්දේ ඒ වගේ ඇඳුම්...බෝරිච්චි අත් දාලා...මල් ඇප්ලික් කරලා..තිබුන ඒ ඇඳුම් දැක්කම හරිම ආසයි..දණහිසෙන් දිගට අන්දපු ඒ ඇඳුම් නිසා කවදාවත් බඩ ලොකු වෙද්දී වත් අසංවර..අප්‍රසන්න පෙනුමක් ආවේ නැහැ..

ඒත්..දැන් අඳින්නේ එක්කෝ..මම ඉහත කියපු වගේ ඇඳුම්..නැත්නම් කොටම කොට ගවුම්..
මේ විප්‍රකාර දැක්කම මිනිස්සු සීට්දෙයිද...?

ඔන්න..සඳුදා...වෙච්ච එක සිද්දියකින්...දිනපොතේ පිටුව පිරුනා....








අඟහරුවාදා.....02.07.2013 



ආහ්හ්.....කොහොමද...බලමුකෝ පැය 24 ක් ගෙවුන ඉක්මන...
ජීවිතේ ...ගතවෙන්නේ රෝහලේමයි..නිවාඩුවක් දාපු දවසක් මතක නැහැ....
නිකම්..හේතුවක් නැතුව නිවාඩු අරන් මොකටද..?

මේ දවස් වල ටිකක් බරපතල ලෙඩ්ඩු දෙතුන් දෙනෙක් ඉන්නවා..වාට්ටුවේ...

එක්කෙනෙක්...පොළගෙක් කාලා...ඊට පස්සේ ආව ස්නායු ආබාධයක් නිසා....දැඩි සේ ආබාධ වූ කෙනෙක්...පව් කියලා හිතෙන්නේ...ඔහු කලක් හමුදාවේ සේවය කල කෙනෙක්...
අත් පා ආදිය සේරම ඇඹරිලා වකුටු වෙලා ඉන්න ඔහුව දිග හරින්න තනිවම නම් බැහැ...

අනිත් කෙනා...දෙදරු පියෙක්...ලොරියක් පදවා ගෙන යද්දී..නින්ද ගිහින් ගසක හැපිලා...මොළයට හානි වුන කෙනෙක්...එක කකුලකුත් කපලා ඉන්නේ....කතා කරන්නත් බැහැ...

ඒත්...ප්‍රතිකාර සඳහා ආවාම ඇස හා අත් භාවිතා කර ඔහු සන්නිවේදනය කරන හැටි දුක හිතෙනවා...

මිනිස්සු...එක් දවසක් තුල..ජීවිතයේ කොයි තරම් දේවල් වලට කා වැටෙනවද...?

ඒත්..මේ මිනිස්සු යදින්නේ...ජීවිතයයි....




බදාදා ....03.07.2013 





මගේ සමීපතමයෙක්...ඊයේ මට ඡයා රූපයක් එවලා තිබුනා...ඒක පල කරන්න බැහැ..මොකද ඒ දෙන්නා ජීවතුන් අතර ඉන්න අදටත් මට..ඔබට මගදී මුණ ගැහෙන අන්ධ යුවලක් නිසා..
ඇත්තටම ඒ රූපය හරිම භාවාත්මකයි...ඇස්දෙක නොපෙනුනත්..රෑ කෝච්චියේදී මුහුණින් මුහුණ බලන් ඉන්න මේ දෙන්නගේ මුහුණේ පිරිලා තිබුනේ..ආදරය..පමණයි....
මම එය දුටුවේ පින්තුරයෙන් වුවත්..මට එය එවූ කෙනා සජීවීව දැකලා තිබුනා....
ඔහු මගෙන් මේ රූපය සමග අසා තිබුනේ..එක දෙයයි...
ඒ "is love blind..?" කියලා..

මේ ඔස්සේ දීර්ඝ සංවාදයක යෙදුනා අපි...

මට ඒ ඔස්සේ හැඟුණ දේවල් මම වෙන පෝස්ටුවක ලියනවා....
මට හුගාක් සින්දු අතරෙන් මතක් වුනේ ....
අමරදේව මහත්මයාගේ...ආදරයද මේ...සිංදුව....

"සිත් දැහැනේ වෙලී තිබුණ..
නෙත් දැහැනේ ගලා හැලුන
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...
හිරු රහසේ කියාදුන්න
ආදරයද...මේ ..."








බ්‍රහස්පතින්දා....04.07.2013 









සතියකුත් ඉවර වෙන්න ලඟයි...ජීවිතේ ගලා යනවා...සමහර වෙලාවට හරිම කලකිරීමක් දැනෙනවා...
මගේ ළඟ ලොකු බලාපොරොත්තු නැහැ...ඒත්...
දැන් මොනවා හරි කරන්න ඕන කියලා හිතෙනවා,,,ගිය අවුරුදු දෙකම ඩිග්‍රී එක නිසා ගත වුනා නොදැනීම..
දැන් ඉගන ගන්න දේකුත් නැහැ...කරන්න දේකුත් නැහැ..
කවියක් ලියලා ..පොතක් කියවලා..මල් පැලයක් හිටවලා ...කාලේ මරාගත්තට 
මේ ඒකාකාරී බව නිවාගන්න බැහැ නේ...

හවස බස් එකේ එනගමන් දැක්ක දෙයක් ගැන...ලියන්න හිතුනා..

සදාචාරය ගැන නම් අනේ මන්දා...
මට දැනුනේ...බුදුහාමුදුරුවෝ දේශනා කල එක දෙයක්....

කෙනෙකුට..ලබාගත හැකි අමාරුම දෙයක්...තමයි..මනුස්සයෙක් වෙලා උපදින එක...


අද මම ආව බස් එකට නැග්ග කෙනා ගැහැණු ද පිරිමි ද කියලා මට හිතාගන්න බැහැ...

සමහරු ව්‍යවහාරයේ...යම් නමකින් හඳුන්වන ආකාරයේ කෙනෙක්..
ඇඳුමින් පැළදුමින් කාන්තාවක් වගේ වුනත්...පිරිමි ලකුණු මුහුණේ තිබුනා...

ජීවිතයේ අභාග්‍යය තමයි....නේද...?

ඒත්...තමන්ගේම ෆැන්ටසියක තනි වෙලා ඔහු/ඇය....අනිත් අය ගැන නොහිතා ගමන ගියා...


සිකුරාදා 05.07.2013 



අම්මෝ...සතියක් ගියපු ඉක්මන...
දිනපොතක් ලියන එකත් ඒ හැටිම ලේසි නැහැ...නේද...
ලබන සතියේ batch trip එක යනවා...අම්බුළුවාවෙලු...
අද batch photo ගත්තා...
සුදු ඇඳන් photo ගන්නවා කියන එකත් ලේසි නැහැ ...

මට අද සිකුරාදා ලියන්න දෙයක් ඇත්තෙම නැද්ද...?



ම්හු...මතකයට එන්න දෙයක් නැහැ....


සුබ සති අන්තයක් වේවා....






37 comments:

  1. හරිම හුරතල් සටහනක් .... ( ඇතුලාන්තය කෙසේ වෙතත් දින පොතේ ) මට ඔයාගේ පෝස්ට් ගොඩක් මග ඇරිලා ...ඒ දේවල් ටික හෙමීට බලන්න ඕනේ අක්කේ...

    ReplyDelete
    Replies
    1. ඔයා මොකද මේ පැත්තේ නැත්තේ කියලා මම ඒත්... හිතුවා...

      Delete
  2. සුබ සතියක් වේවා ඔබටත්.
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. සුබ සතියක් නලීන් ...

      Delete
  3. එන්නේ නෑ කියලා බැන්නනේ... ඔන්න ආවා... සංවේදී දින සටහන් පෙලක්. ඇත්තටම ආදරය අන්ධයි ද?

    ReplyDelete
    Replies
    1. බනින්නේ නැතුව කොහොමද,,,
      ප්‍රදීප්....ආදරය අන්ධයි ද ඇහුවා නේද..?
      මගේ වයසට එනකොට නම්..ඇස්දෙක ඇරිලා..ආදරේ ගැන...හිකිස්...

      Delete
  4. මාතෘ ඇඳුම් ගැන කතාව නම් ඇත්තමයි... සමහර අය ගැන හිතාගන්න බැරිකමට සීට් එක නොදී ඉන්න වෙලාවලුත් තියෙනවා... කවුද වැරදි ඉතිං...

    සිකුරාදට තියෙන්නේ ගෙදර යන කල්පනාවම නිසා ඇත්තටම සිකුරාද දවස සිදුවීම් අඩු දවසක් තමයි... හි හි

    ReplyDelete
    Replies
    1. මම නම් හිරු සතියේ දවස් 7ම ගෙදර තමයි...ඒත්..සිකුරාදා වෙද්දී...මොකුත් වෙලා නැහැ නේ...එකයි..හි..හි...

      Delete
    2. හිරු.....ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා....ගෙදර ඇවිත් බ්ලොගේ බැලුවම...ඔයා පෙන්නපු පාර දිගේ ගොඩක් අය ඇවිත්....
      මගේ හදවතේ හොඳම තැනකින් පිදෙන තුති....

      Delete
  5. ගර්භනි අයගෙ ඇඳුම නම් හරිම ප්‍රෂ්නයක් තමයි ඔහොම අවස්ථා වලදි. එක්කො ඒ අය දැන ගන්න ඕන සීට් එකක් ඉල්ල ගන්න.

    //වයසට ගියත් මතකය තවමත් නරකම නැහැ ....// 65 යි කිව්ව නේද ? 65 ත් වයසක් ද අනේ... :D (කාන්තා පර්ශවයත් එක්ක වයස ගැන විහිලු කරන්න ගිහින් ගුටි කන්න වෙයිද දන්නෙත් නෑ කමක් නෑ මේ දවස් ටිකේ මං වැඩිය බ්ලොග් පැත්තෙ එනව අඩු නිසා, මොකට බය වෙනවද) :D:D

    ReplyDelete
    Replies
    1. චන්දන...life insuarance එකක් එහෙම තියද..?
      අපෝ..මම නම් 65 වෙනකල් ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ...60වෙද්දි ටක් ගාලා..ගියොත් ඒක තමයි ලොකුම දේ...
      මම සාමාන්‍යයෙන්..විහිලු පත්තියම් වෙන ජාතියේ කාන්තා පාර්ශවයට අයත් කෙනෙක් නිසා...බය වෙන්න එපා....
      ඇත්තටම මොකද දැන් වැඩිය පේන්න නැත්තේ...?

      Delete
  6. අප්පට සිරි මෙච්චර දවසක් එන්න බැරි වුනු මාර පොත එකක්නේ. හිරු පෙන්නපු පාර දිගේ තමයි ආවේ,එහෙනම් මීට පස්සේ එන්නම්කෝ දිගටම.

    ReplyDelete
    Replies
    1. එන්න...එන්න...ඔයාගේ නම දැක්කම..මට අර ඉවාන් පවුලූශා....සින්දුව මතක් වුනා....ඒක කියන අප්සරා අක්කා..අපේ ඉස්කෝලේ අක්කා කෙනෙක්...

      Delete
    2. ඒ අප්සරා නම් 38 කට වැඩි නැහැ ...

      Delete
    3. අප්සරා අක්කා..මට වඩා අවුරුද්දක් වැඩිමල්....එයා 1972...ඔයාට දැන් වයස හදාගන්න පුළුවන්...

      Delete
  7. හිරු අක්කා (හිරු නැති හෝරාවේ) කියපු පාර දිගේ තමයි මෙහෙට ගොඩ වුණේ. ලස්සණ කතා ගොඩක් තියෙන බ්ලොග් එකක් වගේ. පරණ කතා ටිකත් හෙමින් සැරේ කියවන්නංකෝ.
    මේ පෝස්ට් එකත් සුපිරි යි! සරල ව ලියලා තිබුණත් ගන්න හුඟක් දේවල් තියෙනවා, අක්කේ. අර ගැබිනි මව්වරුන්ගේ කතාව නං ඇත්ත ම ඇත්ත තමයි. ඇඳගෙන යන ඇඳුම් දැක්ක ම ඉපදෙන්න ඉන්න දරුවා ගැන දුකක් ඇති වෙන්නේ. ආදරය ගැන කියනවා නං ආදරේ අන්ධ නැහැ. ඒත් මිනිස්සු ඒක අන්ධ බව ඔප්පු කරන්න හදනවා. තේරුම් ගැනීම + විශ්වාසය + ආදරය වෙන තැනක ආදරේ අන්ධ වෙන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. ධාරා නංගි..ඔයාටත් ගොඩක් ස්තුතියි ආවට...දිගටම එන්න..මට හරිම සවියක් මේ කොමෙන්ට්...
      ආදරය අන්ධයි කියන කතාව ගැන...ගොඩාක් ලොකු කතාවක් තියනවා නංගි...දවසක පෝස්ටුවක ලියන්නයි හිතන් ඉන්නේ...

      Delete
  8. හිරු කියපු පාර දිගේ ආවේ.

    ReplyDelete
    Replies
    1. ඔයා මාතර නේද...?
      මාත් මාතර...
      දිගටම එන්න නංගි...

      Delete
  9. අනේ මටත් ඔය ප්‍රශ්නෙම වෙනවා. සමහර වෙලාවට හිතා ගන්න අමාරුයි ගර්භණි කෙනෙක්ද නැද්ද කියල. ඉස්සර වගේ සුදුසු ඇදුමක් අන්දනම් අහවරයිනේ....

    හිරු අක්ක කිව්ව පාර දිගේ මේ පැත්තට ආවේ....

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක ෆලෝ කරන්න බෑනේ.... මට විතරද දන්නේ නෑ එහෙම කේස් එකක් තියෙන්නේ. පොඩ්ඩක් බලන්න.

      Delete
    2. අනේ මම ඇයිද දන්නේ නැහැ..නංගි..ෆලෝ කරන්න බැරි මොකද කියලා...
      මට ඒකට මොකක්ද කරන්න ඕන කියලා..තේරෙන්නේ නැහැ...චන්දන හරි සහන් ගෙන් හරි අහන්නම් බලන්න...

      Delete
    3. ආවට ස්තුතියි හොඳේ...

      Delete
    4. ආහ්.... දැන් හරි. ඉස්සෙල්ල මොකක් හරි අවුලක් වෙන්න ඇති...... :)

      Delete
  10. හිරු දික් කල අත පැත්තෙන් ඇවිත් එබුනා. ඇවිත් ඔක්කොම කියවන්න ආසාවක් ඇති උනත් අද කෝ වෙලාවක් ? ඔන්න් මගෙ කඩමල්ලෙ එලාඅ ගත්තා හෙමීට එන්නංකො..

    ReplyDelete
    Replies
    1. හිරු ට ආයෙත් ස්තුතියි...සරත් අයියා දිගටම කියවන්න එන්නකෝ...

      Delete
  11. අයියෝ මේ ගූගලයා පිස්සු කෙලිනවානෙ එල්ලන්න දෙන්නෙ නෑ. මෙන්න කියන එක..

    We're sorry...

    We were unable to handle your request. Please try again or return a bit later.

    ReplyDelete
    Replies
    1. අනේ ඒ මොකද....මට නම් තේරෙන්නේ නැහැ...

      Delete
  12. පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. දැන් ඔයාගේ ආච්චි අම්මට, ඔයාගේ අම්මව හම්බවෙන කාලෙත් ඇඳන් උන්නේ ඔයා ඇඳන් උන්න ඇඳුම්ද. ඔයාගේ ඇඳුම විකාරයක් වගේ පේන්න ඇති ඔයාගේ, ආච්චිට. ප්‍රෙග්නන්ට් කියලා තේරෙනවනම් සීට් එක දුන්නා නම් අහකයිනේ. මට නම් ප්‍රෙග්නන්ට් වෙන්න ඕන නෑ. කාන්තවක් නම් සීට් එක දෙනවා. ඇත්තටම මම එහෙම දෙන්න ඕන නෑ. මොකෝ මම සම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි ඉන්න කෙනෙක්. නමුත් අපේ සංස්කෘතියක් තියෙනවා කියලා කියනවනේ..

    ලිවිල්ලනම් පියෝ එළකිරි...

    ReplyDelete
    Replies
    1. අනේ ප්‍රියන්ත...මම එහෙම හිතන් කිව්වා නෙවෙයි..අන්තිමට ප්‍රෙග්නන්ට් නැතුව සීට් දෙන්න ගිහින්..සමහරු රවලා තියනවා නේ...
      ඔයාට කියන්න..මම ප්‍රෙග් කාලේ..සාරිය ඇඳන් බස් එකේ හිටගෙන ඇවිත් තියනවා...අම්මෙකුයි පුතෙකුයි ඉන්න තැනක...
      පුතා මට සීට් එක දෙන්න හැදුවම..අම්මා කිව්වා දේ දන්නවද...ඔන්න ඔහේ හිටපන්...අපි විතරය මේකේ යන්නේ කිව්වා,....හිකිස්...
      ඇත්ත...අද කාලේ පිරිමියෙක් සීට් දුන්නත් ගැහැණු අය නම් දෙන්නේ නැහැ...(මම නම් විචිකිච්චාවක් නොආව ඕනෑම තැනකදී දෙනවා..හැබැයි..මාත් වයසක මනුස්සයෙක් නේ...ඉතින්..සීට් දෙද්දී දෙපාරක් හිතලා බලලා තමයි දෙන්නේ...)

      Delete
  13. මමත් හිරු පෙන්නපු පාර දිගේ ආවේ. දිගටම කියවන්නයි අදහස. ලියවිල්ල සිත්ගන්නා සුළුයි. කළු සුදු වුනත් ප්‍රොෆයිල් පික්චර් එක නම් පාට පාට!

    ReplyDelete
    Replies
    1. දැක්ක ලස්සනම ප්‍රෝෆයිල් පික් එකක්..

      Delete
    2. Henry....මගේ කලින් පප්‍රොෆයිල් පික්චර් එකට මම දැම්මේ..කලුයි සුදුයි මල් පොකුරක්....
      කලුයි සුදුයි...අතරේ ගොඩක් පාට තියනවා...මගේ අදහස් ඒ වගෙයි කියලා මට හිතෙනවා...
      මේ හැම වර්නයක්ම එකට එකතු කලොත් හැදෙන්නේ...කළු පාට ...
      පාට පාට අදහස් එකතු කරන්න හිතුනාම..මට හිතුනා මේ පික් එක ගැලපෙනවා කියලා...

      Delete
    3. ප්‍රියන්ත.....මටත් මේකේ අමුතු ගතියක් දැනුනා....

      Delete
  14. මාර සතියක්නේ...
    අර ගෑණු කෙනාගෙත් වරද.. ඒ ඇඳුමට බඩ ලොකුද කියල පේන්නෙ නෑනේ.. කියල ඉල්ල ගන්න ඕන එහෙනම්...
    මටත් ඔහොම සිදුවීමක් උනා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත යසිත්...මේ කතාවේ උන්න ගැහැණු කෙනාත් රව රවා හිටියා මිසක ..ඉල්ලුවේ වත් නැහැ...
      ඔයාගේ පෝස්ටුව කියෙව්වා...කොමෙන්ට් එකකුත් දැම්මා...බලන්නකෝ..

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න