Wednesday, July 24, 2013

සුන්දර වූ ආරණ්‍යයක්....

සති අන්තයේ ඉරිදා දවස ගැන මම වෙනදා ලියන්නේ නැහැ...
ඒත් පසු ගිය 14 වැනිදා ඉරිදා ..අපි ගියා පොඩි ගමනක්..

අපි කිව්වේ අපේ බැච් එකේ අය...
කොහොමින් කොහොම වුනත් ...ලාහට ගෙම්බන් එක් කිරීමේ ක්‍රමය යටතේ එකතු වූ...10ක් පමණයි අන්තිමට මේ ගමන ගියේ...
(බැච් එකේ මුළු ගණනත් 19යි ..ඒ හන්දා බාගෙකට වැඩි දෙනෙක් ගමන ගියා...)
ඊට අමතරව අපට උගැන්වූ සුදු ජාතික කථිකාචාර්ය වරියත්..පාටමාලාවේ secretaryත් ගමන ට ආවා..

(මහාප්‍රාණ ට යන්න ලියන විදිය කියාදෙන්න..කවුරුහරි...)

කොහොම හරි ගමන ප්ලෑන් කලේ අම්බුළුවාවේ යන්න...නුවරට ගිහින්...නුවර කිව්වට මේ පිළිමතලාවේ...අපේ යාලුවෙක් ගේ ගෙදරට ගොඩ බැහැලා...ඒ ගමන් ම අම්බුළුවාවේ යන්නයි..සුදානම තිබුනේ..

ලාංකිකයන් වශයෙන් වෙලාවට ගමන් බිමන් යන්න අපි දක්ෂ නිසාම....පිළිමතලාවේ අපේ යාලුවා ගේ ගෙදරට යනකොටත්..දවල් 11.30 යි..
ගෙදරට ගිහින් බීම එකක් කාරිය බීලා.....අම්බුළුවාවේ යන කතාව කිව්වම..එහෙ අය කියනවා..."  පිස්සුද දැන් අම්බුළුවාවේ ගිහින් ..කීයට එන්න ද ..ඔයාලා ආපහු කොළඹත් යන්න ඕන කිව්වා නේ..ගොඩක් රෑ නොවී..."  කියලා....

හා..හා..පුරා කියලා..යන්න උන්න ගමන  ඔන්න ඔහොමයි..කඩාකප්පල් කරගත්තේ අපි විසින්ම...

ඒ ගමන එහෙ ගෙදර අය..අපේ බෙරි වුන මූණු ටික දැකලා...කිව්වා..ඔයාලා කැමති නම් මේ ළඟ තියනවා ..රණවන කියල පුරාණ පන්සලක්...එහෙ යන්න කියලා....

කමක් නෑ කියලා...ඔන්න කට්ටියම වෑන් එකට ආපහු නැග්ගා....
පිළිමතලාවේ ඉඳලා...නුවර පැත්තට යද්දී...රේල් පාර මහාමාර්ගය හරහා යනවනේ....අන්න එතන පැනපු ගමන් වම් අත පැත්තට පාරක් තියනවා..ඒ තමයි රණවන රජමහා විහාරයට යන පාර....

ඇත්තටම ගමන ගියාම නම් හිතුණා...අපි ආවේ හරිම සුන්දර තැනකට කියලා...


මේ බෝඩ් එක දැක්ක ගමන් නම් මට ඒ තරම් පැහැදීමක් ආවේ නැහැ..පොඩි කෘතිම බවක් තිබුන නිසා...ඒත්..ඉතින් මේ පන්සලට ඇතුළුවන තැන ඉඳන්ම...ඒ හැගීම නැති වුනා...

පන්සලට ඇතුළු වන තැනම තියෙන්නේ අපූරු තොරණක්..මකර තොරණක් වගේ වුනාට මේකේ ඉන්දියාවේ සාංචි වල ආභාෂය තියන බව සඳහන් වී තියනවා..



ගම්පොල යුගයේ රජකම් කල 4 වන බුවනෙකබාහු රජතුමා විසින් තැන වූ බව කියවෙන මේ වන පුදබිම...ලෙන් විහාර දෙකකින් සමන්විත වෙනවා...

එයින් එක විහාරයක සමාධි සුවයෙන් වැඩ සිටින බුදුන් වහන්සේ ගේ ප්‍රතිමාවක් ඇති අතර...එහි වහල ඉතා සුන්දර බිතු සිතුවමින් යුතු වෙනවා..



මේ සියල්ලම මගේ ෆෝන් එකේ කැමරාවෙන් ගත්තු ඒවා නිසා..ඒ තරම් පැහැදිලි නැද්ද මන්දා...

පුද බිම පුරාවටම තියෙන්නේ සොබා දහම සමග සබැඳුනු අසිරියක්...වනයේ ස්වභාවික අසිරියට හානි නොවන සේ නිර්මාණය කර ඇති බුද්ධ චරිතයේ සහ..ජාතක කතාවල විවිධ අවස්ථා...වගේම..ශ්‍රී ලංකික ඉතිහාසයට අදාළ යම්යම් පුවත්...මෙහි දැක ගත හැකියි...



මේ තියෙන්නේ ඒවායින් සමහරක්...


සිරිසඟබෝ රජු හිස දන් දුන් අවස්ථාව...



ඒ වගේම මේ පුදබිමේ ඇති තවත් විශේෂත්වයක් තමයි..අට විසි බුදුන් වහන්සේලා පිට දුන් බෝධීන් වහන්සේලා සමගම නිර්මාණය කර තිබීම...



මෙම වන සෙනසුන ...ස්වභාව ධර්මයට අනුගත වූ තැනක්...මම මේ පරිසරයට පුදුම විදියට බැඳුනා...
මුළු පරිසරය පුරාම තියෙන්නේ..පුස් වැල්..ගස් වටා ඇදී යමින්...


අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා කැලය මැද අඹපු හැටි නම් හරිම පුදුමයි..



මේ සියල්ලටම වඩා මගේ නෙත ගිය පිළිමය තමයි මේ...
කැලය මැද්දෙන් මේ පෙනෙන රුව..සසරේ අනියත බව මොනවට පසක් කර දෙනවද...



මීට අමතරව..බොහෝ නිර්මාණයන් මේ වනය තුල තිබෙනවා...පොඩි අයව එක්කගෙන ගියා නම් කොයි තරම් හොඳද..කියලා මට හිතුණා..

මොනවා වුනත් හිතට අමාරු..අපේ මිනිස්සු..මේ පුදබිම පවා...විනාශ කරන අයුරුයි..තැන තැන දමා ගිය පොලිතින් කවර,..හිස් වතුර බෝතල් නම් මෙහිත් එමටයි..නමුත්..පුදබිම භාර ස්වාමින් වහන්සේ ගේ අනුදැනුම යටතේ මේවා පිරිසිදු කරන අයවත් අපි දැක්කා...

අපි සාමාන්‍යයෙන් පන්සලක දකින්නේ ..බෝධීන් වහන්සේ..ඇසතු බෝධිය නේ...
ඒත් මෙහි..ඇසතු බෝධිය සහ නා බෝධිය යන දෙකම එකටම පිහිටා තිබෙනවා...



ඉතින් මේ ගිය ගමන ගැන නම් හිතට දැනුනේ පුදුම සතුටක්..අම්බුළුවාවේ නොගිය එක ගැන දුකක් තව දුරටත් අපිට තිබුනේ නැහැ...

පුළුවන් නම්..ඉඩක් ලැබුනම ගිහින් එන්න...



මේ පන්සලෙන් එන්න කලින් ..මගේ ඇසට අසුවුන ඈත ඉසව්වක්...



අපේ රට කොයි තරම් සුන්දර ද....නේද...

25 comments:

  1. බොහොම ස්තූතියි දැණුවත් කිරීමට. යන්න නම් කොච්චර තැන් තියෙනවද? මට නම් ලංකාවේ සිත් ගත්ත පැත්ත තමයි නකල්ස් කඳු වැටිය.

    ඨ = Capital "T" and simple "a"

    ReplyDelete
    Replies
    1. ඔව්...ප්‍රියන්ත ..ඒ වගේම තමයි නමුණුකුල කඳු පාමුල ප්‍රදේශය...හරිම ලස්සනයි..

      ස්තුතියි අර අකුරට...

      Delete
  2. යන්න වටිනා තැනක්, ලිස්ට් එකට දාගත්තා. ස්තුතියි දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම යන්න...හැබැයි..නුවර..පේරාදෙණියේ යන ගමන් ම යත හැකි....

      Delete
  3. අගනා ම සංචාරක සටහනක් බොහොම ස්තුතියි..

    Tha කැපිටල් T සමග ha භාවිත කරන්න

    ReplyDelete
    Replies
    1. T සමග ha ටයිප් කලාම ආවේ ථ....මට අවශ්‍ය මහාප්‍රාණ ට යන්න...ඒක ගන්නේ කොහොමද...

      Delete
    2. ඔයා භාවිතා කරන කන්වර්ටරය මොකක්ද ? බොහොමයක් ඒවයෙ Ta මගින් පහප්‍රාණ "ඨ"යන්න ගන්න පුලුවන්.

      Delete
    3. ඉස්කෝල පොත කියලා එකක්...

      Delete
  4. ලස්සන තැනක්.. ස්තුතියි අපිටත් කිව්වට. ඒ පැත්තෙ ගියොත් යන්න පුළුවන් නෙ දැනගෙන හිටියම.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම යන්න චන්දන..ඔයා ගියොත් නම් මට වඩා හොඳට මේ ගැන ලියාවී...

      Delete
  5. පාඨමාලාව මම නම් ලිව්වේ සිංග්‍රීසි යුනිකෝඩ් එකේ paaTamaalaava කියලා.

    ReplyDelete
    Replies
    1. මේක හෙන්රි භාවිත කරන සොෆ්ට් එකත් එක්ක වෙනස්වෙනවා. මම දැම්මේ සුබස එකේ ගහන විදිය.

      Delete
    2. දෙන්නම මට මහාප්‍රාණ ට යන්න අරන් දෙන්නකෝ..ඔයාල දෙන්නම එව්ව එකෙන් මට ඕන අකුර ආවේ නැහැ...නේ

      Delete
    3. ඨ ඨා ඨැ ඨෑ ඨි ඨී ඨු ඨූ ඨෙ ඨේ ඨො ඨෝ

      Delete
  6. අටවිසි බුදු පිලිරූ අදාල බෝධීන් එක්ක තිබීම නම් විශේෂයි.. ඒ මොකද ඒක දැක්කම් අපේ මිනිස්සු තේරුම් ගනීවි හැම ගහකටම ආදරේ කරන්න ගරු කරන්න ඕනෙ කියල..

    ReplyDelete
    Replies
    1. ඔව්..මම දැක්කා..සමහර ගස් වර්ග නම්..අපේ මිනිස්සු හිතන්නේ වත් නැති වෙයි..බෝධියක් කියලා..මොකද තවම ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ..බෝ ගස කියන්නේ..එකකට විතරයි කියලා...

      Delete
  7. ොයාගෙ බ්ලොග් එක සම්පුර්නයෙන් කියවා අවසන් කලා. දිගටම ලියන්න.best of luck

    ReplyDelete
    Replies
    1. පැබ්ස්...ඔයා ඔක්කොම කියෙව්වද..?මට හරිම සතුටුයි ඒ ගැන...මාසෙකට දෙක තුනක් වගේ තමයි ලියන්න නම් වෙන්නේ...

      Delete
  8. ඇත්තටම බලන්න යන්න හිතෙනවා.සුන්දර ස්ථාන අසුන්දර නොකිරීම, ඉන්න අයගේත් බලන්න යන අයගේත් වගකීම වියයුතුයි.
    කළු සහ සුදු
    දුටු දෑ මුදු
    නැත බිඳ කදු
    එහි ඇද කුදු..........
    දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. අරුගේ අඩවිය...ඔයාගේ අදහසට තුති..මමත් ඒ පැත්තේ ගියා...

      Delete
  9. මග ඇරුණු තැන් කොච්චරද ! ලස්සන තැනක්.

    ReplyDelete
    Replies
    1. ඔව් සිංදු...වෙලාවක යන්න බලන්න...

      Delete
  10. ඔය වගේම තව ලස්සන තැන් තියෙනවා . අපේ පැත්තේ තියෙන නාථගනේ ආරණ්‍ය සෙනසුනත් ආගමික සංහිදියාව බොහොම අපුරුවට මතු කරන තැනක්. තවමත් ඒ පරිසරය විනාශ වෙලා නැහැ. වෙලාවක දාන්නම්කො පෝස්ටුවකුත් ඒ ගැන. මේ ගැන දැනුවත් කරාට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන ගන්න ආසයි...ඒ පෝස්ටුව එන තුරු බලන් ඉන්නවා..

      Delete
  11. මේ මාතලන්ගෙ පාරෙ ඇවිල්ලයි මේ ලිපිය කියෙව්වෙ. මම 1981-1983 අතර කාලෙ නුවර වැඩ කරනකොට නතර වෙලා හිටියෙ රනවන මගෙ නැන්දාකෙනෙක්ගෙ ගෙදර. ඕගොල්ල ගිය පාර ඒ කාලෙ නෑ.කිරිබත්කුඹුර හංදියෙන් හැරිල යන්න ඕන. නැන්දලා පංසලේ ලොකු දායකයො නිසත් හිටපු පොඩි හාමුදුරුවො මල්ලිලගෙ හොඳ ‍ෆිට් එකක් නිසාත් ඔය පංසලට ගිහින් තියනව. හැබැයි දැන්නම් සැබෑ වෙනසක්.ඔය තොරනවත් පිලිමවත් කිසිම දෙයන් නෑ අඩුමගානෙ විදුලියවත් නෑ.හැබැයි හොඳට සල්ලි තිබුන පංසලක් ඒ කාලෙත්.කරාබු නැටි කාලෙට තමයි ඒ මොකද පංසලට හොඳ කරාබු වගාවක් තිබුනා.ආයි නුවර ගිය වෙලාවක යන්න ඕන.

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න