අපි හැම කෙනෙක්ගෙම ජීවිතයේ පරමාදර්ශීය චරිත තියනවා නේද?
මට හිතුනා අද මගේ ජීවිතයේ පරමාදර්ශීය චරිතයක් ගැන ලියන්න...
ඒ තමයි මගේ තාත්තා....
මගේ පුංචි කාලේ ඉඳල මම අනුගමනය කලේ අම්මට වඩා තාත්තාව...අපේ තාත්තා හරිම සුන්දර මනුස්සයෙක්...
කවදාවත් දරුවෙකුට ගහල නෑ..ඒත්..දරුවන් යහ මගට යවන ක්‍රමය තාත්තා හොඳින් අධ්‍යයනය කරලා තිබුනා.
මගේ තාත්තගේ මූනේ තිබුන හිනාව..ඒක එදා වගේම අදටත් එහෙමයි...කෙනෙක්ගේ හිත පහන් කරන හිනාවක් ...තාත්තා මට කිව්වේ..අපිට කෙනෙක්ට නොමිලේ දෙන්න පුළුවන් හිනාව අපි නොදී ඉන්නේ මොකටද කියලා..
තාත්තගේ රැකියාවෙන් මම ගොඩක් දේ ඉගන ගත්තා...අනිත් මිනිස්සු එක්ක ගැටෙන අන්දම..ප්‍රශ්නයකදී ඇහුම් කන් දිය යුතු හැටි...නිහතමානී වීම..ආදිය..
ඒ වගේම මගේ තාත්තා මට කියාදුන්න එක දෙයක් තමයි..."අපි කෙනෙකුට ගරු නොකර ඒ කෙනාගෙන් ගරුත්වයක් බලාපොරොත්තු වෙන්න එපා" කියන එක...
ඉතින් ..මගේ තාත්තා ..මගේ ආයුෂත් අරන් දිගු කල් නීරෝගීව ඉඳීවා..කියන පැතුමයි මට පතන්න තියෙන්නේ...
මේ මගේ තාත්තා ඇතුළු.....ලෝකයේ දරුවන්ට ආදරය කරුණාව සහ යහ මග පෙන්වන හැම තාත්තා කෙනෙකුටම පිදෙන උපහාරයයි....
අප්පච්චී ..නුඹ අහස ඉමේ වැඩි දේවතා එළියක් වාගෙමයි...
සාංකාවෙන් උතුරනා ..මහිත් මළුවේ දිදුල
පහන් සීල වාගෙමයි...
හොඳම දකිනා ඇසටහොඳම දැනෙනා හිතකපින් පාට නුඹේ සිනා...
පන්සලේ බෝ මලුවෙ සිලි සිලිය වාගෙමයි..
කප්පරක් දුක් ඇතුව
නුඹේ ලඟට ආ විටෙක..
හිත නිවන නුඹේ වදන් ..
සෙත් පිරිත් වාගෙමයි....
බාල විය ගැන කියන..
නුඹේ පෙර මතක රැස
ගංදියේ රැලි සේම ...
රැලි නගා හිත වටා ගලා යයි..
රත්තරන් අප්පච්චි..
නුඹ මගේ ලෝකයට..
ආවඩන සෙත් කවක් වාගෙමයි....
මම මගේ තාත්තට කියන්නේ "තාත්තා" කියලා..
ඒත්..කවියට ලස්සන..අප්පච්චි කියන වචනෙයි..
මොන වචනෙන් කිව්වත්...ඒ තාත්තා...නේ...
මටත් කියන්න තියෙන්නේ ඒකමයි,පහුගිය කාලේ ජීවිතේට ආපු ප්‍රශ්නවලට මුහුණදෙන්න තාත්තා ලග නොහිටියනං කොහොමටවත් මට බැහැ.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඔව්..ඒක ඇත්ත...
Deleteහ්ම්ම්ම්ම් මම නම් ඉතින් තාත්ත කෙනෙක්ගෙ ආදරය විඳපු නැති දරුවෙක්. ඒ නිසා ඒහැඟීම ගැන මට කියන්න දේවල් නෑ. ඒත් තාත්තා කෙනෙක් ගැන ලියවුන හැම අකුරක් ගානෙම මම ආසාවෙන් කියවනවා...
ReplyDeleteහිත කීරි ගැහුනා වගේ දෙයක් මට දැනුනා...
Deleteජීවිතේ අපිට හැම දේම දෙන්නේ නෑ..නේද...
අප්පච්චී ..නුඹ අහස ඉමේ වැඩි දේවතා එළියක් වාගෙමයි...
ReplyDeleteසාංකාවෙන් උතුරනා ..මහිත් මළුවේ දිදුල
පහන් සීල වාගෙමයි...
nice..
මගේ තාත්තා ගැන තරම්ම මම ඔයාගේ තාත්තා ගැනත් දන්නවා..
Deleteඒ වගේ තාත්තා කෙනෙක් ගේ දරුවෙක් වුන එක ගැන ඔයා ආඩම්බර වෙන්න ඕන...