ගිය සතිවල නොලියපු දිනපොත අද ලියන්න හිතුනා...
අද සෙනසුරාදා නේ...සතියක දේවල් කටුසටහනක් ගහලා මතකයේ තියන් ඉඳලා...ලියන එකත් ලේසි පාසු වැඩක් නොවෙයි..
වයසට ගියත් මතකය තවමත් නරකම නැහැ ....
ඉතින් මේ මගේ දින සටහන් ..
සඳුදා....01.07.2013
පුරුදු විදියටම සඳුදා උදේ කෝච්චි සටන ඇරඹුනා....සඳුදා උදේ සෙනග ටිකක් වැඩියි නේ..මම කොහොමත් මීගමුවට ආසන්නයෙන්ම නගින නිසා පොරකාලා නැගලා සීට් එකක් අල්ලා ගන්නවා...
මගදී ..මගේ යෙහෙළියකට සීට් එක දීලා ඉතුරු ටික හිටගෙන යනවා...
මේ විදිය කෝච්චි වල යන අය සාමාන්‍යයෙන් කරන දෙයක් නේ...
ඔන්න ඉතින් පුරුදු ලෙසම මගේ මිතුරිය නැග්ගම මම සීට් එක දීලා හිටගත්තා..
ජා ඇල හරියට එද්දී..මගේ මිතුරිය අහනවා...."අර ඉන්න ගැහැණු ළමයා ප්‍රෙග්නන්ට් ද "කියලා...
මමත් බැලුවා...කොහොමත් ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් සීට් එක දෙන එක අපේ යුතුකමක් නේ...
ගැහැණු කෙනෙක් නම් ඉන්නවා...උඩට අන්දපු බ්ලවුස් එක දිහා බැලුවම බඩකුත් වගේ පේනවා..ඒත්.ඇඳලා ඉන්නේ ඩෙනිම් කලිසමක්...ටයිට් ඩෙනිමක් ....
සීට් එක දෙන්න කතා කරලා බැනුම් අහන්න වුනොත්...කියලා සද්ද නැතුව උන්නා අපි දෙන්නම...කොහොම හරි රාගමින් බැස්සම මේ ගැහැණු කෙනාත් බැහැලා බැන..බැන යනවා මුළු කෝච්චියටම...
ඇත්තටම ..කාගේද වරද...අපි කතා වුනා...දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් ගේ තියන මාතෘ පෙනුම ...කෙනෙකුට හඳුනා ගන්න තියන එක සංකේතයක් තමයි..ගැබිණි සමයේදී අඳින ඇඳුම...
ඉස්සර දරුවෝ ලැබෙන්න හිටපු කාලේ...(මීට අවුරුදු 10 කට විතර එහාදී)...අපි ඇන්දේ ඒ වගේ ඇඳුම්...බෝරිච්චි අත් දාලා...මල් ඇප්ලික් කරලා..තිබුන ඒ ඇඳුම් දැක්කම හරිම ආසයි..දණහිසෙන් දිගට අන්දපු ඒ ඇඳුම් නිසා කවදාවත් බඩ ලොකු වෙද්දී වත් අසංවර..අප්‍රසන්න පෙනුමක් ආවේ නැහැ..
ඒත්..දැන් අඳින්නේ එක්කෝ..මම ඉහත කියපු වගේ ඇඳුම්..නැත්නම් කොටම කොට ගවුම්..
මේ විප්‍රකාර දැක්කම මිනිස්සු සීට්දෙයිද...?
ඔන්න..සඳුදා...වෙච්ච එක සිද්දියකින්...දිනපොතේ පිටුව පිරුනා....
අඟහරුවාදා.....02.07.2013
ආහ්හ්.....කොහොමද...බලමුකෝ පැය 24 ක් ගෙවුන ඉක්මන...
ජීවිතේ ...ගතවෙන්නේ රෝහලේමයි..නිවාඩුවක් දාපු දවසක් මතක නැහැ....
නිකම්..හේතුවක් නැතුව නිවාඩු අරන් මොකටද..?
මේ දවස් වල ටිකක් බරපතල ලෙඩ්ඩු දෙතුන් දෙනෙක් ඉන්නවා..වාට්ටුවේ...
එක්කෙනෙක්...පොළගෙක් කාලා...ඊට පස්සේ ආව ස්නායු ආබාධයක් නිසා....දැඩි සේ ආබාධ වූ කෙනෙක්...පව් කියලා හිතෙන්නේ...ඔහු කලක් හමුදාවේ සේවය කල කෙනෙක්...
අත් පා ආදිය සේරම ඇඹරිලා වකුටු වෙලා ඉන්න ඔහුව දිග හරින්න තනිවම නම් බැහැ...
අනිත් කෙනා...දෙදරු පියෙක්...ලොරියක් පදවා ගෙන යද්දී..නින්ද ගිහින් ගසක හැපිලා...මොළයට හානි වුන කෙනෙක්...එක කකුලකුත් කපලා ඉන්නේ....කතා කරන්නත් බැහැ...
ඒත්...ප්‍රතිකාර සඳහා ආවාම ඇස හා අත් භාවිතා කර ඔහු සන්නිවේදනය කරන හැටි දුක හිතෙනවා...
මිනිස්සු...එක් දවසක් තුල..ජීවිතයේ කොයි තරම් දේවල් වලට කා වැටෙනවද...?
ඒත්..මේ මිනිස්සු යදින්නේ...ජීවිතයයි....
බදාදා ....03.07.2013
මගේ සමීපතමයෙක්...ඊයේ මට ඡයා රූපයක් එවලා තිබුනා...ඒක පල කරන්න බැහැ..මොකද ඒ දෙන්නා ජීවතුන් අතර ඉන්න අදටත් මට..ඔබට මගදී මුණ ගැහෙන අන්ධ යුවලක් නිසා..
ඇත්තටම ඒ රූපය හරිම භාවාත්මකයි...ඇස්දෙක නොපෙනුනත්..රෑ කෝච්චියේදී මුහුණින් මුහුණ බලන් ඉන්න මේ දෙන්නගේ මුහුණේ පිරිලා තිබුනේ..ආදරය..පමණයි....
මම එය දුටුවේ පින්තුරයෙන් වුවත්..මට එය එවූ කෙනා සජීවීව දැකලා තිබුනා....
ඔහු මගෙන් මේ රූපය සමග අසා තිබුනේ..එක දෙයයි...
ඒ "is love blind..?" කියලා..
මේ ඔස්සේ දීර්ඝ සංවාදයක යෙදුනා අපි...
මට ඒ ඔස්සේ හැඟුණ දේවල් මම වෙන පෝස්ටුවක ලියනවා....
මට හුගාක් සින්දු අතරෙන් මතක් වුනේ ....
අමරදේව මහත්මයාගේ...ආදරයද මේ...සිංදුව....
"සිත් දැහැනේ වෙලී තිබුණ..
නෙත් දැහැනේ ගලා හැලුන
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...
හිරු රහසේ කියාදුන්න
ආදරයද...මේ ..."
බ්‍රහස්පතින්දා....04.07.2013
සතියකුත් ඉවර වෙන්න ලඟයි...ජීවිතේ ගලා යනවා...සමහර වෙලාවට හරිම කලකිරීමක් දැනෙනවා...
මගේ ළඟ ලොකු බලාපොරොත්තු නැහැ...ඒත්...
දැන් මොනවා හරි කරන්න ඕන කියලා හිතෙනවා,,,ගිය අවුරුදු දෙකම ඩිග්‍රී එක නිසා ගත වුනා නොදැනීම..
දැන් ඉගන ගන්න දේකුත් නැහැ...කරන්න දේකුත් නැහැ..
කවියක් ලියලා ..පොතක් කියවලා..මල් පැලයක් හිටවලා ...කාලේ මරාගත්තට
මේ ඒකාකාරී බව නිවාගන්න බැහැ නේ...
හවස බස් එකේ එනගමන් දැක්ක දෙයක් ගැන...ලියන්න හිතුනා..
සදාචාරය ගැන නම් අනේ මන්දා...
මට දැනුනේ...බුදුහාමුදුරුවෝ දේශනා කල එක දෙයක්....
කෙනෙකුට..ලබාගත හැකි අමාරුම දෙයක්...තමයි..මනුස්සයෙක් වෙලා උපදින එක...
අද මම ආව බස් එකට නැග්ග කෙනා ගැහැණු ද පිරිමි ද කියලා මට හිතාගන්න බැහැ...
සමහරු ව්‍යවහාරයේ...යම් නමකින් හඳුන්වන ආකාරයේ කෙනෙක්..
ඇඳුමින් පැළදුමින් කාන්තාවක් වගේ වුනත්...පිරිමි ලකුණු මුහුණේ තිබුනා...
ජීවිතයේ අභාග්‍යය තමයි....නේද...?
ඒත්...තමන්ගේම ෆැන්ටසියක තනි වෙලා ඔහු/ඇය....අනිත් අය ගැන නොහිතා ගමන ගියා...
සිකුරාදා 05.07.2013
අම්මෝ...සතියක් ගියපු ඉක්මන...
දිනපොතක් ලියන එකත් ඒ හැටිම ලේසි නැහැ...නේද...
ලබන සතියේ batch trip එක යනවා...අම්බුළුවාවෙලු...
අද batch photo ගත්තා...
සුදු ඇඳන් photo ගන්නවා කියන එකත් ලේසි නැහැ ...
මට අද සිකුරාදා ලියන්න දෙයක් ඇත්තෙම නැද්ද...?
ම්හු...මතකයට එන්න දෙයක් නැහැ....
සුබ සති අන්තයක් වේවා....
Monday, July 8, 2013
Saturday, June 29, 2013
දැනුවත් වීම...
දැනුවත් වීම....awareness....
අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝයි...එය පිළිගන්නට කොයි තරම් අකමැති වුවත් සත්‍යය එයයි...
අපි මිනිසුන් ලෙස යම් යම් පරාසයන් ගැන කරුණු දන ගත්තත් ..ඒ හැමදෙයක්ම ගැන නෙවෙයි.
විශේෂයෙන්ම අපිට වැළඳෙන ලෙඩ රෝග ගැන...ඒ හා සම්බන්ධ ප්‍රතිකාර ගැන..එතකොට..මේ රෝග සම්බන්ධ රුධිර පරීක්ෂණ ගැන ..කල යුතු අනෙකුත් පරීක්ෂණ ගැන..අපි යම් තාක් දුරට දැනුවත් වී සිටීම වැදගත් වෙනවා...
දැනුවත් වෙනවා කියන්නේ කරුණු සේරම හොයා බලා ගෙන...ඉතුරු ප්‍රතිකාර ත් තනියම කරගන්නවා කියන එක නෙවෙයි...
තමන් හෝ තමන්ගේ නිවැසි කෙනෙක්..අසල්වැසියෙක් ..කවුරුන් හෝ දන්නා අඳුනන කෙනෙක් ගේ අවශ්‍යතාවයක් අනුව මේ දේ විය හැකියි...
රෝගයක් සම්බන්ධව අපි මුලිකව දැන ගත යුතු මොනවාද...?
මුල්ම දේ තමයි ...මෙම තත්වය ඇති නොවී සිටීමට හැකියාවක්..මින් වැළකී සිටීමේ හැකියාවක් තියේද යන්න...
අපි දැනුවත් වන්නේ කෙසේද...?
එක විදියක් තමයි....දන්නා කාගෙන් හෝ අසා දැනගැනීම...
මේ දන්නා කෙනෙක් කියන්නේ එම ක්ෂේත්රයේ පළපුරුදු බවක් තියෙන කෙනෙක් විය යුතුයි...
තමන්ගේ අවබෝධතාවයට සහ අවශ්‍ය මට්ටමට අදාළ කරුණු ගැන දැනගත්තම හොඳටම ඇති නේ...
මොකද...operation එකක් කරන්නේ මොකටද..එකේ ඇති විය හැකි සංකුලතා මොනවද....කියලා අහගන්න ඕන කෙනා..ඒක කරන විදිය පියවරෙන් පියවරට surgeon කෙනෙක් ගෙන් අහන්න ගියොත්...නැති ප්‍රශ්න ගොදකටයි මුහුණ දෙන්න වෙන්නේ...
ඒ නිසා...අදාළ දේ දැනගත්තම හොඳටම ඇති...
ඒ වගේම මේ ලෙඩ රෝග ගැන අද අන්තර්ජාලය තුල බොහෝ දේ තියනවා...අඩංගු වෙලා...තමන්ට ඒ ගැන දැනගන්න අවශ්‍ය දේ හොයා බලලා දැනගන්න පුළුවන්.හැබැයි....අවශ්‍ය දේ පමණක් ඔලුවට ගන්න...අනවශ්‍ය බරපතල තත්ත්ව ගැන නොහිතා...
උදාහරණයක් විදියට අපි හිතමු..කෙනෙකුට තමන්ගේ කවුරු හෝ කෙනෙකුට තිබෙන්නට ඉඩ ඇතැයි සැක පහල වුන...පිළිකා රෝග තත්වයක් ගැන...ඉතින්..කෙනෙකු මේ ගැන අන්තර්ජාලයෙන් කරුණු සොයා බලන විට එහි තියෙන අන්තිම භයානක තත්වය පමණක් ඔලුවට ගත්තොත්...මොකද වෙන්නේ...මේ අදාල නැති කරුණු රෝගියාගේ මනසට ගිහින් නැති ජංජාලයක් වෙන්න පුළුවන්....
ඒ නිසා..මනසට අවශ්‍ය කරුණු පමණක් උකහා ගත්තම ඇති,....
ඒ වගේම රෝගයට අදාළ අත් පත්‍රිකා..පුවත් පත් ලිපි ආදියත් නිතර පලවෙනවා..බෙදා හරිනවා නේ...ඒවා ලියන්නේ මේ වගේ ක්ෂේත්රය ගැන දැනුමක් ඇති අය ..ඒවා කියවීමත් ඉතාම වැදගත්....
ඉතින්...සමහර වෙලාවට මේ කියවන ලිපි වල තියන කරුණු හරියටම අවබෝධ කර නොගෙන....ඔලුව අවුල් කරගන්න අයත් ඉන්නවා...
ප්‍රශ්නයක් අවම ඒ අදාල ලිපිය හරි පත්‍රිකාව හරි බෙදා හැරපු කෙනාගෙන් අහන ඒක හරි වැදගත්...මොකද මේ ලිපි සහ තීරු පත්‍රිකා බෙදා හරින අය ලිපිනය සහ දුරකථන අංක ඒවායේ සඳහන් කර තියෙනවා...
සමාන අදහස් දරන අය එකට එකතු වුනාම අත්දැකීම් බෙදා ගන්නවානේ..සාකච්චා මාර්ගයෙන් මේ ගැන කරුණු බෙදා ගැනීමත් ඉතාම වැදගත්..මේ කණ්ඩායමට දැනුමැති කෙනෙක් එකතු කරගත්තොත්...මේ තත්වය වඩා ප්‍රතිපල දායක වෙයි...
කොහොම වුනත්..මේ ලිපිය ලියන්න මම පෙළඹුණේ...පහු ගිය දවසක මගේ ඔලුවට ආව අදහසක් මත මම රෝගීන් දැනුවත් කිරීමේ පත්‍රිකා වගයක් නිර්මාණය කරමින් පවතින බැවින්...දැනට එකක් හැදුවා...ප්‍රතිචාර නම් ඉහලයි....මොකද මගේ ලොකු මල්ලි. මට ඒවා ඕන අන්දමට හදල දෙන නිසා...සුපිරි මට්ටමටම design ඒක තියනවා ...
මේ තියෙන්නේ ඒක.....

ඉතින්....
යළි හමු වෙමු....
සුභ සති අන්තයක් වේවා....
Friday, June 21, 2013
මගේ දිනපොත...
අවංකවම කිව්වොත්...මම දිනපොත් ලියන්නේ නැහැ....
O/L ලියන කාලේ දිනපොතක් ලියලා..ඒක අම්මා කියවලා වෙච්ච ලැජ්ජාව නිසා ම ඊට පස්සේ මම ලියන එක නැවැත්තුවා...(අපේ මල්ලිලා ඕවා දන්නේ නැහැ...)
ඉතින් ...ඊට පස්සේ වාර ගණනක්ම හිතුවා දිනපොතක ලියන්න...කොහෙද..මගදී මටම එපා වෙනවා..අන්තිමට ලියලා තියෙන්නේ...දින චර්යාව විතරයි..ඕක පොතක ලියන්න තරම් දෙයක් ද නේද..?
නමුත්...එක වතාවක් කියවපු..කාගේ හෝ චරිතාපදානයක තිබුනා...(කාගේද මතක නෑ...)...ඒ විද්වත් මහතා ...දිනපොත් ලියපු හැටි....ඇත්තටම....එහෙම ඇහුවම ඔන්න මාත් ආපහු ලියන්න ගත්තා...වැඩක් නැහැ...කිසිම වැඩක් නැති පල් හෑලි තමයි....
ඒක ඉතින්..ඔව්...නැහැ..සමහර විට....ඔය ඕනෑම උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නේ...ඒක කෙනාගේ හැටියට වෙනස් වෙනවනේ...
නමුත්....අපි දිනපොතක ලිවිය යුත්තේ...අපේ සිදුවූ..කල කී දෑ ද ? එහෙමත් නැත්නම්...ඉදිරියට අපි විසින් කිරීමට බලාපොරොත්තු වන දෑ...ද?
හුගක් දෙනෙක් ලියන්නේ...කල කී දෑ...නේද...?
ඉතින් ගත වූ සතියේ මගේ දිනපොත..මනෝමයෙන් කිරල මැනලා ලියන්න මම හිතුවේ...ඇත්තටම දිනපොතක් ලියන්න ඕනද කියලා පොඩි කොමෙන්ට් ටිකක් අරන්ම තීරණය කරන්න...
ඕපාදූප නම් නෙවෙයි....ඔන්න ඔහේ කියවන්නකෝ...
සතියේ පලවෙනි දවස...කෝච්චියේ තෙරපිලා වැඩට යන පළවෙනිම සතියේ දවස....උදේම ඉතින් ගෙදර ඉඳන් ගෙනාව සමාධිය බිඳෙනවා...මේ තරම් අමාරුවෙන් පොරකාල සාරිය කඩා නොගෙන කෝච්චියට නැග්ගම..මේ මිනිස්සු සීට් බුක් කරන්....අපිත් ඉතින් මනුස්සයොනේ...එහා මෙහා වෙලා සීට් දුන්නම මොකද නේද...?
උදේම 8 ට කලින් හොස්පිටල් එකට ගිහින්..ක්ලිනික් එකට දිව්වේ consultant sir ව හම්බ වෙන්න...ගිය සතියේ බාරගත්තු සමාජ සේවා කටයුත්ත...ගම්පහින් ට්‍රාන්සර් කරගන්න ඉන්න ලෙඩෙක් ගැන කතා කරන්න...
වයස අවුරුදු 23 ක පිරිමි ළමයෙක්...ඇක්සිඩන්ට් එකකින් head injury වෙලා...මුලික ප්‍රතිකාර ඉවර නිසා අපේ රෝහලට මාරු කරගන්න පුලුවන්ද කියලා ඇහුවේ ...ඒ ළමයාගේ නැන්දා...කලින් මාත් එක්ක මීගමුව රෝහලේදී වැඩ කල ළමයෙක්...උදව් නොකර බෑ නේ...sir කැමති උනා ...පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය මම වැඩේ confirm කළා....හෙට උදේ ට්‍රාන්සර් කරගන්න...අද දවසට කල යුතු සද් කාර්යයන්ගෙන් එකක් හරි...
පුරුදු ලෙස වැඩ දවසෙම...වෙන විශේෂ දෙයක් නැහැ..4 ට off..ගෙදර ආවා..
හවස මෙන්න අර නැන්දා කෝල් කරනවා..."ඔක්කොම වැඩ සුදානම් කරලා ඇම්බියුලන්ස් එකත් හරි ගස්ස ගත්තා....අනේ දැන් ඒ ළමය හදිසියේම arrest එකක් ඇවිත් මැරුන නේ...කියලා...."
ඉතින්...දැන් මම මොනවා හිතන්නද...ජීවිතය..ඔන්න ඔහොමයි...කලකිරීමක් විතරද ඉතුරු...
සතියේ දෙවැනි දවස....
අද උදේ 9 ඉඳල 1 වෙනකල් පොඩි work shop එකකට යන්න ලැබුනා....ඒක නම් හරිම වැදගත්...පීඩන තුවාල සම්බන්ධවයි ඒ
දේශන පැවැත් වුයේ..මම ඒ ගැන පොඩි බ්ලොග් එකකුත් ලිව්වා...
දේශන මාලාවන් අතරේ refreshment දෙන එක නම් නින්දට අත වැනීමක්....අපේ හුඟක් දෙනා..දෙන සේරම කාලා නිදා වැටෙන එක නේ කරන්නේ...
මේ දවස් වල ඉන්න එක patient කෙනෙක් නිසා....මමත් අලුත් වචන ටිකක් ඉගන ගන්නවා..හිකිස් ...ඒත් මොනවා කරන්නද..?
මොළයට හානි වූ බොහොමයක් අය යතා තත්වයට පත් වන තුරු...මානසික ව පවතින්නේ හරිම අස්ථාවර භාවයක...ඉතින් බොහොමයක් විට අහන්න වෙන්නේ සුද්ද සිංහල වචන..මොකද අපිත් කොයි වෙලාවේ බැලුවත් ලෙඩ්ඩුන්ට ව්‍යායාම සම්බන්ධ ප්‍රතිකාර නේ කරන්නේ..සමහර අයට ඒවා රුස්සන්නේ නැහැ...

ඔන්න ඉතින් හවස වැඩ ඇරිලා එද්දී ...බස් එකට නැග්ගා...තරුණ ගැහැණු ළමයෙක්...අපේ රටේ තරුණ පරපුර විරැකියාවෙන් පෙලෙන නිසා ...කුමක් හෝ රැකියාවක නිරත වෙනවා...ඒක වැරදි ක්‍රියාවක් නොවෙයි නම්....කමක් නැහැ...
නමුත්..මේ දැරිවිය බසයට ගොඩ වැදුනේ..එක සඟරාවක් විකුනන්න...මනසට යමක් දෙන්න ඒ සඟරාවේ අන්තර්ගතය ගැන මේ ගැහැණු ළමයා කියපුවා ඇහුණාම මට හිතුන එකම දේ..."මේදැරිවියගේත් කතාකරන්න පුහුණු කල පෙත්තප්පු කෙනෙක් ගේත් වෙනසක් නැහැ " යන්නයි...ඔහේ කට පාඩම් කල දෙයක් කියවාගෙන යනවා හැරෙන්න ඒ දැරිවිය ඇය කියන්නේ කුමක්ද කියාවත් තේරුම් අරන් තිබුනාද යන්න සැකයක්...

වැඩට ගියා...උදේම තිබුනා පොඩි සාකච්චාවකට යන්න...අතක් අහිමි වෙලා ආව...අපේ රෝගී ළමයෙකුට...දැන් කෘතීම අතක් ලබා දීලා...දැන් එකෙන් පුහුණු කරනවා..(මගේ බ්ලොග් එකේ...නිමල් )..නමුත් මට ටිකක් ඒ ලබා දුන්න අත ගැන පොඩි අකමැත්තක් තියනවා...ක්‍රියාකාරී ජීවිතයේදී..මේ අත සමග අපි සිටිය යුතු බොහෝ ඉසව් වල ගැටළු දුර තියා පෙනෙන නිසා....
සාකච්චාව ටිකක් දුර ඇදුනා....පය දෙකක් පමණ...අන්තිම විසඳුම නිමල්ට මේ සැපයූ අත සමග ක්‍රියාකාරී වීම සඳහා මාස එකහමාරක කාලයක් දී (trial period) ඉන් පසු විසඳුමකට එන්නට...
හවසට බස් එකේ එද්දී හරි හරි සිද්ධි තමයි වෙන්නේ...
ඇත්තටම අපි සල්ලි මල්ලක් අරන් ආවත් මදි ...ඉල්ලන්න එන අයට දෙන්න..
මේ අතරේ ඔන්න අද ආව ඒක මනුස්සයෙක් ගැනයි මේ ..
මෙයා හොඳට ඇඳුම් ඇඳන් බස් එකට ආවේ..සිංහලෙන් හා ඉංගිරිසියෙන් තමන් ගැන ලොකු හැඳින්වීමක් කළා ....හොඳ උගත් පාටයි...
ඊට පසුව මේ කෙනා තමන්ගේ රෝගය ගැන සවිස්තරවම කිව්වා..එක තැන ඔහුට හිට ගෙන ඉන්නත් අමාරු පාටයි පෙනුනේ...අනේ කතාව අවසානයේ...බස් එකේ බොහෝ දෙනා සල්ලි තියන තියන හැටියට දුන්න...
මම නෙවෙයි සත පහක් දුන්නේ...
ඇයි ..දන්නවද...මේ මනුස්සයා මම දැකල තියෙන්නේ අද ඊයේ නෙවෙයි ..වසර 4 කට පමණ පෙර සිට..මේ එකම කතාව කිය කියා මුදල් ඉල්ලනවා...මුලදී මාත් දුන්න...
දවසක් මම ඒක වැඩ මුළුවකට ගියා බොරැල්ලේ MRI එකට...එකේ කැන්ටිමේ උදේ කෑම කකා ඉද්දි..මෙන්න මේ මනුස්සයා ඇවිත් කෑම කනවා...අනේ යස අපූරුවට කිසි වෙවිලිල්ලක් නැතුව...අයියෝ..මිනිස්සුන්ගේ සල්ලි....
20.06.2013 බ්‍රහස්පතින්දා..
.
මේ සතියෙම එක දිගට වැඩ..දැන් නම් ඇති වගේ
ඔන්න බලමු ඉතින් කොහොමද දිනපොතක් ලියන්නේ කියලා...
හවස ගෙදර ඇවිත් නාල කියලා බ්ලොග් එක වටේ රවුමක් ගහල...මොනවා හරි ලියල...රෑ උයන පිහන වැඩ..රෙදි සේදීම් එකී නොකී..සියලුම වැඩ කරලා.....අන්තිමේ මේ දිනපොතකුත් ලියනවා කියන්නේ....මහා අවුලක් නේද...
කාලෙකින් පොතක් කියවන්න ගත්ත...මගේ පොඩි පුතාගේ උපන්දිනේට මම ම අරන් දුන්න පොත...පියසේන කහඳගමගේ මහතා ගේ "රන්වන් කරල්..."
ගැමි වහරක් තියන ලස්සන කතාවක්...
21.06.2013. සිකුරාදා
සතිය ඉවරයි නේද...ඒ වුනාට මම හෙටත් වරුවක් වැඩ...
මගේ දිනපොත ලිවීම ගැන හිතුවේ දැන්..දැන් හිතුවා ..දැන් ලිව්වා...කොහොමද තත්වේ...
අද දවස ගැන හිතද්දී මට සිහියට එන්නේ...අද දවල් ගෙනාව අලුත් ලෙඩෙක් ගැන...මොනරාගල පැත්තේ ළමයෙක් වයස 28 ..ලොරියේ යද්දී නින්ද ගිහින් ගහක හැප්පිලා...එක කකුලක් කපලා...ඒ මදිවට head injury ...ළඟ ඉන්නේ අනෙකුත් මල්ලිලා දෙන්න...මේ ළමයට කියන දේ තේරුනාට මොකුත් කියාගන්න බැහැ...ඒත්..මා දුටු ඒ සහෝදර සෙනෙහස නම් ...ඇසට කඳුලක් ගෙනෙන තරම්....දරුවෙක් බලාගන්නවා වගේ තමන්ගේ අය්යව බලාගන්න ඒ මල්ලිලා දෙන්න ගැන මගේ හිතේ ඇති වුනේ හරිම ගවුරවයක්...
මගේ මේ සතියේ දිනපොත අවසානයි....අනේ මන්ද...මට ඉතින් වැඩිපුරම ලියන්න වෙන්නේ ලෙඩ්ඩු ගැනයි...බස් එකේදී දැකපුව ගැනයි..තමයි....මේ ලිවිල්ල එපා වෙන්නේ අපහු කියවද්දී...දැනෙන දුක නිසා..
.
කියමු බලන්න ...දිනපොතක් ලියන එක ගැන දැන් අදහස....

සසර තුරු නුඹම පතනෙමි...
හඬමි යලි හිනැහෙමි...
නුඹේ සෙනෙහෙ මත සැතපෙමි...
විඳිමි ..යළි
විඳවමි..
ජීවිතේ මේ යැයි අත්දකිමි....
ඉකිලමින් තනිවෙමි ...
නුඹ සිහිව යළි වැලපෙමි...
හැරයන්න සිතුවෙමි ..
කෙලෙස,...
නොදනිමි...යළි එමි...
හිතමි..යළි තැවෙමි...
නුඹ නැතිව ගිනි උසුලමි..
දකිමි..හස දරමි
මේ සෙනේ මතු පතනෙමි...
විඳිමි..
යළි විඳගමි...
නුඹේ සෙනෙහෙම දැවටෙමි..
හැර නොයමි...
තනියට එමි..
සසර තුරු නුඹම පතනෙමි...
Wednesday, June 19, 2013
සිතින් සියවර
සිතින් සියවර නිතින් පබඳුනු
සොඳුරු ගී පද වැල් සිඳීලා
පන්හිදේ තුඩගින් ගලා ආ
සෙනෙහසේ සිතුවම් මැකීලා
හිතට දැනෙනා සියුම් කඳුලක
තනිකමක් නිරතුරු රැදීලා
බලා ඉමි යළි මගේ කවි සිත
මගේ වන තුරු
පමා වී ලා.........
kithcreations.blogspot.com
Subscribe to:
Posts (Atom)