Google+ Followers

Friday, June 21, 2013

මගේ දිනපොත...






අවංකවම කිව්වොත්...මම දිනපොත් ලියන්නේ නැහැ....
O/L  ලියන කාලේ දිනපොතක් ලියලා..ඒක අම්මා කියවලා වෙච්ච ලැජ්ජාව නිසා ම ඊට පස්සේ මම ලියන එක නැවැත්තුවා...(අපේ මල්ලිලා ඕවා දන්නේ නැහැ...)
ඉතින් ...ඊට පස්සේ වාර ගණනක්ම හිතුවා දිනපොතක ලියන්න...කොහෙද..මගදී මටම එපා වෙනවා..අන්තිමට ලියලා තියෙන්නේ...දින චර්යාව විතරයි..ඕක පොතක ලියන්න තරම් දෙයක් ද නේද..?

නමුත්...එක වතාවක් කියවපු..කාගේ හෝ චරිතාපදානයක තිබුනා...(කාගේද මතක නෑ...)...ඒ විද්වත් මහතා ...දිනපොත් ලියපු හැටි....ඇත්තටම....එහෙම ඇහුවම ඔන්න මාත් ආපහු ලියන්න ගත්තා...වැඩක් නැහැ...කිසිම වැඩක් නැති පල් හෑලි තමයි....

ඇත්තටම...අපි දිනපොතක් ලියන්න ඕනද...?


ඒක ඉතින්..ඔව්...නැහැ..සමහර විට....ඔය ඕනෑම උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නේ...ඒක කෙනාගේ හැටියට වෙනස් වෙනවනේ...
නමුත්....අපි දිනපොතක ලිවිය යුත්තේ...අපේ සිදුවූ..කල කී දෑ ද ?    එහෙමත් නැත්නම්...ඉදිරියට අපි විසින් කිරීමට බලාපොරොත්තු වන දෑ...ද?
හුගක් දෙනෙක් ලියන්නේ...කල කී දෑ...නේද...?

ඉතින් ගත වූ සතියේ මගේ දිනපොත..මනෝමයෙන් කිරල මැනලා ලියන්න මම හිතුවේ...ඇත්තටම දිනපොතක් ලියන්න ඕනද කියලා පොඩි කොමෙන්ට් ටිකක් අරන්ම තීරණය කරන්න...

ඕපාදූප නම් නෙවෙයි....ඔන්න ඔහේ කියවන්නකෝ...

17.06.2013 සඳුදා....


සතියේ පලවෙනි දවස...කෝච්චියේ තෙරපිලා වැඩට යන පළවෙනිම සතියේ දවස....උදේම ඉතින් ගෙදර ඉඳන් ගෙනාව සමාධිය බිඳෙනවා...මේ තරම් අමාරුවෙන් පොරකාල සාරිය කඩා නොගෙන කෝච්චියට නැග්ගම..මේ මිනිස්සු සීට් බුක් කරන්....අපිත් ඉතින් මනුස්සයොනේ...එහා මෙහා වෙලා සීට් දුන්නම මොකද නේද...?
උදේම 8 ට කලින් හොස්පිටල් එකට ගිහින්..ක්ලිනික් එකට දිව්වේ consultant sir ව හම්බ වෙන්න...ගිය සතියේ බාරගත්තු සමාජ සේවා කටයුත්ත...ගම්පහින් ට්‍රාන්සර් කරගන්න ඉන්න ලෙඩෙක් ගැන කතා කරන්න...
වයස අවුරුදු 23 ක පිරිමි ළමයෙක්...ඇක්සිඩන්ට් එකකින් head injury වෙලා...මුලික ප්‍රතිකාර ඉවර නිසා අපේ රෝහලට මාරු කරගන්න පුලුවන්ද කියලා ඇහුවේ ...ඒ ළමයාගේ නැන්දා...කලින් මාත් එක්ක මීගමුව රෝහලේදී වැඩ කල ළමයෙක්...උදව් නොකර බෑ නේ...sir කැමති උනා ...පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය මම වැඩේ confirm කළා....හෙට උදේ ට්‍රාන්සර් කරගන්න...අද දවසට කල යුතු සද් කාර්යයන්ගෙන් එකක් හරි...

පුරුදු ලෙස වැඩ දවසෙම...වෙන විශේෂ දෙයක් නැහැ..4 ට off..ගෙදර ආවා..
හවස මෙන්න අර නැන්දා කෝල් කරනවා..."ඔක්කොම වැඩ සුදානම් කරලා ඇම්බියුලන්ස් එකත් හරි ගස්ස ගත්තා....අනේ දැන් ඒ ළමය හදිසියේම arrest එකක් ඇවිත් මැරුන නේ...කියලා...."

ඉතින්...දැන් මම මොනවා හිතන්නද...ජීවිතය..ඔන්න ඔහොමයි...කලකිරීමක් විතරද ඉතුරු...


18.06.2013 අඟහරුවාදා

සතියේ දෙවැනි දවස....
අද උදේ 9 ඉඳල 1 වෙනකල් පොඩි work shop එකකට යන්න ලැබුනා....ඒක නම් හරිම වැදගත්...පීඩන තුවාල සම්බන්ධවයි ඒ
 දේශන පැවැත් වුයේ..මම ඒ ගැන පොඩි බ්ලොග් එකකුත් ලිව්වා...
දේශන මාලාවන් අතරේ refreshment දෙන එක නම් නින්දට අත වැනීමක්....අපේ හුඟක් දෙනා..දෙන සේරම කාලා නිදා වැටෙන එක නේ කරන්නේ...
මේ දවස් වල ඉන්න එක patient කෙනෙක් නිසා....මමත් අලුත් වචන ටිකක් ඉගන ගන්නවා..හිකිස් ...ඒත් මොනවා කරන්නද..?
මොළයට හානි වූ බොහොමයක් අය යතා තත්වයට පත් වන තුරු...මානසික ව පවතින්නේ හරිම අස්ථාවර භාවයක...ඉතින් බොහොමයක් විට අහන්න වෙන්නේ සුද්ද සිංහල වචන..මොකද අපිත් කොයි වෙලාවේ බැලුවත් ලෙඩ්ඩුන්ට ව්‍යායාම සම්බන්ධ ප්‍රතිකාර නේ කරන්නේ..සමහර අයට ඒවා රුස්සන්නේ නැහැ...

ඔන්න ඉතින් හවස වැඩ ඇරිලා එද්දී ...බස් එකට නැග්ගා...තරුණ ගැහැණු ළමයෙක්...අපේ රටේ තරුණ පරපුර විරැකියාවෙන් පෙලෙන නිසා ...කුමක් හෝ රැකියාවක නිරත වෙනවා...ඒක වැරදි ක්‍රියාවක් නොවෙයි නම්....කමක් නැහැ...
නමුත්..මේ දැරිවිය බසයට ගොඩ වැදුනේ..එක සඟරාවක් විකුනන්න...මනසට යමක් දෙන්න ඒ සඟරාවේ අන්තර්ගතය ගැන මේ ගැහැණු ළමයා කියපුවා ඇහුණාම මට හිතුන එකම දේ..."මේදැරිවියගේත් කතාකරන්න පුහුණු කල පෙත්තප්පු කෙනෙක් ගේත් වෙනසක් නැහැ " යන්නයි...ඔහේ කට පාඩම් කල දෙයක් කියවාගෙන යනවා හැරෙන්න ඒ දැරිවිය ඇය කියන්නේ කුමක්ද කියාවත් තේරුම් අරන් තිබුනාද යන්න සැකයක්...  

19.06.2013 බදාදා..


වැඩට ගියා...උදේම තිබුනා පොඩි සාකච්චාවකට යන්න...අතක් අහිමි වෙලා ආව...අපේ රෝගී ළමයෙකුට...දැන් කෘතීම අතක් ලබා දීලා...දැන් එකෙන් පුහුණු කරනවා..(මගේ බ්ලොග් එකේ...නිමල් )..නමුත් මට ටිකක් ඒ ලබා දුන්න අත ගැන පොඩි අකමැත්තක් තියනවා...ක්‍රියාකාරී ජීවිතයේදී..මේ අත සමග අපි සිටිය යුතු බොහෝ ඉසව් වල ගැටළු දුර තියා පෙනෙන නිසා....
සාකච්චාව ටිකක් දුර ඇදුනා....පය දෙකක් පමණ...අන්තිම විසඳුම නිමල්ට මේ සැපයූ අත සමග ක්‍රියාකාරී වීම සඳහා මාස එකහමාරක කාලයක් දී (trial period) ඉන් පසු විසඳුමකට එන්නට...

හවසට බස් එකේ එද්දී හරි හරි සිද්ධි තමයි වෙන්නේ...
ඇත්තටම අපි සල්ලි මල්ලක් අරන් ආවත් මදි ...ඉල්ලන්න එන අයට දෙන්න..
මේ අතරේ ඔන්න අද ආව ඒක මනුස්සයෙක් ගැනයි මේ ..
මෙයා හොඳට ඇඳුම් ඇඳන් බස් එකට ආවේ..සිංහලෙන් හා ඉංගිරිසියෙන් තමන් ගැන ලොකු හැඳින්වීමක් කළා ....හොඳ උගත් පාටයි...
ඊට පසුව මේ කෙනා තමන්ගේ රෝගය ගැන සවිස්තරවම කිව්වා..එක තැන ඔහුට හිට ගෙන ඉන්නත් අමාරු පාටයි පෙනුනේ...අනේ කතාව අවසානයේ...බස් එකේ බොහෝ දෙනා සල්ලි තියන තියන හැටියට දුන්න...
මම නෙවෙයි සත පහක් දුන්නේ...
ඇයි ..දන්නවද...මේ මනුස්සයා මම දැකල තියෙන්නේ අද ඊයේ නෙවෙයි ..වසර 4 කට පමණ පෙර සිට..මේ එකම කතාව කිය කියා  මුදල් ඉල්ලනවා...මුලදී මාත් දුන්න...
දවසක් මම ඒක වැඩ මුළුවකට ගියා බොරැල්ලේ MRI එකට...එකේ කැන්ටිමේ උදේ කෑම කකා ඉද්දි..මෙන්න මේ මනුස්සයා ඇවිත් කෑම කනවා...අනේ යස අපූරුවට කිසි වෙවිලිල්ලක් නැතුව...අයියෝ..මිනිස්සුන්ගේ සල්ලි....

20.06.2013 බ්‍රහස්පතින්දා..
.
මේ සතියෙම එක දිගට වැඩ..දැන් නම් ඇති වගේ
ඔන්න බලමු ඉතින් කොහොමද දිනපොතක් ලියන්නේ කියලා...
හවස ගෙදර ඇවිත් නාල කියලා බ්ලොග් එක වටේ රවුමක් ගහල...මොනවා හරි ලියල...රෑ උයන පිහන වැඩ..රෙදි සේදීම් එකී නොකී..සියලුම වැඩ කරලා.....අන්තිමේ මේ දිනපොතකුත් ලියනවා කියන්නේ....මහා අවුලක් නේද...


කාලෙකින් පොතක් කියවන්න ගත්ත...මගේ පොඩි පුතාගේ උපන්දිනේට මම ම අරන් දුන්න පොත...පියසේන කහඳගමගේ මහතා ගේ "රන්වන් කරල්..."
ගැමි වහරක් තියන ලස්සන කතාවක්...

21.06.2013. සිකුරාදා



සතිය ඉවරයි නේද...ඒ වුනාට මම හෙටත් වරුවක් වැඩ...
මගේ දිනපොත ලිවීම ගැන හිතුවේ දැන්..දැන් හිතුවා ..දැන් ලිව්වා...කොහොමද තත්වේ...

අද දවස ගැන හිතද්දී මට සිහියට එන්නේ...අද දවල් ගෙනාව අලුත් ලෙඩෙක් ගැන...මොනරාගල පැත්තේ ළමයෙක් වයස 28 ..ලොරියේ යද්දී නින්ද ගිහින් ගහක හැප්පිලා...එක කකුලක් කපලා...ඒ මදිවට head injury ...ළඟ ඉන්නේ අනෙකුත් මල්ලිලා දෙන්න...මේ ළමයට කියන දේ තේරුනාට මොකුත් කියාගන්න බැහැ...ඒත්..මා දුටු ඒ සහෝදර සෙනෙහස නම් ...ඇසට කඳුලක් ගෙනෙන තරම්....දරුවෙක් බලාගන්නවා වගේ තමන්ගේ අය්යව බලාගන්න ඒ මල්ලිලා දෙන්න ගැන මගේ හිතේ ඇති වුනේ හරිම ගවුරවයක්...

මගේ  මේ  සතියේ දිනපොත අවසානයි....අනේ මන්ද...මට ඉතින් වැඩිපුරම ලියන්න වෙන්නේ ලෙඩ්ඩු ගැනයි...බස් එකේදී දැකපුව ගැනයි..තමයි....මේ ලිවිල්ල එපා වෙන්නේ  අපහු කියවද්දී...දැනෙන දුක නිසා..
.



කියමු බලන්න ...දිනපොතක් ලියන එක ගැන දැන් අදහස....







16 comments:

  1. කට්ටිය ඔය ප්‍රසිද්ධියේ නොකිව්වට මොකද බොහෝමයක් දෙනා කැමතිම දෙයක් තමා අනුන්ගේ ඩයරි කියවිල්ල... කොටින්ම කිව්වොත් මාත් ආසයි.. ඕක පුරුදු උනේ ඉස්සර තරුනයා පත්තරේ තිබුන පිනාස් ගේ ඩයරිය කියෝලා..

    ඒකේ එක තැනක තියෙනවා මෙහෙම කෑල්ලක්...

    //අද නිමල් සැන්ඩ්විච් ගෙනල්ලා..ඔෆිස් එකේ කෙල්ලෝ ඌව වටකරගෙන ඒක කන්න. අනේ උගේ මහ ලොකු සැන්ඩ්විච්.. අපිත් පොඩි කාලේ පොල්සම්බෝල මැද්දට දාලා පාන් කාලා තියෙනවා.//

    (වචනයක් ගානේ සමාන නැත.. එහි තිබූ රටාව සහ අදහස පමණි)

    ඉතිං බලන්න දැනට අවුරුදු විස්සකටත් එහා බලාපු ඩයරියක කෑල්ලක් මතක හිටින මට ඒ කාලේ ලියාපු රචනාවක එක වාක්කියක් මතක නැහැනේ... රචනා වගේද ඩයරි.. බ්ලොග් වගේද ඩයරි.. අල වගේද ගෝවා...

    ලියන්න දිගටම ඩයරිය මේකේ.. :D

    ReplyDelete
    Replies
    1. ඒ පිනාස් ඩයරි ය ලිව්වේ තිහාරියේ මානෙල් පෙරේරා. රහ වෑහෙන මනුස්සයෙක්. දැන් ජීවතුන් අතර නැ ඔහු.

      Delete
    2. මාරයෝ...ඔයාට කිව්වට මොකද මමත් ඔය පත්තර වල යන ඩයරි කියවන්න ආසයි...
      හැබැයි...අර පොල් සම්බෝල කතාව නම්...අපේ අතීතයේත් තිබුන රසවත් මතකයක් නිසා වෙන්න ඇති..නේද ඔය තරම්ම මතක හිටියේ...
      දිගටම කෙසේ වෙතත්...ඉඳ හිට හරි ලියන්නම්කො...ඕපාදුප වගේ රස කෑලි ටිකක්....

      Delete
    3. බොහොම ස්තූතියි නලින් අයියා තොරතුරට.. බොහෝම රසවත් මතකයක් තමා පිනාස් එක්ක මට තියෙන්නේ... එතකොට අර මිස්ට මැරීඩ් ඇන්දේ කවුද..?

      Delete
    4. නලින්....ඔව් මමත් තිහාරියේ මානෙල් පෙරේරා ගේ ලියපු ඒවා කියවල තියනවා...ඇත්තටම මම ඉස්සර හිතුවේ ඒ ගැහැණු කෙනෙක් කියලා...නෑ..නේද...?

      Delete
  2. ලස්සන ලියවිල්ලක් ..බොහොම රසවත් වගේම , සංවේදී දිනපොත් සටහන් තැබිය හැකි වෘත්තිකයෙක් කරන්නෙක් මේ වගේ ලස්සනට සටහනකින් සිංහල බ්ලොග්අතරේ රැඳී ඉන්න එක සතුටක් ...සුබ පැතුම් ..

    ReplyDelete
    Replies
    1. මහේෂ්...ගොඩක් ස්තුතියි...ඔයත්..සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කෙනෙක් වගේ පේනවා...වරහන් ඇතුලේ තියන ලින්ක් එකේ...දිගටම මේ පැත්තේ එන්න...

      Delete
  3. මලයෝ ලියපං නියමෙට තියනවා. අපි එනවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. මේ..මේ...මම මලයෙක් නෙවෙයි..ස්ත්‍රී පරානයක්...කොටින්ම කිව්වොත්...හසරැල් ගේ අක්කා....හිකිස්....
      කොහොම උනත් කමක් නෑ......ඔයා මේ අඩවියට ඒමත් මට ගවුරවයක්...
      ඔය ඉඳ හිට...බැන්නට...නේද...?

      Delete
  4. මේක හොඳයි.. ඉඳ හිට පත්තර වල එහෙම යන්නෙ එක් එක් අයගෙ දිනපොත් සටහන්. ඒවා කියවද්දි අපි ඒ අත්දැකීම විඳිනවා වගෙ දැනෙන නිසා ද මන්දා මාත් හරි කැමතියි කියවන්න. ඔබ ලියන මේ සටහන් තුල හිතන්න දේත් ගොඩක් තියනව නෙ. ඔහොම ලියමු..

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන....ලියමු...හිතට එන දේවල් අපි ලියල..කියවද්දී..අපේ වගේ හැගීමක් දැනෙන්නෙ ඒ සමීප බව නිසානේ...

      Delete
  5. ඩොලියගේ ඩයරිය තමයි මට නම් මතක් උනේ.. මට ඇල්සයිමර්ද මන්දා.. එදා අද කියලා වෙනසක් නෑ.. මතකය බොහොම කෙටියි.. අනුන්ගේ ඩයරි කියවන එක කැත පුරුද්දක් නිසා කියෙව්වේම නෑ.. ඒ උනාට අනිත් අය කියන විදියට රහ ඇති... ඔය උඩින්ම ඉන්නේ නොම්මර එකේ ඕපාත කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. හා උඹ බබා.. වරෙන් නළවන්න හරහට දාලා.. :P

      Delete
    2. ප්‍රියන්ත...ඔය කියවල තියද..සිබිල් වෙත්තසිංහ ලියපු..කුසුමලතා...එකෙත් හරි ශෝක් ඒවා තිබුනා මේ වගේ...මාරයයි..ඔයයි දෙන්නගේ ඔට්ටුවට නම් ඔන්න අපි නෑ :)

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න