මේ පොස්ටුව ලියන්නට නිමිත්ත ආවේ අද හවස හොස්පිටල් එකේදී...
ගෙදර ඇවිත් ලියන්න ඕන කියල හිතුවට මගේ ළමයි දෙන්නටම වාර විභාගේ..
ඉතින් මාත් ඒ හරි හරියට පාඩම් කරන්න එපයි...
කොහොම හරි....මේකත්...ලියනවා අදම...කීයට හරි....
මගේ සේවය ලබාදෙන රෝහල තුලදී මට හමු වන මිනිසුන් විවිධාකාරයි...ජාතීන් ලෙසත්...ආගම් ලෙසත්..ස්ත්‍රී පුරුෂ ලෙසත්..විවිධාකාර වයස් මට්ටම් වලිනුත්..විවිධාකාර සමාජ මට්ටම් වල සහ...එකිනෙකට වෙනස් මතධාරීන් ලෙසත් මට ඔවුන් මුණ ගැසෙනවා...
එහෙත්...අහල තියනවා නේද..."රජෙක් වුවත් ලෙඩෙක් වුනොත්.." කියන දේ...?
නිරෝගී කම හැර සැපතක් ලොවේ කොයින්දා....
ජීවිතයේ අපි නොහිතන අන්දමින් අපි රෝගී වෙන්න පුළුවනි...ඒ වගේම..මා ඉහත කී කිසිම වෙනස් මට්ටමකට..මේ රෝගී වීම වලක්වන්න හැකි නොවේ...
මිල මුදලින් සපිරි සුපිරි දිවියක් ගත කරන්නාටද...මහා මග අගුවක වැතිර එදා වේල සපයාගන්න තැනැත්තාද...එක හා සමානව ආබාධයකට ගොදුරු වූ කල්හි ...අසරණ වෙති...
ඉතින් මේ පොස්ටුවේ..නිමිත්ත තුල ඉන්නේ මා වටා ඉන්න අපූරු චරිත කීපයක්...
අද..පුවත් පතක...FB වැනි සමාජ අඩවියන් තුල...උනුන් වහරේ...හැම තැනම ඇවිලෙන ජාතිවාදය...උනුන් හෙලා දැකීම තුල....අපත් වල්මත් වෙන අවස්ථා එමටයි...
ඒත්..මා මේ ලියන්නාවූ කිසිවක්..ඒ කා ගේ හෝ පුද්ගලික මති මතාන්තර හා කරන්නාවූ ගනු දෙනුවක් නම් නොවෙයි..
මේ ආබාධයන් නිසා අසරණ ව සිටින තවත් එක මිනිස් සමුහයක...හැගීම් සමග..යෙදුන පුංචි සංවාදයක්...
මට නම් කියන්න අවසර නැහැ...ඒ නිසා මම අනුවර්ත නාමයන් ගෙන් ඔවුන්ව හඳුන්වන්නම්...
මාගේ ප්‍රතිකාර සඳහා..එන රෝගීන් අතර...
එක මුස්ලිම් ජාතිකයෙක්..දමිල ජාතිකයෙක් සහ...සිංහල ජාතිකයෙක් ඉන්නවා...
ඔවුන් සියලු දෙනාම එකම වාටුවේ අය..
වයස් මට්ටම් ගත්තම...මුස්ලිම් ජාතිකයා...මොහොමඩ් කියමුකෝ...ඉතාම තරුණ වියේ ඉන්න කෙනෙක්..දමිල ජාතිකයා ..රාමන් කියමුකෝ...මැදි වියේ ..වයස 54 ක් විතර ඇති...
සිංහල ජාතිකයා...සිරිදාස කියමුකෝ..එයා ඉතාම වයසයි...70කට කිට්ටුයි...
මෙතන ජාතීන්..වයස්..ආදිය වගේම ඔවුන් ආ පරිසර පවා වෙනස්...ඒත්...රෝහලක් තුලට ආවම...ඔවුන් බොහෝ දෙනෙකුට ..තියන සමානකමක් තියනව නේ..ඒ තමයි...රෝගය..ආබාධය..අසරණ කම...මේ සමානකම තුල ඔවුන්...අර දහසක් අසමානකම්...අමතක කරලා...එකට ඉන්නවා...
මේ දවස් වල...මොහොමඩ් ට නෝම්බි අල්ලන්න බැහැ..එකක් එයා රෝගියෙක්...අනික..ඒ තරම් දින ගනනක් ඔහුට මේ සඳහා..නිවාඩු දී යවන්න බැරි රෝගයක ඔහු ඉන්නේ...ඒ වගේම අංශභාග තත්වයෙන් පෙලෙන සිරිදාස ට ...ගමට යන්න ඕන වුනේ..දෙවුන්දර පෙරහරට ඉන්න..එත්...සැතපුම් සියගණනක් ගෙවලා..ඒ තරම් දුරකට යන්න...අවසර ලැබුනේ...නැහැ...
මේ දෙන්නා...එක මේසෙට වාඩිවෙලා...ප්‍රතිකාරාත්මක ක්‍රියාකාරකම් කරන ගමන්...කතාකරන්නේ මේ පොදු ගැටලුව ගැන....
මේ කතාවලට සමහර වෙලාවට අපටත් මැදිහත් වෙන්න වෙනවා...මොකද මේ මිනිසුන්ගේ මානසිකත්වය නගා සිටුවීම ඉතා වැදගත් වන නිසා....
අද උදේ වරුවේ මම නිවාඩු...වරුවෙන් වැඩට ගියාම රෝගීනට මා හමු වන්නේ හවස් යාමයේ ප්‍රතිකාර වෙලාවේදී පමණයි...
රාමන් ව දැක්කම මම දවල් දෙකට.."good morning" කිව්වා...රාමන් ට ඉබේටම good morning නෝනා කියවුනා...ඒ එක්කම තමයි රාමන්ට මතක් වුනේ..මේ මහා දවල් කියලා...ඒ මිනිස්සුන්ගේ අහිංසක කම ගැන දුකත් හිතෙනවා...
ඒ එක්කම නෝක්කාඩුවක්...මොහොමඩ් ගෙන්...මිස් මට good morning කිව්වේ නෑ නේ කියලා...මම කිව්වා "මම රාමන් ට පොඩි විහිළුවක් කලේ...මේ උදේ නෙවෙයි නේ" කියලා..
මොහොමඩ් කියනවා..වෙලාව මොකක් වුනත් කමක් නෑ නෝනා...හිත හොඳින් අපිව පිලිගන්නවා නේ ..කියලා...
මේ මිනිස්සු අව්‍යාජයි...
මම අකමැති බොහෝ දේ මේ ජාතීන් අතරේ සිදු වෙනවා..නමුත් මෙතනදී ..ඔවුන් සියල්ලන්ම මනුෂ්‍යයන් පමණයි...
ජාතියක..ආගමක...සංස්කෘතියක සීමා බන්ධන වලින් වෙන් වී කා කොටා ගන්නා මිනිසුන්...එකම පවුලක අය මෙන් අසීරුතා බෙදා හදා ගෙන..එකිනෙකාට උදවු කරගෙන..සිටිනා..අපුරුව බලන්න...
Wednesday, July 17, 2013
Saturday, July 13, 2013
දිනපොත...ආයෙත්....
මේ දිනපොත ලිවිල්ලත්...වෙලාවකට හරිම අගෙයි...
සහන් කියලා තිබුන නේ හරි හුරතල් ලියවිල්ලක් කියලා...
අපොයි ..මේ වයසක මම හුරතල් ලියවිලි ලියන්නේ කොහොමද...?
( sahan...this is a joke...ok)
කොහොම හරි ඕපාදුප ටිකකුත් එක්ක ...වැදගත් කරුණු ටිකකුත් ලියන්නයි..මේ දිනපොත එන්නේ....
--------------------------------------------------------------------------
සඳුදා.....08.07.2013.
ඔන්න සඳුදා......කොහොමද ඉතින්....
වීක් එන්ඩ් එක කොහොමද...
මම නම් රෙදි සේදුවා..ඉව්වා...ටියුෂන් පන්ති ගියා..පොලේ ගියා...බලාගෙන යද්දී පැය 24 මදි....
සතියේ අනිත් දවස් වල මට මේ තරම් වැඩ නැහැ නේ...
කොහොම්ම හරි සඳුදා උදේ කියන්නේ ලෝක යුද්දේ වගේ නේ ...
ඒ මදිවට කෝච්චි ස්ට්‍රයික් එකක් ..අපිටමයි මේ සේරම...
බලාගෙන යද්දී...මේ ස්ට්‍රයික් එකත්...අපිවම කන්න ආපු එකක්....
මොකද ...මේ ස්ට්‍රයික් කරන මහත්වරු ඉල්ලන්නේ...පරිපූරක වෛද්‍ය සේවාවේ වැටුපලු නේ...(මහා ලොකු basic එකක් තියනවා නම් බැරිය...)
තර්කය.....මොකක්ද....
බදවාගැනීමෙදී...සමාන සුදුසු කම් වලින් ගැනීම....
මේක පුදුම රටක්...නේ...
තව ටික දවසක් ගියාම....අවුරුදු 5ක් ට්‍රේනින් ගත්තු ඕනෑම කෙනෙක්....වෛද්‍යවරයෙක් ගේ වැටුපත් ඉල්ලාවි...ඇයි ඉතින්..එක දේකින් හරි සමානයි නේ...
මම නම් කිව්වේ දීලා දාමු ..හැබැයි ඊට පස්සේ...අපිට රැ දැන් නොලැබෙන..OT..බටා...එහෙම අපිටත් ඉල්ලා ගම්මු කියලා...මොකද..අපිට හීනෙන් වත් රුපියල් ලක්ෂයකට එහා යන පඩියක් ලැබෙන්නේ නැහැ නේ...
හෙට ඉඳල මට කෝච්චියේ යන එක තහනම් වෙයි ද...?
මාව අඳුනන අය මගේ අනන්‍යතාවය හෙළි කරන්න එපා...
හවස යම යුද්දයක් කරලා..බස් එකේ ගෙදර ආවා.....
අනේ කෝච්චි වාසනාවන්...
----------------------------------------------------------------------------
අඟහරුවාදා 09.07.2013
අදත් වැඩට ගියේ පෝලිමේ ඉදලා බස් එකකට ගොඩ වෙලා ..වැඩිත් වුනා..මගේ එහා පැත්තේ ඉන්න මල්ලි..හොඳටම නිදි..පව්..මගේ උරහිසටම වෙලා..
කාගේ වුනත් දරුවෙක් නේ..හෙමීට කතාකරලා කිව්වා...නැගිටලා..එහාපැත්තෙ හිටගෙන ඉන්න අන්කල් ට හේත්තු වෙලා නිදාගන්න කියලා...
මම එහෙමයි....
අද අපිට වැඩමුළුවක් තිබුනා...උදේ 8 වෙද්දී හොස්පිටල් එකේ ඉන්න කිව්වට මම යද්දී...8.30 යි....
කමක් නෑ..පටන් ගත්තේ 9 ට ...(ලංකාවේ වැඩසටහන්..ඔහොමයි නේ..)
අද තිබුනේ...අත් සම්බන්ධ අනතුරු සඳහා ප්‍රතිකාර..ඔස්ට්‍රේලියාවේ ඉඳල ආව වෛද්‍යවරයෙක් හා වෘත්තීය චිකිත්සක වරියක් තමයි මේ වැඩමුළුව පැවැත් වුයේ...
හුඟක් දේවල් නම් අපි දැනටමත් කරන ඒවා..තමයි..නමුත්..තවමත්..සුදු හැම ඇති කෙනෙක් කියලා දුන්නම අපේ අය..බලන්නේ අනේ අපි මේ මොකුත්ම දන්නේ නැහැ නේ..කියලා...
මම හදපු අත් පත්‍රිකාව තුල අඩංගු වුන කරුණු....වෘත්තීය චිකිත්සක නිලධාරිනිය එයාගේ වචන වලින් කිව්වා....
බලාගෙන යද්දී.....කොයි රටෙත්....එකම දේ තමයි...
මම මේ ලෙක්චර් එක හා සම්බන්ධ දේවල් වෙලාවක ලියන්නම්...වෙන පෝස්ටුවක...
දැනුවත් වීම ඉතාම වැදගත් නේ....මම අර කලින් ලිව්වා පෝස්ටුවක් මතකද...දැනුවත් වීම කියලා...අන්න ඒකෙත් කියන්නේ මේ වගේ දේවල් තමයි...
---------------------------------------------------------------------------
බදාදා 10.07.2013
හ්ම්ම්ම්......කොහොමද ඉතින්...ඔන්න මම පෝස්ටු කීපයක් ලියන්න මුල පිරුවා...
ඒවා නම් එළි දකිද්දී ටිකක් කල් යාවි..ලෙඩ රෝග ප්‍රතිකාර ගැන ලියන එක මේ දිනපොත වගේ ලේසි නැහැ...scientific terms නැතුව සරල වචන හොයා හොයා ලියන එක ටිකක් අමාරුයි...
සහන්..නලින් ඇතුළු බොහෝ දෙනෙක් ගේ ප්‍රතිචාර සහ අදහස් දැක්වීම් වලින් මට ලැබෙනා දිරිය නම් කියලා නිම කරන්න බැහැ..
මම බ්ලොග් එකක් ලියන්න හිතුවේ මගේ මල්ලි ගේ(හසරැල් ගේ ) බ්ලොග් එක කියවලා ආසාවට...ඉස්සර ඉඳල ලියන ආසාව තිබුනට ....මේ වගේ නොදුටු වුනත්..හොඳ යාලු මිත්‍රයන් ගෙන් ප්‍රතිචාර ලැබෙන ක්‍රමයක් මම දැනගෙන උන්නේ නැහැ...
කොහොමත් දැන් මගේ ජීවිතයේ කොටසක් වෙලා..මේ බ්ලොග් ලිවීමත්..මේ ඔස්සේ අලුතින් දෙයක් කියවන්න...නැවත දෙයක් ලියන්න ..මම පෙළඹෙනවා...
ඒ දෙන දිරියට ස්තුතියි..ඔයාල හැමෝටම..

බ්‍රහස්පතින්දා 11.07.2013
මේ දිනවල මගේ රෝගියෙක් ඉන්නවා පොළගෙක් කාලා ඇවිත්...පොලොන් විසට ප්‍රතිකාර කරන්න යන අතරේ....heart attack එකක් ඇවිල්ල..දැන් මොළයට වූ හානිය නිසා..ආබාධිත වෙලා...
අපි අප අවට ලෝකය ගැන කොයි තරම් සංවේදී ද ...
ඒ සංවේදනයන් නොදැනුන දවසක..වෙන දේ ඔබට හිතා ගන්න පුලුවනිද..?
ඇහැට පේන්නේ නැති...
කනට ඇහෙන්නේ නැති...
දිවට රස නොදැනෙන ..
ස්පර්ශයක වෙනසක් නොහැඟෙන.....
ජීවිතයක්.....
මම හිතන්නේ..කවදාවත් බැහැ..හිතාගන්න වත්...
ඒත් ...එහෙම වෙන අය ඉන්නවා....
මේ වගේ රෝගීන් ගැන මම දවසක ලියන්නම්...
ඉතින්...සතුටු වෙන්න..අපි තාමත්..හැගීම් දැනෙන මිනිසුන් ලෙස ඉන්න එක ගැන...
ඔබට සුභ සති අන්තයක්...

කොහොමද ඉතින්....අද මම පොඩි නිවාඩුවක් දැම්ම....නිවාඩු කිව්වට මොන නිදහසක් ද...?
උදේ බ්ලොග් එක චුට්ටක් බලලා...වැඩ පටන් ගත්තු මට...ඔන්න දැනුයි..ආපහු එන්න ලැබුනේ..හිරු කියාපු පාර දිගේ...නෑදෑයෝ ගොඩක් ඇවිත් මගේ දිහාවේ.....සාදරයෙන් ආදරයෙන්..සහ හද පිරි ගවුරවයෙන් ඔයාල හැමෝම පිලිගන්නවා...(ගවුරවය හරියට ලියන හැටි කියලා දෙන්නකෝ කවුරුහරි...නලීන් ...ප්ලීස්...ගයනු කිත්ත කොටන හැටි කියලා දෙන්නකෝ...)
උදේ නැගිටිද්දී 4යි...උයන්න ගියා...එක එලවලුවයි හැදුවේ ගෑස් එක ඉවර වුනා....හැමදාම හිතන් ඉන්නවා අමතර ටැංකි පොඩ්ඩක් ගන්න...ඒත්..ආයේ ඒක මතක වෙන්නේ ගෑස් ඉවර වුන දාටම තමයි...
ගෑස් එන්නේ 8 පහු වෙලා....මොකද කරන්නේ...පොඩි දෙන්නයි ස්වාමිපුරුෂයයි...නිවසින් යනකල් ඉඳලා...ඊයේ හොස්පිටල් එකේ ලයිබ්‍රරියෙන් ගෙනාව පොත කියවන්න ගත්තා...
හිත කීරි ගැහෙන කතාවක්...JAICY DUGUARD ගේ A STOLEN LIFE...සිංහල පරිවර්තනය...අනුල ද සිල්වා මහත්මිය...."සොරාගත් නිරුවත "
ළමා අපචාර බහුල අපේ රටෙත් මේ වගේ දේවල් අනන්තවත් වෙනවා ඇති...කියවලා තියන අය මේ ගැන දන්නවා ඇති..නැත්නම්...හොයන් කියවන්නකෝ...
ජීවිතේ පොඩි වෙනසකටත් එක්ක ..කොන්ඩේට පොඩි RELAXING සාත්තුවක් කරගත්තා...ගෙදරදීම...
අර ක්‍රීම් එක ගාල මම කරට රෙද්දක් දාගෙන තමයි ඉතුරු වැඩ කලේ ...අපේ ජෙෆ්....(මගේ බලු සුරතලා...) මගේ දිහා බැලුවේ නිකම් කෝචෝක් තාලෙට...සුපර් මෑන් ද (වුමන් ද..) කියලා අහනවා වගේ...
---------------------------------------------------------------------
.සිකුරාදා..12.07.2013...
අද ඉතින් සිකුරාදා...සතියක් ඉවරයි...මේ දිනවල මගේ රෝගියෙක් ඉන්නවා පොළගෙක් කාලා ඇවිත්...පොලොන් විසට ප්‍රතිකාර කරන්න යන අතරේ....heart attack එකක් ඇවිල්ල..දැන් මොළයට වූ හානිය නිසා..ආබාධිත වෙලා...
අපි අප අවට ලෝකය ගැන කොයි තරම් සංවේදී ද ...
ඒ සංවේදනයන් නොදැනුන දවසක..වෙන දේ ඔබට හිතා ගන්න පුලුවනිද..?
ඇහැට පේන්නේ නැති...
කනට ඇහෙන්නේ නැති...
දිවට රස නොදැනෙන ..
ස්පර්ශයක වෙනසක් නොහැඟෙන.....
ජීවිතයක්.....
මම හිතන්නේ..කවදාවත් බැහැ..හිතාගන්න වත්...
ඒත් ...එහෙම වෙන අය ඉන්නවා....
මේ වගේ රෝගීන් ගැන මම දවසක ලියන්නම්...
ඉතින්...සතුටු වෙන්න..අපි තාමත්..හැගීම් දැනෙන මිනිසුන් ලෙස ඉන්න එක ගැන...
ඔබට සුභ සති අන්තයක්...
Friday, July 12, 2013
අසා තිබේද මේ ගැනත්.....
මේ ලියන පෝස්ටුව..අද බොහෝ දෙනාට හුරු ස්නායු ආබාධ තත්වයක් ගැන...
ගිලන් බාරේ සින්ඩ්‍රෝමය....
මෙහි සම්පූර්ණ නම Guillain Barre Landry Syndrome
අද බොහෝ දෙනා මේ රෝග තත්වය ගැන යම් ප්‍රමාණයකට දන්නවා...
ඉතින් මගේ මේ පෝස්ටුව ඒ සම්බන්ධ වැඩි දුර කරුණු ඔබට ගෙන ඒවි...
අපි හැමෝම පුංචි කාලේදී විද්‍යාව හදාරන කොට ඉගන ගත්තු ස්නායු සෛලය මතකද...?
මේ ඉන්නේ එයා තමයි....
ඉතින් මේ ස්නායු සෛල දෙකක් හරහා...සංවේදනයක්...ගමන් කරන්නේ ස්නායු පණිවිඩයක් ලෙසයි...
ස්නායු සෛලයක උත්තේජනය ගමන් කිරීමේදී මයලින් කොපුව වැදගත් වෙනවා....මුළු පාඩම ම මතක් කරදෙන්න ඉඩ නම් නැහැ..ඒ වුනාට යන්තමට හරි අපි කාටත් මේක මතකයි නේ...?
මයලින් කොපුව තියෙන්නේ ස්නායු සෛලයේ ඇක්සෝනය (axon) වටා...
මේ මයලින් කොපුවෙන් කරන්නේ ස්නායු උත්තේජනය ගමන් කරන එක වේගවත් ව කරදීමයි...
ගිලන් බාරේසින්ඩ්‍රෝමයේදී වෙන්නේ මේ මයලින් කොපුවට හානි සිදු වීමයි..මෙය වන්නේ කොහොමද කියා හරියටම කියන්නට බැරි වුනත්....අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වන කුමක් හෝ ප්‍රශ්නයක් නිසා තමයි මෙය වෙන්නේ...බොහෝ විට බැක්ටීරියා හෝ වයිරස් තත්වයක් නිසා මෙය ඇති වෙන්න පුළුවන්...මේ දෙකම නිසා ප්‍රතිශක්තිකරණයට හානි වෙනවා නේ...
කොහොම වුනත්....ගිලන් බාරේ සින්ඩ්‍රෝමය ට හේතුව...එහෙම නැත්නම්..cause එක...හැමතිස්සෙම කියවෙන්නේ unknown...කියලයි...
සමහර විට මේ මයලින් කොපුවට පමණක් නොව ඇක්සෝනයටත් හානි කරනවා....
මතක තබාගත යුතු තවත් දෙයක් වන්නේ ..මෙහිදී හානි වන්නේ බාහිර ස්නායු පද්ධතියට අදාළ ස්නායු වලටයි...
ඉතින් මෙහෙම වුනාම වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න පුළුවන් නේද...?
ස්නායු සෛලයේ උත්තේජන ගමනේ වේගය අදාළ වීමයි...
ස්නායු සෛලයකින් කෙරෙන දේ ...දන්නවා නේද,,...?
මොලයෙන් එන පණිවුඩ අදාළ ඉන්ද්‍රියයන් කරා රැගෙන එම සහ..ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන පණිවුඩ මොලය කරා ගෙන යාම..යන දෙකම මෙහිදී ස්නායු විසින් කරනු ලබනවා..
ඉහත තත්වය සිදුවූ විට ..ස්නායුවට බැහැ..මොලයෙන් දෙන පණිවුඩය අදාළ මාංශ පේශි වෙත් නිවැරදි ව සහ කාර්යක්ෂමව ලබා දෙන්න....මෙහිදී සිදුවන්නේ ..ඉන්ද්‍රියයන් සහ අවයවයන්...ක්‍රියාකාරී වීම වැළකීමයි...
ඒ වගේම මොළයට ඉන්ද්‍රියයන්ගේ සිට නිවැරදි ලෙස පණිවුඩ නොයන නිසා....සංවේදනයන් ආදිය අපි වටහා ගන්නෙත් වැරදි විදියට...
ඉතින් මේ දෙයාකාරයෙන්ම රෝගය නිසා,....බලපෑම් ඇති වෙනවා...
ගිලන් බාරේ සින්ඩ්‍රෝමය සෑදුන කෙනෙක් මුලින්ම කියන්නේ ඔවුන් ගේ අත් සහ පාද වල හිරිවැටීම් සහ ක්‍රියාකාරී වීමේ ගැටළු ඇති වුන බවයි..මීට හේතුව..අත් සහ පාද පිහිටා ඇත්තේ මොලයේ සිට බොහෝ දුරකින් ස්නායු සම්බන්ධතා සහිතව බැවින්....මේ නිසා..මුලින්ම ඈතින් ඇති අවයව වල තමයි..ගැටලුව ඇති වෙන්නේ...
මෙම රෝගය වයස් මට්ටමක් , ස්ත්‍රී පුරුෂ බේදයක්...හෝ තරාතිරමක් නැතුව ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන්...ඉස්සර නම් මෙය ටිකක් දුර්ලභ රෝගයක් ..ඒ කියන්නේ 100,000 න් එක් අයකුට වගේ හැදෙන බවයි කිව්වේ..අනේ මන්දා...දැන් නම්...අපේ රෝහලට මේ වර්ගයේ අය හරියට එනවා...
රෝගීන්ගේ රෝග ඉතිහාසය බැලුවම කියවෙන එක දෙයක් තමයි...මෙය වෙන්නට පෙර ඔවුන්ට බොහොමයක් විට...යම් රෝගයක්...ශ්වසන හෝ ආමාශයික/ ආන්ත්‍රික පද්ධති අදාළ රෝගයක් වැලදී තිබිල තියනවා...
මේ හා සමගම ඇති වන අප්‍රාණික තත්වය සහ දැනීමේ මඳකම..දිනක්..දින කීපයක් ..සතියක් ..වගේ කාලයක් තුල ක්‍රම ක්‍රමයෙන් වැඩි වීගෙන යනවා...හුස්ම ගැනීමේ සහ ආහාර ගැනීමේ අපහසුතා ද මේ සමගම ඇති වෙන්න පුළුවන්...
එහෙම වුනොත් බටයක් දාලා ...හුස්ම ගැනීම පහසු කරනවා..
Tracheostomy කරනවා කියන්නේ එකටයි...
මේ රෝගය සමහර විට ජීවිත අවදානමක් සහිත වෙන්නත් පුළුවනි.
ඒත්..මුල් රෝග තත්වයන්ට නිවැරදි ව ප්‍රතිකාර කළහොත් ...මෙහි භයානක තත්වය මගහරවා ගත හැකියි...
ඉන් පසු කල යුතු වන්නේ ඉතුරු වන සංකුලතාවයනට ප්‍රතිකාර කිරීමයි..
මේ රෝගයට බෙහෙත් වලින් කල ප්‍රතිකාර වලට සමගාමීව ව්‍යායාම ප්‍රතිකාර ද අවශ්‍යයි..
භෞත චිකිත්සාව..
වෘත්තීය චිකිත්සාව
වගේම කථන චිකිත්සාව ද
මේ රෝගීන්ට අවශ්‍ය වෙනවා..
මාංශ පේශි වල ඇති වන දුර්වලතා හේතුවෙන් ඇති වන ගැටළු සඳහා...මාංශ පේශි ශක්තිමත් කිරීමට ව්‍යායාම කල යුතුයි..
.අත් වල ග්‍රහණය පවත් වා ගැනීමට.
.වගේම..නිවැරදි ලෙස ඔවුන්ගේ එදිනෙදා කටයුතු කිරීමටද නැවත හැකියාව ලබාදිය යුතුයි...
මේ රෝගය සමග එන සංවේදන ගැටළු සඳහා..අදාළ සංවේදන ප්‍රතිකාරද කල යුතුයි..
ඒ වගේම..කතා කිරීමේ හෝ ආහාර ගිලීමේ ගැටළු උදෙසා කථන චිකිත්සක නිලධාරියකුගේ උපදෙස් ද වැදගත් වෙනවා...
ඇතැම් විට කෙනෙකු ඇවිදීමේ අපහසුතාවන් සහිත වෙන්නත් පුළුවන්..බොහෝ දෙනෙක් ඇවිද්දවන්නට හැකි වුවත් වයස සහ වෙනත් ගැටළු හේතුවෙන් රෝදපුටුවට සීමා වෙන්න සිදු වන අතලොස්සක් ඉන්නවා..ඔවුන් සඳහා...ඒ අදාළ පුහුණු කිරීමද කල යුතුයි..
මේ රෝගය ගැන ඔබට ඉතාම කෙටි හඳුන්වා දීමක් තමයි ..මේ සිදු කලේ..
ඉතින්....මොනවා හරි අහන්න තියේනම්...නොපැකිලව අහන්න...
දන්නා කරුණු කියාදෙන්නම්...
ඒ වගේම...ඔබ දන්නා කවුරුන් හරි මෙවන් ස්නායු ආබාධයකින් පෙළෙනවා නම්...ඔහු/ඇය..වෙත ප්‍රතිකාර ලබාගැනීමට ඉතාම සුදුසු තැනක් තියනවා..
ඒ මෙන්න මේ රෝහලයි...
ඉතින්..ඔබට සුබ සති අන්තයක් වේවා..
අද සිකුරාදා..
හෙට ..අනිද්දා දිහාට දිනපොත ලියලා දාන්න එන්නම්...
අනිත් එක...පොඩි ඔත්තුවක්..මේ...
කවි කියවන්න ආස...මගේ යාලු මිත්‍රයන් සඳහා....
මගේ "මේ අහස යටම.." කවි බ්ලොග් එකක් තියනවා..ඉඩක් ලැබුනොත්..බලන්න...
kithcreations.blogspot.com කොටලා බලන්න...

Monday, July 8, 2013
දිනපොතෙන් සතියක්....
ගිය සතිවල නොලියපු දිනපොත අද ලියන්න හිතුනා...
අද සෙනසුරාදා නේ...සතියක දේවල් කටුසටහනක් ගහලා මතකයේ තියන් ඉඳලා...ලියන එකත් ලේසි පාසු වැඩක් නොවෙයි..
වයසට ගියත් මතකය තවමත් නරකම නැහැ ....
ඉතින් මේ මගේ දින සටහන් ..
සඳුදා....01.07.2013
පුරුදු විදියටම සඳුදා උදේ කෝච්චි සටන ඇරඹුනා....සඳුදා උදේ සෙනග ටිකක් වැඩියි නේ..මම කොහොමත් මීගමුවට ආසන්නයෙන්ම නගින නිසා පොරකාලා නැගලා සීට් එකක් අල්ලා ගන්නවා...
මගදී ..මගේ යෙහෙළියකට සීට් එක දීලා ඉතුරු ටික හිටගෙන යනවා...
මේ විදිය කෝච්චි වල යන අය සාමාන්‍යයෙන් කරන දෙයක් නේ...
ඔන්න ඉතින් පුරුදු ලෙසම මගේ මිතුරිය නැග්ගම මම සීට් එක දීලා හිටගත්තා..
ජා ඇල හරියට එද්දී..මගේ මිතුරිය අහනවා...."අර ඉන්න ගැහැණු ළමයා ප්‍රෙග්නන්ට් ද "කියලා...
මමත් බැලුවා...කොහොමත් ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් සීට් එක දෙන එක අපේ යුතුකමක් නේ...
ගැහැණු කෙනෙක් නම් ඉන්නවා...උඩට අන්දපු බ්ලවුස් එක දිහා බැලුවම බඩකුත් වගේ පේනවා..ඒත්.ඇඳලා ඉන්නේ ඩෙනිම් කලිසමක්...ටයිට් ඩෙනිමක් ....
සීට් එක දෙන්න කතා කරලා බැනුම් අහන්න වුනොත්...කියලා සද්ද නැතුව උන්නා අපි දෙන්නම...කොහොම හරි රාගමින් බැස්සම මේ ගැහැණු කෙනාත් බැහැලා බැන..බැන යනවා මුළු කෝච්චියටම...
ඇත්තටම ..කාගේද වරද...අපි කතා වුනා...දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් ගේ තියන මාතෘ පෙනුම ...කෙනෙකුට හඳුනා ගන්න තියන එක සංකේතයක් තමයි..ගැබිණි සමයේදී අඳින ඇඳුම...
ඉස්සර දරුවෝ ලැබෙන්න හිටපු කාලේ...(මීට අවුරුදු 10 කට විතර එහාදී)...අපි ඇන්දේ ඒ වගේ ඇඳුම්...බෝරිච්චි අත් දාලා...මල් ඇප්ලික් කරලා..තිබුන ඒ ඇඳුම් දැක්කම හරිම ආසයි..දණහිසෙන් දිගට අන්දපු ඒ ඇඳුම් නිසා කවදාවත් බඩ ලොකු වෙද්දී වත් අසංවර..අප්‍රසන්න පෙනුමක් ආවේ නැහැ..
ඒත්..දැන් අඳින්නේ එක්කෝ..මම ඉහත කියපු වගේ ඇඳුම්..නැත්නම් කොටම කොට ගවුම්..
මේ විප්‍රකාර දැක්කම මිනිස්සු සීට්දෙයිද...?
ඔන්න..සඳුදා...වෙච්ච එක සිද්දියකින්...දිනපොතේ පිටුව පිරුනා....
අඟහරුවාදා.....02.07.2013
ආහ්හ්.....කොහොමද...බලමුකෝ පැය 24 ක් ගෙවුන ඉක්මන...
ජීවිතේ ...ගතවෙන්නේ රෝහලේමයි..නිවාඩුවක් දාපු දවසක් මතක නැහැ....
නිකම්..හේතුවක් නැතුව නිවාඩු අරන් මොකටද..?
මේ දවස් වල ටිකක් බරපතල ලෙඩ්ඩු දෙතුන් දෙනෙක් ඉන්නවා..වාට්ටුවේ...
එක්කෙනෙක්...පොළගෙක් කාලා...ඊට පස්සේ ආව ස්නායු ආබාධයක් නිසා....දැඩි සේ ආබාධ වූ කෙනෙක්...පව් කියලා හිතෙන්නේ...ඔහු කලක් හමුදාවේ සේවය කල කෙනෙක්...
අත් පා ආදිය සේරම ඇඹරිලා වකුටු වෙලා ඉන්න ඔහුව දිග හරින්න තනිවම නම් බැහැ...
අනිත් කෙනා...දෙදරු පියෙක්...ලොරියක් පදවා ගෙන යද්දී..නින්ද ගිහින් ගසක හැපිලා...මොළයට හානි වුන කෙනෙක්...එක කකුලකුත් කපලා ඉන්නේ....කතා කරන්නත් බැහැ...
ඒත්...ප්‍රතිකාර සඳහා ආවාම ඇස හා අත් භාවිතා කර ඔහු සන්නිවේදනය කරන හැටි දුක හිතෙනවා...
මිනිස්සු...එක් දවසක් තුල..ජීවිතයේ කොයි තරම් දේවල් වලට කා වැටෙනවද...?
ඒත්..මේ මිනිස්සු යදින්නේ...ජීවිතයයි....
බදාදා ....03.07.2013
මගේ සමීපතමයෙක්...ඊයේ මට ඡයා රූපයක් එවලා තිබුනා...ඒක පල කරන්න බැහැ..මොකද ඒ දෙන්නා ජීවතුන් අතර ඉන්න අදටත් මට..ඔබට මගදී මුණ ගැහෙන අන්ධ යුවලක් නිසා..
ඇත්තටම ඒ රූපය හරිම භාවාත්මකයි...ඇස්දෙක නොපෙනුනත්..රෑ කෝච්චියේදී මුහුණින් මුහුණ බලන් ඉන්න මේ දෙන්නගේ මුහුණේ පිරිලා තිබුනේ..ආදරය..පමණයි....
මම එය දුටුවේ පින්තුරයෙන් වුවත්..මට එය එවූ කෙනා සජීවීව දැකලා තිබුනා....
ඔහු මගෙන් මේ රූපය සමග අසා තිබුනේ..එක දෙයයි...
ඒ "is love blind..?" කියලා..
මේ ඔස්සේ දීර්ඝ සංවාදයක යෙදුනා අපි...
මට ඒ ඔස්සේ හැඟුණ දේවල් මම වෙන පෝස්ටුවක ලියනවා....
මට හුගාක් සින්දු අතරෙන් මතක් වුනේ ....
අමරදේව මහත්මයාගේ...ආදරයද මේ...සිංදුව....
"සිත් දැහැනේ වෙලී තිබුණ..
නෙත් දැහැනේ ගලා හැලුන
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...
හිරු රහසේ කියාදුන්න
ආදරයද...මේ ..."
බ්‍රහස්පතින්දා....04.07.2013
සතියකුත් ඉවර වෙන්න ලඟයි...ජීවිතේ ගලා යනවා...සමහර වෙලාවට හරිම කලකිරීමක් දැනෙනවා...
මගේ ළඟ ලොකු බලාපොරොත්තු නැහැ...ඒත්...
දැන් මොනවා හරි කරන්න ඕන කියලා හිතෙනවා,,,ගිය අවුරුදු දෙකම ඩිග්‍රී එක නිසා ගත වුනා නොදැනීම..
දැන් ඉගන ගන්න දේකුත් නැහැ...කරන්න දේකුත් නැහැ..
කවියක් ලියලා ..පොතක් කියවලා..මල් පැලයක් හිටවලා ...කාලේ මරාගත්තට
මේ ඒකාකාරී බව නිවාගන්න බැහැ නේ...
හවස බස් එකේ එනගමන් දැක්ක දෙයක් ගැන...ලියන්න හිතුනා..
සදාචාරය ගැන නම් අනේ මන්දා...
මට දැනුනේ...බුදුහාමුදුරුවෝ දේශනා කල එක දෙයක්....
කෙනෙකුට..ලබාගත හැකි අමාරුම දෙයක්...තමයි..මනුස්සයෙක් වෙලා උපදින එක...
අද මම ආව බස් එකට නැග්ග කෙනා ගැහැණු ද පිරිමි ද කියලා මට හිතාගන්න බැහැ...
සමහරු ව්‍යවහාරයේ...යම් නමකින් හඳුන්වන ආකාරයේ කෙනෙක්..
ඇඳුමින් පැළදුමින් කාන්තාවක් වගේ වුනත්...පිරිමි ලකුණු මුහුණේ තිබුනා...
ජීවිතයේ අභාග්‍යය තමයි....නේද...?
ඒත්...තමන්ගේම ෆැන්ටසියක තනි වෙලා ඔහු/ඇය....අනිත් අය ගැන නොහිතා ගමන ගියා...
සිකුරාදා 05.07.2013
අම්මෝ...සතියක් ගියපු ඉක්මන...
දිනපොතක් ලියන එකත් ඒ හැටිම ලේසි නැහැ...නේද...
ලබන සතියේ batch trip එක යනවා...අම්බුළුවාවෙලු...
අද batch photo ගත්තා...
සුදු ඇඳන් photo ගන්නවා කියන එකත් ලේසි නැහැ ...
මට අද සිකුරාදා ලියන්න දෙයක් ඇත්තෙම නැද්ද...?
ම්හු...මතකයට එන්න දෙයක් නැහැ....
සුබ සති අන්තයක් වේවා....

Saturday, June 29, 2013
දැනුවත් වීම...
දැනුවත් වීම....awareness....
අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝයි...එය පිළිගන්නට කොයි තරම් අකමැති වුවත් සත්‍යය එයයි...
අපි මිනිසුන් ලෙස යම් යම් පරාසයන් ගැන කරුණු දන ගත්තත් ..ඒ හැමදෙයක්ම ගැන නෙවෙයි.
විශේෂයෙන්ම අපිට වැළඳෙන ලෙඩ රෝග ගැන...ඒ හා සම්බන්ධ ප්‍රතිකාර ගැන..එතකොට..මේ රෝග සම්බන්ධ රුධිර පරීක්ෂණ ගැන ..කල යුතු අනෙකුත් පරීක්ෂණ ගැන..අපි යම් තාක් දුරට දැනුවත් වී සිටීම වැදගත් වෙනවා...
දැනුවත් වෙනවා කියන්නේ කරුණු සේරම හොයා බලා ගෙන...ඉතුරු ප්‍රතිකාර ත් තනියම කරගන්නවා කියන එක නෙවෙයි...
තමන් හෝ තමන්ගේ නිවැසි කෙනෙක්..අසල්වැසියෙක් ..කවුරුන් හෝ දන්නා අඳුනන කෙනෙක් ගේ අවශ්‍යතාවයක් අනුව මේ දේ විය හැකියි...
රෝගයක් සම්බන්ධව අපි මුලිකව දැන ගත යුතු මොනවාද...?
මුල්ම දේ තමයි ...මෙම තත්වය ඇති නොවී සිටීමට හැකියාවක්..මින් වැළකී සිටීමේ හැකියාවක් තියේද යන්න...
අපි දැනුවත් වන්නේ කෙසේද...?
එක විදියක් තමයි....දන්නා කාගෙන් හෝ අසා දැනගැනීම...
මේ දන්නා කෙනෙක් කියන්නේ එම ක්ෂේත්‍රයේ පළපුරුදු බවක් තියෙන කෙනෙක් විය යුතුයි...
තමන්ගේ අවබෝධතාවයට සහ අවශ්‍ය මට්ටමට අදාළ කරුණු ගැන දැනගත්තම හොඳටම ඇති නේ...
මොකද...operation එකක් කරන්නේ මොකටද..එකේ ඇති විය හැකි සංකුලතා මොනවද....කියලා අහගන්න ඕන කෙනා..ඒක කරන විදිය පියවරෙන් පියවරට surgeon කෙනෙක් ගෙන් අහන්න ගියොත්...නැති ප්‍රශ්න ගොදකටයි මුහුණ දෙන්න වෙන්නේ...
ඒ නිසා...අදාළ දේ දැනගත්තම හොඳටම ඇති...
ඒ වගේම මේ ලෙඩ රෝග ගැන අද අන්තර්ජාලය තුල බොහෝ දේ තියනවා...අඩංගු වෙලා...තමන්ට ඒ ගැන දැනගන්න අවශ්‍ය දේ හොයා බලලා දැනගන්න පුළුවන්.හැබැයි....අවශ්‍ය දේ පමණක් ඔලුවට ගන්න...අනවශ්‍ය බරපතල තත්ත්ව ගැන නොහිතා...
උදාහරණයක් විදියට අපි හිතමු..කෙනෙකුට තමන්ගේ කවුරු හෝ කෙනෙකුට තිබෙන්නට ඉඩ ඇතැයි සැක පහල වුන...පිළිකා රෝග තත්වයක් ගැන...ඉතින්..කෙනෙකු මේ ගැන අන්තර්ජාලයෙන් කරුණු සොයා බලන විට එහි තියෙන අන්තිම භයානක තත්වය පමණක් ඔලුවට ගත්තොත්...මොකද වෙන්නේ...මේ අදාල නැති කරුණු රෝගියාගේ මනසට ගිහින් නැති ජංජාලයක් වෙන්න පුළුවන්....
ඒ නිසා..මනසට අවශ්‍ය කරුණු පමණක් උකහා ගත්තම ඇති,....
ඒ වගේම රෝගයට අදාළ අත් පත්‍රිකා..පුවත් පත් ලිපි ආදියත් නිතර පලවෙනවා..බෙදා හරිනවා නේ...ඒවා ලියන්නේ මේ වගේ ක්ෂේත්‍රය ගැන දැනුමක් ඇති අය ..ඒවා කියවීමත් ඉතාම වැදගත්....
ඉතින්...සමහර වෙලාවට මේ කියවන ලිපි වල තියන කරුණු හරියටම අවබෝධ කර නොගෙන....ඔලුව අවුල් කරගන්න අයත් ඉන්නවා...
ප්‍රශ්නයක් අවම ඒ අදාල ලිපිය හරි පත්‍රිකාව හරි බෙදා හැරපු කෙනාගෙන් අහන ඒක හරි වැදගත්...මොකද මේ ලිපි සහ තීරු පත්‍රිකා බෙදා හරින අය ලිපිනය සහ දුරකථන අංක ඒවායේ සඳහන් කර තියෙනවා...
සමාන අදහස් දරන අය එකට එකතු වුනාම අත්දැකීම් බෙදා ගන්නවානේ..සාකච්චා මාර්ගයෙන් මේ ගැන කරුණු බෙදා ගැනීමත් ඉතාම වැදගත්..මේ කණ්ඩායමට දැනුමැති කෙනෙක් එකතු කරගත්තොත්...මේ තත්වය වඩා ප්‍රතිපල දායක වෙයි...
කොහොම වුනත්..මේ ලිපිය ලියන්න මම පෙළඹුණේ...පහු ගිය දවසක මගේ ඔලුවට ආව අදහසක් මත මම රෝගීන් දැනුවත් කිරීමේ පත්‍රිකා වගයක් නිර්මාණය කරමින් පවතින බැවින්...දැනට එකක් හැදුවා...ප්‍රතිචාර නම් ඉහලයි....මොකද මගේ ලොකු මල්ලි. මට ඒවා ඕන අන්දමට හදල දෙන නිසා...සුපිරි මට්ටමටම design ඒක තියනවා ...
මේ තියෙන්නේ ඒක.....

ඉතින්....
යළි හමු වෙමු....
සුභ සති අන්තයක් වේවා....
Subscribe to:
Posts (Atom)