Sunday, November 24, 2013

67.ඒ සොඳුරු අතීතය ..

මේ සතියේ දිනපොත නොලියා...වෙන දෙයක් ලියන්න හිතුනා...
මම නම් ඉතින් කාටවත් මඩ ගහන මනුස්සයෙක් නෙවෙයි
මගේ සහෝදර ඩබල ..මාවම කන්න හැදුවට...
මටත් ඔය කිව්වට ...ඒ දෙන්නගෙන් මඩ පාරක් නැත්නම්..කෑවේ බිව්වේ නැහැ වගේ...
විශේෂයෙන්ම අපේ ලොකු එකා....
මට මඩ ගහන එක තරම් ආසාවෙන් කරන විනෝදාංශයක් මිනිහට නැතුව ඇති...


මොනවා වුනත්...ඔය කොල්ලෝ දෙන්නා..මට පණ වගේ....
මේ ආදරෙත් එක්ක මගේ අතීත මතකයන් චුට්ටක් මම මේ අවුස්සන්නේ...
මේවයින් මඩ හරි..එහෙමත් නැත්නම් හරිවැරදි බ්ලොගේ ලියන්න හිතන් උන්න ඒවා හරි ලියවෙලා නම් කමා කරත්වා...

මම අපේ පවුලේ ලොකු අක්කා....
අක්කා....කිව්වට හසරල්ලාට වඩා අවුරුදු 12ක්ම වැඩිමල්...
අනිකා ට වඩා අවුරුදු 5ක්....
අපේ අම්මලා අපි අතරේ ලොකු පරතරයක් තිව්ව එකෙන් ..අපි ට එයාලගේ අවධානය සැලකිල්ල හැමදාම නොඅඩුව ලැබුනා...
ඒ වගේම මල්ලිලා දෙන්න හින්දා...මම පොඩි කාලේ ඉඳන්ම කට්ට කෑවා..
ඇයි වදේ..අපේ අම්මා මුන් දෙන්නව බලාගන්න රාජකාරිය පැවරුවේ මට නේ...

අපේ ඔය ලොකු මලයා ඉන්නවා නේද..දැන් නම් ඉන්නවා අහිංසකයා වගේ..(වගේ කියලා විතරයි මම කිව්වේ...හරිද..)
පොඩි කාලේ මහා වසවර්තියා..හොස්ස ලඟින් මැස්සා යන්න බැහැ...යකා වගේ...
හැබැයි අනේ කසාද බැන්දට පස්සේ..ඔය ගති ඇරුනා..පවුලගෙන් ගුටි කනවා කියන එක වුනත් හැමදාමත් බැරි නිසා වෙන්න ඇති...
ඒ දවස් වල..අපේ අම්මලා කියන්නේ අපි දෙන්නා..ගිය ආත්මේ වෛරක්කරයෝද මන්දා..කියල..
ඒ තරමට ගහ ගන්නවා...ගහ ගන්නවා කියන්නේ ගුටි කනවා මම ...මේ අලියා මට පතබාන කොට ඒ කාලේ කෝටුකිතයියා වගේ උන්න මට ආපිට ගහන්න බැහැ...
හැබැයි ගෝරිය හැමදාම කෙලවර වුනේ..අම්මගෙන් දෙන්නම ගුටි කාලා...

ඔය මොනා වුනත්...ලොක්කා අම්මගෙන් ඉස්සර හරියට ගුටි කනවා...අපි පේ අම්මලාගෙන් ගුටි කාපු තරමෙන් අරික්කාලක් දැන් හැදෙන එවුන්ට ගැහුවොත්...උන් චැනල් 4 එකටත් කියාවි...
හැබැයි..මොන රණ්ඩුව ගෙන වුනත්..ඉස්සර අම්මා ලොක්කට ගහන කොට මට බලන් ඉන්න බැහැ..මම පනිනවා මැදට..කකුල් වල හීනි කෝටු පාරවල් ...දෙන්නම අන්තිමට කනවා..
ඔන්න ඔහොමයි මගේ සහෝදර ප්‍රේමය..(මේවා ට මට සලකනවා මදි ...නැද්ද..)

අපේ ලොක්කා..ගේ ඉස්කෝල සෙල්ලම්....එයා ලිව්වා නේ ..ඒකෙ අර ගෑනු ළමෙක් ගැන එහෙමත් කිව්වා නේ..ඕවා ගැන ලියන්න හොඳ නැහැ..
හැබැයි ඉතින් දෙයියන්ගේ පිහිටෙන් අක්කලා මල්ලිලා...ඒවාට නම් එක පයින් සපෝර්ට් කරගත්තා...
ඉස්සර අපේ ගෙදර..විජය පත්තර ගොඩ ගහලා..තිබ්බා..
අනේ ඉතින් දැන් වගේද...
පත්තර ම තමයි අපිට..
පත්තර ඇතුලේ හංගපු ලියුම් කරදහිත් එමට..
අපි ඉතින්...ඒවා ශේප් එකේ ගිහින්..ඔන්න...කියලා ආපහු දෙනවා...
අම්මලා ගැන හිතලයි වැඩිපුරම එහෙම කලේ..
නැත්නම් අර වයසක දෙන්නා..ඕව බලල නරක වුනොත් කියලා මට සැහෙන්න බයක් තිබ්බා...

හසරැල්ලා හම්බ වෙනකොට මම 6 පන්තියේද කොහෙද...
මම ඉස්කෝලෙට දාල අපේ අම්ම හොස්පිටල් ඇඩ්මිට් වුනේ..ඉස්කෝලේ ඉවර වෙලා යද්දී..මෙන්න මේකා හම්බ වෙලා...
මට තවම මතකයි....
ලොකු අක්කෙක් වුන මට...හසරැල් ගේ වගකීම් ලැබුනේ පුංචි කාලේ ඉඳන්මයි..
ඒක තවම මම මතක් කර කර විඳින දෙයක්..


ඉස්සර අපේ ගෙදර ඉස්සරහ අඹ ගහක් තිබ්බා..ඒකෙ ඔන්චිල්ලාවක් බැඳලා තිබුනා..
මම හසරැල් ට කවන්නේ ඔන්චිල්ලාවේ ඉඳන්...
අර මහා වැඳිරි පැටියා බඩේ බැඳන් ඉන්නවා වගේ වැඩි කරගෙන...බත් කට කට කවන ගමන් මම හෙමීට ඔන්චිල්ලාව පදිනවා...අන්තිමට කොල්ලා කාලා..නින්දකුත් එහෙම්මම දානවා...
මම A/L කරන කොට හසරැල් 2 පන්තියේ.A/L ඉවර වෙද්දීම අපේ සීයා නැති වුනා..ඊට පස්සේ මම තමයි හසරැල් ව ඉස්කෝලේ එක්ක ගියේ...
ඒ කාලේ ඉස්කෝලේ හිටිය සම වයසේ කොල්ලෝ මට කියන්නේ "පුංචි අම්මා.." කියලා...
රාහුලේ තාප්පෙන් එබිලා..පුංචි අම්මේ කියලා කෑගනවා...
සමහරු හසරල්ලා අතේ ...එක එක ඒවා එවපු දවසුත් තිබ්බා..

එකේ රසම කතාව මෙන්න මේකයි..මේ වගේ දවසක බස් එකේ මම හසරැල් එක්ක එද්දී..අපේ හසරල්ලා මහා හයියෙන් බස් එකේදී කෑ ගහලා කිව්වා නේ...
"අක්කේ..අර ඔයාගේ යාලු අයියා..ඔයාට දෙන්න කියලා කජු ගෙඩියක් දුන්නා කියලා..."
මගේ  සායම ගියා..මුළු බස් එකම හිනා වෙන්න ගත්තා..
කොහෙද යන නොසන්ඩාල කොල්ලෙක් ...කජු ඇටයක් දීලා ඔය ටික පොඩි එකාට උගන්නලා...

හැබැයි මගේ..ප්‍රේම පුරාණයේ ...මල් පල ගැන්වීමට හසරැල් ලොකු සේවයක් කලා
අපේ මහත්තයා කොහොමත් මස්සිනාලා දෙන්නට අදටත් හරි ආදරෙයි...

මම අම්මා නැති උනාට පස්සේ..මේ දෙන්නාගේ අක්කා වගේම අම්මා වුනා..
අපි සහෝදරයෝ වගේම හොඳ යාළුවො...
එකම ජාතියේ පිස්සෝ කියලා හිතුවත් කමක් නැහැ..බ්ලොග් කියවද්දී..ඔයාලට ඒක පේනවා නේ ..

කොහොම වුනත් ...කවදා හරි මට හයියට ඉන්නේ මේ කොල්ලෝ දෙන්නා..
මැරෙන දවසකට ....දෙපැත්තෙන් ඉඳන් අත් දෙක අල්ලගෙන හරි ඉන්න උන් දෙන්න මට ඉන්නවා..
මිනිස්සු ලොකු වෙද්දී..දේපලට ..ඉඩකඩම් වලට තණ්හාවෙන්..ඇන කොටා ගන්න වෙලාවේ..
අපිට එහෙම දේවල් කවදාවත් මතක් වුනේ නැහැ..
හැමදාම මොකක් හරි දේකදී එකෙක් බැලුවේ අනිත් උන් දෙන්නා ගැන ..

මේ සහෝදර කමට මං හරි ලෝබයි...
ඉරිදා උදේ පාන්දරම මේ ටික කොටා දැම්මේ ඒකයි...

ඉතින් ...දිනපොත ලබන සතියට හොඳේ....



ගිහින් එන්නම්.....

හැමෝටම සුබ සති අන්තයක්...





52 comments:

  1. ලස්සනයි ,සුන්දරයි එපමණයි.

    ReplyDelete
  2. අද බොහොමයක් පවුල් වල මේ සහෝදර බැඳිම් නෑ..

    මම කියන්න හැදුවේ, අම්මට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ හරි, ළමා රක්ෂණ අධිකාරියේ හරි නඩුවක් දාන්නෙයි කියලා.. කොයි.. උන්දෑ සුර ළොව වැඩලා නේ...

    ReplyDelete
    Replies
    1. අපි ඒ කාලේ අම්මා වැඩේ පවරන්න කලින් බාරගත්තා..මොකද මේකා හරිම හුරතල් නිසා...අම්මා හිටියා නම්....

      Delete
  3. තමන්ට කියලා ලෝකයේ ඉතිරිවෙන එකම දේ ඔය හරි හමන් සහෝදර කම විතරමයි

    ReplyDelete
    Replies
    1. ඔව්...මැලේ.....
      වෙන හැම බැම්මකටම වඩා...මේ බැම්ම හරි හයියයි...

      Delete
  4. මල්ලිලාට අම්මා කෙනෙක් වුන අක්කෙක්....මටත් ඉන්නවා නෙව ඔයවගේම වදකාර අක්කෙක් ;) අවුරුදු 11 ක් වැඩිමල්......

    ReplyDelete
    Replies
    1. වදකාරයි කියන්නේ..ඇනයක්ම තමයි..නැද්ද...

      Delete
  5. අපේ එකා මට අවුරදු 7කින් බාලයි... මට පේන්න බෑ ඒකව... මට තිබ්බ වරප්‍රසාද සියල්ල උදුරා ගත්ත... ගර්ර්ර්ර්ර්...

    දැං උෟ පඩි ගත්ත ගමන් රටේ නැති කඩචෝරු ඔක්කොම උස්සන් ඇවිත් අපේ ගෙදරට පටෝලා යනව... හි හි

    මං ලිව්ව බ්ලොග් පෝස්ට් එකක්ම ඒකා ගැන... දාලා යන්න බැරිම උන එකා.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මම එක කියවන්න ඕන...මටත් දාලා යන්න බැරි උන් ඉන්නේ අඩුවෙන්...මුන් දෙන්නා ඒ ලිස්ට් එකේ උඩම ඉන්නවා..

      Delete
  6. ඔයාගේ පෝස්ට් එක කියවද්දී මටත් අපේ මල්ලි මතක් වුනා 10 ක් බාලයි ඒකා මට වඩා , ඒත් ගිය පාර ලංකාවට ගියවෙලෙත් මරාගත්තා ,, දැනුත් ස්කයිප් එකෙන් රණ්ඩු වෙනවා ගෙදර තියෙන මගේ බඩු මට පේන්න එහෙට මෙහෙට කරනවා .. ඒක හරිම සුන්දරයි ,, හසරැල්ල හරිම වාසනාවන්තයි සුදු ඔයා වගේ අක්කෙක් ලැබෙන්න ,, ඒ වගේම සතුටුයි ඔයාලගේ සහෝදරකම් ගැන ,, ඒවා හැමදාම ඔයාල ලග තියෙන්න කියලා හදවතින් ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. අනේ..ඔව්..ඔමා...මරාගන්න ව කියන්නෙත් ආදරේ වැඩිකමට නේ....

      Delete
  7. මට මේ බ්ලොග් එක මුණ ගැහුනේ අහම්බෙන්. ඊයෙද කොහෙද මුළ ඉඳන් අගටම කියෙව්වා. විශේසයෙන්ම ඔයාගේ සායනික සටහන් එක්ක මේක බොහොම වටිනා බ්ලොග් එකක් කියන එකත් දැනුනා.

    මටත් හිටියේ මට වඩා ලොකු අක්කලා දෙන්නෙකුයි අයියෙකුයි. කොටින්ම අපේ ලොකු පොඩි කාලේ මාව නාවන්නේ, කාවන්නේ, ටොයිලට් ගියාම හෝදන්න වගේ ( ඒ කාලේ ඔය දැන් වගේ බාත් රූම් සංකල්ප අපිට තිබුනෙ නෑ නේ) අම්මා වැඩ නම් මාව එයාගේ ස්කෝලේ එක්කන් ගිහින් පන්තියේ තියාගන්නේ වගේ බොහෝ දේවල් කලා. බොරුවට හරි මම ඇඩුවොත් එයාත් ඇඬුවා. ඒත් ඉතින් මම ලොකු වෙලා ස්කෝලේ යන්න ලෑස්ති වෙනකොට අක්කලා ලොකු ස්කෝලෙ යන්න ගත්තානේ. ඊට පස්සේ ඉතින් කතාව මම මෙහේ ආවා. අක්කලාගේ නෙමෙයි හැමෝගේම හුරතල් ලැබුනේ කොලේජ් නිවාඩු ලැබිලා ගෙදර ගියාම විතරයි.
    ආයේ පස්සේ කාලෙක ඉතින් එයාලා විවාහ වෙලා ළමයි හෙම ඉන්න දැන් කාලේ ගෙදර ගියාම එයාලගේ ළමයින්ට වගේ මටත් කෑම හදලා ටිකක් විතර හුරතල් වෙනවා. ඒත් දැන් මම ගෙදර යන්නේ හාවා හඳ දකින්නැහේ නේ. දැන් ඉතින් ලොකු ගෞරවයක් එක්ක මී පැටියා වගේ මම කොහොමත් ලොකූ එක්ක නම්. අනිත් දෙන්නා නම් කුඩු කරනවා. කොහොමත් ඉතින් එයාලට අනුව මම වයසට ගිහින් නෑ දහතුනෙන් නතර වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔයාට අමතන්නේ කොහොමද කියලා මට හිතා ගන්න අමාරුයි...
      ඔයා කියනවා වගේම බාත්රුම් සංකල්ප නොතිබුන අපේ ළමා වියේදී...අපිත් බාල සහෝදරයන්ගේ හැම දේම කරගන්න උදවු වුනා...
      මගේ මල්ලිලා දෙන්නගෙත් වයස මට නම් එයාලගේ පොඩි කාලෙන් නතර වුනා..අදටත් මට එයාල වයසයි කියලා දැනෙන්නේ නැහැ...
      කියවලා දුන්න කොමෙන්ටුවට ස්තුතියි...දිගටම මේ පැත්තේ එන්න...
      ඔයාව අමතන විදියත් තරහ නැතුව කියා දෙන්න...

      Delete
    2. රංගි හෙවත් බූරු බබා.. අපි ආදරේට කියන්නේ බූරු කෑල්ල විතරයි.. හි හි...

      Delete
  8. ඔයාලගෙ ඔය ලෙන්ගතුකම සදාකල්ම පවතිවා.

    ReplyDelete
  9. ඔයාලා තුන්දෙනාට හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හදවතින්ම පැතූ මේ පැතුමට ගොඩක් ස්තුතියි මගේ නංගෝ...

      Delete
  10. කරුමේ කියන්නේ අපේ නංගි මට වඩා අවුරුදු දෙක යි බාල :( හැබැයි අල්ලපු ගෙදර හිටියා කොල්ලෝ තුන් කට්ටුවක්. අපි පස් දෙනා ‍එකතු වුණා ම අවුරුදු දෙකෙන් දෙකට පරතරේ ‍තියෙන්නේ. අදටත් බොක්කෙන් ම ඉන්නවා. ඒ බැඳීම කියලා වැඩක් නෑ ඒ තරම් ම සුන්දර යි. පොඩි කාලේ ඉඳලා පස් දෙනා එකට. ඒකට අදටත් මම හුඟක් ආස යි. ආදරෙයි!

    //පවුලගෙන් ගුටි කනවා කියන එක වුනත් හැමදාමත් බැරි නිසා වෙන්න ඇති...// මඩ ගහල ම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අනේ ධාරා..මොනවද ඒ මඩ කියන්නේ...මම නම් දන්නෙම නැහැ..

      අල්ලපු ගෙදර හිටිය කොල්ලොන්ට සහෝදරත්වයෙන් සලකපු එකම මදැයි...

      Delete
    2. ධාරාට නංඟි කෙනෙක් ඉන්නවද ?
      ඒක නම් බොහොම සතුටු දායක ආරංචියක් ;)

      Delete
  11. /////මේ සහෝදර කමට මං හරි ලෝබයි...///////

    බ්ලැක් & වයිට්......මම ඔය වචන පේලියට හරිම ලෝබයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මගේ හිතේ තියෙන්නේ..ඒ ලොබ කම තමයි aru,,....හැම බඳීමක්ම ඇහැට කඳුලක තෙතමනයක් ගේන්නේ නැහැ...

      Delete
  12. අපි නම් තාම වලි අපේ නංගිත් එක්ක බෑ නේ මගුල... මේකේ මඩ ගහලා නෑ නේ අනේ ගහගෙන එනකොටම කතාව වෙනත් පැත්තකට ගිහින්

    ReplyDelete
    Replies
    1. මේකනේ බොරළු....මඩ වලට වඩා ළේ උකුයි නේ....

      Delete
  13. මට මේකේ පෙනුනේ එකම එක දෙයයි නෙව... :D

    //හැබැයි අනේ කසාද බැන්දට පස්සේ..ඔය ගති ඇරුනා..පවුලගෙන් ගුටි කනවා කියන එක වුනත් හැමදාමත් බැරි නිසා වෙන්න ඇති...//

    හරේයි... කෝ කෝ අනිත් පැත්තෙන් දෙන්න මල්ලිලා.... අතාරින්න එපා... :D :D :D

    ReplyDelete
    Replies
    1. හිටු මට මූණු පොතෙන් කාලෙකින් මදක් ගහන්න හම්බ වුනේ නැහැ..ඔයාටත්...

      Delete
  14. >> මිනිස්සු ලොකු වෙද්දී..දේපලට ..ඉඩකඩම් වලට තණ්හාවෙන්..ඇන කොටා ගන්න වෙලාවේ..
    අපිට එහෙම දේවල් කවදාවත් මතක් වුනේ නැහැ.. <<

    පොඩ්ඩක් ඉන්නකො ඒ දෙන්නා බඳිනකම්.(බැඳලා නැත්නම්). ඊට පස්සෙ තමා සෙල්ලම පටන් ගන්නෙ.. "මේ.. අර ඔයාලක අක්කා ගානට වැඩියි නේද ? එයා හිතන් ඉන්නෙ එයා අපේ අම්මා කියලද ? මල කෝලන්.... " :D

    ඕනැම දෙයක් ඕනෑවට වඩා ඕනැම නෑ ලොකු අක්කේ.. සහෝදර කමුත් එහෙමයි.. පමණැ දැන කෙරුවොත් ඔය ලබැදියාවා, බැඳීම සදහටම තියේවි.. එසේම වේවා කියලා පතනවා !!

    ReplyDelete
    Replies
    1. බැඳලා බැඳලා....ලොකු එකා බැඳලා...
      පොඩි ඒකා තව නැහැ..
      අපේ ලොකු නෑනා ...මට පන වගේ....මලයාට මට විරුද්ධව කට හොල්ලන්න දෙන්නේ නැහැ...ඔන්න බලමු එකෙත් හැටි...

      Delete
  15. මගේ මලයත් ඔය විදියමයි. මට වැඩිය අවුරුදු හතරයි බාල. ඒ වුණාට ඉතිං අයියණ්ඩි වගේ තමා. අපේ ගෙදරත් පොඩි කාලෙ අප්පච්චි වේවැලෙන් පතබාන කොට නම් මලය නැත්නම් මම මැදට පැනල එකිනෙකාව බේරගන්න සිද්ධිය නම් තිබ්බා. මම හිතන්නේ සහෝදරකම කියන්නෙ ඔන්න ඕකට වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අසෙනි..බලාගෙන යද්දී හුඟක් තැන් වල ..මේ බැඳීම තියනවා...කියාගන්නයි බැරි නේද...?

      Delete
  16. මගේ නම හරිත දහනායක නොවේ. මම බැදලාද නැත. එබැවින් මට පවුල පහර නොදේ. මට සහෝදරියන්ද නැත. ඉන්නේ මවක් පමණි.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ.....ඉන්නේ මවක් පමණි....

      Delete
  17. Replies
    1. ඉතින් ඒකනේ මේ ලියන්නේ....කියවන්නකෝ

      Delete
  18. හ්ම්ම්...හරිම සතුටුයි B & W .
    ඔහොම තැන් හැම තැනම නැහැ..
    මමත් පළමු එකා මල්ලිලා දෙකයි,නංගිලා තුනයි.
    පොඩි කාලේ පිල් දෙකට බෙදිලා ඇරගත්තේ.
    ලොකු උනාලින් පස්සේ ඒවා නහි.
    නංගිලා තුන අම්ම එක්ක එක දිහාක,මල්ලෝ තව දෙපැත්තක.
    ස්කයිප් දෙය්යෝ නිසා එකට ගෙදර ඉන්නව වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. මටත් fb එකයි skype එකයි viber එකයි තියනකල් දෙයියන්ගේම පිහිටයි...

      Delete
  19. "අපේ ලොකු නෑනා ...මට පන වගේ....මලයාට මට විරුද්ධව කට හොල්ලන්න දෙන්නේ නැහැ...ඔන්න බලමු එකෙත් හැටි..."

    ඔයා මහත්තයට තඩිබානවා දැකලළු මල්ලිගෙ නෝනත් ඉගෙනගත්තෙ..

    ReplyDelete
    Replies
    1. ශ්..ශ්...සරත් අයියා...ඕවා දැනගත්තට කමක් නැහැ ....ප්‍රසිද්ධියේ කියන්න එපා..
      අපේ ලොකු මල්ලි කසාද බැඳපු දවසේ ඉඳන්ම උපදෙස් ගන්න නෑනා ව එව්වේ මගේ ලඟට...(ඔන්න ඒ මොනවද නම් මගෙන් අහන්න එපා....)

      Delete
  20. ඒ බැඳීම සදා කල් පවතීවා!

    ReplyDelete
  21. අන්න අක්කල.. ඕකුන් දෙන්නට මඬු වලිගෙන් තලන්න ඕන කරපු තක්කඩි වැඩ වලට :P

    ReplyDelete
    Replies
    1. Mata madu waligayak hamba wunoth..thalanna thawa ekek innawa...Dot.kiyala.....hikis....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  22. මට ගෙදර මතක් වුණා. අපේ අක්කා අපි වෙනුවෙන් කරන දේවල් බ්ලොග් එකේ ලියලත් ඉවර කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. Mallila koy taram loku unath...wayasa giyath akkalta kawadawath lokui kiyala danenne naha subash...

      Delete
  23. මොකද මන්දා මට ඔහොම සහෝදර කැක්කුමක් හිතෙන්නේ නැනේ

    ReplyDelete
    Replies
    1. Wenna ba.ehema wenna nam oyata ekko sahodara kattiyak nathi wenna ona...mokada atam....oya hari sanwedi manussayek nisa....

      Delete
  24. අපේ අක්ක මට වඩා අවුරුදු 5ක් වැඩිමල්. පොඩිකාලෙ අපි මරා ගත්ත. වැඩිහරියක්ම මං ගහල මමම අඩද්දි අක්ක අම්මගෙන් ගුටි කෑව. දැන් නං අපි දෙන්න දෙතැනක වුනත් ඉන්න හොදම යාළුවො.

    ReplyDelete
  25. ඔව් සිඟිති..අපේ ලොකු මල්ලියි මායි ගහ ගත්තු හැටියට...එකෙක් හරි නම් අද නැති වෙන්න ඕන...ඒ වුනාට ඒ ආදරේ අද කොයි තරම්ද..සිඟිති..අද neda මේ පැත්තට ආවේ..ස්තුතියි හොඳේ...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න