Google+ Followers

Sunday, November 10, 2013

65...මගේ දිනපොත.....කාලෙකට පස්සේ...

බනින්න නම් එපා....ඔන්න කිවුවා..
මාත් ඉතින් මනුස්සයෙක් නේ...
දිනපොත ලියාගෙන ලියාගෙන ගිහින් එක පාරටම මාසයක්ම මේක නැති උනාම ඔය අපේ බ්ලොග් යාලුවෝ මට මුහුණු පොතේදී මරණ තර්ජන පවා කළා නේ...?
ඔන්න දැන් තමයි පොඩි පහේ විවේකයක් ආවේ...
එහෙනම්...ඉතින් ලෙන්ගතු වූ ඔයාල ගේ දිනපොත මෙන්න මම ලියනවා...

=========================================================================

04. සඳුදා...නොවැම්බර් 2013...


අපි ජීවිතේ ඇත්තටම සතුටින් ඉන්නවද...?
මේක ඉතින් බැලූ බැල්මට  මහා මෝඩ ප්‍රශ්නයක් නේ කියලා ඔයාලට හිතෙනවා නේද..?
පහු ගිය කාලේ ජීවිතේට එකතු වුන අත් දැකීම් එක්ක මට ටිකක් මේ ඔස්සේ හිතන්නට හිතුනා...
ජීවිතේ සතුට කියලා අපිට අර්ථකථනය කරන්න කොයි තරම් ලොකු පරාසයක් තියද..?
ඒ වුනාට මම පහු ගිය කාලේ ජීවිතේ හරියට අලුත් අත්දැකීම් ගොඩක් වින්දා..
මූණු පොතේ අය නම් photo එහෙම දැකලා මට මඩ ගැහුවත් එක්ක නේ ..
මම එහෙමයි..යන්නේ කොහෙද ගහක් ගලක් ගාව ඉඳන් හරි photo ගන්නවා..මට අන්තිමට ඒ මතකය එක්ක ගොඩක් කල් සතුටින් ඉන්න පුළුවන් නිසා...

පහු ගිය කාලේ මම ගියා නායකත්ව පුහුණු පාටමාලාවකට..මම මේ තරම් කල් ඔය වගේ එකකට ගියෙත් නැහැ...ඒකට හේතුව මගේ කොල්ලෝ දෙන්නා පොඩියි නේ ..දාල යන්න විදියක් නැහැ නේ..ඒකයි..ඒත් දැන් ඒ දෙන්නම ටිකක් ස්වාධීන නිසා මට යන්න පුළුවන් වුනා..දවස් 3ක් ගෙදරින් පිට...නේවාසික පුහුණුවක්..

ලැබූ අත්දැකීම් රාශියයි...නායකයෙකු..ඒ කියන්නේ ...leader කෙනෙකු සතු විය යුතු ගුණාංග ගැන ලොකු අවබෝධයක් අපිට ලැබුනා...ඒ තුලින්...

දවසක මම ඒ ගැන වෙනම පොස්ටුවක් ලියන්නම්කො...

***************************************************************************************
05.අඟහරුවාදා...නොවැම්බර් 2013



ඉතින් දවස් ගත වෙනවා..මේ අවුරුද්ද ගෙවෙන්න තව මාසයකට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙන්නේ නේද...?
කාලය දුවනවා..අපි ඒ පස්සෙන් දුවනවා...ඒත් අල්ලන්නය නේද...?
අධි වේගී මාර්ගයේ පොඩි ගමනක් ගිහින් ආවා...කටුනායකින් ගොඩ වෙලා පෑලියගොඩට ගිහින් ..ආපහු ආවා..අපි 4 දෙනා...ගමනේ දැනුන එකම දේ මට නම් කාලයේ ඉතුරුව තමයි...
අධි වේගී මාර්ගයේ ගමන් පහසුව සහ එහි ගුණ අගුණ ගැන විවේචනාත්මක කතා බොහොමයක් අපි පහු ගිය කාලේ කියෙව්වා..
ඒත්...මම මේ ගැන වැඩි දෙයක් කියන්නේ නැහැ...මොකද..බනින මිනිස්සුම දැන් පිටකොටුවේ බස් පෝලිමේ...අධි වේගී මාර්ගයේ බස් වල යන්න පොරකන හැටිත් මම පහු ගිය දවසක දැක්ක නිසා...


*************************************************************************************

06.බදාදා නොවැම්බර් 2013


වැඩි කල් නොගිහින් අපේ මහත්තයා මාව ගෙදරින් පන්නනවා..මොකද මේ තරම් කල් රස්සාවයි..කුටුම්භයයි මිස එතනින් එහාට දෙයක් නොකරපු මට මේ වැටෙන training program නිසා...
ඒ ගමන ආපහු අම්පාරේ ගියා තව දවස් 3ක්...
අංශභාග රෝගීන් සම්බන්ධව ..(stroke) අම්පාර රෝහලේ තිබුන වැඩමුළුවකට සම්පත් දායකත්වය දෙන්න..
ඒ ගමනත් හරිම අපූරුයි...හැබැයි..දුවන ගමන් තමයි ඔක්කොම වැඩ...
වැඩසටහන හොඳට කෙරුනා....ප්‍රශන්සා වල් ද සමග....
එහෙ ගිහින් ඉඩ ලද ඇසිල්ලේ..බුද්ධංගල..සේනානායක සමුද්‍රය..සාම චෛත්‍ය....දීඝවාපිය...ආදී තැන් බලන්නත් ගියා..
එහෙ මෙහේ ඇවිදින්නත් ලැබුනේ කාලෙකින්..අපේ ගියපු අයත් හරිම එකිනෙකාට සුහද අය..ඒ නිසා කිසිම මතවාද යක් නැතුව...හරිම සතුටින් වැඩේ ඉවර කරලා ගෙදර ආවා...

ගෙදර ආවට පසු...ලැබුන ප්‍රතිචාරය ඉතාම ඉහලයි...
තාත්තයි..පුතාල දෙන්නයි..ඒ මදිවට බල්ලයි...හතර දෙනාම එකම හැඳින් මට නැවත ඔහොම දින ගණන් ගෙදරින් පිට සිටින පුහුණු වලට නොයන ලෙස..තදින්ම බල කර සිටිනවා..
ඔන්න මට වුන දේ....

**************************************************************************************

07.බ්‍රහස්පතින්දා නොවැම්බර් 2013



අපේ ලොකු මලයා බ්ලොග් එකක් ලියන්න අරන් නේද..?මේකේ මූලික පරමාර්ථය ගැන නම් මට දැන් සැකයක් ඇති වෙලා තියෙන්නේ..මොකද හැම පෝස්ටුවකම කැපිලා පේන්නේ මට ගැන මඩ පාර..ඒ මදිවට හසරැල් මට දුන්න පබ්ලිසිටි එකට වඩා මේකට දෙන එකේ මට සැකය වැඩි වෙනවා...

හැබැයි ඔය අදහස මලයා ට දුන්නේ මම ..ඒක ඇත්ත..නේපාලයේ මාසෙකට දෙන නිවාඩු ගොඩ දැක්කම හිතෙනවා...අනේ මේ නිකම් කාලේ කන ජීවිතයක් නේද කියල...අවංකවම ගත්තොත්..මෙහේ ඉන්න කාලේ ගෙදර වැඩ කරලා..කරලා..බේරෙන්න බැරිම තැන තමයි ඔය අවුරුද්දකට නේපාලේ ගියේ...කියන්නේ නම් එහෙම නෙවෙයි..බොරු නම් මගේ නෑනා ගෙන් අහන්න...

කොහොම වුනත්..අපේ පවුලේ තුන් දෙනාම දැන් ලියන්නෝ වෙලා..මට වඩා මේ දෙන්නට ලියන්න පුළුවන්..මටත් බැරුවා නෙවෙයි..හැබැයි මට වැඩ වැඩියි..ගෙදරයි..හොස්පිටල් එකෙයි...ඒ නිසා...මේ දෙන්නා මගේ සායමත් යවලා අතීතය ලියාවි...
දිගටම කට්ටිය ඒවා කියවලා පහන් සංවේග උපදවා ගෙන..මටම මඩ ගහන්නකෝ..

**************************************************************************************
08 සිකුරාදා..නොවැම්බර් 2013



සතියම ඉවර වුනා..මේ සතියේ දිනපොත පරණ සිද්ධි ටික ආවර්ජනය කරමින් ලිව්වා..ලබන සතියේ ඉඳන් දින සටහන ලියන්නම්...
කොහොම වුනත්...ඔයාල ගේ ලෙන්ගතු කමත් එක්ක මම හරිම සතුටින් ඉන්නවා...
ඉස්සර මඩ ප්‍රහාර මැද්දේ වුනත් මම කවි ලිව්වා...ඒ වුනාට කාලයක් යද්දී මට එපා වුනා...හැබැයි අම්පාරේ ගිහින් එද්දී මාත් එක්ක ගිය අනිත් නංගි ..ඒ මතකය අවදි කළා...ඇයි ඔයා ලියන්නේ නැත්තේ කියලා...
ඉතින් ඒ මතකයත් ..එක්ක මම ආපහු ලියන්න ගත්තා..
එකෙන් මම තේරුම් ගත්තේ..මම මගේ ජීවිතේ සමහර සුන්දර දේවල් විහින් මග හරවා ගන්නා බවයි...
ජීවත් වෙන්න තව ඕන නම් අවුරුදු 20ක් තියේවි උපරිමව....
දැනුත් 40යි ..නේ...
ඒ නිසා..කාටවත් කරදරයක් නොවී...ලියන්න ඕන කියලා හිතුනා..දිගටම...

කියවන්න එන්න...
ඉතින්...ඔයාලා හැමෝටම සුබ සති අන්තයක්...


මම කවුද කියලා දැනගත්තට කමක් නෑ..
මට දිගටම black and white කියන්න...
එහෙමත් නැත්නම් කළු සහ සුදු කියන්න...
නැත්නම්..ඕන විදියකට කතා කරන්නකෝ...

ගිහින් එන්නම්...

35 comments:

  1. (කළු සහ )සුදු ඔයා ආයෙත් ලියන්න පටන් ගත්ත එක නම් හොදයි .....පුලුවන් පුලුවන් විදිහට ලියන්න මමත් බ්ලොග් අවකාශයේ යාලුවොත් හැමදාම ඔයාගේ ලියවිලි කියවන්න එනවා. සුබ වේවා!

    ReplyDelete
    Replies
    1. දයාබර ශානු නංගා...ඔයා හමු වීමත් මට හරිම සතුටක්..අක්කා ආපහු ඔන්න ලියන්න ගත්තා...

      Delete
  2. ඔය සේවාස්ථ සැසි, පුහුණු වලට හේම යන එක තමයි හොඳ ඇත්තෙන්ම. මොකද මොන ‍රැකියාවේ වුනත් දැනුම යාවත්කාලීන වෙන්න ඕනේ. ඔය සමහර ගුරුවරුත් උගන්නන්නේ එයාලා කැම්පස් එකේ කරපු නෝට් දිහා බලාගෙන අවුරුදු විසිපහකට පස්සෙත්. හැබැයි මට වෙලාවකට හිතෙනවා සමහරක් පුහුණු, සැසි වැඩ මුළු හෙම දැක්කම, ඒවා මෙහෙයවන සම්පත් දායකයෝ අපි තරම්වත් යාවත්කාලීන වෙලා නෑනේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Dude..මේ සැසිය නම් ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක් වුනේ..මොකද මෙගේ target group එක වුනේ අපේ associations...එතකොට leaders ල වෙන්න ඉන්න අය ගේ qualities තමයි මෙතැනදී මාතෘකාව වුනේ...
      ඇත්තටම මම මේකෙන් උකහා ගත දේ ගැන දවසක ලියන්න ඉන්නවා...

      Delete
  3. මේ මං අරයයිට කඩේ යන්නේ...කට්ටිය ආවේ නැත්නම් ඕකත් වහලා දාවි කියන බයට ...හරිය..

    ReplyDelete
    Replies
    1. හරි..හරි..එක නම් ඇත්ත..

      Delete
  4. කාලෙකට පස්සේ නේද දිනපොත ලියලා තියෙන්නේ. මම කාලෙකට කලින් කියවලා තිබුණත් ඔන්න අදයි ඇවිත් ෆලෝ කලේ..

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න සිතු....ඒක මට ලොකු හයියක්

      Delete
  5. හ්ම්ම් මමත් බැලුවා මේ පොත ලියන්නේ නැද්ද කියලා . මමත් ආසාවෙන් කියෝනව මේක . මොකද ඉතින් කාගේවත් දිනපොතක් මෙහෙම කියවන්න දෙනවය මම අහන්නේ . හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ඔන්න ඒ වුනාට මේ කළු සුදු නම්..ඔයාලටමයි මේක ලියන්නේ

      Delete
  6. බල්ලා කොහොමද බල කරේ යන්න එපැයි කියලා?
    නැත්නම්..ඕන විදියකට කතා කරන්නකෝ...එකනේ මම එහෙම කතාකරේ නැන්දේ ආ...

    ReplyDelete
    Replies
    1. බොරළු....ඇවිත් අපේ බල්ල්ගෙන්ම ඒක ඔයා අහගන්නකෝ
      හොඳද පුතේ...

      Delete
  7. මටත් හිතෙනවා මේ වගේ පෝස්ට් එකක් දාන්න ....හරිම සරළයි නෙව...පුහුණු සැසිය ගැන ටිකක් ලියන්න අක්කේ... ඒ විස්තර දැනගන්න ආසයි ..........

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ලියනවා මල්ලි ..

      Delete
  8. ඇත්තටම අර සහන් කියනවා වගේ මේකත් හොඳ අදහසක්. දින පොතක් වගේ ලියනකොට ලස්සනට ලියලා දාන්න පුළුවන් එදිනෙදා ජීවිතය ගැන. ඔයාගේ දින චරියාවත් එක්ක මේකත් ලොකු අහියෝගයක් කියලා මට තේරෙනවා. ළමයි ඉන්න කෙනෙකුට මේවා ලේසි වැඩ නොවේ. මගේ පොඩි එකී දැන් කිසිම වෙලාවකට මට පරිගණකය නිදහස් කරන්නේ නෑ. නැත්නම් යක්කු ගස් නගින වෙලාවට මේ වගේ කමෙන්ට් කරන්න වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..සු දී ක..මගේ දෙන්නත් එහෙම තමයි..හරිම අමාරුයි මේ වගේ වැඩකට කාලය යොදාගන්න..එයාලට අයිති කාලයෙන් මේ වගේ වැඩ කරනවට පොඩි අය කැමති නැහැ නේ...මේක සරලයි..මම කැමතියි..සරලව ජීවිතේ බෙදා ගන්න

      Delete
  9. පුහුණු සැසි යන එක හරි වටිනවා.
    හබියටයි,පැට්ටෝ දෙන්නටයි පහදලා දෙන්න.
    ලොක්කගෙ පැත්තෙ ගියා.ඉස්සරහට එයාගෙන් හොද හොද දේවල් දැනගන්න ලැබෙයි කියල හිතනව :).

    ReplyDelete
    Replies
    1. පහදලා දෙන්න පුළුවන්..ඒ වුනාට එයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි ඔය හඬ නැගිල්ල..
      ඔයාගේ බ්ලොගේ පැත්තෙත් යන්න ඕන අදවත්..

      Delete
  10. ආ අක්කේ කාලෙකින්, නොලිව්වට කමක් නෑ කරදරයක් නැත්තං. 40 වයසකද ,කතාවක් තියෙන්නේ 40 න් පස්සේ ආපහු උපදිනවා කියලා. මේ එක නෙවෙයි අපිත් බ්ලොග් ලියනවා හරිය....!

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මල්ලි..ඔයාලගේ බ්ලොගේ බලන්නත් එන්න බැරි වුනා..දැන් ඉතින් ආපහු එනවනේ...

      Delete
  11. මාසයක ඇරියස් නෑතෑ දැං ලියන්න..

    ReplyDelete
  12. අය්යෝ නංගි..... මොනාද මේ ටෝක්ස් ඔක්කෝම...
    අතලියත් වයසක්ද නංගී.....
    සුද්දා කිව්වලු.. ලයිෆ් බිගින් ඇට් ෆෝටී කියලා..

    නෝටී වෙන්නෙත් ඔය කාලෙටලුනේ.. හැබයි තව සීන් එකකුත් වෙනවා..

    ඒ තමයි හතලිස් ඇඳිරිය හැදන එක..

    ReplyDelete
    Replies
    1. ඈ...මාතලන් ඔය සුද්ද කොහෙද ඉන්නෙ හැබෑටම...
      ඒ යකා 50+ මාව දැක්ක නම් ඔය 40 හ 50 කරනවා..

      Delete
    2. මාතලන් අයියා..ඔයා ඕම කියද්දී..මට මාර happy අයියා...
      මට හතලිස් ඇඳිරිය එන්නේ 50න් ලු...ඇස්වාට්ටුවෙන් කිව්වේ

      Delete
    3. kenji@ japan...ඔයාට 50ක්..බුදු අම්මේ ඔය ඇත්තද..?ෆොටෝ එකේ එහෙම පේන්නේ නැහැ නේ

      Delete
    4. සුනිල් ෂෙට්ටිටත් දැන් 50 පැනලා ඇති..

      Delete
  13. මමනම් මේ පැත්තට අලුතින් ආවෙ..මමත් දැන් කළු සුදු කියවනව..ලස්සනයි

    ReplyDelete
    Replies
    1. දිගටම ඇවිත් කියවන්න හොඳේ

      Delete
  14. Naughty Forty බ්ලැක් &වයිට්ට ඉක්මනටම ෆිෆ්ටි නොවේවා!!!!

    ReplyDelete
  15. කාලෙකින් දිනපොත මතක් වෙලා තියෙන්නේ.. කමක් නැහැ.. හෙමිහිට ලියමුකෝ..

    ReplyDelete
  16. කොහොමහරි අක්කෙ උබ මොනවහරි ලියනව නම් අපිට සතුටුයි

    ReplyDelete
  17. මට ඔයාගේ වචන ටිකත් ලොකු ගැම්මක් මල්ලි...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න