Google+ Followers

Sunday, November 17, 2013

66. ඉතින් අපි හිනැහෙමු....

ළමයිනේ...සියලුම වැඩ අස්සේ ඔන්න මේ බ්ලොගේ ලියනවා මම...
මොකද අපේ තුන් කට්ටුවේ දෙවනියා මට මහා මඩ ව්‍යාපාරයක් දියත් කරලා තියෙද්දී..අර මොකටද මම විතරක් කට වහන් ඉන්නේ නැද්ද..?
කොහොම වුනත් 2013 ඉවර වෙන්නත් ළඟ එකේ...මේක සති පතා ලියාගන්න මම බලනවා...2014 දිනපොත ලියන්න පුලුවන්ද කියලා ඊට පස්සේ හිතනවා...

******************************************************************************************
11. සඳුදා නොවැම්බර් 2013


අපි ජීවිතේ දිගුම දිගු ගමනක් යනවා..ආසාවල් බලාපොරොත්තු පොදි බැඳන්..ඒත්...අතරමග නවතින්නට වුනොත්...මොනවා හිතෙයි ද..මොනවා වෙයි ද...?

මේ සටහන අද මගේ හිතට ආවේ...මට ආව එක විශේෂ රෝගියෙක් නිසා...ඇත්තටම හිත කීරි ගැහිලා ගියා...කවදාවත් මෙහෙම දෙයක් මම දැකලා නැහැ...මගේ වෘත්තීය ජීවිතේදී...කොහොම වුනත් ඔයාල මගේ වෘත්තීය ගැන දන්නවා නේ ..හැමදාමත් මොකක් හෝ අලුත් අත්දැකීමක්...ඒවා සුන්දර නැහැ..ඒක වෙනම දෙයක්..ඒත්..මේ අහන්න මේත් ජීවිතයක්...

ඇය නමින් සුභා කියමු..ඇත්ත නම ඒක නවෙයි..ඒත්...හරිම අහිංසක ගැහැණු කෙනෙක්..වයස 27ක් ...රෝද පුටුවෙන් මගේ ලඟට ගෙනාව සුභා ගේ අතින් අල්ලාගෙන මම කතා කළා..
සුභා..මොලයට වුන හානියකින් ආබාධිත වූ කෙනෙක්..මේ දේ වෙලා තියෙන්නේ..ඇගේ පළමු දරුවා කුස දරා ඉඳිද්දී..සිදුව ඇති දේ වෛද්‍යවිද්‍යාවෙන් ටිකක් සංකීර්ණ දෙයක්,,,මොනවා වුනත් අන්තිමේදී මාස 8න් දරුවා මිය ගියා කුස තුලදීම...සුභා ආබාධිත වුනා..ඇගේ ඇස්දෙකත් නොපෙනී ගියා...

අවාසනාව..එද්දී මහා කරුමක්කාර ලෙසටම එන්නේ ඇයි..මම තවමත් ඇය දෙස බලන් හිතනවා..මගේ ඉස්සරහ ලොකු අභියෝගයක් දැන්..
ඇස්දෙක නොපෙනෙන සුභා ට ඇගේ වැඩ කරගන්නට පුහුණු කරවීම...උපන් දා සිට අන්ධ වූ කෙනෙකුට වගේ නෙවෙයි...මෙහෙම කෙනෙක්ට මේ වැඩේ අමාරුයි...
බලමු...නොහැක්කක් නොමැත කියලා වැඩේට දැන් මම බැහැලා ඉන්නේ...

******************************************************************************************

12 අඟහරුවාදා නොවැම්බර් 2013...




අපි ජීවිතේ විඳිනවද..ඇත්තටම...
මම ඔහේ ඉන්න ගමන් කල්පනා කරනවා...
ඒක අපි හිතන පතන විදිය අනුව වෙනස් වෙනවා..නේද..?
ජීවිතේ කාට හරි උදව්වක් කරලා විඳින සතුට තරම් දෙයක් මට නම් තවත් නැහැ..

අද ඒ වගේ සතුටු දායක ආරංචියක් ලැබුනා මට..
අපේ වාට්ටුවක ඉඳලා ගිය ළමයෙක් අද මට කතා කළා..
ඔහු වෘත්තියෙන් පෝස්ට්මාස්ටර් කෙනෙක්..
අහම්බෙන් ඇතිවූ ස්නායු ආබාධයක් නිසා ඔහු තදබල ලෙස රෝගී වුනා...ඇවිදින්නට තබා අතින්කිසිවක් ඇල්ලීමට බැරි වන තරම්..ඔහුගේ ආබාධය බරපතලවයි..ඔහු අපේ රෝහලට අවේ..මට මතකහැටියට නම් ඔහු මාස 7ක් 8ක් අපේ ප්‍රතිකාර වලට ලක්කළා අපි...

ටිකෙන් ටික සනීප වුනා මේ ළමයා..අන්තිමට ඔහු ගෙදර ගියා ඇත වාරුවෙන් ඇවිදලා..
ඒ හැමදේටම වඩා..සතුටු...ඔහු නැවත රැකියාවට යන එකයි..ඒ ගැන කියන්නයි අහු මට කතා කලේ..සාමාන්‍යයෙන් නැවත රැකියාවට යද්දී..medical board එකකට යන්න වෙනවා....ඒ සඳහා..සම්පුර්ණ තත්ත්ව ඇගයීමක් අපි ලබාදිය යුතුයි..
කොහොම හරි මගේ වාර්තාව..මත ඔහුට නැවත රැකියාවට යන්නට හැකි වුන බව..ඔහු කිව්වේ පුදුම සතුටකින්...
මේ දේ තමයි...මට දැනෙන දේ....සතුට....

****************************************************************************************

13 බදාදා.....නොවැම්බර් 2013.



ළමයි...ඔන්න අද මගේ උපන් දිනේ..ආයේ කියන්න එපා..කේක් නෑ...කියලා....ඔන්න එව්වා...කන්න...
ඉතින් happy birthday to me...
මූණු පොතේ මගේ බ්ලොග් යාලුවෝ ටික මට සුබ පැතුවා....ඉතින් ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි...
වයස..ද...?
40යි....එච්චරම වයස නැහැ....

කොහොම වුනත්...මම සතුටින් අද දවස ගෙව්වා...
උම්ම්මා...ගොඩක් ලැබුනා...
කාගෙන්ද අහන්නේ...
වෙන කාගෙන්ද..
මගේ පුතු ගෙන්...මිසක...

ඉතින් අද නම් මොකුත් ලියන්නේ නැහැ....හොඳේ..

*****************************************************************************************

14 බ්‍රහස්පතින්දා නොවැම්බර් 2013.


ඔන්න ඉතින් ආපහු ගෙදරින් මාව පන්නන වැඩක් පැටවෙගෙන එන්නේ...
ඒ ගමන මැදවච්චියේ යන්න එන්නලු...
නෑ..නෑ..කිලිනොච්චි නෙවෙයි....මැදවච්චි....

වැඩේට යන්නම වෙන පාටයි...
මොනවා කරන්නද මන්දා..
ගෙදරින් නම් තරයේම විරෝධතාවය,,.....

බැරිම තැන අදාළ අයට කෝල් කරලා කිව්වා...දරුවෝ දෙන්නා බලාගන්න කෙනෙක් නෑ..ඒ නිසා එන්න අමාරුයි කියලා..
මදැයි...
ඒ ගමන කියනවා..ඒ දෙන්නවත් අරන් එන්නලු..කොල්ලෝ දෙන්නා එක පයින්....
දැන් ඉතින්....මොකද කරන්නේ...

තවම හිතනවා..
ඉතාම වැදගත් කටයුත්තක් නිසා මාත් යන්න ආසයි....විශේෂයෙන්ම ලංකාවේ ඉන්න පොඩි දරුවන් වෙනුවෙන් කෙරෙන දෙයක් නිසා...

******************************************************************************************
15.සිකුරාදා නොවැම්බර්  2013...



සතිය ගෙවුනා....ජීවිතේ කොයි තරම්...ඉක්මනට ගෙවිලා යනවද..?
අනේ..මේ ටිකේ අනිත් කට්ටියගේ බ්ලොග් කියවන්නත් මට බැරි වුනා..
තරහ අවසර...හෙමීට ඔක්කොම කියවලා....කොමෙන්ටු දානවා...

කියාගන්න දෙයක් නැතුව ඉද්දි ඇහුන සින්දුවක් එක්ක ටිකක් හැගීම් බර වුනා හිත..
හැම සින්දුවකටම පුලුවන්ද අපේ හිත් එහෙම කළඹවන්න....
බැහැ....
සමහර සින්දු අහද්දී..සිය දිවි හානි කරගන්න හිතෙනවා...ඇත්තමයි..

මේ සින්දුව...ටයිප් කරලා තියාගන්න තරම් හිතුනේ ඒ දැනුන සංහිඳියාව නිසාමයි...

සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ

---------------------------------
ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ ඔබ මගේ....

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ ඔබ මගේ.....

නා ගසක්‌ දළු දමා වසන්තය එලඹිලා
මද පවන් රැලි වැදී සැලෙනවිට කැලඹිලා
මට බලා ඉන්න බෑ ඔබෙ දෙතොල් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ......

යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැගෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ........

අහස්‌ තල පොලෝ තල ඔබට මට පොදුවෙලා
හදවතින් එක්‌වුනත් ගතින් දෙදෙනෙක්‌ වෙලා
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.......






ඉතින්....මොනවද හිතෙන්නේ....

******************************************************************************************


ගිහින් එන්නම්...සුබ සති අන්තයක් ඔබ සැමටම.....


මම කළු සහ සුදු....



29 comments:

  1. ලියමු අක්කෙ.නවත්තන්න එපා.ඔය සද්කාර්ය තව දිගු කාලයක් කරන්න

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි.....ඔයාල කළු සුදු බ්ලොග් එක ඉන්නකල්..අක්කා මේක ලියාවි...

      Delete
  2. Replies
    1. හිටු ...හිටු...ඊළඟ එක තනිකරම මඩ ...

      Delete
  3. අද නං මං මේක කියෙව්වේ හොරට. බස් රේඩියෝව අහන ගමන් තමා මේ කොටන්නෙත්.

    ReplyDelete
    Replies
    1. මේක සරල එකක් නේ....හොරට කියෙව්වම ඇති...

      Delete
  4. ඔයාගෙ රැකියාව අනුව ජීවිතේ ගැන ආයෙ ආයෙ හිතන්න වෙන රෝගීන් හමුවෙනවා නේද ? ඒ අත්දැකීම් අපිටත් කියන එක වටිනවා. අපිටත් ඒවා ජීවිතේ ගැන ගැඹුරින් හිතන්න පොළබවනවා..

    පහුවෙලා හරි සුබ උපන් දිනයක් වේවා !! කිව්වා ඔන්න,

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තුතියි සිදත්...
      මම මේ අත්දැකීම් ලියන්නේ..අපි හැමෝටම ජීවිතේ ගැන තව සැරයක් හිතන්න දෙයක් එතන තියන නිසා...

      Delete
  5. ඔන්න මම අද යි ආවේ ඉස් ඉස්සරල ම!

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න දිලිනි ....සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...

      Delete
  6. ජිවිතේ කාට හරි උදව්වක් කරලා විදින සතුට තරම් දෙයක් මට නම් තවත් නෑ මටත් නම් එහෙමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මගේ නංගි...ඒකමමත් ආසාවෙන්ම කරන දෙයක්...

      Delete
  7. ටික කාලෙකින් මටත් දිනපොත මිස් උනා. ඔන්න පටන් ගත්තා. අනුන්ගෙ දිනපොත් කියවන එක නරකයි ඒත් ලියන කෙනා අපිට කියවන්න කියනකොට නොකරත් බැහැනෙ..

    ReplyDelete
    Replies
    1. මේක අනුන්ගේ දිනපොතක් නෙවෙයි සරත් අයියා..මේක අපි කාගේත් දිනපොත..පුද්ගලික කියලා මොකුත් නැහැ....අපි හැමෝටමයි මේ ලියන්නේ...

      Delete
  8. සසර සැරිසරන තෙක්.......මේ ලස්සන ගීතය ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා. සංගීතය වික්ටර් රත්නායක තුමා. මේ ළමයි මෙහෙම ගීතයක් බ්ලොග් වල දාන එක ගැන සතුටුයි...ඒ එක්කම ගීතය ලිව්වේ කවුද කියලා දානවානම් ඒක ඉතාම හොඳ ක්‍රියාවක් වෙයි.

    ////////අපි ජීවිතේ විඳිනවද..ඇත්තටම...
    මම ඔහේ ඉන්න ගමන් කල්පනා කරනවා...////////
    මේක කවුරු කවුරුත් තව තවත් හිතන්න ඕන කාරනාවක්. මම හිතන්නේ බොහෝ අය ඔහේ ජීවත් වෙනව. උපන් දිනයට නැවත සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. මම ඒක නොදැම්මේ...ඇත්තටම ඒක හැමෝම දන්නා නිසයි Aru....

      ඉතින් සුබ පැතුමට ස්තිතියි..මම ඔයාවත් මූණු පොත පැත්තේ දැක්කා මං හිතන්නේ..

      Delete
  9. ඔහොම ඉදලා හරියන්නේ නැ ලොකු මල්ලිට අච්චුවක් දෙන්ඩම ඕන

    ReplyDelete
    Replies
    1. අටම්...දෙන්නකෝ සපෝට් එකක්..මම ත් මේ සූදානම ඒකට තමයි..

      Delete
  10. සුභ උපන්දිනයක් වේවා ...!!හිතවතිය ඔබට....
    (ඔ තන්ජෝබි ඔමදිතෝ ගොසයිමසු)
    රෝගීන් ගැන කතා කරද්දී මට පුදුම දුකක් ඇතිවන්නෙ.
    මුල් රෝගියා ගැන කියද්දී බොහොම දුකක්...
    රාජකාරියයි,ගෙදර වැඩත් එක්ක අප සමග සිටීම හරිම සතුටුයි.
    හබිය පස්සෙ උම්මා වැස්සක් දෙන්න ඇති.... :).

    ReplyDelete
    Replies
    1. kenji.....ගොඩක් ස්තුතියි..සුබ පැතුමට...

      අනේ අපේ උන්දැ ගේ උම්මා වැස්ස....හිකිස්...

      Delete
  11. සුභා වෙනුවෙන් උපරිම සත්කාරය සිදුකිරීමට වසනාව ලෑබේවා.
    සුබ උපන් දීනයක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔයා මට ඉතින් කලින්ම සුබ පැතුවා නේ....

      Delete
  12. අදයි කියෙව්වේ , පලවෙනි කතාව කියවපු ගමන්ම උදේම ජීවිතේ එපා වුනා .

    ReplyDelete
  13. Malli..ehema hithanna epa.....me api awata inna jeewitha....epa wela baha....jeewitheta api koi taram adare wenna onadakiyala me thulin hithanna......ape wagema anunge jeewitha walataath

    ReplyDelete
  14. අපූරු සටහන් ගොඩාරියක් කියෙව්වා. අනුන්ගේ දිනපොත් සටහන් කියවන එක නෝටි වැඩක් වුණාට මේ සටහන් එකතුව නම් කියවන්න කියවන්න ආස හිතෙනවා. අගෙයි.

    ReplyDelete
    Replies
    1. Noty wunath nice.....enna aseni digatama....me api kageth dinapotha...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  15. ඉස්පිරිතාලේ එපා වෙනවා නේ... මම වගේ හිටියනම් දැන් මහණ වෙලා.. අම්මා ලෙඩ ඉන්නකොට ඉස්පිරිතාලෙට ගියේ දවස් 2ක්යි සංසාරේ ඇති උනා... අම්මාගේ හතරවටෙම ඉන්න අයගේ කකුල් නෑ ඇගිලි නෑ.. අම්මගේ ලගම හිටියා ඇන්ටි කෙනෙක් එයා මාස 04 ක් හොස්පිටල් එකේලු කකුල කපලා අවුරුදු 16 ක එයාගේ දුව සාත්තුවට හිටියේ අම්මා අඩනවා කකුල් දෙක රිදෙනවා කියලා අර නංගිත් හොදටම අඩ අඩා කකුල් දෙක අතගානවා මටත් හොදටම අඩුනා එක දැකලා... මතක් වෙනකොටත් ඇඩෙනවා

    ReplyDelete
  16. ඔයා තවම පොඩියි බොරළු..ජීවිතේ ගැන කලකිරිලා බැහැ,..මෙහෙම ඒවා තුලින්...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න