Google+ Followers

Saturday, November 30, 2013

68.දෙවියන් බඳු වූ..ඔබ ගැන මතකය ..

ජීවිතේ ගමන් මගදී අපිට හමු වන විවිධ අය ඉන්නවා නේ..
සමහරු ඇවිත් යනවා,...සමහරු පදිංචි වෙලා ඉන්නවා..
තවත් සමහරු ඇවිල්ලා..කවදාවත් නොමැකෙන සලකුණු තියලා සමු ගෙන යනවා...
සමහර අය ..මතක් කරද්දීත් දැනෙන්නේ හරිම මිහිරි හැගීමක්..

මම දන්නවා..කට්ටිය දැන් පීලි පැනගෙන ඉන්නේ කියලා...
රොමැන්ටික් ස්ටෝරි එකක් අහන්න පුල පුලා බලා සිටින ඔබ සැමගේ බලාපොරොත්තු බිඳ දැමීමට සිදුවීම ගැන දැඩි ලෙස කනගාටු වෙන්න මට මේ අවස්ථාවේ සිද්ධ වෙනවා...



මේ සටහන මම ලියන්නේ මට ඉගැන් වූ ගුරුමවක්  ගැන...

මේ සටහනට හේතු පාදක වුනේ අද දවසේ සිදු වූ එක සිදුවීමක්...

මම කොළඹ ඉගන ගන්න ආවේ 1995.දී ....

මේ ඉගන ගන්න ආව පුහුණු පාසලේ විදුහල්පති තුමිය ...ඇය ඇත්තටම වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම මට නම් වුනේ මවක්...ඇයගේ ඉගැන්වීම වගේම මිනිසත්කම ...මට මහා පාඩම් ගොඩක් කියාදුන්න...

කිසිදා කිසිදු ශිෂ්‍ය ශිෂ්‍යාවකට විශේෂත්වයක් ඇය දැක්වුවේ නැහැ..හැබැයි හැමෝටම සැලකුවේ එක වගේ...එහෙම අය අද කාලෙත් ඉන්නවද කියන්න මට හිතා ගන්න බැහැ..
නමුත්....ඇය අපිව ඇගයිය යුතු තැනදී අගයුවා..ඉස්සරහට තල්ලු කරගෙන ගියා..

හැබැයි මට ඇය ගේ මුවින්ම පසු කාලයකදී ලැබුන චරිත සහතිකයට ..මම අදටත් ආදරෙයි..."ගමේ ඉඳන් ඇවිත්..ගමේ කම තියාගෙන මේ තැනින් එලියට ගිය කීප දෙනයි..මම දැක්කේ...ඒ එක්කෙනෙක් ඔයා "..කියලා...මොකද අපේ විදුහල්පති තුමියට මම අඳින පලඳින විදිය පවා මතක තිබුනා..අරුමෝසම් වලට යට නොවුන ..මගේ විදියට ඇය ප්‍රසංශා කළා...

මගේ මතකය දෙයියනේ කියලා බොහොම හොඳයි..ඔය උපන් දින දින වකවානු..සාමාන්‍යයෙන් අගේට මතක හිටිනවා ..
හැමදාම අපේ විදුහල්පති තුමියගේ උපන් දිනේ දවසට මම සුබපතනවා..බොහෝ වෙලාවට ඇය ට ම ලියපු නිසඳැසක් එක්ක සුබ පැතුම් මැසේජ් එකක් යවනවා..
මේ සැරේ වුනේ නැතයි..අමතක..එක වුනෙත් මේ කෙහෙල්මල් ස්ට්‍රයික් එකක් නිසා..ගෙදරට වෙලා උන්නා...අමතකම වුනා...

ඔන්න අද තමයි..උඩ ගිහින් බිම වැටිලා වගේ මතක් වුනේ දෙයියනේ මම මැසේජ් එකක් වත් යැවුවේ නැහැ නේද කියලා..
හැරෙන තැපෑලෙන් දඩි බිඩි ගාලා නිසඳැසක් ලියාගත්ත..යැව්වා මැසේජ් එක...
මේ තියෙන්නේ ඒක...

අහසක් තරම් කුළුණින් පිරූ
ගඟුලක් තරම් සිහිලස මැවූ
දෙවොලක් තරම් බැතියෙන් පිදූ
මගේ මවුනි ඔබ දිනේවා මතු...


මෙන්න ටිකකින් කෝල් එකක්...මගේ ඇස්දෙක තෙත් වුනා...මැඩම් ගේ වචන ටිකට.."ඔයාට මේක අමතක වෙන්නේ නැහැ කියලා මම දන්නවා..එත් මේ සැරේ පහු වෙද්දී අපේ මහත්තයත් ඇහුවා..කෝ ආවේ නැද්ද කියලා...ඒ වුනාට..ගිය අවුරුද්දේ..ඔයා මට එව්ව සුබපැතුම මට අවුරුදු 5,6 කට ඇති කියලා..."

මට ඇත්තටම මතක නැහැ..මම ගිය අවුරුද්දේ මැඩම් ට ලිව්ව නිසඳස..ඒත්..ඒ ගැන මැඩම් මට ගොඩක් කතාකල බව මට මතකයි...
අපි ලියන කියන පුංචි දේත්...කෙනෙක් ගේ හිතට කොයි තරම් බලපෑමක් කරනවද කියලා අපි හිතන්න ඕන..

විශ්‍රාම ගිහින් ගෙදරට වෙලා ඉන්න ඇය...මගේ සුබ පැතුම එක්ක කොයි තරම් සතුටු වෙන්න ඇත්ද කියලා මට ඒ වෙලාවේ තේරුනා...ඒක ඇයගේ කටහඬින් මට හොඳටම දැනුණා..
ජීවිතේ අපිට ආදරය කරන මිනිස්සු ගොඩක් ඉන්න පුළුවන්..ඒත්..මහා ලොකු දෙයක් නෙවෙයි..පුංචිම පුංචි දෙයින් පවා..හිතක් සනසන්න වගේම හිතක් කඩා වට්ටන්නත් අපිට පුළුවන්...

ඒ නිසා..මට අද මේ සටහනෙන් ..මම ඒ කල දේ ගැන දැනුන සතුට ලියා තබන්නයි ඕන වුනේ..

40 comments:

  1. අක්කේ ඔයා කරන්නෙ ලොකු දෙයක්.බලන්න එ ගුරුමවට කොච්චර ලොකුයිද ඔයාගෙ එක මැසෙජ් එක.එතකොට බලන්න දෙමව්පියන්ට කොච්චර ලොකු ඇද්ද දරුවන්ගෙ මෙවගෙ සුබ පැතුම්.කියෙන් කී දෙනාටද මතක තමන්ගෙ දෙමව්පියන්ගෙ උපන් දින.මෙවගෙ දේවල් මතක තියාගෙන කරන එක කොච්චර වටිනවද

    ReplyDelete
    Replies
    1. Aththatama damith malli..me de mama livve...mama gana kiyanna newey..kenekge hangeem walata api koi taram balapanawada kiyana eka gana katha karanna.kenekuta itha sulu deyak lesa pennata puluwan deyak thawa hithakata maha deyak.
      Oyage adahas walata maath ekangay.demawpiyan gana wunath me kathawa e wagemay

      Delete
  2. මේ වගේ ගුරුවරුත් කලාතුරකින් ඉන්නවනේ. අපිට මුණ ගැහෙන ගුරුවරු අතරින් කීයෙන් කී දෙනාට ද අපේ හදවතේ රැ‍ඳෙන්න පුළුවන් :)

    ReplyDelete
  3. අපි එච්චර දෙයක් නෙවෙයි කියල හිතන සමහර දේවල් තවත් කෙනෙකුට, විශේෂයෙන්ම අදාල කාර්යයෙ ප්‍රතිලාභ ලබන අයට ලොකු දෙයක් වෙනව නම් තමා, පෙලක් ඈයින්ට නම් එහෙම නෑ. ඒත් ගොඩක් ඈයින්ට ඒක එහෙමයි.

    ඔබේ උපන්දින සුභපැතුම නම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. Ow...oyaa kiyana de aththa....godak denata eka ehema thamayi...

      Mage subapathuma saralay..eth in dunna balapama sankeernay

      Delete
  4. මෙච්චර කල් ගත වෙලත් ගුරු ගෝල සබඳතා තියෙන එක මාර පුදුමයි..
    අනේ මං නම් එක ටීචර් කෙනෙක්ගෙවත් නම්බර් දන්නෙ නෑ.. ඉස්සර IT උගන්නපු මිස්ල දෙන්නගට කාලයක් යනකම් කෝල් කරා. ඒත් වැඩිම උනොත් ඒ අය මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල් වෙන්නෙ. ඒ නිසා ප්‍රශ්ණ ඇති වෙයි කියල ඒකටත් අම්ම කොක්ක දැම්ම :(

    අවාසනාවට මට ඔය දින වකවානු, නම් මතක නෑ... මතකනෙ එදා එක්කෙනෙක් බලෙන්ම සුභ පතා ගත්ත උපන් දිනේකට... හික්ස්

    ReplyDelete
    Replies
    1. Amma dannawane oya puthandiyage tharama..ekay kokka danna aththe....

      Ah.....kawuda ehema balen suba pathagaththe....ayyo..lajja nadda neda...api nam newey

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. හදවතට දැනෙන මේ දේවල් මෙහෙම ලියන එක හොදයි.
    මෙන්න මගේ දෑස තෙමූ ගුරු මතකයක්

    ReplyDelete
  6. ඉහළින්ම අගය කරනව.සමාජයටම හොද ආදර්ශයක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක මට මහා සතුටක් වුනා..ස්තුතියි ඔබට

      Delete
  7. මේ ප්‍රයෝගකාරී බව කෙනෙකුගේ සතුට වෙනුවෙන් නිසා යහපත්.

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝගකාරී බව කිව්වේ..ඇත්තටම මම ප්‍රයෝගයක් කලේ නැහැ නේ සුභාෂ්...

      Delete
  8. අපිට මිනිස්සුවෙනුවෙන් ලොකු දේවල් කරන්න අවශ්‍ය නෑ අක්කේ, කවුරුවත් එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එත් බොහොම පුංචි දෙකින් එයාලව ජීවිත කාලයටම සතුටින් තියන්න පුළුවන් අපිට.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි...එත් අපේ හුඟ දෙනෙක් දන්නේනැහැ ..තමන්ගේ එක වචනයක තියන බලය..කොයි පැත්තටත් ..හොඳට වගේම නරකටත්...

      Delete
  9. හරිම වටිනවා අක්කේ ඔයාගේ පණිවිඩේ ,මගේ ජිවිතේ නම් එහෙම ගුරුවරු හමුවෙලා නැහැ ,, ඉස්කෝලේ යනකාලේ ගොඩක් දෙනා අකමැති චරිතයක් මං ,, වලි දාගන්න සහ අනිත් අයව පොළඹවන ඒ නිසා ගුරුවරුන්ගේ හිත්වලත් මං ගැන තියෙනව ඇත්තේ නරක මතකයන් :)

    ReplyDelete
    Replies
    1. අනේ නංගි...මාත් ඉස්කෝලේ යන කාලේ නම් සුදු චරිතයක් නෙවෙයි...කල තරමක් කලේ අන්ඩ වැඩ ...ඒ වුනාට අපේ මල්ලිලා දෙන්න නම් හරී අහිංසකයි..ඔයාට පේනවා ඇති නේ බ්ලොග් බැලුවම...
      මේ යම් තාක් දුරට වැඩිහිටි වුනාට පසු ආව පුහුණු පාසලේ විදුහල්පති තුමිය ...ඒ කාලේ අපි ටිකක් හැදිලා ...

      Delete
  10. නෝනයි මායි දෙන්නම අපි එක්ක කලින් වැඩ කල බොස් කෙනෙක් බලන්න ගියා. ඒකත් බොහොම හැඟිම් බර අවස්ථාවක්.. කරුමේ කියන්නේ මට ඕවා ලියන්න බෑ නේ..

    ReplyDelete
  11. ගමේ ඉඳන් ඇවිත්..ගමේ කම තියාගෙන මේ තැනින් එලියට ගිය කීප දෙනයි..මම දැක්කේ...ඒ එක්කෙනෙක් ඔයා "..කියලා...මොකද අපේ විදුහල්පති තුමියට මම අඳින පලඳින විදිය පවා මතක තිබුනා..අරුමෝසම් වලට යට නොවුන ..ඔන්න අලි නයෙක් ඇරලා......


    පුංචිම පුංචි දෙයින් පවා..හිතක් සනසන්න වගේම හිතක් කඩා වට්ටන්නත් අපිට පුළුවන්......
    එක තමයි ඇන්ටි ඔයා ඔය දාන 100 ලිලෝඩ් එක දැම්ම නම් මගේ හිත සැනැසෙනවා මම දැන් හිත හදාගන්න හදන්නේ එක චන්ද පොරොන්දුවක් වෙලා කියලා :(

    ReplyDelete
    Replies
    1. බොරලුවා....නයි අරින්න මම අහිගුන්ටකයෙක් කියලා හිතුවද ?
      හලෝ මේ වස වරද්දයි වුනේ ...අර නොම්මරේ නැති වුනා නොව...අනේ..ආපහු එවන්න ...චන්ද පොරොන්දුවක් නම් නෙවෙයි..

      Delete
  12. මේ ක්‍රියාව ඉහලින්ම අගය කරනවා අක්කේ.. අද හුඟක් අස්සේ ජීවිත රේස් එකේ වැටිලා මිසක් මෙහෙම දෙයක් ගැන හිතන්නවත් ඕන කමක් නැහැ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මල්ලි...ඔව්...ඔයා කියන දේ ඇත්ත..

      Delete
  13. බොහොම හොඳයි ඔබ එහෙම කරපු එක. මමනම් ඔය තරම් හොඳ ගෝලයෙක් නෙමේ. ආත්මාර්තකාමියෙක්.

    ReplyDelete
    Replies
    1. මාත් වෙලාවකට ආත්මාර්තකාමියෙක් තමයි මල්ලි..නමුත් සංවේදී කම අපි හැමෝගෙම හිතේ තියනවා නේ

      Delete
  14. මට නං දෙයියනේ කියලා උපන් දින අනං මනං නං මතක හිටින්නෙම නෑ... හි හි.... ජීවිතේට අමතක වෙන්නෙ නැති උපන් දින දෙක තුන මිසක් අනිත් ඒවට සොරිම තමයි... අඩුම ගානේ අපේ නගාගේ උපන් දිනේ කොච්චර මතක තියා ගන්න ට්‍රයි කළත් මට මතක නැති වෙනව... මතක තියා ගත්තත් එක්කො පැටලෙනව... ෆොන් එකේ කලින් දාගෙන හිටිය.. ඒක නැති උනාට පස්සෙ උපන් දින ටිකත් මිසින්...

    ReplyDelete
    Replies
    1. හිරුවා නම් කොයි වෙලාවෙත් ඔලුව හැප්පිලා වගේ නේ ඉන්නේ...ඒ නිසා අමතක වුනාට කවුරුත් ගණන් ගන්නෙත් නැතුව ඇති neda..?

      Delete
  15. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ....

    ReplyDelete
    Replies
    1. මේ සින්දුවට ගැලපෙන ගුරුවරු අද විරලයි..

      Delete
  16. අපිට හිටියේ නැනේ ඔහොම ගුරුවරු

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගෝලයෝ එක්ක කොහේ ඉන්නද

      Delete
  17. B&W ....ඔය ගතිගුණ පරම්පරාවෙන් පරම්පරාවට යන්න ඕන....ඒක තමයි වඩා වැදගත්.

    මේ ලිපියට අදාලව නොවේ.....ඔබ මාතර සුජාතා සිසුවියක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ...Aru...මම සුජාතාවේ..92 A/L කලේ

      Delete
    2. මගේ නංගීගේ 13 හැවිරිදි දුව ඊයේ පෙරේදා ඔබ පාසලටත් රටටත් ජාත්‍යන්තර කීර්තියක් රැගෙන ආවා. මම පොඩි පෝස්ට් එකක් දැම්මා ඒ ගැන.

      Delete
  18. මේ වගේ ගුරු ගෝල සම්බන්ධකමක් ගැන අහන්න ලැබීමත් වාසනාවක්. සුභ අනාගතයක් ගුරුතුමියටයි, ශිෂ්‍යාවටයි දෙන්නටම.

    ReplyDelete
    Replies
    1. එතුමිය නම් විශ්‍රාම ගියා..මම තවම ලෙඩ්ඩු එක්ක

      Delete
  19. මට මතක් උනේ මගෙ 1 වසරෙ ගුරුතුමිය

    මමත් ආවා ඔන්න :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සමී....අපි හැමෝගෙම මතකය තුල එබඳු ගුරුවරු ඉන්නවා ...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න