Saturday, September 7, 2013

58. ප්‍රේමය නම්.....




ප්‍රේමය නම්....රාගයෙන් තොර සඳහා එලිය සේ අචින්ත්‍යයි..
පාරිශුද්ධයි...
සුරම්‍යයි....

මේ ගීතය  ඉස්සරත් අහද්දී...මට හරිම ප්‍රශ්න ගොඩක් හිත ඇතුලේ ඇති වුනා...ඉස්සර නම්...ඇති වුන මූලිකම ප්‍රශ්නය..ප්‍රේමයයි.රාගයයි..ආදරයයි...කියන වචන වල වෙන වෙන තේරුම් තියනවා කියලා නොතේරුන එක...ඒ ඉහත කාලයේදී..
දැන් ඉතින් ..අහන දකින විඳින දේවල් මත ...මේ කවි පදය ඇත්තටම ඇත්තද කියලා..හිතෙනවා...


මේ පොස්ටුව ලියන්නට ප්‍රස්තුතය වුනේ..මගේ සමීපතම කෙනෙක්...මට දවසක් කෝච්චියේදී දුටු අන්ධ යුවලකගේ පින්තුරයක් එවලා අහපු මේ වචන ටික..

"  Is love Blind...?  "


මොකද මේ දෙන්නගේ මුහුණු වල තිබුන ආදරය හරිම සුන්දරයි කියලා මගේ යාලුවා කිව්වා..
එකට පාදක වුන පින්තුරේ දාන්න බැහැ.නේ..මොකද ඒ දෙන්න තවමත් දුම්රියේ ගමන් කරන සිංදු කියන දෙන්නෙක් නිසා...privacy එකට පටහැනියි..

මේ ඔස්සේ අපි දෙන්නා මහා තර්ක ගොඩක් කළා...ඒත්..තර්කයට ඔබ්බෙන් ගිය අපි විඳින දේවල් මත ..මේ අත්දැකීම වෙනස් වෙනවා...මට හිතෙන විදියට නම්...

ජීවිතයේ කුදු මහත්..බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන අපි..ඒ ජීවිතයට අරුතක් සොයන්නේ..ප්‍රේමයෙන්..ආදරයෙන්...
මානුෂිකත්වයට අදාළ මානව සම්බන්ධතා ගැන කතා කලොත්..
ඒවා දැන් දැන් මහා අමුතු අර්ථකථන දෙන අන්දමේ ඒවා වෙලා....


පත්තරේක ..පොතක බැලුවොත්..මිනිස්සු රස කරලා කියවන්නේ..පවුලක..නිවසක තියන මානව දයාවෙන් යුතු සම්බන්ධතා ගැන නෙවෙයි...තහනම් ගහේ ගෙඩි කන නළු නිළියන්ගේ ඒ ජීවිත වලට අදාළ සුන්දරව නිමවුන පුවත්...ඒ වගේම දුර්දාන්ත වලින් කෙලවර වෙන පවුල් ජීවිත වල අසුන්දර භීෂණය...වගේ දේවල්..
මේ වගේ පුවත් වලට අද තියන වටිනාකම වැඩි ද ..?
මිනිස්සු පත්තරයක් අතට අරන් බලන්නේ...මිනීමැරුම් කීයක් වෙලාද...ඒවායේ පිටිපස්සේ තියන පවුල් අවුල් මොනවද කියලා...
මේ තත්වයට ..පත් වෙන්න මිනිස්සු යොමු වුනේ..අර කලින් කියපු ප්‍රේමය ට රාගය ම මුසු වීම නිසා ද..?

මට අහන දකින දේවල් එක්ක මෙහෙම පෝස්ටුවක් ලියන්න හිතුනේ ඒකයි..
කෝච්චියේ යනකොට අහන දකින ඒවා ...එක්ක බලද්දී..වෙලාවකට හිතෙනවා...මිනිස්සු මේ කසාදය..කුටුම්භය කියන දේවල් වලට දීල තියන ලන්සුව කොයි තරම් අඩු ද ...කියලා...



මගේ මිතුරියක් පසු ගිය කාලේ මට නිතරම කතා කළා...
ඇය විවාහක මවක්..නමුත්..හිත ගිය තැනක රහසේ හිත නැවතුනාම...ඒ විඳින හැගීම් සමහර අයට තනිවම හිතේ දරන ඉන්න බැහැ..ඉතින් ඇහුම් කන් දෙන්නියක ලෙස මට ඒ දේ අහන් ඉන්න වුනා..
ඇත්තටම මට හැඟුනේ ...ඇය දැන් මනසින් ඉන්නේ පාසල් යුවතියක වගෙයි කියලා...
ඒ හැගීම් බර සම්බන්ධය ..ඇගේ වචන වලින් කිව්වොත් ...කවදාවත් ම දුර දිගක යන්නේ නැහැ කියලයි...ඇය සහතිකවම මට කිව්වේ...
නමුත්...කාට නම් කිව හැකි ද.....ඒ ගැන..

මිනිසුන් ලෙස..අපි මේ තත්වය දක්වා යන්න හේතු මොනවද...
මම ඉතින් වැඩක් නැති වෙලාවට ඔන්න ඔය වගේ බහු බූත ගැන දිගට දිගට හිතනවා....
ඇත්තටම තමන්ගේ කුටුම්භය තුලින් එන මුලික අඩුවක් නේද...මේ වෙනත් තැනකින් සපුරා ගන්නට කෙනෙක් හදන්නේ...
එය..මානසික සංතෘප්තියක් විය හැකියි...ඊට එහා යන දෙයක් වුවත් විය හැකියි...
මේවායේ හරි වැරදි හොයන්න අපිට බැහැ..
නමුත් ඉතින් ප්‍රධානම දේ මේ වගේ දේවල් වලින් ප්‍රතිපල හෝ ප්‍රතිවිපාක ලැබෙන්නේ තනිකරම තමන්ට විතරක්ම නොවෙන එකයි..තමන්ගේ දෙමවුපියන්..දරුවන්..සහෝදර සහෝදරියන් ...හැම දෙනාම මේ තුල සහ මේ වටා ඉන්නවා නේ...

ප්‍රේමය ගැන  අදහස් කියන්නට ජීවිතේ අපි කොයි තරම් පරිපූර්ණ වුනත් බැහැ...
මගේ හිතට මේ කතාව ලියද්දි මතක් වෙන්නේ ඉවාන් පවුලුෂා ගේ කෙටි කතාවක්..මේ කිව්වේ අපේ ප්‍රගීත් මල්ලිගේ...මට මේ හදිසියේ ඒ ලින්ක් එක නම් හොයාගන්න බැහැ..
ප්‍රගීත් මල්ලිම ඒ ලින්ක් එක  දාන්නකෝ..
අර ...අන්තිමේදී ගැහැණු ළමයා සියදිවි නසා ගන්න එක..එතකොට අර පිරිමි කෙනා..ඇඟට පතට නොදනී
කියන්නේ "පිස්සු ගැහැණු "කියලා...
අන්න ඒ කතාව..
අද කාලේ ගොඩක් කතාවල අවසානය ඔන්න ඕක තමයි...

ඉතින් මේ නිකම් ඉන්න ගමන් හිතුන දෙයක් තමයි ලිව්වේ...
මට ලැබුන නිමිත්ත ඔස්සේ මම හිතපු දුර තමයි මේ...






47 comments:

  1. ආදරය සහ ප්‍රේමය කියන දෙකේ වෙනස මට තාම හරියට තේරෙන්නෙ නෑ..

    ආදරය කියන එක රාගයෙන් ස්වායක්ත නම් මට කියන්න තියෙන්නෙ ගැහැණු බලාපොරොත්තු වෙන්නෙ ආදරයක් නෙවෙයි..

    හිතක් පිරෙන්න කොච්චර ආදරේ කරත් වැඩක් නෑ, කෙල්ලන්ට ඕන හිතට දැනෙන්න ආදරේ කරන්න. පොඩි හරි අඩුපාඩුවක් උනොත් ඊට වඩා ලොකු ආදරයක් හොයන් යන්න උන් පසුබට වෙන්නෙත් නෑ.. ඈක්කා..
    (අත්දැකීම් ඇසුරිණි)

    ReplyDelete
    Replies
    1. dot.....මේ පෝස්ටුවට පාදක වෙන්නේ...කෙනෙක් ගේ චපල හිතක් ගැන නෙවෙයි...සමස්ථ සමාජයටම අද දවසේ මහා පිළිලයක් වෙලා තියන කාරණයක් ගැන..මම ලිව්වේ සරලවම.

      ඇත්තටම dot...ඔය හැමදේම වෙන්න...තනි කෙනෙක් ගේ වරද විතරක් වෙන්න පුළුවන් ද ...?ඔය සිද්ධියට අදාළ පාර්ශව දෙකක්..තුනක්..නැත්නම් ඊට වඩා ප්‍රමානයක් ඉන්නවා නේද..?

      // කෙල්ලන්ට ඕන හිතට දැනෙන්න ආදරේ කරන්න. //...මෙන්න මේ කොටස මගේ පෝස්ටුවට අදාලයි...ඇත්තටම මිනිස්සු හිතට දැනෙන්න ආදරේ කරනවා කියන දේ මොකක්ද කියලා තේරුම් අරන් තියද..?

      Delete
    2. " Is love Blind...? "
      මේකට උත්තරේ දෙන්නෙ එකිනෙකා තමන්ට වාසි වෙන විදියට. විවාහක කාන්තාවකට හෝ පිරිමියෙක්ට වෙනත් සම්බන්ධතාවයක් ඇති කරන්,
      "අනේ ඉතිං මොකක් කරන්නද, ආදරේ අන්ධයිලුනේ"
      කියල ශේප් වෙන්න පුළුවන් අද කාලෙ...

      @කළු සහ සුදු
      ඇත්තටම ඔයාවත් මේකට සෘජු පිළිතුරක් දීල නෑ පෝස්ට් එකෙන්,

      මං නම් කියන්නෙ ආදරය අන්ධ වෙන්න පුළුවන්, නමුත් ඒක කරන්නා හෝ ලබන්නා එසේ අන්ධ විය යුතු නැහැ

      මං ලව් කරා.. අපි නොගැලපෙන නිසා මාස 3කින්ම වෙන් උනා. දැක්ක පළියට, හිත ගිය පළියට හෝ පොත්ත සුදු උන පළියට ලව් කරන්න බෑ.. කොල්ලෙක් උනත් මටත් ඒක කරන්න බෑ.. මොකද මගේ ගෞරවය සහ ගෙදර අය සමාජයේ ගොඩ නඟාගෙන ඉන්න ප්‍රතිරූපයට හානියක් වෙනව ඒකෙන්..

      ඒ නිසා මං ආදරය කියන හැඟීම දැනෙන්න කලින් ඒ කෙනාගෙ පවුල් පසුබිම, කුලය, චරිතය වගේ අම්මල හොයන ඒව මං කලින්ම හොයනවා. මොකද මං දන්නව ඒ රෙගියුලේශන් වලින් පිට කෙනෙක්ට ගෙදරින් කැමැත්ත නොලැබෙන බව..

      කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්, ආදරය කියන මානසික බැඳීමක් ඔය සමාජ තත්ව අනං මනං වලට යටත් නැති නිසා ඒක සැබෑ ආදරයක් නෙවෙයි කියල.. ඕන මඟුලක් මට මොකෝ.. ගෙදර මිනිස්සුන්ගෙ හිත රිද්දල එහෙම දෙයක් කරනවට වඩා හොඳයි කළින්ම ඒවට සූදානම් වෙලා ඒවට ගැළපෙන විදියට සකස් වෙන එක :/

      ඉස්සෙල්ල කෙල්ලත් මට බැන්නෙ "අම්මගෙම පුතානෙ, එහෙනම් අම්ම කියන විදියටම ඉන්න කියල"
      ඔව් ඉතිං නැතුව ඒකියැ මට කන්න අඳින්න දෙන්නෙ.. වෙන එකක් තියා ඒ ටික කාලෙත් ඒකි කෑවෙ අපේ ගෙදර මිනිස්සුන්ගෙ සල්ලි වලින්නෙ :P

      Delete
    3. හ්ම්ම්ම්.....

      Delete
  2. මටත් අත්දෑකිම් තියෙනව නානා ප්‍රකාර.එ උනාට එව සමස්තයට ගලපන්න මම යන්නෙ නෑ.මම අහලතියෙන විදියට පිරිමියෙකුට ඔය විරුද්ධලින්ගික සම්බන්දය ජිවිතෙ එකක් විතරයි.ගෑහෑනියක් එක මුලු ජිවිතෙම කර ගන්නව.එකනිසා ඔය සම්බන්දෙදි ගෑහෑනියගෙ කොන්දෙසි වෑඩියි.එව සපුරන්න බෑරි උනාම බිදෙනව.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි දමිත් මල්ලි..අපි අපේ අත්දැකීම් ගැන කතා නොකර ඉම්මුකෝ..හැම කෙනාටම කියන්න කතාවක් මේ වගේ මාතෘකා එක්ක තියනවා..

      ඔයාගේ ප්‍රකාශයට මම 100% ක් ම එකඟයි...නමුත්...සමහර ගැහැණු අයත් ඉන්නවා...ඔය සම්බන්ධය..ජීවිතේ එකම එක දෙයක් කර නොගන්නා....

      Delete
  3. @YASITH (dot) NET මමත් එකගයි. සමහර වෙලාවට (අද වගේ බොරළුගොඩ කුණුගොඩක් වෙන්න බීපු දවසට) මගේ ඇස් 2 ක අඩනවා නමුත් මම දන්නවා ඒ අඩන්නේ ඇස් 2ක නෙමේ කියලා. එත් මම මාවම රවට්ටගෙන පාඩුවේ ඉන්නවා

    මම දකින එකම දේ සමහර කෙල්ලන්ගේ හිතට ආදරය දැනෙන් නෑ උන්ට දැනෙන්නේ රාගය විතරයි. ගොන් කොල්ලෝ එක නොදැන උන්ට ආදරය කරනවා @YASITH (dot) NET ලොකු ආදරය=රාගය

    ReplyDelete
    Replies
    1. ඊයේ පෙරේදා..A/L කරපු කොල්ලෙක්..කුණු වෙන්න බොනවා කියන එක නම් අම්මා කෙනෙක් විදියට මම අනුමත කරන්නේ නැහැ ළමයෝ...

      ඔන්න ඔය සමහර කියන කෙල්ලෝ නිසා ජීවිතේ නාස්ති කරගන්න අයට කුණුගොඩක් නොවී මැණික් ගොඩක් වෙන්න තමයි..හදවත ත් එක්කම උපදින කොට මොලයකුයි..එකට හරියන්න බුද්ධියකුයි දෙකක් ලැබෙන්නේ...

      Delete
    2. යසිත්,බොරලු ජිවත් වෙනව කියන්නෙ එක එක ජාතියෙ මිනිස්සු එක්ක එක එක විදියෙ සම්බන්දතා වලින් එක එක විදියෙ අත් දෑකිම් ලෑබිම තමයි.එවට අඩ අඩ ඉන්න ගියොත් ලොකය ඔයාල දාල ඉස්සරහට යනව.අරක්කුවලින් ප්‍රශ්න මතුකර ගන්න එපා.බොන්න ජොලියට අඩන්න නෙමෙ.ගොලු හදවතෙ සුගත් කියන්නෙ පිරිමි බගයක් සම්පුර්න පිරිමියෙක් නෙමෙයි.මම කියන්නෙ මට අත්විදිම් තියෙන නිසා

      Delete
    3. දෙන්නටම ස්තුතියි දීපු අවවාද වලට අපිට තාම අත්දැකීම් අඩුයි. 01 පාර අත පුච්චගත්තු කෙනා ආයේ අත පුච්චගන්න එකක් නෑ

      ඊයේ පෙරේදා..A/L කරපු කොල්ලෙක්..කුණු වෙන්න බොනවා කියන එක නම් අම්මා කෙනෙක් විදියට මම අනුමත කරන්නේ නැහැ ළමයෝ... අනිවාර්යයෙන්ම බ්ලොග් කරන කාන්තා පක්ෂයේ හැම දෙනාම. අකමැතිම දේ බොන එක තමා. අනේ මන්දා මේක දැන් නවත්තන්න අමාරුයි

      @Damith Gunawaredane

      සමහර අය බෝන්නේ ජොලියට තවත් අය අඩන්න තවත් අය ප්‍රශ්න අමතක කරන්න තවත් අය ප්‍රශ්න වලට උත්තර හොයන්න, තවත් අය යාළු ෆිට් එකට,තවත් පිරිසක් නොබී බැරි කමට ඔය විදහට හැමදෙනාම බොන්නේ සතුට දුක කියන හේතු 2ක උඩ ඔයා උනත් දුකින් ඉන්න වෙලාවට බීපු දවසක් හරි ඇති (බොනවානම්) ඔය මම උඩ කියපු හැම දේටම බිලා තියනවා

      Delete
    4. බොරළු.....මම බ්ලොග් ලියන කාන්තා පක්ෂයේ කියලා විතරක් අඩු හෑල්ලු කරන්න එපා..දන්නවද..?
      මට ඉන්නවා අවුරුදු13 ක සහ අවුරුදු10 ක පුතාල දෙන්නෙක්..ඒ දෙන්නත් තව ටික දවසකින් ඔයාගේ වයසට එනවා..එතකොට මටත් මේ දේ අහන්න වෙයි ද...?

      ඔයා දමිත් ට දීපු උත්තරේ ට මම අහන්නේ මෙච්චරයි....මම ...ඒ වගේම ඔයාගේ අම්මා..අපි ගැහැණු..දුක් විඳලා තියනවා..සමහර වෙලාවට ජෝලියේත් ඉඳල තියනවා...ප්‍රශ්නත් එමටයි...උත්තර හෙවිය යුතු වගේම ..කවදාවත් උත්තර නැති ප්‍රශ්නත් ..අපිටත් තියනවා...එතකොට දරුවෝ..අපිත් බොනවද..?...

      තරහ වෙන්න එපා...අම්මා කෙනෙකුට දැනෙන තරහයි දුකයි තමයි මේ...

      ඊටත් ...වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් විදියට මම නම් ඔය බොන්න දක්වපු හේතු එකකටවත් අනුමතයක් දෙන්නෙම නැහැ..මොන බොරුද..

      Delete
    5. බොරළු.....මම බ්ලොග් ලියන කාන්තා පක්ෂයේ කියලා විතරක් අඩු හෑල්ලු කරන්න එපා. අයියෝ මම එහෙම දෙයක් අදහස් කලේ නෑ සොරි.....

      අයියෝ තරහ වෙන්නේ මොකටද

      Delete
  4. අපිව මතක් වෙච්ච එකට ස්තුතියි අක්කේ ..............
    //"කවදාවත් ම දුර දිගක යන්නේ නැහැ කියලයි...ඇය සහතිකවම මට කිව්වේ"// සමහර විට එහෙම කියන්නේ යන්න තියෙන උපරිම දුර ගිහින් හිතට එන වරදකාරී හැගීම යටපත් කරගන්න වෙන්න ඇති, ඔයාගේ මේ පොස්ට් එකේ මොකක් හරි අවුලක් තියෙනවා අක්කේ. එකස්රේම පොස්ට් එකට යන්න බැහැ. පොඩ්ඩක් බලන්න, මම කීප සැරයක්ම හැරිලා ගියා " this post not exists" කියලා තියෙන හන්දා ....නිකමට HOME කියන එක උද ක්ලික් කලාමයි මෙතෙනට ආවේ, මමහිතන්නේ කට්ටිය ඇවිත් හැරිලා යන්න ඇති අරක් නිසා, ආයෙත් publish කරන්න වෙයි වගේ

    ඔයා කියපු ලින්ක් එක මේක වෙන්න් ඇති....
    අපරාධය සහ.....?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන්....ඒ ලින්ක් එක හරි...

      ඔයා ගේ කොමෙන්ටුව බලල මම ඔන්න ආපහු repost කරලා..publish කළා...දැන්වත් හරිද බලමු...මම හිතුවේ ඉරිදා නිසා..කට්ටියම නිදි ඇති කියලා...

      Delete
    2. ආ දැන් වැඩේ හරි ....ජයවේවා

      Delete
    3. ඉවාන්...පහු ගිය ටිකේ මට ඔයාගේ බ්ලොග් එක කියවන්නට බැරි උනා...අද අහම්බෙන් tab එකෙනුයි දැක්කේ...සැහෙන්න රසවත් පෝස්ටු මට miss වෙලා...tab එකෙන් කියවන්න පුළුවන් වුනාට කොමෙන්ටු දන්නා මට බැහැ..පස්සේ දාන්නම් හොඳේ...

      Delete
    4. කමක් නෑ අක්කේ ....ඔයා කියවන බව මම දන්නවා අනිවාර්යයෙන්ම.

      Delete
    5. අදටත්...මට ඔයාගේ කෙටි කතා බලලා දෙන්න පුළුවන් ලොකුම කොමෙන්ටුව..." පොතක් ගහන්න නම්..අපූරුයි කියන එකම තමයි..මල්ලියේ.".....

      Delete
  5. පිරිමියෙක්ගේ පලවෙනි ආදරය තමයි හදවතින්ම කෙරෙන්නේ .
    ගැහැනියකගේ අන්තිම ආදරය තමයි හදවතින්ම කෙරෙන්නේ .

    නේද ?

    පොඩ්ඩක් හිතලා බැලුවොත් මේක සාධාරණීකරණය කරන්න හෝ නොකරන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. සාධාරණීකරණ කිරීම කෙසේ වෙතත්....මේකත් ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් නේ අප්පා....

      Delete
  6. මගේ නම් මතය. ඔතන මූලික වෙන්නේ රාගය. ප්‍රේමය කියන්නේ මුසාවක්.. සමලිංගික වේවා විශම ලිංගික වේවා. ඕන කෙනෙක් බැඳෙන්නේ රාග සිතිවිලි නිසා.. ප්‍රේමය කියන එක මවකගේ ප්‍රේමය. සහෝදර ප්‍රේමය වගේ තැන්වලදි නම් අදාල වෙනවා. නමුත් අනෙක් හැම බැඳිමක්ම රාගයයි. අපේ සිත්වලත් කොච්චර ආශාවන් තියෙනවද. නමුත් අපිට ඒක කන්ට්‍රොල් කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි මනුෂ්‍යයෝ කියලා කියන්නේ. ඔහේ කියෙව්වේ නැතෙයි මගේ "සෙක්ස් ඉන් අ බස්" කවිය.. කෝච්චියේ වෙන්නෙත් ඒ ටිකම තමා..

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයේද රාගයක් ඇති බව ප්‍රොයිඩ් කිව්වා මතකද? හැබෑට මිනිස්සු ඇයි ඇත්ත පිළිගන්න අකමැති..

      Delete
    2. අනේ මාතලන්....එකේ මට ලින්ක් එක එවන්නකෝ තරහ නැතුව...

      Delete
    3. http://maathalan.blogspot.com/2013/08/sex-in-bus-strictly-for-adults.html

      Delete
  7. අර පින්තුරේ දාපු විදියට ආදරේ වර්ණ අන්ධතාවයට ලොකු හේතුවක්...

    ReplyDelete
    Replies
    1. මොකක් කිව්වා....

      Delete
    2. අනේ..අනේ...යන්න මෙයා යන්න...

      Delete
  8. සමාජයේ තහංචි නිසාත් තමුන් විසින්ම පනවාගත් සීමාවන් නිසාත් පමණක් පවතින පවුල් ජීවිත බොහෝමයි.. ඒ අතරේ අර විදිහට සිතුවිල්ලකින් පටන් ගන්න දේ අවසන් වෙන්නේ රාගය සියල්ල යටපත් කිරීමෙන් තමයි.. පලමුව ආසාව (තන්හාව)දෙවනුව අයිතිකරගැනීමේ උවමනාව (උපාදානය)

    ReplyDelete
    Replies
    1. ඇත්ත..සරත් අයියා..සහතික ඇත්ත..

      Delete
  9. මම නම් දකින විදිහට ඔය ප්‍රේමයත් රාගයත් එකට බැදිලා තියෙන කාරනා 2ක් මිනිසා කියන සත්වයා කොච්චර පරිනත බාවයට ආවත් ඔය කාරණා 2කම හරි හැටි එක ආකල්පයකින් අදුන ගන්න බෑ......හරි හැටි එක ආකල්පයකින් නිර්වචණය කරන්න බැ...ඒ නිසා ප්‍රේමයත් රාගයත් ගැන හැම මිනිසෙක්ටම විවිධ වු මති මතාන්තර ඇති බව සමාජය තුල දකින්නට ලැබෙනවා.ඔබේ ලිපියට අදාල කොමෙන්ටු වලින් උදාහරණ පිළිබිබු වෙනවා.
    නන්දා මාලනී මහත්මියගේ ඔය ගීතය ගැන තේරුම මගේ හිතට තදින්ම වැටුනේ මැතකදි අපේ විවාහ ස්ංවත්සරය දවසේ මගේ මහත්තය මන් වෙනුවෙන් ඔය ගීතය ගායනා කලාට පසුවයි.
    දිගටම ලියන්න ශක්තිය පතමි ජයෙන් ජය!


    ReplyDelete
  10. මේ කොමෙන්ටුවේ මගේ සිත් ගත් හොඳම ටික....// අපේ විවාහ ස්ංවත්සරය දවසේ මගේ මහත්තය මන් වෙනුවෙන් ඔය ගීතය ගායනා කලාට පසුවයි.//....කියන එකයි ශානු...
    ඔයාගේ මහත්තයා ඔය වෙනුවෙන් එහෙම දෙයක් කලා කියන්නේ..එතන තියන ආදරේ එකෙන්ම පේනවා...

    මේ මති මතාන්තර විවධ බව ඔස්සේ මම ගොඩක් දේ ඉගන ගන්නවා ශානු..ඇත්තටම ඒවා..හරිද වැරදිද කියනවට වඩා..මේ අදහස් තුලින් හුඟාක් පැති දකින්නට පුළුවන්..නේද..?

    ReplyDelete
    Replies
    1. දවසක අපේ කතාවත් ලියන්නම්කො..
      ඇත්ත....මාත් අන්තිම වදන් වලට එකගයි

      Delete
  11. පඬි ටෝක් නොදී, අනිත් අය කියන දේ සාවධානව අහගෙන ඉන්න හිතාගත්තා මම. :D

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම එපා..ඉඳ හිට හරි පණ්ඩිත කතාවක් කියන්නකෝ...

      Delete
  12. ඒ එක්කම, ඔයා ඔය දෙවෙනියට දාලා තියෙන පින්තූරේ වර්ණාන්ධතාවය පරීක්ෂා කරන්න තියෙන එකක් නේද? ඔන්න මම ඒක කියවා ගත්තා. මේක දකින කී දෙනෙකුට ඒක මැද්දේ තියෙන වාක්‍යය පේනවද කියාපල්ලා බලන්න. හැබැයි උත්තරේ කියන්න එපෝ.

    ReplyDelete
    Replies
    1. බලාපං මං මේකිට ඒක කිව්වම “මොකක් කිව්වා“ කියල අහල තියෙන්නේ..

      Delete
    2. හුටා, මං ඒක දැක්කේ දැන්නේ දේශා. ඒ කියන්නේ කලු සුදුට පේන්නේ කලු සුදු විතරද? නැතිනම් කලර් බ්ලයින්ඩ්ද?

      Delete
    3. මෙන්නෝ..මේ දෙන්නා මට බනිනවෝ..

      මේ දේශකයෝ...මම ලිව්වේ එකක්..ඔයා මේ colour blindness එකක් ගැන කියවනවා..පිස්සු නේ....
      Dude...අනිවාර්යයෙන්ම..මට වැඩි පුරාම පේන්නේ කලුයි..සුදුයි..තමයි Dude....
      අනික් පාට ඒකට යටයි....හීහීහීහී....

      Delete
  13. hitanne dewal goddak tiyanawa. eath lasanai. monawa lewwath kiyawanne hitenne oya e hame deeme hitate ekangawe liyana hinda..

    ReplyDelete
    Replies
    1. හැමදේම ඇත්තටම හිතෙන විදියටයි ලිව්වේ..සමහර කරුණු වලට හැමෝම වගේ ඔයා වුනත් එකඟ නොවෙන්න පුළුවන්..නමුත් මේ හැමදේම විවිධාකාරයි නේ...

      Delete
  14. Ow eka aththa..adahas atin minissu wenas..
    eath hamotame danenawa.
    kiyawagene yaddi ase hitenawa..

    ReplyDelete
    Replies
    1. දිගටම කියවන්න..ඉඩ තියන වේලාවකදී වත්...

      Delete
  15. බ්ලැක්&වයිට්......විවාහ වෙච්ච නිසාම මැරෙනකම් ඔහොම ඉන්නවා යැයි ලෝකය සනසන්න සියළුම දුක් විඳගෙන ජීවත් වෙන ගෑණු මිනිස්සු ඕන තරම් ඉන්නවා. මේක හරිම වැරදියි. ප්‍රේමය, ලිංගික ක්‍රියාකාරකම්, ආදී නොයෙක් කාරනාත් එක්ක නොගැලපෙන පවුල් ජීවිත ගෙනියනවා ලෝකෙට ලැජ්ජාවෙන්. කෙලින් කතා කරලා ප්‍රශ්ණේ විසඳගන්න බැහැ සංස්කෘතික බැමි.මේක අවුල් ජාලයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්..aru..නිකම් සරල එක අවුලක් නොවෙයි..අවුල් ජාලයක් ම තමයි...
      මිනිස්සු හුගක් දෙනා එහෙමයි..

      Delete
  16. G+ ගැජට් එකක් උඩට දාගෙන කැතේ බෑ... :P
    සයිඩ්බාර් එකේ ඕන තරම් ඉඩ තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අනේ මම දාගත්තු එකක් නැහැ dot...ඉස්ස‍ර වෙලා තිබුන බක්ක්ග්රෞ එක ඇසට අමාරුයි කියල කට්ටිය කිව්ව නිසා..මේ wall එක දාගත්තේ...කවුද අනේ ඔය ගැජට් දන්නේ..
      ඒවා වෙනස් කරන්න කියල දෙනවා නම් ඉතින් ගමේ කමට හරි..කොයි තරම් දෙයක් ද..?

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න