Google+ Followers

Saturday, September 21, 2013

60. මේ අපේ දිනපොතයි...

දවසින් දවසට කොළයෙන් කොලයට ...කොළ ගැලවෙනවා..දින දසුනේ..
මොහොතින් මොහොතට මා ගැන සටහන් වියැකී යනවා..
ඔබ මනසේ...



ඔන්න ඔහොමලු වෙනවා කියන්නේ..ලෝක ස්වභාවය වෙනස් කරන්න අපට බැහැ නේ...

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

16.09.2013   සඳුදා


කට්ටිය book fair ගියාද..?
ඔන්න මම නම් ඊයේ ගියා..කොල්ලෝ දෙන්නා එක්ක...දවල් වෙද්දී අපේ හසරැල් එහෙමත් ආවා..
පොත් ප්‍රදර්ශනයට ගියාම මට දැනෙන්නේ...කාලෙකින් හම්බ වෙන යාලුවෙක් හම්බ වුනා වගේ..
අතේ සල්ලි තමයි නැත්තේ...ඒ තරම්...
පොත් ගන්නට ගියාම ආස කරන පොත් හරියට මග හැරෙනවා...අත්‍යවශ්‍ය පොත් අරන් එන්න තමයි වෙන්නේ...

කට්ටියම book fair ගිහින් ඇවිත් ගත්තු පොත් ගැන කියන්නට ඕන හොඳේ..

මම සරත් විජේසුරිය මහත්තයාගේ පොත් කීපයක් ගත්තා..පොඩි පොත්..කියවන්නට ලේසියි..කෝච්චියේ යන ගමන් කියවන්නට පුළුවන්...
ඊට අමතරව..දරුවෝ දෙන්නට අවශ්‍ය පොත් තමයි ගත්තේ..ආස කරන පොත් ගන්නට නම් සල්ලි ගෝනියක් තිබුනත් මදි ...ඒ තරමට පොත්..පොත්..පොත්...


මට ඉතින් පොත් ගොඩාක් කියවන්නට ලැබෙනවා...නොගත්තට..
අපි staff අය එකතු වෙලා ...සල්ලි එකතු කරලා...අපේ හොස්පිටල් එකේ පුස්තකාලයට පොත් ගන්නවා...මේකෙදි වඩාත්ම හිතන්නේ....රෝගීන්ගේ රුචිකත්වය..මොකද දීර්ඝ කාලීන රෝග වලින් පෙලෙන රෝගීන් සරල ප්‍රේම කතා...සරල අනෙකුත් කතා කියවන්නට දරන කැමැත්ත...පරිවර්තන වලට දක්වන්නේ නැහැ...එක ඒ අය ඉන්න මානසිකත්වය...ඉතින් තෝරන්නට යන පුස්තකාලය භාරව ඉන්න අය මේ ගැන හිතලා එහෙම සරල පොත් තමයි වැඩි පුරාම ගේන්නේ...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^


17.09.2013  අඟහරුවාදා




රෝහලෙන් තොර ලෝකයක් නැති අපිට හැමදාම මතක් වෙන්නේ ලෙඩෙකුගේ විස්තර තමයි කියලා උරණ වෙන්නට එපා...
එහෙම තමයි නේද..?...ඒත්..හැමදාම ගෙදර යද්දී..රෝහලේ දේවල් රෝහලේ ගේට්ටුවෙන් එහාටත්...ගෙදර දේවල් ගෙදර ගේට්ටුවෙන් මෙහාටත් තබා යන්නට මම නම් සැලකිලිමත් වෙනවා...නැත්නම් ජීවිතේ අවුල් ගොඩයි...
ඉස්සර අපේ තාත්තා අපිට කියා දීපු දේවල් අදටත් අපිට හරියට වටිනවා...රජයේ සේවකයෙකු තුල තිබිය යුතු ගුණාංග කියලා විටින් විට කියා දුන්නත් ..ඒ දේවල් අදටත්..අපේ ජීවිත වලට...කොයි ක්ෂේත්‍රයේ උන්නත් වැදගත්....
දුරකථනය භාවිතය තමයි අනිත් දේ...මට නම් ඉතින් උදේ ගෙදරින් එන්න ගත්තු වෙලාව ඉඳන් කාගේ හරි සමාජ සේවා කටයුත්තක් තියනවා..

අහවල් දේට පෙන්නන්න හොඳ doctor කවුද..?
මේ අසනීපෙට සාමාන්‍යයෙන් දෙන බේත් මොනවද..?
මෙන්න මේ test එක කරගන්නට කල යුත්තේ මොකක්ද..?

ඔන්න ඔය වගේ ප්‍රශ්න..අපි..අපිට පුළුවන් විදියට අපේ ක්ෂේත්‍රයෙන් තව කෙනෙකුට කල හැකි උදව්වක් කරන්න ඕන...ඒත් සමහර වෙලාවට..මේ උදව් ගන්න අය දන්නේ නැහැ,,....අපිට මොන තරම් වැඩ තියද කියලා...වෙලාවක් අවේලාවක් නැතුව දුරකථන ඇමතුම් දීලා ඒ ගැනම අහන්නට ගියාම..ඇත්තටම ඒක රාජකාරියට විශාල බාධාවක්...

මම බොහෝ විට දුරකථනය silent දාගෙනයි ඉන්නේ..වැඩ කරද්දී නම්..අවශ්‍යම විටක තමයි..department එකෙන් එලියට ගිහින් call එකක් ගන්නේ...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

18.09.2013 බදාදා



අපි ගත කරන දවසක් ගත්තම ඇත්තටම අපි ඒ දවස තුල කල කී දෑ මත ආත්ම තෘප්තියක් ලබනවාද...?
මම කියන්නේ අපි වෘත්තීය වශයෙන් හරි..එදිනෙදා කරන වැඩ කටයුතු වලින් හරි....
මගේ රැකියාව අනුව නම්..ඒ වගේ දවස් බහුලයි..බොහෝ විට හැම දවසක්ම අලුත් එක අත්දැකීමක් හරි අරන් එනවා...

මිනිස්සු විවිධාකාරයි..ඒ වගේ විවිධ පුද්ගලයන් සමග ගැටෙන විට ලැබෙන අත්දැකීම් ඊටත් වඩා විවිධා කාරයි..

මම මේ ලියන්නේ අද මට ලැබුන එක්තරා අත්දැකීමක් ගැන...මගේ ප්‍රතිකාර වලට යොමු වුන පොඩි කෙලි පැන්චියෙක් ඉන්නවා.වයස අවුරුදු දෙකහමාරයි....මා දන්නා ළමා රෝග වෛද්‍යතුමියක් කරන ලද ඉල්ලේම මතයි මම මේ දරුවාට ප්‍රතිකාර පටන් ගත්තේ...

Sensory Processing Disorder..අහල තියනවද..මේ ගැන..

මෙහිදී වෙන්නේ..අපි සාමාන්‍යයෙන් දන්නා අපේ සංවේදන ඒ වගේ දරුවනට නියමාකාරයෙන් ග්‍රහණය කරගත නොහැකි වීමයි..මේ සඳහා ක්‍රියා කරන විට ඉතාම ඉවසීමක් අවශ්‍යයි...
කොහොම වුනත්..දැන් දැන්..දරුවා ගේ වැඩ වල ලොකු දියුණුවක් දකින්නට පුළුවන්...

මේ අද දවසේ අපි දෙන්නගේ පොඩි ක්‍රියාකාරකමක්...
මේ තුලින් එයයි මායි එයාගේ අම්මයි තුන් දෙනාම..ලැබුවේ සුන්දර අත්දැකීමක් කියලා තමයි මට කියන්නට දැනෙන්නේ..

මේ තමයි hand painting....අත් වලට සංවේදනය අඩු දරුවන් ට කරන අපූරු ක්‍රියාකාරකමක්...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

19.09.2013  බ්‍රහස්පතින්දා




වැස්ස ආයෙත් පටන් අරන් නේද..?
සාරිය ඇඳන් යන්නට එපා වෙන්නේ මේ වැස්සට තෙමෙන්න වුනාමයි..ඇවිදින්නත් අමාරුයි තෙමුනම..ඒ මදිවට පාරේ යන වාහන වලින් නෑවෙද්දී තමයි හොඳම හරිය..මදැයි..කානු වල වතුරයි එක්ක...
අපි හැමදාම අව්වට හරි වැස්සට හරි බැන..බැන ඉන්න මිනිස්සු නේ...

මේ වැස්ස අපිට මෙහෙම බලපානවා නම් වගා කටයුතු වල දීලා ඉන්න අයට..මුහුදු යන අයට කොයි තරම් බලපානවා ඇත්ද..?
මුළු අවුරුද්ද පුරාම වස්සටයි අව්වටයි බැන බැන ඉන්න එක තමයි ඉතින් අපේ වැඩේ නේද..?
මේ වැස්සත් එක්ක වෙන අනතුරුත් බොහොම වැඩියි..ලිස්සා  වැටීම්..අස්ථි බිඳීම්..ඉතින් වැස්ස අපිට කෙලින්ම වැඩ වැඩි කරනවා...
මොනවා වුනත් තමන්ගේ ආරක්ෂාව තමා විසින් සලසා ගත යුතුය...

අද පෝයට නම් ඔන්න වැස්ස.. අඩුවුනා..අපි කැළණි ගියා...සාදු..සාදු...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

20.09.2013  සිකුරාදා


ඔන්න මගේ 60 වෙනි පෝස්ටුවට ද  ආවා ...මේ තරම් දුරක් ආවේ..මේ පෝස්ටු කියවලා ඔබ මා දිරිමත් කල නිසාමයි...
ස්තුතියි හොඳේ...

මේ දවස් වල ලෙඩ්ඩු වැඩියි..අනේ මන්දා..හදිසි එනතුරුම මේ තරම් වෙන්නේ ඇයි කියලා..
මට දැනෙන ප්‍රධානම දේ තමයි මේ හැමදේකටම මුල...අපේ මිනිසුන්ගේම නොසැලකිල්ල ...

අද ආව අවුරුදු 22ක විතර පොඩි ළමයෙක් ..22 කියන්නේ ඒ තරම්ම පොඩිම කියන්නට බැරි වුනත්...අනේ මට නම් පෙනෙන්නේ පොඩි ළමයෙක් විදියටයි..ඒ වුනාට මේ වයස නාහෙට නාහන වයස නිසා...මෝටර් බයික් ඇක්සිඩන්ට් එකක ප්‍රතිපලයක් ලෙසයි...මේ ළමයා ආවේ...

කකුල් දෙකේම උඩ අස්ථි දෙකම කැඩිලා...තවම වාඩි කරවන්නවත් බැහැ...ට්‍රොලියේ ගේන්නේ...
මෙහෙම දරුවන් නිසා..අම්මල තාත්තල වගේම ඒ ළමයිනුත් මොන තරම් suffer කරනවද..?

අද රටේ පාරවල් හොඳයි..වාහනත් එමටයි..වාහනේට නගින්න කලින් මේ දේ දෙසැරයක් හිතනවා නම්...කොයි තරම් අනතුරු වලක්වාගන්නට පුලුවන්ද....?

book fair ගිහින් sherlock holmes පොත් අරන් ඇවිත්...කියවලා ඔලුවට ගැනීම කොයි තරම්ද කියතොත්...හෙට අනිද්දට..අපේ ශ්‍රී ලාංකික ගත් කතුවරයෙක් ..නව නිර්මාණයක් කරන්නට අර අඳින ආරංචියක් මට ආව...මේක පල වෙද්දී ඒක පල වෙලා තියෙයි..බොහෝ විට..බලමු..කෝ...



^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

සුබ සති අන්තයක් වේවා...!



21 comments:

  1. පොත් ප්‍රදර්ශනේ ගැන නම් කතා, කවි, නිසඳැස් වගේම රැවීම්,ගෙරවීම්, වලි එහෙමත් ගියා බ්ලොග් වල. 60 ට සුබ පැතුම්.(60 වෙනි පොස්ටුවට හොඳේ ...වයස ගැන නෙවෙයි කිව්වේ හරිද..? :D)
    අක්කේ ඔයාගේ දිනපොත කියවද්දී හරිම නිස්කලංක ගතියක් දැනෙනවා ,ඒ මොකද මං දන්නේ නෑ, සමහර විට ලියන රටාව නිසා වෙන්න ඇති. දිගටම ලියන්න සුබපැතුම්. ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ඔයා කියපු එක දෙයක් ගැන මම ගොඩක් හිතුවා..
      //අක්කේ ඔයාගේ දිනපොත කියවද්දී හරිම නිස්කලංක ගතියක් දැනෙනවා //

      ඇත්තටම මම හිතුවේ මම ලියන ඒවා සමහරවිට කියවන අයට ඒකාකාරී ද කියලා..මොකද මගේ අත්දැකීම් එක්කෝ හොස්පිටල්..නැත්නම් මට දැනෙන දේවල් නේ..

      නමුත් ඒක ගැන ඔයාගේ කොමෙන්ටුව තුලින් මට තේරුනා...ඒක එහෙමමත් නොවෙයි කියලා..

      Delete
  2. හානේ.... ඔයැයිට හැටක්ද....?

    මෙන්න අපෙන්... සුහද පැතුම්..

    පොත් ඔක්කෝම ටික ගෙනියන්න කිව්වෝත් කොහොමද... නොමිලේ.. මට හිතෙන්නේ ඒ වගේ මහා මෝඩ සිතිවිලිම තමයි...

    ReplyDelete
    Replies
    1. මට හතළිහයි අනේ....හැටට තව විස්සයි...
      සුබ පැතුමට ස්තුතියි....හොඳේ...

      මටත් ඔහොම අප්සෙට් හීන නම් පේනවා..හිටපු ගමන් මේ රස්සාවෙන් අස් වෙලා..පුස්තකාලෙක වැඩ කරනවා වගේ හීනත් පේනවා...

      Delete
  3. මෙන්න ඔබ පුල පුලා බලාසිටි ඒ කතාව පිටවුනා....

    හොල්මන් දූවේ අභිරහස - The case of haunted mangrove island.

    ReplyDelete
    Replies
    1. ලබන අවුරුද්දේ....පොතක් ගහන්නට ලැබේවා...

      Delete
  4. මොන හේතුවක් නිසාද මන්දා මමත් හරිම අකමැති ජාතියක් තමයි පරිවර්තන. සමහරුන්ගේ නම් ප්‍රියතම වර්ගය ඒක.

    ගෙයි ගිණි පිටතටත්, පිටත ගිණි ගෙටත් ගන්න එපා කියන එක බුද්ධාගම පොතෙන් ඉගෙනගත්ත තවම මතකයේ ‍රැඳුන වාක්‍යයක්.

    ඒ කියන්නේ කලවා ඇට දෙකද කැඩිලා තියෙන්නේ? අර ප්ලේට් දාලා හදන්න වෙයි නේ? හුඟක් අය දන්නේ වාහනය යන්න සලස්සන්න මිසක් වාහන පදවන්න නෙවෙයි. කී දෙනෙක් වාහනයක් දකුණට හරවන්න දන්නවද කියලා ඔන්නම ටිකක් වෙලා බලාගෙන ඉන්න.

    ReplyDelete
    Replies
    1. මම ඔය දෙකටම මැද්දෙන්..පරිවර්තන කරන කෙනාගේ භාෂා හැසිරවීම අනුව තමයි ඒක කියවන්නට හිතෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ...නැද්ද..dude..

      අර දරුවාගේ අස්ථි ( ඔව්..කලවා ඇට තමයි..)ප්ලේට් දාන්න බැරි වෙලා..ඒ නිසා ඉබේ හා වෙන්නට plaster of paris බැන්ඩේජ් දමලා තියලා තිබුනා..කකුලේ දිග ප්‍රමාණය ගැන එතකොට සමහර විට ගැටළුවක් එනවා..එක ඇවිදින්නට පටන් කොට තමයි ප්‍රශ්නයක් වෙන්නේ..

      Delete
  5. හුටා... මටත් බය හිතුන බයික් පදින්න :(

    පොත් ගන්න යන්න බෑ දුර වැඩියි..

    ReplyDelete
    Replies
    1. ඇයි..ඔය සමහර පොත් ප්‍රකාශකයෝ වට්ටම් දාලා..තමන්ගේ එක එක පළාත් වල තියන පොත් සාප්පු වලත් මේ කාලෙට පොත් විකුනනවා නේද..?
      මාතර පැත්තේ නැද්ද..?

      Delete
    2. වෙලාවක් නෑනෙ අප්පා... හරිම බිසීනෙ :P

      Delete
  6. අර ගත් කතු වරයා අරක පලකරලා නේද

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්...

      තැන්කු වේවා..කාර්ය බහුල තාවය මැද හෝ ආවට..

      Delete
  7. 60 ට සුභ පැතුම්..!!
    වෙලාවක් අවේලාවක් නැතිව දුරකථන ඇමතුම් එන එක නම් මහම ඇනයක්.
    මම නම් බයික් අනතුරු 18 ට විතර පස්සෙ බයික් පැදිල්ල සම්පුර්ණයෙන් නවත්තල දැම්ම.
    මල්ලගෙ ලිපිය බැලුව.එයා හරි නිර්මාණශීලි කෙනෙක් වෙලානෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි kenji..

      ඔය මල්ලා....ඉන්නවා නේද kenji...ඒකා තවම දන්නේ නැහැ තමන්ට කොයි තරම් හැකියාවන් නිර්මාණ ශීලී භාවයන් තියද කියලා...

      කොහොම හරි මේ කතාව නිසා මට මඩොල් දුව ආපහු කියවන්න උනා නේ මහා රෑ...මොකද කියලා එයාගෙන්ම තමයි අහන්නට ඕන...හිහිහි...

      Delete
  8. බ්ලැක් & වයිට් .......අපිට දොස්තර කෙනෙක් උපදෙසක් දුන්නොත් ඒක මදි. ඇටෙන්ඩන්ට් කෙනෙක්ගෙන් වත් තව උපදෙසක් ඕන. නීතිඥයෙක් මදි. එතන වැඩ ඔෆිස් එක සුද්ධ කරන මහත්තයාගෙන් හරි උපදෙසක් ඕන. මොකක්ද ගැටලුව?

    ReplyDelete
    Replies
    1. සෑහීමකට පත් නොවන සුළු මිනිස් ස්වභාවයද..?

      aru...ඔයාගේ බ්ලොග් එක එහෙන් මෙහෙන් බැලුවට පහු ගිය දවසක තමයි ඔන්න මට ඒක නිදහසේ කියවන්නට ලැබුනේ..දිවා විවේකයේදී...මම කියවලා කොමෙන්ටුවක් දැම්මා..හැබැයි ඒක වැටුනේ ඇනෝ විදියටයි...

      රටක් වටිනා බ්ලොගයක් නොවැ...

      Delete
  9. මුලින්ම සුබ පැතුම් .
    නම නම් හරියටම හරි මෙක ඔයාගෙ නෙමෙයි අපේ දිනපොත
    ඔයා ඉන්නෙ හොදට පින් කරන්න පුලුවන් ජොබ් එකක.එකෙන් ප්‍රයොජන ගන්න එකට සතුටුයි

    ReplyDelete
  10. බදාදා නං හොද දවසක්

    ReplyDelete
    Replies
    1. හැම දවසක් ම හොඳ කරගන්නට try කලත්..හැම විටම එහෙම වෙන්නේ නැහැ නොවැ...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න