Sunday, September 29, 2013

62. අපේ දිනපොතේ තවත් සතියක අසිරිය

ජීවිතේ විඩාබරයි...සමහර වෙලාවට මට මේ බ්ලොග් එක ලියන එකත් කම්මැලියි වගේ...ඒත්..සතියේ දවස් ගාන ගත වෙද්දී ..ලිව්වේ නැති වුනාම කෑවේ නැහැ වගේ මටත් දැනෙනවා..
ආයේ .......බැනුම් අහන්නත් බැහැ නේ....
ඔන්න අලස කම දුරැරලා...දිනපොත ට හිත  යොදන්නට ආවා...



^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

23. සඳුදා....සැප්තැම්බර් මාසේ....2013


හ්ම්ම්ම්...තවත් සඳුදාවක්.....
සති අන්තය කොහෙන් ගෙවෙනවද කියලයි මම මේ හිතන්නේ....
චන්දයකුත් තිබුනා නේද..?
අපිට නම් නැහැ..අපි දැන් බස්නාහිර නේ..
චන්දය ගැන කතා කරද්දී මම කල්පනා කලේ..ඉස්සර චන්දය පැවැත් වූ හැටි ගැන..

දැන් වගේ අර සභා..මේ සභා ..කිය කියා  ඉස්සර චන්ද තිබුනේ නැහැ නේ..
ජනාධිපතිවරනෙයි..මහා මැතිවරනෙයි....
මම කියන්නේ මේ මගේ පොඩි කාලේ ගැන..

ඉස්සර අපේ තාත්තා..සීයා එහෙම චන්දෙට කලින් පොත් එහෙම රූල් ගහලා ලෑස්ති කරගන්නවා..චන්ද ප්‍රතිපල ලියන්නට...ඒ තරම් හරිම උනන්දුයි...

ඉස්සර අපේ සීයා...( මුත්තා..) නිතර කියන කතාවක් මට මතක් වුනා..

ඔන්න අපේ තාත්තා...තාත්තගේ මාමා වන සීයා...එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...
තාත්තගේ බාප්පා..වෙන සීයා UNP..
ඉතින් එක පාරක් චන්දෙ තිබිලා...ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පැරදුනා ලු..ඔන්න ගමේ UNP කරපු අය එනවලු වහලේ උළු ගලවන්නට කියලා..අපේ ගෙදර හිටපු UNP මුත්තා..එලියට බැහැලා...සිංහ නාද කරාලු.."බොලව් ..මාත් හොඳ UNP කාරයෙක් තමයි..පුළුවන් නම් ගලවපියවූ උළු "කියලා...කට්ටිය "හා..හා.ඕන්න අපි ගියා"කියලා යන්න ගියාලු...

ඉස්සර අපේ මුත්තා කියනවා....ඔන්න ඔය වගේ ඒවා හැරෙන්න ප්‍රචණ්ඩ ක්‍රියා කියලා දෙයක් නම් ගම් අහලක වත් තිබුනේ නැහැ කියලා..

ඒකට දැන්.....


^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

24.අඟහරුවාදා සැප්තැම්බර් මාසේ....2013



සුබ දවසක් .....

පුරුදු ලෙසම වැඩට ගියා...

අපි මනුස්සයෝ විදියට සාමාන්‍යයෙන්...කෙනෙක්..මනුස්සයෙක් පමණක් නෙවෙයි සතෙක් වුනත් ..මැරුනොත්...අපරාදේ,,අනේ අපොයි කියන එකයි...නේද සාමාන්‍ය සිරිත...

ඒත්..අද උදේම වැඩට යද්දී..වාට්ටුවේ ලෙඩෙක් මියගිය පුවතයි අහන්නට ලැබුනේ...
සාමාන්‍යයෙන් රෝහලක මරණ ප්‍රතිශතයක් තියනව නේ දිනකට..
නමුත් අපේ රෝහල.....වෙනස් එකක් නිසා..මරණයක් වෙන්නේ කලාතුරකින්...
එතකොට දැනෙනවා ටිකක් වැඩියි...

ඒත්..මේ පුද්ගලයගේ මරණය ඇහුව ගමන් හැමෝම කිව්වේ..."ඒ දේ එහෙම වුන එක හොඳයි .."  කියලා..මට වුනත් එක පාරටම හිතට ආවේ ඒ සිතුවිල්ල...
මොකද ඔහු රිය අනතුරක් වෙලා ආබාධ සහිත තත්වයට පත් වූ තැනැත්තෙක්..
අත්....පා...කොර වෙන තත්වයට ඇවිත්,,....
කතා කරන්නට බැහැ..
කන්නේ බොන්නේ බට මාර්ගයෙන්...
අපි ඔහුට ව්‍යායාම ප්‍රතිකාර කරන එක පවා..ඔහුට හරිම වේදනාකාරී දෙයක්..

කොහොම කලත් ඔහුව ගොඩ ගන්නට යන කාලය පිලිබඳ නිර්ණයක් කරන්නට අමාරු තත්වයක් තිබුනේ...
ඉතින්...ඔහුට ලැබී තිබුන ක්ෂණික මරණය..( heart attack එකක් විය යුතුයි..)...ඇත්තටම රෝගියාට මහා සහනයක් ම වන්නට ඇති..

මාත් නම් හැමදාම පතන්නේ...ක්ෂණික මරණයක්...විඳවන්නට නොවන...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
25. බදාදා..සැප්තැම්බර් මාසේ..2013...



අපේ පුස්තකාලෙට ගෙනාව පොත් ටික කියවන්නට ඔන්න පටන් ගත්තා..පරිවර්තන ටික පසුවට තිව්වා...ඉල්ලුම වැඩි සරල පොත් ටික බස් එකේ යන එන ගමන් කියවන්නට ගත්තා..දැන් මම දිනපතා ලයිබ්‍රරි එක බාර කෙනාගෙන් බැනුම් අහනවා..මොකද කියවීමේ වේගය වැඩි නිසා...දවසට එක ගානේ පොත් issue කරන එකත් හරි කරදරයක් නේ...

මේ පැණි කතන්දර කියවන කොට හිතෙනවා...අනේ අපිටත් බැරිය මේවා නම් ලියන්න කියලා...හිකිස්...
ඒත්..ඉතින් කිව්වට අපි ලියනවය නේද..?
ඔන්න ඔහේ එයාලම ලියලා කීයක් හරි හම්බ කරගන්න එක නේ...
ඒ වුනාට මේවාට හිනාම වෙන්නත් හොඳ නැහැ..මොකද අපි බොලඳ ය කිව්වට..මේ වගේ චරිත අපේ වටේ ඇත්තටම ඉන්නවා...මේ කතා ත් දැන් අපේ සමාජයේ ඇත්තටම වෙනවා...


^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^


24.බ්‍රහස්පතින්දා...සැප්තැම්බර් මාසේ...2013



මම ඉතින් රෝහලටම අයිති පුද්ගලයා නේ...කාට හරි උදව්වක් කරන එක තරම් මට හිතට සතුටක් දෙන දෙයක් තවත් නැහැ...සමහර වෙලාවට එක මට කරදරයක් වෙන වෙලාවලුත් නැතුවා නෙවෙයි..
එක පාරක් ..කාත් කවුරුවත් නැති ළමයෙකුට මම කන්න පවා ගෙනත් දීලා ප්‍රතිකාර වලට ගත්තා..
අන්තිමේ ඇවිදලා කියලා ගියාට පස්සේ මේ ළමයා..හොස්පිටල් එකට කෝල් කරලා  කාගෙන් හෝ මගේ ෆෝන් නම්බරය ඉල්ලන් දිගින් දිගටම මට කරදර කළා..වෙන නරක දෙයක් නෙවෙයි..විටින් විට සල්ලි කීයක් හරි ඉල්ලලා...
මේක වුනත් මට මානසික වදයක් වුනා...මොකෝ මම මහා බැංකුවේ අධිපති යැ..මාත් මාස් පඩි කාරියෙක් නේ...කොහොම හරි ඒ කරදරෙනුත් බේරුනා...

ඒ වුනත් මට මේ පුරුද්ද නිසා..අවාසි වලට වඩා හොඳ දේත් වෙනවා..
අපූරු පුද්ගලයන් හඳුනා ගන්නට ලැබීම හරිම සුන්දර අත්දැකීමක්..

මගේ වෘත්තීය ඉතිහාසයට දැන් අවුරුදු  16 ක්...යන්තම් වයස 23 වෙද්දී ආව මේ තැන මම අදටත් සතුටින් ඉන්නේ..
මගේ ප්‍රතිකාර වලට ආව අය අතරේ....විශේෂ අය හුඟාක් හිටියා..සමහර අය ටිකක් කල් ආවා..සමහර අය තනි දවසේ සේවයන් සඳහා..(රෝදපුටු වල..අවශ්‍යතාවන් ) ආව අය..

ආතර් සී ක්ලාර්ක් මහත්මයා..එහෙම ආව කෙනෙක්..
ඒ හැරුනම..සුමින්ද සිරිසේන මහතා...සුගතපාල සෙනරත් යාපා මහතා...වගේ අය ප්‍රතිකාර වලට ආවා...

ඊයේ පෙරේදා මෙන්න මෙහෙම උදව්වක් කරන්න ගිහින් හරි අපූරු දරුවෙක් හමුවුනා..
ඒ දරුවා එක්ක කතා කරද්දී මට දැනුනේ පොතක් කියවනවා වගේ කියලා..
කොල්ලා..අපූරු සංචාරකයෙක්..මගේ මේ අවුරුදු 39 ට මම ඇවිදලා තියෙන්නේ හරිම සීමිත ප්‍රමාණයක්..ඒත්..මේ දරුවා ගේ පොඩි වයසට එයා සැහෙන්න ඇවිදලා තියනවා..එක්තරා විදියක පරිසර විද්‍යාධරයෙක් විදියටයි මට හැඟුනේ...ඒ අත්දැකීම් අහන්නට මට තිබුන වෙලාව මදි...අහපු ටිකෙන් දැනුනේ...

ඇවිදින්නට..ලෝකය දකින්නට..සොඳුරු ඉසව් කැමරාවට නගන්නට...ඒ ළමයට තියන්නේ ලස්සන හිත ක් කියලා...මූණු පොතේ ඉන්න අය නම් එයාව හොඳට අඳුනනවා..ඇති...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

25.සිකුරාදා...සැප්තැම්බර් මාසේ...2013


සතියක් ඉවර වෙන්නේ...හුඟක් වෙලාවට හරිම මන්දගාමී අදහසක් හිතට එකතු කරන්...සති අන්තේ එන හින්දා වෙන්න ඇති..
ඒත් මේ සතිය ටිකක් කාර්ය බහුලයි....
අද දවස ඔක්කොටම වඩා අපූරුයි....

අද ඔන්න ආවා පොඩ්ඩෝ ටිකක් ...ලඟපාත ඉස්කෝලෙක ක්‍රිකට් ක්ලබ් එකේ අය..orientation visit එකක් ..මගේ ලොකු කොලු වගේමයි..ක්‍රිකට් කිව්වොත් කන්න බොන්නත් ඕන නැති අය නේ...

ඉතින්...පොඩි ලෙක්චර් එකක් දෙන්න වුනා...අවංකවම කිව්වොත්..මටත් ඉතින් කතා කරන්නට බැරිම නැති මනුස්සයනේ...මම ඉතින් වයස 10-13 ට බැහැලා පොඩි විස්තරයක් දුන්නා..
අපේ අනිත් ලෙඩ්ඩු ටිකත් ඔන්න සේරම ව්‍යායාම නවත්තල ඒ ගමන මේක අහන ඉන්නවා...
පොඩ්ඩන්ගේ දෙමව්පියොත් කීප දෙනෙක්..කෝචර් ල එහෙමත් ආවා..

ලෙක්චර් එක ඉවර වුනාම අපි සාමාන්‍යයෙන් අහනවා නේ ..ප්‍රශ්න එහෙම තියද කියලා...මාත් ඇහුවා...
මෙන්න පොඩි වුන් ටික දිගට හරහට අහන්න ගත්තේ නැතැයි ප්‍රශ්න..

අන්තිමේදී ප්‍රථමාධාර...කැඩුම් බිඳුම්..එකී නොකී මෙකී සේරම ගැන කියලා දෙන්න වුනා..
ඒ වගේම යහපත් ආහාර පුරුදු..නිවැරදි ඉරියවු..ඔන්න ඔය සේරම...

මොනවා වුනත් සතිය ගෙවෙන දවසේ වැඩදායී යමකට අත තිබ්බා කියලා හිතට සතුටක් ආවා..

පොඩ්ඩන් ටික අන්තිමට මට වඳින්න ගත්තාම තමයි ලෝබ හිතුනේ...මගේම දරු පැටවූ වගේ නේ...



^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

ගිහිල්ලා එන්නම්...සුබම සුබ සති අන්තයක් වේවා...
ලබන සතිය මට විශේෂයි...
සුබ ආරංචියක් අරන් එන්න බලන්නම්...




black and white.....

21 comments:

  1. මමත් බලාපොරොත්තු වෙන්නේ ක්ෂණික මරණයක් එක සැපයි....
    අපේ පැත්තේ ඒ දවස් වල හිට්යා කේන්දර බලන කෙනෙක් එයා මැරෙන තැන හා ආකාරය කියනවා මමත් දවසක් ඕක ඇහුවා මට තියෙන්නේ ක්ෂණික මරණයක් ලූ සිද්ද වෙන්නේ ඉපදුනු පෙදෙසට ටිකක් ලගින් තියන ලස්සන තැනකලු මම දැන් මාතර යන්නේ ටිකක් බයෙන් වගේ

    ආ තව දෙයක්...... ඇන්ටිගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ මොකද ටිකක් උසින් වැඩි පඩි තියන පේළියක නගිනකොට කලවා හරියෙන් කෙන්ඩ පෙරළෙනවා වගේ දැනෙන්නේ එකට මොකුත් පිලියමක් එහෙම නැද්ද සමහර තැන් වලදී තමා ඔහොම වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ක්ෂණික මරණයක්? බය වෙන්ඩෙපා බං බොරළු, උඹ ලයිට් බිල දැකපු වෙලාවක වැඩේ ගොඩ යයි.

      Delete
    2. මාත් නම් හැමදාම පතන්නේ...ක්ෂණික මරණයක්...විඳවන්නට නොවන..

      අපි හැමෝම කැමති එහෙම තමා

      Delete
    3. @Henry Blogwalker මට නම් ඕක දැක්කට මොකුත් අවුලක් නෑ හැබැයි ඕක ආපු දවසට hand free දෙක කනේ ගහගෙන තමා ඉන්නේ.. මම හිතන්නේ ඕක බලපාන්නේ පවුල් පන්සල් වෙච්ච ඇවුන්ට

      ඔව් හැමෝම කැමැති එහෙම තමා... එත් මරණාසන්න වෙලා විදවන ගොඩාක් අය කැමති තව මොහොතක් හරි ජිවත් වෙන්න

      Delete
    4. බොරළු....මොනාද අප්පා..වයසට ගිය සීයා කෙනෙක් වගේනේ පුතේ ඔයත්...
      විහිලු ඈ..

      ඔය තත්වෙට හේතුව වෙන්නේ..කකුලේ මාංශ පේශි වල දුර්වලතාවය...එක fit ම නැති අය හැමෝටම තියන දෙයක්...ටිකක් ව්‍යායාම එහෙම කරලා බලන්න..හරි යාවි..

      Delete
    5. මුළු දිනපොතේම දැක්කේ මැරෙන කතාව විතරද ?
      අපරාදේ කියන්න බැහැ..මැරෙන්න යද්දී මටත්..යාලුවෝ සනුහරයක්ම ඉන්නවා තනියට කැන්දන් යන්න...එක්කෙනෙක් හරි එදාට බැහැයි කියමුකෝ බලන්න..

      Delete
  2. සඳුදා:එනවලු වහලේ උළු ගලවන්නට කියලා..ඔන්න ඔය වගේ ඒවා හැරෙන්න ප්‍රචණ්ඩ ක්‍රියා කියලා දෙයක් නම් ගම් අහලක වත් තිබුනේ නැහැ කියලා..

    මම හිතන්නේ ඕකත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් තමයි. ඒ වගේම ඕවා තමයි ආරම්භය.

    අඟහරුවාදා: මේ ගැන මම උඩින් බොරළුගොඩ මහත්තයට කිව්වා.:D

    බදාදා. කොච්චර පැණි කතා වුනත් ඒවා නිසාත් කවුරු හරි කෙනෙක් පොත් කියවන්න පටන් ගන්නවා. මොනවා හෝ කියවීමේ පුරුද්ද ‍රැකෙනවා.

    බ්‍රහස්පතින්දා: ඔයා කියවලා බලන්න අපේ එකෙක්ගේ 'රස්තියාදුකාර දේශාඨනය' බ්ලොග. අන්න මගේ බ්ලොග් රෝලේ තියෙනවා

    සිකුරාදා: මමත් එතන හිටියානම් ඒ කතාව අහගෙන ඉන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මිනිස්සු..අපරාදේ කියන්න බැහැ...දවස් පහටම මොකක් හරි ලියනවා..

      Delete
  3. සිකුරාදා දවසනම් හරි සතුටින් ගෙවුණු බව පේනවා.
    ඔය කියවීමේ ලෙඩේ මටත් තිබුනා , ඉස්කෝලේ පුස්තකාලේ සර් මට පුස්තකාලෙට එන්න දුන්නේ දවසක් හැර දවසක් .
    පැණි කතන්දර කියන්නේ මොනවද ....අපි ඔය මල් කතා කියන එව්වමද ......අර වචනෙන් වචනෙට ආත්මීය බැඳීම , මගේ සුරංගනාවී .........ඔන්න ඔය වගේ සීනිබෝල වචන තියෙන පිටපත් ලක්ෂයක් විතර විකිනෙන ඒවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..මල්ලි..සූකිරි කතා තියන ඒවා තමයි..මල් කතා =පැණි කතා..

      කියවීමේ අගය දැන් තවත් හොඳට දැනෙනවා නේ..

      Delete
  4. මමත් හිතන්නෙ ක්‍ෂණික මරණයක්.බොන අපිට කොහොමත් වෙන්නෙ එහෙම තමා.
    අර වගේ ආබාධිත ලෙඩ්ඩු ඉක්මනින් දිවිය ලෝකෙ යන එක ගැන නම් සතුටුයි.
    අවුරුදු 39 නමයේදී තමයි පැණි කතා කියවන්න ම ඕන කාලේ.හැබැයි හබියත් ඒ ටයිප් විය යුතුයි.
    මල්ල ගෙ පිස්සුව හොද කලැයි...?

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ ක්‍ෂණික මරණයක්.බොන අපිට කොහොමත් වෙන්නෙ එහෙම තමා.//

      හි හි ... හිතං ඉන්නේ නං එහෙම තමයි...

      Delete
    2. හරි..හරි..බො..යන්න කියන වචනෙ දැක්ක ගමන් කුලප්පු වෙන ඕල්ඩ් ගෝතමී ස් ඇවිල්ල....
      මොකද බං කොමන්ට් එහෙකින්වත් පේන්න නැත්තෙ....?
      අර නදී එකිත් පේන්න නැහැ.
      තොපි දෙන්නටම උදේ පාන්දර "වමනය"යන ලෙඩේ වැලදිලද මන්ද :)..?

      Delete
    3. හිරුවෝ...අන්න හරියටම හරි..

      kenji....
      බීලා.අසනීප වෙලා එන අය නම් ක්ෂණික මරණය දකින්නේ නැහැ kenji..විඳවනවා..ම..තමයි..බීලා ම ...

      Delete
    4. අනේ අපේ මනුස්සයා නම් පැණි පොත් කියවනවා ට තරයේම විරුද්ධයි...
      එයා පොත් කියවනවා...එයාට ගෝචර වෙන ඒවා...

      මල්ලා ගේ පිස්සුව කිව්වේ..?

      Delete
  5. .///.පුළුවන් නම් ගලවපියවූ උළු "කියලා...කට්ටිය "හා..හා.ඕන්න අපි ගියා"කියලා යන්න ගියාලු.///

    බ්ලැක්&වයිට්....ඉස්සර ගැලෙව්වේ උළු....දැන් ගලවන්නේ ඔලු...(ඔලු ලියන්නේ මෙහෙමද? ඔලුවක් නැති නිසා අහන්නේ )..

    ReplyDelete
    Replies
    1. ඔලු ලියන්නේ ඔළු කියලා නේ aru....

      Delete
  6. ජිවිතේ සරලව ගෙවිලා වගේ ^_^

    ReplyDelete
    Replies
    1. සරලයි...සුන්දරයි....
      ආවට ස්තුතියි සිහින මදාරා...

      Delete
  7. බැරිද මටත් කීයක් හරි දෙන්න.. අපි දුප්පත් මිනිස්සුනෙ අෆ්ෆා...

    එග්සෑම් එකට බයේ එක සබ්ජෙක්ට් එකක් අතෑරියා. ඒකට මෙඩිකල් එකක් ඕන හොස්පිටල් එකකින්ම.. මාතර එකේ වැඩ කරන එකෙක්ට කිව්වම ඌට රු: 200/- දොස්තරයට 300/-, 400/- ඕන කිව්ව.
    මං ඉතිං රු:500/- ක් කැම්පස් එකටම දීල repeat එකක් විදියටම ලියනව. ඇයි යකෝ අරුන්ට තව 100ක් වැඩිපුරත් දෙන්න වෙලා

    ReplyDelete
    Replies
    1. දෙන්නම එපා පගාව නම්....

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න