Friday, July 12, 2013

අසා තිබේද මේ ගැනත්.....

මේ ලියන පෝස්ටුව..අද බොහෝ දෙනාට හුරු ස්නායු ආබාධ තත්වයක් ගැන...
ගිලන් බාරේ සින්ඩ්‍රෝමය....
මෙහි සම්පූර්ණ නම  Guillain Barre Landry Syndrome
අද බොහෝ දෙනා මේ රෝග තත්වය ගැන යම් ප්‍රමාණයකට දන්නවා...
ඉතින් මගේ මේ පෝස්ටුව ඒ සම්බන්ධ වැඩි දුර කරුණු ඔබට ගෙන ඒවි...


අපි හැමෝම පුංචි කාලේදී විද්‍යාව හදාරන කොට ඉගන ගත්තු ස්නායු සෛලය මතකද...?
මේ ඉන්නේ එයා තමයි....
ඉතින් මේ ස්නායු සෛල දෙකක් හරහා...සංවේදනයක්...ගමන් කරන්නේ ස්නායු පණිවිඩයක් ලෙසයි...
ස්නායු සෛලයක උත්තේජනය ගමන් කිරීමේදී මයලින් කොපුව වැදගත් වෙනවා....මුළු පාඩම ම මතක් කරදෙන්න ඉඩ නම් නැහැ..ඒ වුනාට යන්තමට හරි අපි කාටත් මේක මතකයි නේ...?
මයලින් කොපුව තියෙන්නේ ස්නායු සෛලයේ ඇක්සෝනය (axon) වටා...
මේ මයලින් කොපුවෙන් කරන්නේ ස්නායු උත්තේජනය ගමන් කරන එක වේගවත් ව කරදීමයි...



ගිලන් බාරේසින්ඩ්‍රෝමයේදී වෙන්නේ මේ මයලින් කොපුවට හානි සිදු වීමයි..මෙය වන්නේ කොහොමද කියා හරියටම කියන්නට බැරි වුනත්....අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වන කුමක් හෝ ප්‍රශ්නයක් නිසා තමයි මෙය වෙන්නේ...බොහෝ විට බැක්ටීරියා හෝ වයිරස් තත්වයක් නිසා මෙය ඇති වෙන්න පුළුවන්...මේ දෙකම නිසා ප්‍රතිශක්තිකරණයට හානි වෙනවා නේ...

කොහොම වුනත්....ගිලන් බාරේ සින්ඩ්‍රෝමය  ට හේතුව...එහෙම නැත්නම්..cause එක...හැමතිස්සෙම කියවෙන්නේ unknown...කියලයි...
සමහර විට මේ මයලින් කොපුවට පමණක් නොව ඇක්සෝනයටත් හානි කරනවා....

මතක තබාගත යුතු තවත් දෙයක් වන්නේ ..මෙහිදී හානි වන්නේ බාහිර ස්නායු පද්ධතියට අදාළ ස්නායු වලටයි...




ඉතින් මෙහෙම වුනාම වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න පුළුවන් නේද...?
ස්නායු සෛලයේ උත්තේජන ගමනේ වේගය අදාළ වීමයි...
ස්නායු සෛලයකින් කෙරෙන දේ ...දන්නවා නේද,,...?

මොලයෙන් එන පණිවුඩ අදාළ ඉන්ද්‍රියයන් කරා රැගෙන එම සහ..ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන පණිවුඩ මොලය කරා ගෙන යාම..යන දෙකම මෙහිදී ස්නායු විසින් කරනු ලබනවා..

ඉහත තත්වය සිදුවූ විට ..ස්නායුවට බැහැ..මොලයෙන් දෙන පණිවුඩය අදාළ මාංශ පේශි වෙත් නිවැරදි ව සහ කාර්යක්ෂමව ලබා දෙන්න....මෙහිදී සිදුවන්නේ ..ඉන්ද්‍රියයන් සහ අවයවයන්...ක්‍රියාකාරී වීම වැළකීමයි...
ඒ වගේම මොළයට ඉන්ද්‍රියයන්ගේ සිට නිවැරදි ලෙස පණිවුඩ නොයන නිසා....සංවේදනයන් ආදිය අපි වටහා ගන්නෙත් වැරදි විදියට...

ඉතින් මේ දෙයාකාරයෙන්ම රෝගය නිසා,....බලපෑම් ඇති වෙනවා...

ගිලන් බාරේ සින්ඩ්‍රෝමය සෑදුන කෙනෙක් මුලින්ම කියන්නේ ඔවුන් ගේ අත් සහ පාද වල හිරිවැටීම් සහ ක්‍රියාකාරී වීමේ ගැටළු ඇති වුන බවයි..මීට හේතුව..අත් සහ පාද පිහිටා ඇත්තේ මොලයේ සිට බොහෝ දුරකින්  ස්නායු සම්බන්ධතා සහිතව බැවින්....මේ නිසා..මුලින්ම ඈතින් ඇති අවයව වල තමයි..ගැටලුව ඇති වෙන්නේ...


මෙම රෝගය වයස් මට්ටමක් , ස්ත්‍රී පුරුෂ බේදයක්...හෝ තරාතිරමක් නැතුව ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන්...ඉස්සර නම් මෙය ටිකක් දුර්ලභ රෝගයක් ..ඒ කියන්නේ 100,000 න් එක් අයකුට වගේ හැදෙන බවයි කිව්වේ..අනේ මන්දා...දැන් නම්...අපේ රෝහලට මේ වර්ගයේ අය හරියට එනවා...

රෝගීන්ගේ රෝග ඉතිහාසය බැලුවම කියවෙන එක දෙයක් තමයි...මෙය වෙන්නට පෙර ඔවුන්ට බොහොමයක් විට...යම් රෝගයක්...ශ්වසන හෝ ආමාශයික/ ආන්ත්‍රික පද්ධති අදාළ රෝගයක් වැලදී තිබිල තියනවා...
මේ හා සමගම ඇති වන අප්‍රාණික තත්වය සහ දැනීමේ මඳකම..දිනක්..දින කීපයක් ..සතියක් ..වගේ කාලයක් තුල ක්‍රම ක්‍රමයෙන් වැඩි වීගෙන යනවා...හුස්ම ගැනීමේ සහ ආහාර ගැනීමේ අපහසුතා ද මේ සමගම ඇති වෙන්න පුළුවන්...
එහෙම වුනොත් බටයක් දාලා ...හුස්ම ගැනීම පහසු කරනවා..
Tracheostomy කරනවා කියන්නේ එකටයි...

මේ රෝගය සමහර විට ජීවිත අවදානමක් සහිත වෙන්නත් පුළුවනි.

ඒත්..මුල් රෝග තත්වයන්ට නිවැරදි ව ප්‍රතිකාර කළහොත් ...මෙහි භයානක තත්වය මගහරවා ගත හැකියි...
ඉන් පසු කල යුතු වන්නේ ඉතුරු වන සංකුලතාවයනට ප්‍රතිකාර කිරීමයි..

මේ රෝගයට බෙහෙත් වලින් කල ප්‍රතිකාර වලට සමගාමීව ව්‍යායාම ප්‍රතිකාර ද අවශ්‍යයි..

භෞත චිකිත්සාව..



වෘත්තීය චිකිත්සාව


වගේම කථන චිකිත්සාව ද



 මේ රෝගීන්ට අවශ්‍ය වෙනවා..



මාංශ පේශි වල ඇති වන දුර්වලතා හේතුවෙන් ඇති වන ගැටළු සඳහා...මාංශ පේශි ශක්තිමත් කිරීමට ව්‍යායාම කල යුතුයි..


.අත් වල ග්‍රහණය පවත් වා ගැනීමට.


.වගේම..නිවැරදි ලෙස ඔවුන්ගේ එදිනෙදා කටයුතු කිරීමටද නැවත හැකියාව ලබාදිය යුතුයි...



මේ රෝගය සමග එන සංවේදන ගැටළු සඳහා..අදාළ සංවේදන ප්‍රතිකාරද කල යුතුයි..


ඒ වගේම..කතා කිරීමේ හෝ ආහාර ගිලීමේ ගැටළු උදෙසා කථන චිකිත්සක නිලධාරියකුගේ උපදෙස් ද වැදගත් වෙනවා...



ඇතැම් විට කෙනෙකු ඇවිදීමේ අපහසුතාවන් සහිත වෙන්නත් පුළුවන්..බොහෝ දෙනෙක් ඇවිද්දවන්නට හැකි වුවත් වයස සහ වෙනත් ගැටළු හේතුවෙන් රෝදපුටුවට සීමා වෙන්න සිදු වන අතලොස්සක් ඉන්නවා..ඔවුන් සඳහා...ඒ අදාළ පුහුණු කිරීමද කල යුතුයි..





මේ රෝගය ගැන ඔබට ඉතාම කෙටි හඳුන්වා දීමක් තමයි ..මේ සිදු කලේ..
ඉතින්....මොනවා හරි අහන්න තියේනම්...නොපැකිලව අහන්න...
දන්නා කරුණු කියාදෙන්නම්...

ඒ වගේම...ඔබ දන්නා කවුරුන් හරි මෙවන් ස්නායු ආබාධයකින් පෙළෙනවා නම්...ඔහු/ඇය..වෙත ප්‍රතිකාර  ලබාගැනීමට ඉතාම සුදුසු තැනක් තියනවා..
 ඒ මෙන්න මේ රෝහලයි...


ඉතින්..ඔබට සුබ සති අන්තයක් වේවා..
අද සිකුරාදා..
හෙට ..අනිද්දා දිහාට දිනපොත ලියලා දාන්න එන්නම්...


අනිත් එක...පොඩි ඔත්තුවක්..මේ...

කවි කියවන්න ආස...මගේ යාලු මිත්‍රයන් සඳහා....

මගේ "මේ අහස යටම.." කවි බ්ලොග් එකක් තියනවා..ඉඩක් ලැබුනොත්..බලන්න...

kithcreations.blogspot.com   කොටලා බලන්න...

19 comments:

  1. මේ ලිපියනං මට තේරුණේ නෑ. කොහෙ තේරුං ගන්නද වැස්සකටවත් ඉස්කෝලෙකට නොගිය මං.
    ගොඩ වදින්න මේ පැත්තටත්

    ReplyDelete
    Replies
    1. ළමයෝ....වැස්සකටවත් ඉස්කෝලේ නොගිය අයටත් ලෙඩ දුක් හැදෙනවා..මේකේ නොතේරෙන මොකුත් නැහැ...කවුරු හරි කිව්වොත් ලෙඩ දුක් ගැන..මේවා මතකයේ තිබුන දාක පිහිටක් වෙන්න පුළුවනි...

      අනිවාර්යයෙන්..ඔයාගේ අඩවියට ගොඩ වදිනවා....

      Delete
  2. දින කීපයක් ගියාම මාතෘකාවට Guillain Barre Landry Syndrome කියන කොටසත් ඇතුල් කරන්න..එතකොට කව්රු හරි කෙනෙක් ගූගල් එකේ හීව්වොත් පටස් ගාලා මේ පෝස්ට් එක උඩට එනවා .. වැඩි පිරිසකට ඇහැ ගැටෙවී ඔබේ මහන්සිය...

    මෙවැනි දේවල් ගැන දැණුවත් එක නම් සෑහෙන්න වටිනවා ..ගෙදර ඉඳන් ගොඩ බෙහෙත් කර කර කල් යවන වෙලේ ඉක්මණටම වෛද්‍ය උපදෙස් පතන්න පුළුවන් නෙව.. දිගටම ලියන්න..කමෙන්ට් නොකරට ගොඩක් දෙනෙක් ඇවිත් බලනවා අක්කේ ...

    එදිනෙදා ජීවිතය | Trance : Edward Snowden - Wikileaks සහ රාජ්‍ය චරපුරුෂ සේවයන් ! 01.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි..දැන් මට ඒ බව දැනෙනවා..ඔයා..චන්දන..නලින් ප්‍රියන්ත.....ඇතුළු මේ ගැන ගොඩක් දැනුවත් අය...හැමෝගෙම උපදෙස් මට වටිනවා..
      මම ලෙඩ රෝග සහ ආබාධ ගැන...ලිපි පෙළක්ම ලියන්න දැන් සුදානම් වෙනවා...

      Delete
  3. වටිනා ලිපියක්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලී....

      Delete
  4. ප්‍රශ්ණ අහන්න දෙයක් නෑ. සවිස්තරාත්මකයි.

    බොහොම ස්තුතියි.

    සුභ සති අන්තයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...නෑ...henry...සමහර විට මේ ඔස්සේ යන තව ගැටළු ඇති නේ..එකයි හැම තිස්සෙම ගැටළු තිබේ නම් අහන්න කියලා ලියන්නේ...

      Delete
  5. ස්තුතියි මේ තොරතුරු වලට. //අදාළ සංවේදන ප්‍රතිකාරද කල යුතුයි..// මේක කරන්නෙ නම් මැෂින් එකකට සම්බන්ධ කරල වගෙයි.. ? ආයෙ වෙලාවක පුලුවන් නම් ලියන්නකො අර හෘද රෝගීන්ට හෙම සම්බන්ධ කරන යන්ත්‍රයේ ඒ ප්‍රස්ථාරයි විවිධ සංඛ්‍යායි වලින් පෙන්වන්නෙ මොනවද කියල..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි චන්දන...මේ වගේ nerve stimulation දෙන එක භෞත චිකිත්සක වරුන් කරනවා...
      එයට අමතරව...විවිධ සංවේදනයන් ලබාදීම මගින් ද මෙය කල හැකියි..
      උදාහරණයක් ලෙස...සියුම් මුහුදු වැලි..එතකොට විවිධ රෙදි කැබලි ආදිය ස්පර්ශය කරවීම...

      ඔයා අහපු දේ මගේ ක්ෂේත්‍රයෙන් ඔබ්බේ ඇති දෙයක්...ඇත්තටම ඒ ප්‍රස්ථාර ගැන සරල දැනුමක් මිස ...ගැඹුරට ගිය දැනුමක් මට නැහැ...මොකද අපේ ප්‍රතිකාර වලට එන රෝගීන් ඒ මුලික ප්‍රතිකාර ලබාගැනීමට පසුවයි එන්නේ..

      නමුත් මම සරල ලිපියක් හෝ පසුව ලියන්නම්..

      Delete
    2. හරි.. පැහැදිලි කලාට ස්තුතියි එහෙනම්.. :)

      Delete
    3. ජයම වේවා...
      සුබ සති අන්තයක්...

      Delete
  6. හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. මෙහිදී...හෙද ප්‍රතිකාර ගැන මගේ සඳහන් වීමක් වුනේ නැහැ...එය අඩුවක්...මගේ ලිපියට හැකි ඉක්මනින් ඒ කොටස මම එකතු කරන්නම්...

      ස්තුතියි..

      Delete
  7. ඔබේ අඩවිය එන්න එන්නම වැදගත් බව වැඩිවනවා. හරිම සතුටුයි. මේය සමාජ මෙහෙවරක්. ස්තුතියි නැවතත්.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රකාශයම මට මහත් ආඩම්බරයක්....(නිහතමානී ව උසුලන ආඩම්බරයක්...)

      Delete
  8. Replies
    1. බොහොම ස්තුතියි ආවට...

      Delete
  9. ඔබට බෙහෙවින්ම ස්තුතියි.ගොඩක් දේ ඉගෙන ගත්තා. මමත් මෙම රෝගය සඳහා ප්රතිකාර ලබමින් සිටින රෝගියෙක්.

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න