Tuesday, March 5, 2013

මේ ගැනත් ඉගන ගනිමු...

මේ පෝස්ටුව ලියන්නේ මගේම කෙනෙකුගේ ඉල්ලීමක් මත...ඇත්තටම අපි ජීවත් වෙන පරිසරයන්..ගැටෙන රැකියාවන් ගත්තම අනතුරු බහුල තත්ත්ව බොහෝ වැඩියි...විශේෂයෙන්ම industrial වගේ රැකියාවකදී අනතුරු වීමට ඇති ඉඩකඩ බොහෝයි..එහෙමයි කියලා අපි රැකියාවලින් ඉවත් වෙන්නේ නැහැනේ..දැනුවත් වීම තමයි වැදගත්...
ඒ වගේම මේ වගේ වෙලාවක තමන් ළඟ පොඩි අඩුම කුඩුම ටිකක් රැගත්..සරල ප්‍රථමාධාර පෙට්ටියක් තබා ගැනීමේ වැදගත් කමකුත් තියන බව මම මතක් කර දෙන්න කැමතියි...


පිළිස්සුම....burns...

මේ තමයි අද මගේ පෝස්ටුවේ මාතෘකාව....


පිලිස්සුමක් කිව්වම ඒක විය හැකි විධි කීපයක් තියනවා...

අපි බහුලවම දැකල තියෙන්නේ...
1.ගින්දර නිසා
2.ඇසිඩ් වැනි රසායන ද්‍රව්‍ය නිසා
3.ගෑස් නිසා
4.උනු වතුර වැටීමකින්
5.රත් වූ යමක ස්පර්ශ වීමෙන්
වන පිළිස්සුම්....
නමුත් මීට අමතරව...
1.අධික ශීත නිසා..
2.අධික පරිසර උෂ්ණත්වයන් නිසා...
පවා පිළිස්සුම් ඇති විය හැකියි...


මේ කුමන ආකාරයට පිලිස්සුමක් වුවත්....ප්‍රතිකාර ගැනීමේදී අපි ඉතා සැලකිලිමත් විය යුතයි...
මොකද පිලිස්සුමකට නිවැරදි ප්‍රතිකාර නොලැබුන හොත් එය කෙලවර වෙන්නේ මරණයෙන්..අතිශය වේදනාකාරී මරණයකින්...
පිලිස්සුමකට නිසි ප්‍රතිකාර රෝහලකින් ලැබුනත්..ඊට පෙර අපි විසින් ඒ සඳහා කල යුතු ප්‍රථමාධාර ගැන දැනුවත් වී සිටිය යුතුයි..එය ඉතාම වැදගත් වන දෙයක්.

පිලිස්සුමක් ගත කල එය ,
1.මතු පිට සම ස්ථරයේ වන පිළිස්සීම්
2.අභ්‍යන්තර පටක දක්වා වන පිළිස්සීම්
ලෙස වර්ග කෙරෙනවා.


මේ කොයි තත්වයේදී වුනත්...මුලිකව පිලිස්සුමක් වුන කෙනෙකුට වැදගත් වන්නේ ඒ උෂ්ණත්වය ශරීරයෙන් ඉවත් කිරීමයි.මීට වැදගත්ම වන දේ ගලා යන සිහිල් ජලයෙන් විනාඩි ගණනක් යනතුරු පිළිස්සුම වූ ප්‍රදේශය සේදී යාමට ඉඩ හැරීමයි..(අතුල්ලන්නේ නැතුව,සබන් ආදිය යොදන්නේ නැතුව...)




මේ මගින් අර පිලිස්සුමට හේතු වන ප්‍රභවයෙන් ආ උෂ්ණත්වය ශරීරය තුලට යාම අඩු කරනවා...
සිදු වූ හානිය කෙසේ වෙතත්..තව දුරටත් හානි වීම මේ මගින් අවම කරදෙනු ලබනවා..අනිත් දේ තමයි පිළිස්සුන ප්‍රදේශය මත විවිධ දේවල් තැවරීමෙන් වැළකී සිටීම...ඉස්සර නම් අපි අහල තියනවා..පිළිස්සුන තුවාලයක කුකුල් තෙල් ගානවා කියලා..දැන් නම් බටහිර විද්‍යාවට අනුව එය අනුමත කරන්නේ නැහැ..මොකද..රත්වූ තෙල් මගින් තව දුරටත් පිළිස්සීම සිදු කරන නිසා..ඒ වගේම සමහර ගම් වාසීන් පිළිස්සුම වූ ප්‍රදේශයේ විවිධ දේ ආලේප කරනවා..මම අහල තියනවා මිනිස් මුත්‍රා පවා සමහරු ආලේප කරන බව...හිතන්න අපේ බහිශ්‍රාවීයද්‍රව්‍යයක් වන මුත්‍රා වල කොපමණ විෂබීජ අඩන්ගුද කියලා..එහෙම දෙයක් පිලිස්සුමක ආලේප කරනවා කියන්නේ මරණයට අත වැනීමක්...හැබැයි පිරිසිදු කෝමාරිකා ආලේපනය නම් අදටත් පිළිගත හැකි හොඳ ප්‍රතමාධාරයක් වගේම ප්‍රතිකාරයක්...


පිළිස්සුම් තුවාලයක දිය පට්ටා..දිය බිබිලි ඒම සිදු වෙනවා..බොහෝ විට මේවා එන්නේ මතුපිට ස්ථරයේ පිළිස්සුම් වලදී...සමහරු නම් මේවා කඩනවා..ඒක ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි...මොකද කඩුවට පස්සේ එන තුවාලය විෂබීජ වලින් ආරක්ෂා කිරීම ඊට වඩා අමාරුයි..ඒ නිසා මේ දිය බිබිලි ඇඟට ඉබේම අවශෝෂණය වන තුරු ඉන්න...සමහර ඒවා නම් රෝහලේදී කඩනු ලබනවා..එවිට ඒවාට ප්‍රතිකාර ලෙස බෙහෙත් දමනවනේ....


පිළිස්සුම් තුවාලයක ඇති බරපතල කම මනින්නේ rule of nine කියන ක්‍රමයට අනුව...මෙහිදී ශරීරය කොටස් වලට බෙදා 9 අගයන් දී පිළිස්සුම් වූ ප්‍රදේශය ගණනය කරනවා..එය කරනු ලබන්නේ දොස්තර වරුන්...ඒ අනුව පිලිස්සුමේ බරපතල බවත්...ප්‍රතිකාරත්..බේරීමට ඇති ඉඩකඩත් ගණනය කර තහවුරු කර ගනු ලබනවා..


පිලිස්සුමක පසු අවධියේදී එන කැළැල් සම්බන්ධව..අපි වෙන දවසක කතා කරමු..ඒ සම්බන්ධව ඇති අමුතු ප්‍රතිකාරයක්.. එහිදී  .කියන්නම් කෝ...


කොහොම වුනත් ගෙදර තියන ප්‍රථමාධාර පෙට්ටියේ..පිළිස්සුම් සඳහා ගන්නට ක්‍රීම් එකක් pharmacy එකෙන් ඉල්ලලා තියාගන්න..ඔය සුළු එහෙත් වේදනාකාරී පිලිස්සුමකට රෝහලටම දුවන්න ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්...
එතකල් මෙන්න මේ පොඩි ස්ටෙප්ස් ටික මතක තබාගන්න...


10 comments:

  1. ඉතාම වැදගත් දැනුවත් කිරීමක්.
    පිළිස්සුම් කියන්නේ ගෙදරකදී උනත් ඕනෑම මොහොතක වෙන්න පුළුවන් දෙයක් නේ.
    //අධික ශීත නිසා..// එහෙම පිලිස්සෙන්නේ මොන වගේ අවස්ථා වලදී ද..? ශීත රටවලදී වගේ සිදු වෙන දෙයක් ද..?
    මගේ ඥාතියෙකු ගේ අතේ ඇඟිලි කිහිපයක් තුවාල වෙලා (සම පුපුරලා) තිබුනා විදුලි සැර වැදීම නිසා. ඒකත් පිළිස්සුම් ගණයට වැටෙන එකක් ද.?

    ReplyDelete
    Replies
    1. චන්දන ...අධික ශීත නිසා වන පිළිස්සුම් වලට අපි කියන්නේ frost burns කියලා.වාසනාවකට වගේ අපේ රටේ නම් එහෙම ඒවා වෙන්නේ නැහැ..ඔව්..ශීත රට වල වගේ තමයි.
      විදුලි සැර වැදීම නිසා ඔබේ හිතවතාට වුන දේ පිළිස්සුම් ගණයට තමයි වැටෙන්නේ.සාමාන්‍ය තුවාලයකට වඩා ඒ තුවාල වල බලපෑම ගැඹුරට යනවා..

      Delete
    2. ස්තුතියි පැහැදිලි කිරීමට.

      Delete
  2. බොහෝම වැදගත් මාතෘකාවක්..හරිම වටිනවා...ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඔය තනියෙන් උයන්න එහෙම යද්දී මේවා මතක තියාගන්න ලිහිණි...

      Delete
  3. හොද ලිපියක් !

    ෆලෝ පාරක් දමමි !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි..දිගටම එන්න...

      Delete
  4. ඉතාම වැදගත් ලිපියක් කළු සුදු....
    දිගටම ලියන්න මෙවැනි ලිපි...
    ගොඩක් වටිනවා මේ දේවල් සිංහලෙන්
    එකතු වීම ...

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි සහන්...කාලෙකින් ඔයාගේ කොමෙන්ට් එකක් ආවේ...

    ReplyDelete
  6. වැදගත් තොරතුරු තිබෙන , ඒ වගේම හැමකෙනෙක්ම දැන ගෙන සිටිය යුතු කාරණා ටිකක් ...ලස්සන ලියවිල්ලක් ..දිගටම ගියන්න ඉඩක් ලැබෙන විදියට එනවා බලන්න..

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න