මට ගමට යන්න..ගමට යන්න..
කුරුළු පිහාටුවක් එවන්න...
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ..
කුරුළු පිහාටුවක් එවන්න...
මේ සින්දුව අහද්දී..මට ඒක ඇතුලේ ජීවත් වෙනවා වගේ දැනෙන්න ගත්තා..
ගෙදරින් නික්මිලා කොළඹ ආව කාලේ...ගමට ආපහු දුවන් යන්න හිතුන වාර ගනන කොයි තරම්ද...
ආයෙත්..මට අද මේ සින්දුව මතක් වුනා...
මගේ මල්ලි..ගමට යනවා...
මට යන්න බැහැ නේ...මගේ කුටුම්භය මෙහේ නිසා..
ඒත්...මටත් ආසයි ගමට යන්න..මගේ ..අපේ පුංචි කාලේ..ගෙවුන..මහා ගෙදරට යන්න..
මට ගමට එන්න..ගමට එන්න..
කුරුළු පිහාටුවක් එවන්න....
Thursday, April 25, 2013
Wednesday, April 17, 2013
මා විඳි නවක වදය...
නවක වදය කිව්වම අපි හැමෝටම දැනෙන්නෙ මහා එපා කරපු හැගීමක්..එහෙම නේද..?
මිනිසුන් නොමිනිසුන් වෙලා..හරිම දරුණු නිර්ලජ්ජී ලෙස හැසිරෙන අවස්තාවක් ලෙසයි..අපි හැමෝම මේ නවක වදය දකින්නේ...
ඒත්..මම මීට අවුරුදු 18කට කලින් දවසක කොළඹ ආවා...මගේ අද මම කරන වෘත්තියේ පුහුණු පාටමාලාවට...උසස් පෙළ කරලා හමාර වූ ගමන් ම ගෙදරින් මිදිලා ආව මම ඒ හැටි සමාජ ශීලී වුනේ නැති කෙනෙක්...
මම ඒ පැමිණි ගමනේදී වින්ද නවක වදය ගැනයි..මේ පෝස්ටුව....
කොහොම නමුත් මේ අදාල තැනට එනකල් අපි දන්නේ නැහැ මෙතන වෙන්නේ මොකක්ද කියලවත්...අපේ පුහුණු පාසලේ විදුහල්පතිනිය අපිව කතාබහ කරලා ඇතුලත් කරගත්තට පස්සේ..අපිත් අධ්‍යන කටයුතු සඳහා පන්ති කාමරයට ගියා...මට එතනදී හමු වුනා මගේ පළාතෙන්ම ආව ගැහැණු ළමයෙක්..(එයාගේ තමයි අර කලින් ලිපියකදී මානසික රෝහලේදී කොන්ඩේ කපන්න හැදුවේ) යන්තම් හිතට සහනයක් ආවේ එතකොටයි...
දවල් වෙනකල් කිසිම සද්දයක් බද්දයක් නැතුව ගෙවුනා.අපි අපේ කණ්ඩායමේ අයවත් හඳුනා ගත්තේ බයෙන් බයෙන්..මොකද ඔක්කොම උන්නේ අපිට වඩා වැඩිමල් අය..අනික අපේ බැච් එකට බාගයකට වඩා දමලා තිබුනේ යුද හමුදා බලකායේ අය..ඒ දවස් වල යුද්දේ නේ..ඉතින් මේ අවශ්‍යතාවය ඒ අංශ වලට බොහොම වැඩි වුනා...
දවස් කෑම පැයේදී ඔන්න ආවා අපේ senior උතුමන් උත්තමාවියන් ටික...පළමුවෙනි දේ ආවේ කොහෙන්ද ..නම ගම ආදී තමන් ගැන විස්තරයක් කියන එක..හැබැයි තනිකරම සිංහලෙන්...ඉංගිරිසි වචනයක් වත් මුහු වෙන්න බෑ...කීප සැරයක් ම පටලවාගෙන කියාගත්තා..
ඊට පස්සේ senior උතුමෙක් වැඩිහිටියන්ට සැලකීම ගැන ලොකු දේශනයක් කළා...
අන්තිමට එකේ practicle වාරය ආවමනේ තේරුනේ මේකේ රඟේ...
අපේ පුහුණු පාසලේ පසු ගිය බැච් වල කණ්ඩායම් photo ගහල තියනවා...පහල තට්ටුවේ සිට උඩ තට්ටුව තෙක් බිත්තිය දිගේ...
දැන් ඉතින් හැම photo එකක් ලගම දන ගහල වඳින්න ඕන..හොඳට දන බිම ගහල වඳින්න ඕන..photo 20ක් විටර නැගිට නැගිට ආයේ දන ගහද්දි හොද ගණන්...
මෙතනට ඉගන ගන්න ආවනම් ඒවාට ගැලපෙන්න physical fitness තිබිය යුතු බව එදා එකෙන් අපි වක්‍ර මාර්ගයෙන් ඉගන ගත්තා...
දවල්ට කන්න ගියාමයි ඊළඟ දේ වුනේ..බත් ටික සේරම දිග හැර ගන්න කිව්වා අපිට...මස් ද මාළු ද තියෙන්නේ ඇහුවා..මස් ..මාළු...බිත්තර,,,ඔය හැම දේම කාගේ හරි ළඟ තිබුනා නේ..
එක්කෙනෙක් ආව බග් එකක් අරන්
හැම බත් එකක් ලඟින්ම තියා ගෙන තියාගෙන ගියා..අද ඉඳන් කන්න වෙන්නේ මේවා තමයි කියලා...
ඊ.....ඊ.....ඊ....මොනවද මේ..?
මිනිස් ඇට කැබලි....අපේ සමහරු දුවල ගිහින් වමනෙත් දැම්ම...
මම නම් බයටම ගල් ගිල්ල වගේ හිටියේ....
අනේ ඉතින් එහෙම උන්න අපි..පස්සේ කලෙක anatomy වලට ගිහින් gloves වත් නැතුව මිනී අල්ලලා..ඇවිත් සබන් දාල අත හෝදන් බත් කෑවේ...යස අගේට..
එදා අපිට ඒ දුන්නෙත්...එහෙම මුලික පුහුණුවක්..
අපේ රැග් එකේදී..ගැහැණු ළමුන්ට කොන්ඩ කඩාගෙන පෝනිටේල් දාගෙන එන්න දුන්නේ නැහැ...කොන්ඩේ ගොතල හරි..බැඳලා හරි ..කොටට කපල හරි එන්න ඕන..මාල චේන් වළලු මුදු දාන්න බැහැ...ඒ නීති රීති තුලින් අපි එදා ඉගන ගත්තා..රෝගියෙක් ලඟට යද්දී අපි වගේම රෝගියාගේ ආරක්ෂාවද සැලකිය යුතු බව..
අතේ තියන වළල්ලකින් පවා රෝගියාට සීරීමක් වෙන්න පුළුවන් බව..එදා රැග් ඒක තුලින් අපිට නොකියා කියාදුන්නා..
සති දෙකක රැග් එකේ.සුන්දර අත්දැකීම් විතරමයි මට නම් තිබුනේ...බාත් රුම් එකට දාලා ලිෆ්ට් එකේ යන්න කියන එක..සමූහ තොරන් රාජයෙක් සැකසීම..(මම හිටියේ නිවෙන පත්තු වෙන බල්බ් එකකට..)..balance training(කාර්ඩ්බෝර්ඩ් box එකක් ඔලුව උඩ තබා ගෙන තනි කකුලෙන් මේසය උඩ හිට ගෙන ඉන්න එක,
වත්තක හොර පොල් කඩන කොට දුවල පැනල අහුලන විදිය..ඔන්න ඔය වගේ නාට්‍යාත්මක දේවලුත් අපි කළා...
අන්තිම දවසේ රැග් එකට හොඳටම මුහුණ දුන් අය අතරට මාත් තේරුනා...
හැබැයි මට වඩා ගොඩක් senior අයියා කෙනෙක් ගෙන් මාව බඳින්න කැමතිද කියලා අහන්න වුන එක තමයි මට ලැබුණා දරුණුම රැග් එක...අහන්න බෑ කියන්නත් බෑ...අහන්නත් බෑ...අහන්නම වුනා...මට ආව උත්තරේ මොකක්ද දන්නවද..." කෙල්ලෙ...මගේ දරුවොත් උඹට වඩා ලොකුයි...මේ හිච්චි කෙල්ල මෙන්න මගෙන් බඳින්න කැමතිද අහනවා..ඉගන ගන්න ආව නම් ඔය අනම් මනම් නැතුව ඒක කරපන්.....".කියලා..ඔක්කොම ඉස්සරහ මට දේශනාවක් තිබ්බ එක..එදා නම් ඇඩේන්න තරම් ලැජ්ජා හිතුනා...අද නම් මතක් වෙද්දීත් හිනා....අද නවක වදය කියන එක විශ්ව විද්‍යාල තුල කොයි තරම් මානුෂීය අන්දමකට කෙරෙනවද කියන ඒක වෙනම කතාවක්..ඒත් අපේ පුහුණු පාසලේ...අපි වින්දේ මෙන්න මේ වගේ රැග් එකක්...අදටත් මතක් කර කර හිනා වෙන එකක්...

Sunday, April 14, 2013
හරි දැක්ම...
මගේ කාර්ය බහුල තාවය නිසා බ්ලොග් ඒක ලියන්න වත් කියවන්න වත් වෙලාවක් නැති වුනා..
ඒත්...අහම්බෙන් වගේ මගේ බ්ලොග් එකට ආවාමයි දැක්කේ..ඒකෙ තිබුන කොමෙන්ටුවක්..
මගේ පරණ පෝස්ටුවකට..
මම බ්ලොග් ලියන්න ආවේ අලුතින් නේ..ඇත්තටම මම මෙහෙම අපහාස කරන සුළු කොමෙන්ටුවක් බලාපොරොත්තු වුනේ නැහැ...
මොකද..මම ලියන්නේ මගේ වෘත්තීය අත් දැකීම් නිසා...මම මේ දේවල් ලියන්න ගත්තෙත්...තව කාට හෝ දැනුමක් දෙන බලාපොරොත්තුවෙනුයි...
ඒ වගේම හසරැල්..ප්‍රදීප් වගේ..දන්නා අය වගේම..කවදාවත් දැකල නැති ඒත්..මගේම සහෝදර සහෝදරියන් වගේ ඉන්න බොහෝ දෙනෙක් මේ වෙද්දී මට බ්ලොග් ඒක තුල මුණ ගැහිලා ඉන්නවා...ඒ ඇයගේ දිරිමත් කිරීම් තුල තමයි මම බොහෝ දේ ලියන්නේ..
ඔයාලට මතක ඇති..මම අර චන්දන ලිව්වා අල්මේදා උන්නැහේගේ කතාවට පස්සේ..මම මගේ වෘත්තීය දිවිය තුලදී හමුවූ ..මානසික රෝගීන් ගැන කතා පෙළක් ලිව්වා...මම ඒ ලිව්වේ මගේ වෘත්තීය අත්දැකීම්..නමුත් මම මෙතනදී ඒ කිසිම රෝගියෙක් ව හාස්‍ය යකට ලක් කලේ නැහැ...
පෝස්ටුව අතරේදී දමපු මූණු ටික නිසා වැරදි ව්ටහීමක් වත් ගත්තද කියලා දැන් මට හිතෙනවා..හැබැයි..ඒ එහෙම දැම්මේ නම්...ඇත්තටම ඒක දිගට අකුරු ගොඩක් කියවද්දී...ඇහැට අමාරු නිසයි...
කොහොම හරි..මහේෂ් රාජසුරිය කියලා මහත්මයෙක් ...ඒක දැඩි ලෙස විවේචනය කරලා තිබුනා..මේ වගේ බ්ලොග් එකක් කියවීම ගැන එතුමා දුක් වෙනවා..කියලත් තිබුනා...ඇත්තටම මටත් හරිම කනගාටුයි..මා ලියු දේවල් වැරදියට අවබෝධ කර ගැනීම ගැන...අනෙක...මම වෛද්‍ය වරයෙක් නම් නෙවෙයි..මම කවදාවත් එහෙම කියලා නැහැ..කියන්නෙත් නැහැ...මගේ වෘත්තීය ගැන මට ලොකු ගරුත්වයක් තියනවා..ඒ නිසා මට වෙන වෘත්තියක් ගැන කියලා බොරු ලියන්න ඕන නැහැ...
තවත් එකක්...මම මගේ පෝස්ටුවේ ලියපු හැම රෝගියෙක්ම ඇත්ත චරිත..එතුමා කියලා තියනවා..එහෙම අය ඉන්නේ බ්ලොග් වල විතරයි කියලා....ඒක දවසකට හරි..මානසික රෝගීන් සමග ගත කරලා තියනවා නම්...ඔබ ඔය කතාව කියන්නේ නැහැ...
මානසික රෝගීන් කියන්නේ සංවේදී මනුෂ්‍යයන් කොටසක්....සමහර විට ඔබටත් වඩා ...ඒ වගේ ඇයගේ හැගීම් හැසිරීම් ගැන මම ලිව්වේ හිනා වෙන්න නෙවෙයි...ඒ හිනාව යට...තියන අනුවේදනීය බව තේරුම් ගන්නයි...
ඒ හැම දෙනා ගේම කතාවල තිබුනේ...ආදරය ..කරුණාව..බලාපොරොත්තුව..කියන දේ...ඒ දේවල් ලබාගන්න..ඔවුන් කල සමහර දේවල් වල පොඩි හාස්‍යයක් තිබුනා තමයි...ඒත්..මට ඕන වුනේ...ඒ යථාර්තය ගැන කියන්නයි...
කොහොම වුනත්..විවේචනයට ස්තුතියි...මගේ අනිත් පොස්ටු කියෙව්වා නම්..සමහර විට එතුමා කියාවි...අත කපපු නිමල්ගේ කතාවත් බොරුවක් කියලා..පිළිස්සුම් සම්බන්ධව ලිව්වා ප්‍රතමාධාර ත් බොරු ඒවා කියලා...
ඒත්....
මගේ පොස්ටුවෙන් යමක් අවබෝධ කරගත් කීප දෙනෙක් හරි ඉන්නවා...මට ඒ ඇති..
තව දුරටත්..ඔබේ විවේචනයන්...මැදහත් සිතින් යුතුව පිළිගන්න මම සුදානම්...
ඔබට සුබ නව වසරක් වේවා....

Friday, March 29, 2013
අවසන් පැතුම ....
මේ ලියන්නට යන පෝස්ටුව ටිකක් වෙනස් එකක්..ඒත්...ලෝකයේ අපි නොදත් ඉසවු බොහොමයක් තියනවා..අපි දවසින් දවස ඒවා හඳුනා ගන්නවා...මේ එවැනි එක දෙයක්...
මේ ලිපියෙහි පදනම මගේ උපාධිය සඳහා පැවති දේශනා මාලාවකින් මා උගත් දෙයක්...
palliative care....
මේ ගැන අහලා තියද..?
සුව කල නොහැකි රෝගයක් වැළඳුන කෙනෙක් ...වෙනුවෙන්..ජීවිතයේ අවසන් කාලය ලඟා වන තුරු ලබා දෙන සත්කාරක සේවාවක් තමයි ඉහත නමින් හැඳින් වෙන්නේ..මට මේ සඳහා සිංහල වචනයක් හදා ගන්න අමාරුයි...
"DEATH is not something to be feared.It is something to be acknowledged and accepted"
මේ දෙය වදාළේ .බුදු සමිඳුන් විසින්..
මා ඇතුළු මේ දේශනය සඳහා පැමිණි මගේ batch mates ල හැමෝම මදක් නිහඬ වුන..මේ පළමු slide එක දැක්ක ගමන්...මොකද අපිට මේ දේශනය කරන්න ආවේ..සුදු ජාතික දේශක වරියක්...
බුදුන්ගේ දර්ශනය..අද හැම තැනකම පිළිගත් දර්ශනයක් බව ඇය නොකියා කීවා..
මේ palliative care කියන දේ අපිට ඒ තරම් හුරු දෙයක් නෙවෙයි..ඒත් විදේශ රට වල මේ සේවාව අද හොඳින් ඉතා පහසුකම් ඇතුව රෝගීන් වෙත සපයනවා..
* HIV
* පිළිකා
* දරුණු ගණයේ වකුගඩු සහ හර්ද රෝග
* අවසාන අදියර තෙක්ම පැමිණි පෙනහළු රෝග
* දිනෙන් දින අසාධ්‍ය තත්වයට පත්වන ස්නායු ආබාධ
* අනෙකුත්.....ජීවිතයේ සීමාව පෙන්වන රෝගාබාධ
මෙන්න මේ වගේ රෝග වලින් පෙලෙන්නන් සඳහා මේ palliative care සපයනු ලබනවා...
මෙහි මුලික අරමුණු වන්නේ...
!...රෝගියා සහ ඔහු/ඇය ගේ පවුල සඳහා රෝගයට යම් හුරු වීමක් ලබාදීම..
!...යම් තාක් දුරට රෝගයට අවැසි ප්‍රතිකාර ලබාදීම
!...රෝගය මරණයෙන් කෙලවර වුවද..ඒ සඳහා මනා මානසික හා ශාරීරික පසුබිමක් සැපයීම
!..ඔහු/ඇයගේ අධ්‍යාත්මික දියුණුව කෙරේ අවශ්‍ය පහසුකම් සැපයීම
!...රෝගියා ගේ ආශාවන්..කැමැත්ත..සහ මුලික අවශ්‍යතා සඳහා ප්‍රමුකත්වය සැපයීම..
ආදියයි...
hospice....
මේ නමින් හඳුන් වන්නේ මාරාන්තික රෝගවලින් පෙලෙන්නන් සඳහා පවත්වාගෙන යන ආයතනයන්..මෙහිදී රෝගියාට සිය මරණය දක්වා එළඹීම සිය ආත්ම අභිමානයට හානියක් නොවන සේ ලඟා කරදෙනු ලබනවා..
මේ ගැන හිතන්නත් ටිකක් අකැමතියි වගේ නේද..?ඒත් මේ මාතෘකාවේ මට දැනුන විශේෂය...නිසාමයි අද මම මේ ගැන කියන්න හිතුවේ...
අපේ සමහර වැඩිහිටියෝ..මරණය ගැන කලින් තියාම ප්ලෑන් කරනවා..ඒ අනිත් අයට කරදරයක් නොවෙන්න හිතාගෙන..ඒත්..මරණය..එන බව දන දැනම..එහෙම ප්ලෑන් එකක් හදන්න කෙනෙකුට පුලුවන්ද..විශේෂයෙන්ම...මරණය උරුම වෙන රෝගයක් වැළඳුන කෙනෙකුට..
මේ වගේ care එකක වැදගත් කම වන්නේ....මරණය එළඹෙන තුරු ජීවිතය ඒ අදාළ කෙනාගේ අවශ්‍යතාවන්..කැමැත්ත ..ආදියට ඉඩ දෙමින් පවත්වාගෙන යාම...
මෙහිදී...ආගමික කටයුතු..අධ්‍යාත්මය සංවර්ධනයට අවශ්‍ය කටයුතු,විනෝදාස්වාදය සඳහා ක්‍රියාකාරකම්..ආදී නොයෙකුත් පහසුකම් සපයනවා...රෝගී වූ තැනැත්තා...සිය අවසානය වෙත..සුන්දරව ගමන් කිරීමට සැලසීම මේ හරහා කෙරෙනු ලබනවා..
අපේ රටේ මෙවැනි hospice ඇති බව නම් මම දන්නේ නැහැ...මරණයට නියත රෝගයක් වැළඳුන කෙනෙක්ට ...තමන්ගේ නිවහනේ නොකා නොබී හරි වැටිලා අන්තිම හුස්ම යවන එක...අපේ රටේ අයගේ තවමත් කැමැත්තයි....මම හිතන විදියට..
නමුත්...විදවනවාට වඩා....විඳීම ....මනසට සොඳුරු යි....නේද..?

Monday, March 25, 2013
දෙපා වාරු නැත ඔබ හැර යන්නට...
ශිල්ප උගත්තෙමි
නැණ ලැබ ගත්තෙමි
දෙපා වාරු නැත ඔබ හැර යන්නට..
දෙපා වාරු නැත ඔබ හැර යන්නට ...
මා හැදු පාසැල් මවුනි දයාබර....
මේ කවි පද පේලි ටික පසු ගිය දවසක මගේ පරණ පොත් පිටුවක තිබිලා මට හමු වුනා..
ඒ මගේ ඉස්කෝලේ කාලේ පොතක්...
මේ පද පේලිය මා රැගෙන ගිය දුරක්......හිතාගන්න බැරි දුරක් මම ඉගිල ගියා...
ජීවිතේ සුන්දර අසුන්දර මතක බොහොමයක් එක්ක ...ගෙවුන ඒ කාලේ...
මගේ මුල්ම අධ්‍යාපන කටයුතු මම කාලේ මගේ ගමේ පාසලෙන්..අපේ ගමේ ඉස්කෝලේ ඒ කාලේ කණිටු විදුහලක්...ගම මැද තිබුන පුංචි කඳු ගැටයක් උඩ තමයි පාසල පිහිටා තිබුනේ..අපිට ඒ කාලේ (1978 තමයි මම ඉස්සෙල්ලම පාසලට ඇතුල් වුනේ..) 3 පන්තියට එනකල් පාට ඇඳුම් අඳින්න අවසර තිබුනා..අපි දැම්මේ ගොඩක් වෙලාවට රබර් සෙරෙප්පු...එහෙමත් නොදා ආව ළමයි ප්‍රමාණය වැඩියි...අපේ ගමේ පාසැල තිබුනේ කොටස් දෙකකට...1 පන්තියේ සිට 5 පන්තිය වෙනකල් තිබුනේ පාරෙන් ඒක පැත්තක උසම කඳු ගැටයක්..අනිත් පන්ති පාරෙන් අනිත් පැත්තේ පොඩි කඳු ගැටයක් උඩ...
මම ගියේ 5 ට යනකල් විතරයි...අර උස කඳු ගැටය උඩ තිබුන.."උඩහ ඉස්කෝලෙට "...ගමේ අය ඒකට කිව්වේ එහෙමයි...ඒ පරිසරය හරිම ලස්සනයි...
මම ශිෂ්‍යත්වය විභාගය පාස් වෙලා නගරයට ආවා...ඒ කාලේ ශිෂ්‍යත්වය පාස් වෙන්න කියලා දැන් වගේ මරාගන්න තරඟයක් තිබුනේ නැහැ...හැබැයි අපේ ගුරුවරු...අපිව උනන්දු කළා...හොඳ ඉස්කෝලෙකට යන්න කියලා...අපිට හවසට නොමිලේ ඉගැන්නුවා...ඒවාට අපි කවදාවත් ටියුෂන් පන්ති කිව්වේ නැහැ...
නගරයේ තියන ලොකුම බාලිකා පාසලට ආවට පස්සේ..අනේ මගේ ගමේ ලෝකය එහෙම පිටින්ම නැති උනා...කොන්ක්‍රීට් වනාන්තරයට හැඩ ගැහෙන්න නම් ඒ හැටි ලේසි උනේ නැහැ..අනිත් ඒක උදේම පාසල් බස් එකට නැගිටින්න...ඇඳගන්න...යුද්දයක් වගේ...ඒ කාලේ අපේ ගමට විදුලි බලය නැහැ..ඇඳුම් මැද්දේ පොල්කටු ඉස්තිරික්කයෙන්...ඒක ඔක්කොටම එහා...
කාලයත් එක්ක අලුත් පරිසරයට මාත් හැඩ ගැහුනා...ඒ ජීවිතේ හරි සුන්දරයි..විශේෂයෙන්ම සා/පෙළ,උසස් පෙළ කරන කාලය වෙද්දී...
අපි ඉතින් පන්තියේ හිටපු හොඳම ළමයි වුනේ නැහැ කවදාවත්...ඒ වගේම නරක ළමයි වුනෙත් නැහැ...
එවන් පොඩි කතා එකක් දෙකක් තමයි දැන් මේ මතකයට ආ වෙලාවේ ලියන්නේ..
10 පන්තියේ ඉන්න කාලේ (මම ඒ කාලේ මකුළුවන් ට පණ බයයි..)
අපේ පන්තියේ ඒක ළමයෙක් ගෙනාවා රබර් මකුළුවෙක්..එදා අපේ පන්ති භාර ගුරුතුමිය ඇවිත් නැහැ...මේ කෙල්ල මොකද කලේ ඒක මගේ ඇඟට දැම්මා...මගේ සද්දේ මම හිතන්නේ ලංකාවේ එහා කොනටම ඇහෙන්න ඇති..මේ වෙලාවේ අපේ කරුමෙටම මෙතනින් ගියේ අපේ sectional head ටීචර්...ඔන්න ඉතින් එයා ආව පන්තියටම...මොකද උනේ..?ම්හු..කවුරුවත් කතා නැහැ...
කවුද කෑ ගැහුවේ..?මොකද වුනේ..?
ම්හු..කිසිකෙනෙක් කතා නැහැ...
ඔක්කොටම බහින්න වුනා එලියට...ගිනි අව්වේ උදේ පීරියඩ් තුනක් හිටගෙන...ඉන්න ඒක අදට නම් මට හිතා ගන්න බැහැ..ඒත් ඒ දවස් වල ඊට වඩා ලැබීමක් වෙන කොයින්ද...
මේකේ නරකම හරිය ඒක නෙවෙයි..අපිව එලියට දාලා මැඩම්..පන්ති නායිකාව එයාගේ මේසේ ලඟට එක්ක ගෙන ගියා..හිටවාගත්තා...
පව් නේ ...නායිකාව වුනාට..යකෙක් කන්න බඩගිනි හැදෙන ජාතියේ කෙනෙක් එයා..ටිකක් වෙලා යද්දී මැඩම් ගියා වෙන පන්තියකට...ඒ අතරේ අපේ මොනිටර් ගේම සයිස් එකේ වෙන කෙනෙක් ගියා මේසේ ලඟට..මොනිටර් ඇවිත් බඩ පැලෙන්න කෑවා...ඒත් මැඩම් අදටත් දන්නේ නැහැ..ඒ මාරුව ගැන
.
..
උසස් පෙළ කරන කාලේ වෙච්ච දෙයක් මේ...
අපේ පන්තියේ හිටියා ටිකක් අමුතු හැසිරීමක් තිබුන ගෑනු ළමයෙක්..කොයි වෙලාවෙත් පොතක් බලා ගත්තු ගමන්..(අමුත්ත..මේකයි..එයා කවදාවත් පිටු පෙරලනවා අපි දැකලා නැහැ.)
අනිත් අය එක්ක ආශ්‍රයකුත් නැහැ...වෙනම ලෝකෙකින් ආවා වගේ..නමුත් අපිත් ඕවා ගණන් ගන්න අය නෙවෙයි නේ..අපි අපේ ඇට්ටර කම් කරගෙන සතුටින් සාමයෙන් උන්නා..
බාලිකා පාසලක් වුනාම..ඉතින් ..මොනවා කලාම මොකද..?
මගේ යාලුවා...මම නම කියන්නේ නැහැ..හොඳ නැහැ නේ...පන්තියේ හිටපු නහෙටම නාහන කෙල්ල..අනේ නරක නම් නැහැ..හිත උනු වෙනවා හරියට...ඉන්ටර්වල් වෙද්දී මේ උනු වෙන ගතිය හොඳටම වැඩියි..ඉතින් මෙයා කරන්නේ බෑග් වල තියන කෑම මාරු කරලා නොදන්නවා වගේ ඉන්න ඒක..මගේ කෑම ඒක නම්..කවදාවත් ඉතුරු කරලා තිබිලා අහු වෙලා නැහැ මට..
දවසක්...මෙයා සුපුරුදු ලෙසට කෑම මාරු කරද්දී අර ළමයාගේ බෑග් එකටත් අත දාලා..කොට්ටෝරුවට වුන දේ තමයි වුනේ..
අර අමුතු ළමයා..දුම්මල වරම ගත්තා වගේ ආවා.."ඔයාල හිතන්නේ මගේ බෑග් එකේ පිරිමි ළමයි දීපු ලියුම් තියනවා කියලා නේද.?ඒක නේද මගේ බෑග් එක ඇවිස්සුවේ..."කියලා එක සද්දයයි..කොහොමින් කොහොම හරි මේ වාදය පන්ති බාර ටීචර් ළඟටම ගියා..(ටීචර්..අපිට එහා..)
එයා අපිට ඇහැක් එහෙම ගහලා...අර ළමයා ඉස්සරහ නොසෑහෙන්න බැන්නා...
නමුත් මේ ළමයා ගේ මේ වගේ හේතු ගොඩකට ඒ එක්කම ඇති වුන සැක කිරීමේ තත්වයක් නිසා..මානසික ප්‍රතිකාර ගන්න වුනා..
මම කොළඹ ඇවිත් අවුරුදු ගානකට පස්සෙත් මට අපේ පන්ති බාර ටීචර් මගදී හමු වුනාම..ටීචර් මාව ළඟ හිටපු කෙනාට හඳුන්වලා දුන්නේ..මුන් තමයි ඒ කාලේ පන්තියේ හිටපු කෙල්ලෙකුට පිස්සුත් හැදෙව්වේ..මම පිස්සු නැහැදී බේරුනෙත් අමාරුවෙන්"...කියලා...
ඔන්න අපිට ලැබුණ චරිත සහතික...
මගේ පාසල මට සුන්දර අත් දැකීම් වගේම අසුන්දර අත් දැකීම් පවා ගෙනාවා..ඒත්..අද ඒවා මතක් කරද්දී දුකක් නැහැ...
මගේ ශිෂ්‍ය නායිකා බැජ් එක මට අහිමි වුනා...මගෙයි අර මම කිව්ව මගේ ඇට්ටර යාලුවගෙයි...ඒ අලුතින් ආව ළමයින්ට නවක වදය දුන්න.අපේම ළමයි ටිකකගේ නම් ටික ප්‍රින්සිපල් මැඩම් ට නොදීපු වරදට...(අනේ ඒ නවක වදය කියන්නේ..සින්දුවක් කියන්න...නටන්න..කියපු ඒක විතරයි...)
පාවා දීමට වඩා බැජ් එක නැතුව ගෙදර යන එක සැපයි කියලා..අපි එදා තීරණය කළා...එදා නම්..ප්‍රින්සිපල් නෝනාව එපාම වුනා...හැබැයි චන්ඩි දෙන්නා කාටත් නොපෙනෙන්න ඇඩුවා..ඒක වෙනම දෙයක්...
පාසැල් කාලයේ මතක අතරින්..මම තවමත් අතීතයට දුවනවා..අපි කාටත්..එහෙම මතකයන් තියනවා නේද..?මම තවමත් මගේ මුල් අධ්‍යාපනය දුන්න පාසලට ආදරෙයි..ඒත්..ඒ පාසලට මම දැන් නිකමට වත් යන්නේ නැහැ...මොකද ගියොත් මගේ හිත ගොඩාක් රිදෙන නිසා...ගමේ පාසැල දිහා නොබලා මම ගමට ගියත් එන්නේ...
මගේ අම්මා ඒ පාසලේ ගුරුවරියක් වුනේ මට වයස අවුරුදු තුනෙන්..අම්මා ඒ පාසලටම ජීවිතය කැප කල කෙනෙක්...ඒ පාසලේම විදුහල්පතිනිය වෙලා විශ්‍රාම ගිය මගේ අම්මා ගැන මතකය අවධි වෙද්දී...මට දැනෙන දුක කියාගන්න බැහැ...ඒ කාලේ වගේම මේ කලෙත් ගුත්තිල අදුරු තුමන් වගේම මුසිලයනුත් පාසල් වල ඉන්නවා..මගේ අම්මා තමන් දරුවෙක් වගේ හදාගත්තු පාසලෙන් නික්මුනේ...හිත රිදීම් ගොඩක් එක්ක.ඒ හිත රිදීම් මත අම්මා ඉක්මනින්ම අපෙන් සමු ගත්තා....ඒ නිසා මම අදටත් මගේ මුල් පාසලට යන්නේ නැහැ...
ජීවිතය අපිට දෙන දේවල් ගොඩයි...ඒත් ඒ එක්කම ආපිට ගන්න දේවලුත් අනන්තයි අප්‍රමානයි...පාසල ගැන ලියන්න ඇවිත් හිත රිදෙන කතාවක් ලියවුනා...කමක් නෑ...
පාසල් මතකයේ සුන්දර තැන් එක්ක අපි සැරි සරමු...

Subscribe to:
Posts (Atom)