Monday, November 2, 2015

92.අපූර්ව වූ ප්‍රේමය

ප්‍රේමය කියන්නෙ හරි අපූරු මනෝ ස්වභාවයක්.....
කවියක් තරම් ඒ හැඟීම් සටහන් කරන්න වෙන මාධ්‍යයක්  මට නම් නැහැ...


කණට ඇහෙනා නෑහෙන
හරි සියුම් සීනු රිද්මෙක
ඇසැර බලනා උදයක
මට පෙනී නොපෙනෙන
නුඹෙ සිනා වත.....
කවුලු දොර හිදැසකින් දිස්වෙන
දහසක් දනන් නෙතු මත
කැටයමක් සේ නොමැකෙන
හිත යට කෙටූ සිතුවම........
මළ හිරු බසින සඳ
අන්තිම හිරු කෙඳිත්තක
දවටා එවා නික්මෙන
අමුතුම පැහැය දනවන
ආදරයේ විසුල රිද්මය........
යනෙනා මග තොටද
පසෙකින් තබා ගෙන යන
මිදුලේ කොනක පිබිදෙන
සුදුමල් අහුරු බබලන
වතුසුද්ද පඳුරේ තැනක
එල්ලා තබා ගෙට යන...
ඒ අපූර්ව මතකය....
නුඹේ නොවන
මගේද නොවන
ඔව්......එනමුදු
අපේ ම වන...
අනුන්ගේ නොම වන


පින්තූරෙ නම් ගූගල් අනුග්‍රහයෙන්

12 comments:

  1. ප්‍රේමය කියන්නේ හරි අපුරු මනෝ ස්වභාවයක්....ඔන්න ඒ වචන ටිකෙන් නම් කප් ගහපු ස්වභාවයක් තියෙනවා හැක්.... ඒකනේ මෙයා ලව් කරන අය බලා ගත්ත අත බලන් ඔයලා,අපි ඉස්සර වගේ තනියම හිනා වෙද්දි...ඇක්ෂන් මාරු කරද්දි උඹ මනෝ ගහලද අහන්නේ හා නැද්ද? මොනාම හරි ලියන එක නම් සතුටක්

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කතාවට ඇඹුල් තියල් මාලු හට්ටියක්ම කවන්න හිතෙනවා...
      අපි ඉතින් ...මනෝ ස්වභාවයෙන්ම ප්‍රේමණීයයි නොවැ...හා නැද්ද

      Delete
  2. Replies
    1. ස්තුතියි කල්‍යාණ මිත්‍ර

      Delete
  3. මටත් මෙහෙම කීදෙනක් කිව්වද?
    සක් මේ පණ්ඩිත අක්කට ලස්සන කවි ලියන්න පුළුවන්නේ
    ගජමන් නෝනා හෙවත් හිරුනිකා

    ReplyDelete
    Replies
    1. පුතේ ඔය කෙල්ලො කියන ඒවට රැවටෙන්න එපා...

      Delete
  4. ලස්සනයි...... පට්ටයි............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අවංක ආර්‍යන්

      Delete
  5. හිතට දැනුන අදහසක්. ලස්සනයි අක්කේ..

    ReplyDelete
    Replies
    1. දිනේශ් මල්ලී...ස්තුතියි ඔයාට

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න