Thursday, October 29, 2015

91.කුරුඳු පොලු එදා සහ අද

ලංකාවෙ ජනමාධ්‍ය ගැන කියන්න තරම් අහිතක් නැතත්..මම ප්‍රවෘත්ති කියවීම නවත්තලා දැන් ටිකක් කල්.
ඒකෙන් වෙන අවාසි නැතුවාම නෙවේ..හිටපු ගමන් අපේ එක්කෙනා අහනවා ඔය මොකේද එකේ ඔලුව ඔබන් උන්නාම ලෝකෙ වෙන දෙයක් වත් දන්නෙ නෑ නේද කියල...
ඒ මොකේද එකේ ම නෙවේ මේ ඔලුව ඔබන් ඉන්නෙ කියල පැහැදිලි කරල වැඩකුත් නෑ නෙ...
මම ඉතින් රටේ ලෝකෙ වෙන ඒවා ....ඒ කියන්නෙ ඕපාදූප නෙවේ...ප්‍රවෘත්ති ගැන දැනගන්නෙ...කෝච්චියෙ බස් එකේදි ගැහැණු මිනිස්සු රහ කර කර තලුමරන ඒවා අහන් ඉඳලයි...අපේ ගෙදර පුවත්පත් හා රූපවාහිනි පුවත් ගැන විමසිල්ලෙන් ඉන්නා අයගේ කෑම මේසේ විස්තර විචාරයෙනුයි...
සති අන්ත පුවත් පත් කියවන එක නවත්තන්න වුණේ...පහු ගිය කාලේ ස්ත්‍රී හා ලමා අපචාර වලට ලුණු ඇඹුල් අපමණව එක් වෙන ප්‍රවෘත්ති කියවලාම එපා උන නිසා...
නොකියවනවාම නෙවේ...ලක්බිමේ කවි හා රස වින්දන පිටු...රිවිරේ රිවිසරසි කෑල්ල වගේ කියවලා හිත සැහැල්ලු වෙන ...ඒ කෙසේ වෙතත් බරක් නොගෙනෙන යමක් තාමත් කියවන්න ඉඩ හොයාගන්නවා....

ඒකෙන් මේකෙන් ...මාතෘකා වෙන් පිට පැන්නා...
අද රෑ වෙලා ඔන්ලයින් ආවම තමයි දැක්කෙ මූණු පොතේ වැඩි හරියක්...හෙලා දැකලා තියන සිද්ධිය ...
කුරුඳු පොලු ප්‍රහාරය...
ඕක ගැන මම ඒ හැටි දන්නේ නෑ....ඉන්නෙ ලංකාවෙද අහන්න එපා...
මේ රටේ වර්ජන වෙන තරමට මම අවධනයෙන් නොඋන්නා කියලා ඒවා නවතින්නෙත් නෑ..

ඒත් කෙල්ලෙක්ට ගහන හැටි...කුරුඳුපොලු...මට අවුරුදු ගානකට එහා අතීතයක් මතක් කලා..
හරියට රිදෙන මතක...

1989 කාලෙ ...පාසල් වල විරෝධතාවන් ඇති වුණ දවසක් මතක් වුනා ඒ එක්කම...
උදේ ඉස්කෝලෙ එද්දි ගේට්ටුව වහලා හමුදාවෙන් මුර කරන් ඉද්දි...යන එන මගක් නැතුව සුදු යුනිෆෝම් ඇඳන් පාර දිගේ ගිය ඔක්කොම අන්තිමට ගියේ සහෝදර පාසැලට..
වේගවත් වාග් ප්‍රහාර...කතා ...පෙලපාලි මැද්දෙ...ගෙවුන දවසක්..
ඒ මැද්දට කඩා වැදුණු..කුරුදු පොලු ප්‍රහාරයක්...
මට නොවැදුණත්...වැදුන අයගෙ වේදනා බර මුහුණු...මාතර රෝහලේ බංකු උඩ ඉඳන් කෙඳිරි ගාපු මගේ ම යාලුවාගෙ වේදනා කාරී මුහුණ....
මට අද මතක් කලේ..අවුරුදු 26කට පස්සෙ වේදනාවෙන් ඇඹරෙන ඒ සිසුවියගෙ මුහුණ...
මුල් සිද්ධිය වෙද්දි ඈ ඉපදිලාත් නැතුව ඇති සමහර විට...
ඒත්...පෑරෙන තුවාලයක් වගේ ඇදුම් කන මතක පිටු මේ...
හෙටත් එකම හේතුවකට කුරුඳු පොලු වලින් තඩි බාන්නට පිට කොඳු නැවී යා යුතුදැයි....මම මගෙන්ම අසමි...
දේශපාලනයක් හෝ විරෝධතාවයන් ගැන කිසිදු සටහනක් මට නැත...
දුටු සිදුවීම හා පෙර මතකය සැසඳුවා පමණි...
ඇත්තෙන්ම බොහෝ රිදෙයි.....


2015 / 10 / 29

14 comments:

  1. අකුරු පොඩියි යකූ... >.<

    ReplyDelete
    Replies
    1. වයසට යනකොට ඇස් පේනවා හොරයි තමා

      Delete
  2. මේ හලෝ ලොකු අකුරු වලින් ලියනවා , අපි වයසයි ,,

    ReplyDelete
  3. හා අංකල්....මගෙ ෆෝන් එකෙන් බලනකොට අකුරු ලොකුවට පෙනුන නෙ...හරි අනිත් දවසෙ ලොකුවට ලියන්නම්කො

    ReplyDelete
  4. ගනන් ගන්න එපා ශුඩු උඩ උත්තමයෝ දෙන්නම දැන් වයසයි.... මටත් අකුරැ අවුලක් නෑ.... කොම්පීතරෙන් වෙන්ටෑ ඔය අවුල...... කුරැදු පොලු කතාව මන් දැක්කෙත් බුකියෙන් අනේ මන්දා රටකට යන කලක්... :(

    ReplyDelete
    Replies
    1. මේ අංකල් ලා දෙන්නටම පත ස්මාර්ට් ෆෝන් තියනවා...ඒවයින් බලන්නෙ නෑ .ඔෆිස් එකේ කොම්පියුටර් එකෙන් බලන්නෙ...ඇයි ඩේටා යනවනෙ...
      හා නැද්ද ivan de.....q

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔය කිව්වේ , අපි සැලෙයි ඕවට ...

      Delete
  5. [si="2"]කුරුඳුපොල්ලකින් ගහගෙන මැරෙන්න හිතෙනවා අකුරු සයිස් දැක්කාම. මේක නම් දඬුවමක්ද කොහෙද![/si]

    ReplyDelete
    Replies
    1. Dude අංකල්...ඔයාගෙ ඇසුත් පේන්නෙ නෑ වගේ...හරි හරි ඊලඟ දවසෙ ලියන්නෙ පොල්ගෙඩි සයිස් එකෙන්....

      Delete
    2. බොලං මේකෙ අකුරු කමෙන්ට් වල අකුරු විතරක් නෙවෙයි, බ්ලොග් ටෙම්ප්ලේට් එකේ අකුරු වලටත් වඩා පොඩියි. ඔය ගෑල්ලමයට තියෙන්නේ එඩිට් එකට ගිහින් මේක සිලෙක්ට් කරලා මීඩියම් හරි ලාජ් හරි දාන්න විතරනේ. ඒක දැනුත් කරතෑකි.

      Delete
    3. මේක කියවන අය Dude..ivan..samiya..kibuli...කොහොම හරි කියෝගත්තානෙ .වැඩේ තියෙන්නෙ Dude..ෆෝන් එකෙන් මට ඔය එඩිටින් කරන හැටි හොයාගන්න බැරි එකනෙ....

      Delete
    4. මේක කියවන අය Dude..ivan..samiya..kibuli...කොහොම හරි කියෝගත්තානෙ .වැඩේ තියෙන්නෙ Dude..ෆෝන් එකෙන් මට ඔය එඩිටින් කරන හැටි හොයාගන්න බැරි එකනෙ....

      Delete
  6. JCM Sports Betting - Jtm Hub
    JCM Sports Betting is 동해 출장마사지 a new online betting platform created by 서울특별 출장마사지 Betfair that 영주 출장샵 allows users to bet and wager with real-world 용인 출장안마 football matches from around the 화성 출장안마

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න