Thursday, August 28, 2014

82. මල් යාය දකින්නට එන්න ඔබත්.....




හරි අපූරු කාලයක් ජීවිතේට උද වෙලා තියනවා කියල වෙලාවකට හිතෙනවා...ඒක මෙහෙමයි මෙහෙමයි කියන්නට විස්තර කරන්නට අමාරු දෙයක්....
නමුත් ජිවිතේ සරල වෙන්න සරල වෙන්න ...අපි ජිවිතේ විඳිනවා....
බැඳීම් වැඩි වෙන්න වැඩි වෙන්න ...අපි සංකීර්ණ වෙනවා වගේම ඒවා එක්ක ජිවිතේ සරල ව ගෙනියන්න ලොකු උත්සහයක් ගන්නත් වෙනවා...
ඒත්,......ජිවිතේ සරල වෙන්නේ කොහොමද කියලා හිතට තට්ටු කරලා බලන්න හිතෙනවා නේද...?
ඒක...ඔබට...මට ...එකම වෙන්නේ නැහැ...
විවිධාකාර වූ සිතුම් පැතුම් තියන අපිට .....අපේ මග හොයා ගන්න වෙන්නේ ඒ විවිධත්වය මතම ඉඳගෙන....




කාලය ගලා යනවා....නවත්වන්න බැරි වේගයකින්....
ඒත්...ආපස්සට හැරිලා බැලුවම හිතෙනවා....ගත වුන කාලය.....කොච්චර අපතේ ගියාද කියල....
ඒත් ඒ දේම හෙටත් වෙනවා..
අපි දෙයක් වෙන්න කලින් ඒ දේ එහෙම වෙනවා කියල හිතන්නේ නැහැ නේ...
ජීවිතය ඔන්න ඔහොමයි....

ඉතින් පහු ගිය කාලේ දිහා බැලුවම මට හිතෙනවා...මම අපූරු අත්දැකීම් ගොඩක් වින්දා කියල...
එකින් එක ලියන්න ගියොත්...ඒක මහා හැල්ලක් වෙයි....
නමුත්....
එකක් දෙකක් ලියමුකො බලන්න නේද....

අලුත්ම සිද්දියක් වුනාට...ඉස්සෙල්ලම ඔලුවට එන්නේ...රන්දිකා නංගිගේ පොත....
කල් ඇතුව කියලත්...මට එතනට යන්න වුනේ අන්තිම මොහොතේදී..
මුණු පොතෙන් හඳුනා ගෙන උන්නට මම රන්දිකාගේ බ්ලොග් එක කියවල තිබ්බේ නැහැ...( තවමත් කියවන්න බැරි වුනා..) අපේ shanu....බස්සි....ඉවාන් මල්ලි...නම් දන්නවා නේ මගේ ලිවිල්ල වගේම තමා කියවන එකත් කියල....
කොහොම නමුත් මහා කරදර ගොඩක් මැද්දේ හරි අන්තිම මොහොතට ...එතනට ගියායින්...මට අපේ බ්ලොග් ලෝකේ කප්පිත්තෝ ටික දෙනෙක් නමට හරි හඳුනාගන්න ලැබුණා...
අනේ මම නම් කුරකුහුම්බුවෙක්...මාව ඒ අයට නම් මතක නැතුව ඇති..
ඒත් ඔලුවේ රඳවාගෙන ආවේ...ඒ බ්ලොග් කියවන්න ඕන කියල...

අර මාරයා...කියල එක්කෙනෙක් ඉන්නවා නේ....එතුමා ත් මට එහෙදි මුණ ගැහුනා....අප්පේ...හරි කඩවසම් මහත්තයෙක් නේ....දුකේ බෑ මාරයා කියන්නත්....



කොහොමින් කොහොම නමුත්..ඒ හමුවීම් ජීවිතේට අපූරු සුන්දර බවක් ගේනවා....බ්ලොග් ලියනවද නැද්ද දන්නෙත් නැති...නදීෂා නංගිවත්....එතැනදී හමු වුනා....( එකට හරි යන්න මඩත්  කැවා....)


එළඹෙන්නේ...සැප්තැම්බර් මාසය....
පොත් ගැන මතක් වෙද්දීත් ආසයි...ඒත් ගෙදර තියන මහා පොත් රැක්කේ තියන පොත් මට ඔච්චමට හිනා වෙනවා...කෝ මෙතැන තියන ඒවායින් ඔයා දැන් කියක් තව අල්ලලාවත් නැද්ද කියල...
එහෙම තමයි ඉතින්....කියවනවා කියල ඔක්කොම කියවන්නත් බැහැ නේ...එහෙමයි කියල...පොත් අතරේ සැරිසරන්න අවුරුද්දකට පාරක් එන මේ අවස්ථාව නැති කරගන්නේ කවුද...
පොත් අතරේ ඇවිදිනවා කියන්නෙත්...ලබැඳි මිතුරන් බොහොමයක් දකිනවා වගේ වැඩක්...


මම ජිවිතේ ඉගන ගනිමින් සිටිනවා...ආපහු..
නැවුම් ලෙස ලෝකය දකිමින්..සරලව..
වයසින් එහාට යද්දී...ලෝකය දකින විදිය ඇත්තෙන්ම සරලයි කියල මට හිතෙනවා...
ඒත්.....අපි ලෝකය දකිනවා හා සමානව....අපි ලෝකය විඳිනවා ද...?
මට ඒ ගැටලුව තියනවා..
කවියක ගියක....රසය..කණට විතරක් නෙවෙයි හිතටත් දැනෙන ..
ගහක කොලක මලක සුන්දරත්වය...ඇසට විතරක් නෙවෙයි මුළු හිතට ම දැනෙන....
විඳීමක් .....

අපූරුයි......
මට ආයෙත් ලියන්න ඕන...
හිනාවෙන්න එපා ඔන්න...
කී දවසකටද අහල...
පුළුවන් හැටියකට ලියන්න....ආපහු බ්ලොග් එකට ආවේ...
මගේ කරදරකාරී...shanu......මට මැවිලා පේන්නේ....හිනාවෙන හැටි...

ලියන්න ප්‍රස්තුතයන් එකින් එක හිතට එන්න අරන්....
බලමුකෝ....
ලියලම...නේද....


මේක අහන්න......
මේ මට දැනෙන අපූරු සුන්දරත්වය....


ඉතින් සුබ දවසක්...


මම

කළු සහ සුදු...

37 comments:

  1. ඔහොම කීප දෙනෙක්ට ආදරේ කරන කෙනෙක්ට බ්ලොග් ලියන්නත් බෑ කියවන්නත් බෑ.. ඔව් ඉදගෙන..

    ReplyDelete
    Replies
    1. ආ ඔව් දේශකයාට විශේෂ කොරලා ආදරේ කරන්න හැක් ඔක්කොම හරි එතකොට

      Delete
    2. ඔව් ඔව් එතකොට හරි.. පරණ ආදර කතා හරි මතක් වෙයිනේ.. හැක්..

      මේ ගොරහැඩි කෙල්ලෝ එළවන්න ඕන.. හිටගෙන.. හැක්

      Delete
    3. කාට ආදරේ කලත් දේශකයට නම් මලාට ආදරේ කරන්නේ නෑ...

      Delete
    4. කැත ද ලස්සනද නම් කියන්න දන්නේ නැහැ...මේකා මගේ ලොකුම තරහ කාරයා සංජිව

      Delete
  2. ලියන්න ලියන්න...
    ආදරේ වැඩිවුණාම පැණි බේරෙනව වැඩියි නෙව...
    එතකොට ලින්න බෑ...
    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. දැන් හැබෑටම මම ආදරයක් ගැන කොහෙද මේකේ කිව්වේ කියමුකෝ ළමයි බලන්න

      Delete
  3. //එල එල! ආයෙම ලියමුකො එහෙනම්.//

    අඩේ මම මේ බ්ලොග් එකේ වාසනා අක්කා ආපහු ලියන්න පටන් ගන්නව කියල කියපු ලිපි කීයකට මෙහෙම කොමෙන්ට් කලාද කියල මට මතකත් නෑ ඕං.

    ඒ නිසා දැන් කියන්නෙ මෙහෙම.
    "ලියපිය හොඳ හිතින්, කිවුවම අහල !!"
    :P
    :P

    ReplyDelete
    Replies
    1. අඩේ මම මේ බ්ලොග් එකේ වාසනා අක්කා ආපහු ලියන්න පටන් ගන්නව කියල කියපු ලිපි කීයකට මෙහෙම කොමෙන්ට් කලාද කියල මට මතකත් නෑ ඕං.

      මමත් මේ ඔය ටිකම කියන්න තම ආවේ , අනේ මෙයාගේ ලියවිල්ල

      Delete
    2. ලියන්න කියල්ලම කටේ පොට ගොස් ඇත

      Delete
    3. මගෙන් ගුටි නොකා කාට වහන් හිටු තුන් දෙනාම

      Delete
  4. මේ සුදු අක්කේ, ඔන්න තව මාස හයකින් විතර තව පොස්ට් එකක් දාලා කියන්න එපා ,මට ආයේ ලියන්න හිතෙනවා කියලා හොඳේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මාස හයක් නම් යන්නේ නෑ කියට වත්

      Delete
  5. කියල වැඩක් නැ.මුලු පවුලම මුනුපොතට සින්න වෙලා.ලොකු කොල්ලවනම් දැක්කෙම .

    ReplyDelete
    Replies
    1. ලොකු කොල්ල නං නැපොලි කෙල්ලෝ තුන් දෙකෙක් අරන් වෙන රටකට පැන්න කියල මට කිව්වා.. හැබැයි කාටෙවත්ම කියන්න නං එපා කිව්වා.

      Delete
    2. දමිත් මල්ලි....මුණු පොතත් ඉතින් නරකම නෑ නේ....මෙන්න මේ දේශකයා එහෙම මට විරුද්දව මොන හරි දෙයක් ලියල දාන තැන නේ

      Delete
  6. මන් මේ ඉවට ආව ගමනක් කෝ කිව්වැ ලිව්වයි කියලා...මට හිනා ගියාළු ඉතින් ඈ කොච්චර හොදට ලියන්න පුළුවන්ද?අර බස්සි වගේ මාත් කියන්නේ ;ලියපිය හොද හිතීන් කිව්වම අහලා: කියලා තමා

    ReplyDelete
    Replies
    1. හා හා බලමුකෝ....අපි ලියනවා ඔන්න

      Delete
  7. << මගේ කරදරකාරී...shanu......මට මැවිලා පේන්නේ....හිනාවෙන හැටි... >> ???

    ReplyDelete
    Replies
    1. අපෝ සෙන්නා....හීනෙන් වත් මවා ගන්න එපා.....අන්තිම භයානකයි

      Delete
  8. රන්දිකා අක්කයි එකට මමත් යන්න උන්නෙ හවස අපේ කන්තෝරුවෙ මිස් හිතපු නැතිවිදියට වැඩකරන තැනට පහත් වුනා..ඒ නිසා කට් කක් දාගන්න බැරිව ගියා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ amila chathuranga මල්ලි ....මම අන්තිම මොහොතට හරි දුවලා ගියා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  9. අද තමයි ඉස්සර වෙලාම ආවේ.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අපොයි උඹ මෙහෙත් ඒ පාර ආවද බ්‍රා විකුණන්න.. වසල හමාරයි..

      Delete
    2. බ්‍රා නැත්තන් මෙන්ඩියාටයි පවුලටයි රඡයෙන් කලා වැලිකඩ බෝඩිමෙ ඉන්න වෙන්නේ.

      Delete
  10. සංජිව.....ස්තුතියි....ඔබට,,,

    ( මේ දේශකයා නම් අනේ ඇත්තට.....)

    ReplyDelete
  11. ඔක්කෝම කියලා තියෙනවා ඒත් එදා හවස පැය බාගයකට කටුනායක හයි වේ එක මාරාන්තික කලාපයක් බවට පත් වෙච්ච කතාව නැහැ නේද..? :D

    - මෙයට මාරයා නැමැති මහත්තයා.. :p

    ReplyDelete
    Replies
    1. ඒ එහෙම වුනේ මුල් දවස් වල.දැන් එහෙම නෑ
      :p

      Delete
  12. අප්පච්චියේ නදිසා කෙලීගේ බ්ලොග් දන්නේ නැහැ කියන්නේ අක්කේ බෝව තියන්න වටින්නේ නැහැ. :D

    http://nadeesha-chandrasena.blogspot.com/
    http://haripudhumaiskole.blogspot.com/

    තුන්වැන්න අයින් කරලා වගෙයි.

    A Town Planner's Blog

    මේවා ඔයා කලින් දැකලා ඇති ලියන්නේ කවුදැයි නොදන්නවාට. :)

    ReplyDelete
  13. ;)
    නදීසා ගේ බ්ලොග් එක කියවනවා වගේම තමා එයාගේ fb පේජ් එක කියවන එකත්....hamme

    ReplyDelete
  14. ලිව්වොත් හෙම බලාගෙනයි. ඔන්න නොකීවයි කියන්න එපා !!!!! :D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ලිව්වා නේන්නම්

      Delete
  15. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න