Saturday, June 28, 2014

78. මම නුඹ විඳිමි .....








හිත සැහැල්ලුද බරද කියල හිතාගන්න මට බැහැ..
ඒත්...නුහුරු බවක් මිස වෙන මොකුත්ම ඉතුරු වෙලා නැහැ....
හැමදේම වෙන්නේ වෙන්න ඕන විදියට නම්,.....
මං ඒ දේ වෙන්න දෙනවා..
ආපහු හැරිලා නොබලාම ආව ගමනක කෙලවර 
මම නැවතිලා කල්පනා කරනවා..
ඒ දේවල් එහෙම වුනේ ඇයි..
එහෙම නොවී වෙන්න වෙන විදියක් තිබුනෙම නැද්ද....

මට හිතාගන්න බැරි ඒ සුන්දරත්වය....
කොහේ නම් තිබුනද,...
මටම නොලැබී..
මටම අහිමි ව....
ඒත්...දැනුයි කියල...මේ මට අයිති දෙයක් නම් නොවෙයි නේ..
ඒත්...හිතන්නේ කොහොමද...මේ මගේ නොවෙයි කියල...

මම යතුරු පුවරුව උඩ ඔහේ ලියාගෙන යනවා
මම නුඹ වින්දා...
එක ඇත්ත...
කවියක් වගේ...
විඳින්න ජිවිතයක් හොයාගන්න යන ගමනේ..
නුඹ කවියක්..අපිළිවෙල...
පේලි ගැට ගහලා ..
තාල තියල
එලිසම ගලපලාඒ
 අපිළිවෙල  කවිය
පිළිවෙල කරන්නට 
මට ඕන නැහැ......

මම නුඹව වින්දා 
ඒ අපූරුවට මම ආසයි
මේ ප්‍රේමය නම් ඒ හැඟීමට 
මම කැමතියි
ඒත් මේ ප්‍රේමය නොවෙයි
සෙනෙහස  ආදරය
පමණයි........


අපිළිවෙල සටහන....

මගේ නොවන හැඟීමක් වෙනුවෙන්...







22 comments:

  1. හම්මේ දිග ලිපියක් ඉදලා හිටලා හරි ඇවිත් මෙහෙම ඔළුව අවුල් නොකර යනෝකෝ ...ඒත් එකෙත් පොඩි රහක් නැතුවම නෙවේ....කම්මැලි නොවි ලියනෝ.. කළු සහ සුදුට මීටවඩා රහට ලියන්න පුළුවන් නේද? දෙයියනේ කියලා ලියමු දිගටම

    ReplyDelete
    Replies
    1. මට ලියන්නම කියලා ඉන්න නොදෙන පළවැන්නි මේ.ඒ නිසා ආරම්භයක් විදියට මේ ලිව්වෙ.ඔය ගමන ලියනවා දිගට හරහට

      Delete
    2. හැමදාම ඔය වැල් බයිලේ අහල මට නං තිත්ත වෙලා තියෙන්නේ.. ඔව් ඉදගෙන..

      Delete
    3. මොන වැල් බයිලෙද

      Delete
  2. අපිළිවෙල කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒ තුළ නිර්මාණශීලීත්වය තියෙනවා. සත්‍යය තියෙනවා. යථාර්තය තියෙනවා. බොහොමයක් දේවල් තියෙනවා. ඒක පිළිවෙල වගේ සියල්ල ඉවර දෙයක් නෙමෙයි. සියල්ල පටන් ගන්න තැනක්.......... ඒ නිසා මමත් අපිළිවෙලට හරි ආසයි..........

    මොනවා වුණත් කවිය හරිම ලස්සනයි...............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට.මමත් ඒ සුන්දරත්වයට ආසයි.ලියමු එහෙනම්

      Delete
  3. කවියක් කීවට අමඅතු කවියක්...
    මෙහෙම එකක් කීවමයි..
    අපූරුයි
    ලස්සන පද ගැලපුමක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා මේක කවියක් නෙවෙයි.නික්ම්ම නිකම් අපිලිවෙල සටහනක් වගේ

      Delete
  4. ම්ම්.... හොදයි...
    මං හිතුව ඩිවෝස් වෙලා...... කීල ......
    බ්ලොග් ලෝකයෙන්......

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.තාවකාලිකව පමණයි

      Delete
  5. පට්ට පට පට....!! මම මාර ආසයි මේ ස්ටයිල් එකේ ලිපි වලට.

    ReplyDelete
  6. මම ඔබ විදිමි කිව්වම මං ඒත් බැලුවා. සාමාන්‍යෙයන් මං ටයිප් කරා නං විදිමි කියල තමා ගහන්නේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. සිංහල හරියට නොලිව්වොත් තේරුම් වෙනස් තමයි

      Delete
  7. දෙයක් තියෙන විදිහටම රස විදිද්දී ඒකේ අගේ වැඩියි අක්කෝ.. අපිට ඕන විදිහට වෙනස් කරන්න ගියාම කාලෙකදි රස නැති වෙනවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් මල්ලි එක ඇත්ත

      Delete
  8. කොහෙද බ්ලැක් &වයිට් ඩිස්මිස් වෙලා හිටියේ...

    කියවා රසවින්දෙමි!!

    ReplyDelete
    Replies
    1. අතරමං වුනා නොවැ ඔන්න පාර හොයාගෙන අපහු ආව

      Delete
  9. අවුලෙන් අවුලට පිළිවෙලින් තවත් අපිළිවෙලට...........

    ReplyDelete
  10. පිළිවෙලකට ලියපු අපිළිවෙල සිතුවිලි ගොන්න , අපේ සුදු අක්කා ආපහු ලියන්න පටන් ගෙන වගේ . හැබැයි ඉතින් ඔන්න නැවත්තුවොත් තමයි බලාගන්න පුළුවන්. මේ ඉට්ටයිල් එකට ගොඩක් දේවල් ලස්සනට ලියන්න පුළුවන්, හැගීම අමුවෙන්ම අකුරු වෙනකොට තමයි ලස්සන

    ReplyDelete
    Replies
    1. කොයිතරම් කාලයක් එක දිගට ලියයිද දන්නේ නෑ මල්ලි.ඒත් බලමුකෝ

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න