Google+ Followers

Saturday, April 12, 2014

77. අතීතෙන් එන සුවඳ මතකය

අවුරුද්ද ළඟටම ඇවිල්ල.මට මොකුත්ම දැනෙන්නේ නැති වෙලා වගේ මේ පාර නම්.වෙනදට අඩු ටරමේ ගමේ යනවා කියන බලාපොරොත්තුව හරි තිබුන.මේ සැරේ නොවැලක්විය හැකි හේතු ගොන්නක් නිසා මට ගමේ යන්න උනෙත් නැහැ.ගමේ යනවා චුට්ටක් පහු වෙලා.මේ සැරේ යන්නෙත් චන්ඩිය වගේ තනියම වාහනේ පදවාගෙන .දන්නා කියන අය පාර අයිනේ ඉන්න එපා හොඳේ...

ඉස්සර ගමට යන මතකය ඇවිස්සුනා අද බ්ලොගේ ලියන්න හිත හිත ඉද්දි...ගමේ උන්න කාලේ නම් අවුරුද්ද ඕනවට වඩා තිබුන නේ.ඉස්සර අම්මයි ආච්චියි දෙන්නම උන්න කාලේ ගෙදර අවුරුද්දට පේවෙලා වගේ වැඩ කෙරුනේ.ඒ කාලෙත් මට ඒවායේ වගකීමක් තිබුනේ නැහැ.අදටත් නැහැ.අදටත් ගමේ ගියාම ඒ සිරිත් විරිත් කරන්න මගේ නෑන පොඩ්ඩ ඉන්නවා.මං බලන් ඉන්නවා.

ඉස්සර ඉතින් කුස්සි කෑල්ලේ ගොම මැටි ගාන එකේ ඉඳන් ගේ අලෙවි කරන ඒවා පවා නියමෙටම කෙරුණා.නැකතට සියලුම වැඩ කෙරෙන තැන ඉඳල ගනු දෙනු වෙන් ලැබෙන ගානට ලොබ හිතෙනකල් අවුරුද්ද අපේ ළඟ උන්නා.අද හැමදේම යාන්ත්‍රික වෙලා.ඔක්කොම කඩෙන් ගන්න සංස්කෘතියට අපි ඇතුල් වෙලා.බොරු කියන්න ඕන නැහැ නේ.ගම මාතර වුනාට මට නම් ඔය කැවිලි මොකුත් හදාගන්න බැහැ.අන්න එකට අපේ නෑන.හරිවැරදි බ්ලොගේ ලියන ලොකු එකාගේ පවුල.ඕල් රවුන්ඩර් කෙනෙක්.නොදන්නා කැවිල්ලක් නෑ.පව් හැමදාම කොකිස් නම් හදනවා මම කන්න ආස නිසා.නෑනාගේ ගෙදර අය දොදොලක් හැඳි ගානවා මට ලොකු කෑල්ලක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.අවුරුදු පහු වෙලා ගියත් මේ සැරෙත් මට ඒ ටික වෙන් වෙලා තියේවි.

එරබදු මල් පිපිලා කොහා අඬපු අවුරුද්ද ඉස්සර ගමේදී මම කොච්චර වින්දද...?
වත්ත පුරා ලාවලු,අඹ,ගස්ලබු ...හැම පලතුරක්ම පල දරල තිබුන ඒ කාලේ ..
මුළු පරිසරයම කොයි තරම් සුන්දර ද ඒ  කාලේ...

මම හිතෙන් අතරමං වෙන්නේ අන්තිමට හිතන්න අකමැතිම තැනක
ඒත්...අමතක කරන්නේ කොහොමද...
ඉස්සරම පොඩි කාලේ ඉඳන් මල් මල් ගවුම් පොඩි මට අම්මා මහල දුන්නේ.
කොළඹ පුහුණුවට එද්දිත් මම ඇඳන් ආවේ අම්ම මහල දීපු බෝරිච්චි අත් දාපු ගවුම.
මම ආසම කරන ස්ටයිල් එක.
බෝරිච්චි අත් දාල....පිටිපස්සට් පටියක් බැඳලා....කර කපපු ගවුම....
බිංදු බිංදු රෙද්දෙන් .....

ඒ කියන්නේ අවුරුදු 21 වෙනකලුත් අම්ම මට එහෙමයි ඇඳුම් මැහුවේ...
පස්සේ පස්සේ මට සල්ලි හම්බ වෙද්දී මම අවුරුද්දට අම්මට සාරියක් බ්ලවුස් එහෙම කොළඹින් ගෙනිච්චා...
පොඩි කාලේ මං එයා දෙන දෙයින් සතුටු වෙනවා වගේම අම්මා මං ගෙනියන ඇඳුම් වලින් සතුටක් ලැබුවේ පොඩි එකෙක් වගේ...

අවුරුද්දට විතරක් නෙවෙයි උපන්දිනේටත් මම අම්මට බ්ලවුස් එහෙම අරන් ගියා,එයා ලස්සනට අඳින්න උපන් හපන්...

2004 ත් අවුරුද්දට මම අම්මට ගෙනිච්ච ලස්සන බ්ලවුස් දෙකක් ...
කන්නාඩිය ඉස්සරහට වෙලා ඒවා ඇඳලා ෆිටෝන් පාරක් එහෙම දාල ඒ පාර මං ආවේ...

ඊට පස්සේ මං ආපහු මාතර ගියේ හදිඉසියේ මැයි මාසේ ....
හදිස්සියේම ගියේ ඇඳුමක් වත් නොගෙන ...
ඇඳන් උන්න ඇඳුම පිටින්..
අම්මා එතකොට යන්නම ගිහින්...
අල්මාරියේ එදා ෆිටෝන් කල ගමන්ම ඒ බ්ලවුස් දෙක නවලා තියල තිබුණා...
ඒක අඳින්න වුනේ මට....එයා ඒත් ඒක ලස්සනයි කියන්න වත් ඇහැක් ඇරලා බැලුවේ නැහැ...

අදටත් අවුරුද්දට ඇඳුමක් ගන්න සාප්පු ගියාම මට පැත්තකට වෙලා මේ මතකය දිගේ යන්න හිතෙනවා..
අදත් ඒක වුනා....
අම්මේ ......ඔයා උන්න නම් ...
ලස්සන බ්ලවුස් හරියට දැන් අවුරුද්දට දාල....
මට කියන්න හිතෙනවා ...ඔයාට ඇහෙනවා නම්...

අවුරුද්ද ගැන කියන්න ගිහින්....ඔන්න මම නැවතුන තැන....
හිතට සතුටක් නෑ... තාම  දුකකුත්...නැත්තෙමත් නෑ


ගිහිල්ල එන්නම්...
ඔබ සැමට සුබ නව වසරක් වේවා...



21 comments:

  1. අනේ වාසනා අක්කා මම මේක කියවනකම් දැනගෙන උන්නෙ නෑ. :(

    ජිවිතේ හැටි ඔහොම තමයි. ආදරණීයයන්ගේ වියෝව කියන්නෙ උහුලන්න අමාරුම දුකක්. අම්ම හොඳ තැනක ඉපදිලා මේ අවුරුද්ද ලස්සනට සමරනව ඇති අක්කා.

    ReplyDelete
    Replies
    1. බස්සි...හ්ම්ම්
      මේක දැන් සාමන්‍ය දෙයක් වෙලා.මතකය එක්ක සැරිසරන කොට ලියවෙන එවා තමයි,

      එහෙනම් සුබම සුබ නව වසරක් වේවා ඔයාටත් පවුලේ සැමටත් බස්සාටත්

      Delete
  2. දුක් වෙන්න එපා...අපි ඉන්නවා....හරිය.....අම්මා සතුටු වෙනවා ඇති කොහේ හරි ඉදන් ඔයා වගේ හොද දුවෙක් මේ ලෝකෙට බිහි කරාට.....අපි අවුරුදු සමරමු හාද?ඔන්න ඉතින් මාවත් ඇඩෙව්වා..... පිස්සු නටනවානේ.........

    කොහොම උනත් ඔය වන්ඩියේ බේරේක් ඔයිල් චෙක් කරන් යන්න...ඇයි දන්නවද? රේල් වේ ක්‍රොස් හම්බුනොත් විගහින් නතර කරන්න පුළුවන් නේ එතකොට.......නෙහේ.......ආ ඒ විතරක් නෙවේ හයිවේ යනවා නම් ඒ මිනිස්සුන්ට තිස් තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිට ආශිර්වාදය මම පතනවා! ඕන දෙයක් පරිස්සමින් කරන්න.....

    ReplyDelete
    Replies
    1. අනේ හා...බ්‍රේක් බලන්ම යන්නම්කො..හිකිස්
      ඕවා හතලිස් ඇඳිරියට අදාල නැති අවුල්.
      මග සිටින ජනතාව වෙනුවෙන් රක්ශණ පනිවිඩය ගෙනා ශානු සහ සමාගමට මගේ හද පිරි තුති

      Delete
  3. ජීවිතය කියන්නේ අපි හමෝම දෙයක් බලාපොරොත්තු වෙනකොට වෙනම දෙයක් දෙන එකට. දුක් වෙන්න එපා ,අම්මා ඔයාලා දිහා බලාගෙන සතුටින ඇති කොහේ හරි. එයා ගියෙත් සතුටින්නේ .. අපිට දුක වුනත් අපි කවුරුත හැමදාම ජීවත් වන්න ඇවිත් නෑ . අපේ කොටස ඉවරවුනාම යන්න ඕනේ . නමුත් අපි කරපු දේ ගැන සතුටින් යන්න පුළුවන් නම්, ඔයාගේ අම්ම වගේ, ඒක වාසනාවක් .. සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ

    ReplyDelete
    Replies
    1. චැක් මේ හොටු කෙල්ලෝ දෙන්න මට උඩින් කොමෙන්ට් දාලනේ ....

      Delete
    2. හු..හොටු කෙල්ලෝ ටොපේ අක්කට හාල් ගරන්න...කව්ද යකෝ හොටු කෙල්ලෝ....(අනේ පව් ඊ ලග පාරවත් කලින් වරෝ )

      Delete
    3. අඩෝව් ගෙඹිලූශා ටෝ අහුවෙයකො දානව දියවන්නාවට. පව් නේ බන් ඊගාව පාර ටුක්ටුක් එහෙකවත් වරෙන් හෙමිහෙමින් කොටන්නෙ නැතුව. පව් මෙයා දුකයි!

      Delete
    4. මේ තුන් දෙනා බුකියෙත් රන්ඩු මෙතනත් රන්ඩු.අනේ මෙහෙමත් ලමයි.

      Delete
  4. ලෝකෙ හැටි එහෙම තමා වාස නංගි ..... ඉපදුනොත් ...මියැදෙන එක......
    නමුත් සොදුරු මතකයන් සිහි වන විට මෙලොව නොමැති අය ගැන මතක් වන විට වාවන්නෙ නැහැ....
    ඔබේ සාර්ථක ගමනට ඇය එලොව සිට සුභ පතනව ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි අයියා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. ඒ කාලේ සිංහල අවුරුද්දට තාත්තා පොළෙන් ගෙනත් දුන්න සරමකින් විඳපු සතුට දැන් සුපිරි ඇඳුම් කඩයකින් ගන්න සරමකින් ලැබෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් අද කොච්චර ලස්සන ඇඳුම් තිබුනත් ඒ එදා අම්මා මහල දුන්න ගවුමේ තිබ්බ සතුට නෑ

      Delete
  6. ඔයාට හැම අවුරුද්දටම අම්ම මතක් වෙනවා නේද..? ඇදුම් ගන්න ගියාම.... මමත් අම්මට , ගෙදර ඔක්කොමට ඇදුම් අරන් දීල, ඒවා ඇදල හැඩ බලනකන් ඉන්නේ අසාවෙන්..... සංවේදී මතකයන් අතර ඔබට වගේ මට නම් අතරමං වෙන්න බැ......

    ReplyDelete
    Replies
    1. ඔව් නිහිංසා ඒ මතකය අවදි වෙන බොහොමයක් දවස් අවුරුද්දේ තියනවා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  8. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  9. එන්න.රසකතා තියෙන බ්ලොග් එකක්. http://premalathaa.blogspot.com/

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න