Saturday, April 5, 2014

76. මට මා ද අමතක වන්නට පෙර......

මම කවුද ?
මටම මා අමතක වී යන්නට පෙරාතුව මම ආපහු ආවා.
බුකියේ නිතර සැරිසැරුවට බ්ලොගේට එන්නම වුනේ නැහැ..
ඒකට ( බුකියේ නිතර ඉන්න ) හේතුව බුකියට ෆෝන් එකෙන් යන්න පුළුවන් වුනාට බ්ලොගේට එන්නයි ලියන්නයි මට එකෙන් ටිකක් අමාරු නිසා.
ඒත්..බුකියට වඩා ආසම තැන මෙතැන
මගේ දිනපොත වැහිලම ගියා.
ආපහු එක අරින්න ඕන අවුරුද්දට වැඩ අල්ලලම ...

ඉවාන් මල්ලි , ශානුවා ,kenji අයියා, නලින් ,සම්මානි...ඒ වගේ නම කී නොකී හැමෝම එක්ක මේ බ්ලොගේ සැරිසරන්න කාලය හොයාගන්න අයෙත් පුළුවන් වෙයි...
මේ මාසෙන් පස්සේ හුගක් කාර්යබහුල වැඩ ඉවර වෙනවා...
ඒත් රස්සාවේ නම් වැඩ එන්න එන්නම වැඩි වෙනවා..
මෙච්චරකට අලුතෙන් මිනිස්සු ලෙඩ වෙන්නේ ආබාධිත වෙන්නේ මොන එහෙකටද මන්දා...

පහු ගිය ටිකේ ඔන්න හිත පොඩ්ඩක් සැහැල්ලු උනා..
මොන මොනවද ලිව්වා වගේ මතකයි.....
කවි.....
ආසම දේ.....
ආපහු ලියවෙද්දී....දැනෙන්නේ ...
මම ආපහු ඉපදිලා කියලා.....
කවිය ඒ තරමට මගේ හිතට සමීපයි....

මේ කවි කියවපු එක අයෙක් ඇහුවා....
හිත වයසට ගිහින් නෑ නේද කියලා...
ගත වියපත් වුනත් මේ කවි හිත නම් මියැදෙනා කල්ම වයසට යන්නේ නැහැ...
ඒක නම් මම දන්නවා....
හුගාක් ප්‍රශ්න දරාගන්න...හිත නිවාගන්න...
මට උදව් වෙන්නේ කටු කොලෙක හරි කුරුටු ගෑවෙන මේ කවි තමයි...
කාර්ය බහුල ජීවිතයක
ගැටුම් පෙරලුම් අස්සේ...
නිරායාසයෙන් ලියවෙන මේ කවි මට හැමදාම ජිවය දෙනවා....

ඉතින් මගේ දිනපොත නව වසරේ වැඩ අල්ලනකල්
කවියක් දෙකක් එක්ක කළු සහ සුදු....අමුතුම ආරයකින් අවොත්....
පන්නගන්න එපා...
මොකද නෑවිල්ල ඉන්නවට වඩා මෙහෙම හරි එබිකම් පාන එකත් අගෙයි නේ නේද...?


පහු ගිය කාලේ දිල්ලි පැත්තේ ගහපු රවුමේ එහෙන් මෙහෙන් ගත්තු සේයා රූ එක්ක...
කවිත් ලියවුනා...
එක්ක එල්ලලා ම අදට සමු ගන්නම්....

කියවලා ගල් සහ මල් එවන්න හොඳේ.....



වසත් කාලය ඉකුත් වී ගොස්
දැන් බොහෝ දවසක්
උයන් තෙර හිඳ දෙඩූ පෙම් බස්
ඉතින් නැත ආයෙත්
අහස පිරිමැද හමන මද නළ
ගෙනා මල් කැටයම්
විසුල මෙනුවර තනිව හිඳිනට 
නොවේ තව දවසක්...

මලානික අහසේ තැනින් තැන 

සියොත් ගී නැති නම්
වදුලු තුරු හිස් පිපුණ කුසුමක
 සුවඳ වියැකී නම්
එදා මෙනුවර මේ ලැගුම් බිම
 රැඳුණු අපගේ හිත්
ඉතින් කෙලෙසක යළිදු හමුවනු
මිරිඟුවක් වී නම්... — at Qutub Minar.


27 comments:

  1. අද උදේ ඉදන් වහිනවා...හිකිස් හේතුව මේක වෙන්න ඇති.......කළු සහ සුදූගේ පැමිණිම තඩි රතිඤ්ඤා කරලක් දෙකක් පත්තු කරලා පිළිගන්නවා.....එහෙනම් හොර නොවි....ලියමු දිගටම.....ලියන්න බෑ කියලා හිතුනොත් කියන්න ...තල්ලුවක් දෙන්න අපි ඉන්නවා...එහෙනම් හැමදාම වගේ කිඹුලිගෙන් සුබ පැතුම්!......

    ReplyDelete
    Replies
    1. කොහොම හරි මට ඉන්න නොදී මේකට තල්ලු කරන හමුදාවේ නායිකාව තමයි මේ...තල්ලු කරන්න නෙවෙයි අතින් අල්ලන් ඉස්සරහට යන්න ඔයාගේ ඔය ලෙන්ගතු හිත මට හැමදාම ඕන ශානුවෝ...අපොයි මං සංවේදී වැඩියි මේ ලියනවා....කිඹුලි...ඔහොම යන්..ඔහොම යන්

      Delete
    2. ආයෙත් අහලා ලොරි බාගයක් තල්ලු කොරනව කියල හිතන් තල්ලුව දෙමු නේද ශානු අක්කෝ?

      Delete
  2. කවි ඉවරයි කියලත් මේ වගේ පෝස්ට් එකක් දාන්නකො. එතකොට ආයේ එන්නම්. එතකම්, ආයුබෝවන් !!

    ReplyDelete
  3. හපොයි සෙන්නා කවි කියවන්නෙ නැද්ද....අවුරුද්දෙන් පස්සෙ දිනපොත ලියනවා .එතකොට ඇවිල්ල බලන්නකො එහෙනම්

    ReplyDelete
  4. අපි නම් නිතර හමුවෙනවා නේද නංග.... :) ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ ..බ්ලොගේ ලියවුනෙ නැතත් දැන් බුකිය තුල නිතරම කට්ටිය මුන ගැහෙනවා නෙ

      Delete
  5. ෆේස්බුක් නේද....බ්ලොග් නෙමේ නේද...

    ReplyDelete
    Replies
    1. ඔව් Aru පහු ගිය ටිකේ නම් කට්ටියගෙ සැප දුක් දැනගත්තෙ බුකියේන්

      Delete
  6. ඇත්තෙන්ම කිව්වොත් මම නම් ඔය ගණිත ගැටලු, කවි වලට හේ කැමති නෑ. සමාවෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. දිනපොත ඉක්මනට ලියනවා Dude

      Delete
    2. දිනපොත ඉක්මනට ලියනවා Dude

      Delete
  7. සන්තෝසේ බැරුවා ..අක්කා ආපහු ඇවිත් ..පහුගියා කාලේ ඡන්ද වැඩ වලට එහෙමෙහෙ දුවලා වෙලාවක් නැතුව ඉන්න ඇත්තේ ,දැන් ඉතින් වෙලාව තියෙයි වැඩිම මනාපත් ගත්තනේ ;)

    විරහව නිසා හරි නිර්මාණ බිහිවෙන එකනම් හොඳයි , දිගටම ලියන්න .... නැත්තං අපෙන් කනක් ඇහිලා ඉන්න නැතිවෙයි :)

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකා එක්ක තමයි බැරි.
      හරි හරි දැන් එහෙනම් ලියමුකො

      Delete
  8. හම්මේ හිරුණිකා අක්ක ඇවිල්ලා නෙව!! එහෙනම් දිගටම ලියමු ඈ.... හිටු. ආයෙ අපිට ඔයාගෙ පෝස්ට් ඕනෙ වෙද්දි අපි උන්දැව බුකියෙන් පන්නනව. හි හි. කයිය ලත්තනයි හොඳේ......

    ReplyDelete
    Replies
    1. පල යන්න, මෙතන අක්කට ලියන්න දෙන්නේ නැතුව තොපි තමයි බුකියේ හංගගෙන ඉන්නේ

      Delete
    2. බස්සි ආවට thank u ලු හොඳේ.

      Delete
  9. පහුගිය ටිකේම ඉතින් බුකියේ ඉන්නවා දැක්ක.. මට ඉතින් වැඩ හන්දවයින් වැඩි කතාබහක් දාන්න බැරි උනානේ..

    ලියමු ලියමු වෙලාව තියෙන වෙලාවකට..

    ReplyDelete
    Replies
    1. පූර්ණකාලීන බුකි වාසී වෙන්න හේතුව ශානු සහ බස්සි බව දැනුම් දෙමි.
      ලිය්මු ලියමු නේ

      Delete
  10. දිනපොත ලියන්නෝ නැත්නම් මම ලියනවා දිනපොතක් >:( ...... ෆොන්ට් එක ලොකු කරන්න නෝ පෙන්වා අඩුයි..................... දැන් වයසයි නේ -_-

    ReplyDelete
    Replies
    1. අනේ මේන් වැන්දා බොරලු..මම ම ලියන්නම්..

      Delete
  11. මං නං හිතාන හිටියේ පුරණ කාලින බුකිවාසි වෙයි කියල , නල්ල මලේ මල්ලිල දෙන්නත් ඒ වාගේ , අපරාදේ බුකියා ගතකරන කාලේ , තුන් දෙනා එක්ක තරගෙට ලියහල්ලකෝ බ්ලොග්

    ReplyDelete
    Replies
    1. ඈ අටමො මම බුකියෙ උන්න නිසා නේ අර ස්ටිකර් ගන්න එක හොයාගත්තෙ ඔයා.පාඩුද ඉතින්.

      Delete
  12. රතිඤඤ පත්තු කරනවා විතරයි නේ.. මොකක්ද මේ අපිව බොරුවට නැගිට්ටවන්නේ..

    ReplyDelete
    Replies
    1. හා හා දොයි දොයි එහෙනම්

      Delete
  13. ආයේ ලියන්න ඉතින්.... වෙලාව තියන හැටියකට....

    ReplyDelete
    Replies
    1. අනිවාරයයෙන්ම ලියනවා හොඳේ

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න