Saturday, September 14, 2013

59. දිනපොත කියවන්න එන්න...

මෙන්න මේ සතියත් ඇවිල්ලා...සැප්තැම්බරයේ මුල්ම සතිය...


මේ අවුරුද්දේ තව තියෙන්නේ මාස හතරයි....ඊට පස්සේ තවත් අවුරුද්දක්...
මගේ දිනපොත දිගටම ලියන්න පුළුවන් වෙයි ද...?
බලමු නේද..?

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

02.සඳුදා,......සැප්තැම්බර 2013



ජිවිතේ ඔහේ ගලනවා...සමහර වෙලාවට හෙමින් පොඩි දිය පාරක් වගේ..තවත් සමහර වෙලාවට මහා සැඩ පහරක් වගේ....ඒක ඉතින් වෙලාවෙන් වෙලාවට වෙනස්...

අද ඉතින් මාසේ වැඩට යන මුල්ම දවසේ උදේම ලේ ටිකත් රත්කරන් තමයි උදේම යන්න වුනේ..සිග්නල් අප්සෙට් කියලා කොච්චි වැඩ අඩාල වෙලා...යන්තම් 8.30 වෙද්දී ගියා..හැබැයි ඉර ගහලා...මේක හරි වැඩක් නේ අනේ...උදේ 6.30 ට ස්ටේෂන් එකටත් ඇවිල්ලා..අපේ වරදක් ද නේද..?
නිවාඩු නම් දැම්මේ නැහැ..ට්‍රේන් late එකක් ලිව්වා...

බලද්දී නුවර දුම්රිය මාර්ගයේත්..පුත්තලම දුම්රිය මාර්ගයේත් දෙකේම මේ දේ වෙලා...ට්‍රේන් late ලියුම් ගොඩයි...

මම අර උඩින්ම ලියපු කැටයම් කතාව මේකට අදාළ නැහැ..මම ඔය හවස එන ගමන් මූණු පොතේ දැකපු status එකක් නිසයි..මට මේක ලියන්න හිතුනේ...

අපේ නංගි කෙනෙක් දාලා තිබුනා status එකක් ..එකේ එයාගේ අදහස වුනේ...අනිත් අය මා ගැන හිතන දේවල් google කල හැකි නම්...කියලා...අනේ ...මොකටද නේද..?
අනුන් අපි ගැන දරන මතවාද..හැම විටම දැන ගැනීම ඇත්තටම සුදුසු ද..?සමහර විට නිසලව නිහඬව ගලා යන මේ ජීවිතය සැඩ පහරක් කරන්නට ඒ මත වාද වලට පුළුවන් වෙන්නත් ඉඩ තියනවා..

අනේ මොටද..නේද..? අපි ඔහේ නිසලව ගලා බසිමු...



****************************************************************************

03. අඟහරුවාදා...සැප්තැම්බර  2013



අද තවත් දවසක්....පුරුදු ලෙසම වැඩට ගියා...

දැන් ..මේ බස් එකේදී එන යනකොට දකින ඒවා...ලියන්නම වෙනවා..
දැන් කාලේ තරුණ පිරිමි ළමයි..මේ කලිසම අඳිනවා නේද..hip එකටත් පහළින්..ඇත්තටම මට නම් එක පෙනෙන්නේ හරිම අශෝබන දෙයක් විදියට.අද මම එන බස් එකේ පිරිමි ළමයෙක්..ඔන්න ඔය dot ගේ වයසේ වගේ....ඔය style එකට ඇඳගෙන අර බස් එකේ උඩ bar එකේ එල්ලිලා යනවා...අනේ ඉතින්..ඉතුරු හරිය කොහොමෙයි කියන්නේ...මිනිස්සු මුනෙන් මුණ බලනවා...සමහර අම්මලා..(මේ මම වගේ)කම්මුලට අත තියන් අහක බලන් යනවා..

මේවා style ද ....?

මට මේ කතාවත් එක්ක අපේ කෝච්චියේ යන නංගි කෙනෙක් කිව්ව දෙයක් මතකයට අවේ..දවසක් ඔය වගේ දරුවෙක් ගේ කලිසම බස් එකේදී කාටද පෑගිලා වැටුනයි කියන්නේ..බිමටම...මොන ලැජ්ජාවක් ද..?නේද..?
රටින් එන හැම දේම style කියලා බදා නොගෙන decent විදියට යන්න මේ ළමයින්ට බැරි ඇයි...?

**************************************************************************

04. බදාදා..සැප්තැම්බර  2013 


අද..නිවාඩු...පොඩි ගමනක් ගියා..රත්නපුරේ පැත්තේ...චන්දන...ළමයෝ..පැල්මඩුල්ලත් පහුකරන් ගියා අපි...මට රත්නපුරේ හරියෙන් යද්දී..අර සිරිපාද කන්ද ඈතින් පේන තැනක් තියනවා නේද..? වාහනේ නවත්තලා බලන් ඉන්න ආසයි...
මේ එක්කම මට මතක් වෙන දෙයක් තියනවා..අපේ පොඩි කාලේ ගැන..අපේ ගමේ එක හරියකට ඈතින් පේනවා..ගොන්ගල කන්ද....ඉස්සර 6..7..පන්ති වල ඉන්න කාලේ මම ගියා ගණන් පන්තියකට....අඳුනන අක්කා කෙනෙක් ගේ,...ඒ ගෙදර ගාව පොඩි කඳු ගැටයක් තියනවා...ඒ කන්ද උඩට නැග්ගම..ඈත..ඈත කඳු අතරේ ගොන්ගල කන්ද පේනවා...
මේ කන්ද ගැන දවසක් අහපු කතාවක් මතක් වුනා...මේ ගොන්ගල කන්දේ තියන හරකෙක් වගේ හිසක අඟ වැල් දෙකෙන්  දිය පාර වල් දෙකක් පටන් ගන්නවලු..ඒ එක දිය පාරක් ගිංගඟ ලෙස ගලායන අතරේ..අනිකලු නිල්වලා ගඟ වෙන්නේ...මේ කතාව ඇත්තමද කියන්න මම දන්නේ නැහැ.ඒත් පොඩි කලේ මම එක ඇත්තටම විශ්වාස කළා...

*****************************************************************************

05. බ්‍රහස්පතින්දා..සැප්තැම්බර  2013 



අපේ හසරැල් රබර් බඹරයක් හදලා නේද..?...ඇති යන්තම් එහෙමවත් එකක් ලිව්වා...ගමේ ගිහින් ගෙනාව මතකයන් ගොඩක් තවම හිතේ වගේම ෆෝන් කැමරාවේ තියනවා..ඒවා දවසක පෝස්ටුවක ලියන්න හිතන් ඉන්නවා...

ගමක් කියන හැගීම කෙනෙකුට හරියට වටිනවා..නේද,....? මට නම් ඒක හරියට දැනෙනවා...ගමේ හැම තැනකම තිබුනේ අතීත මතකයන්...ගහක..කොලක..වෙල් එළියක..ඇලක..දොලක...ඔය හැම තැනකම පුංචි කාලේ ඉඳන් බැඳුන මතකයන් ඉතුරු වෙලා තියනවා...

ගෙදර ගිහින් ඇවිත් සතියකට දෙකකට පස්සෙත් ..මම තවම ඒවා ගැන මතක් කරනවා...

අපේ ගම් වල දැන් හරියට මොනරු බෝ වෙලා..ඉස්සර අපි මොනරෙක් දැක්කේ සත්තු වත්තේ දි නේ...? දැන්  ඒකට කෙම්බුරු යායවල් වල කොක්කු ගානට ඉන්නවා නේ මේ සත්තු...ඒ මදිවට..මෙයාලගෙන් බේරෙන්න බැරි නිසා..සර්පයොත් ගෙවල් වලට එනවලු ආරක්ෂාව පතා ගෙන...ඔන්න ඉතින් වෙලා තියන හරිය...


**************************************************************************


06. සිකුරාදා..සැප්තැම්බර 2013




සිකුරාදාත් වුනා..සතියක් යන ඉක්මන...මේ මාසේ මට තියන ලොකුම බලාපොරොත්තුව book fair යාම...පොඩි දෙන්නත් මාත් එක්ක එල්ලිලා එනවා නේ...එතකොට නම් book fair එකෙන් මට ලාබයක් නැහැ පොත් ගැනීමේ...
අපේ පොඩි ඩබල ..එක අවුරුද්දක book fair එකේ ඉඳන් ඊළඟ එකට එනකල් සල්ලි කැට දෙකක් එකතු කරනවා....පොත් ගන්න..මගෙන්ම ඉල්ලගෙන තමයි..හසරැල් අපේ ගෙදර උන්න දවස් වල කැට දෙකකට දෙන්නට හැමදාම රුපියල් 5 ඒවා දුන්නා දාගන්න..ලොකු කොල්ලා මම හිතන්නේ..ඒ කැටෙන් නම්...දානවට වඩා ආපහු ගත්තා...මාමයි බෑනයි දෙන්නගේ රණ්ඩු බේරන එකත් ඒ දවස් වල මගේ එක රාජකාරියක්...

කොහොම හරි ඔන්න මේ සැරෙත් දෙන්නා ළඟ රුපියල් දෙතුන් දාහක් ඉතුරු වෙලා තියන පාටයි...


****************************************************************************


මා ඉතින් යන්න යනවා...මට යන්න අවසරයි..




මේ සැරේ දිනපොත publish කරන කොට සතියක්ම ගෙවී ගිහින්..sorry හොඳේ....

30 comments:

  1. විලාසිත ගැනනම් කියල වෑඩක් නැ.සමහර ලස්සන කෙල්ලො කොල්ලො පට්ට කැත වෙනව නොගැලපෙන විලාසිතා කරල.මගෙත් නන්ගි කෙනෙක් එක සැරයක් කොන්ඩෙ ටින්ට් කරල තිබුන .මම දැක්ක් හැටියෙ ඇහුවෙ උබට බයයිද උබ කැතයි කියල.ඔක නැතුව නම් උබ ලස්සනයි කියල.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දමිත් මල්ලි...තමන්ට ගැලපෙන නොගැලපෙන දේ තෝරා බේරා ගන්නට අද ගොඩක් දෙනෙකුට බැහැ...

      Delete
  2. දුම්රිය පමාවනම් ඔබට සේම මටත් එක සේ දැනේ.
    අර විලාසිතා කතාවනම් ඇත්ත තමා. ඒ වගේම තමා අද කාලේ කෙළි පොඩිත්තියොත් ඉනටයි දනහිසටයි දෙකටම නැති මොනවද එව්වා ඇඳගන කෝච්චියේ යනකොට තත්ත්වෙත්. ඉතිං කොල්ලෝ කොලුකමට පාට කියල ඔරොප්පුකරනකොට තත්ත්වෙත් ඒ වගේම තමා.
    චන්දනයගේ ගේ පැත්ත පහුකරන් ඔබ ගොස් ඇත්තේ ත්‍රි භාෂා ප්‍රසන්නයලගේ පැත්තටමනේ.
    ඒවගේම ඔබේ ලොකු කොලුපැටියා ගැන බොහොම හොඳ අවධානයකින් ඉන්න බවත් පේනවා.

    ReplyDelete
    Replies
    1. ත්‍රි භාෂා ප්‍රසන්න මහත්තයා මගේ බ්ලොගේ පැත්තට එන්නේ නැහැ නේ..නලින්...අපේ හසරැල් ගේ බ්ලොගේ නම් ඉන්නවා දැක්කා...

      Delete
  3. සඳුදා සටහන දැක්කාම මතක් වුනේ, රාගම පානදුර වගේ තැන් වල ඉඳලා කෝච්චියේ වැඩට ආපු අය කියනවා කෝච්චිය පරක්කු වුනා කියලා නිදහසට කරුණක් රජයේ සේවකයන්ට තියෙනවා කියලා. කොයි තරම් දුරට ඇත්තද දන්නේ නෑ.

    මම අහපු තවත් කතාවක් තමයි, එක ඉස්කෝලෙක ප්‍රින්සිපල් අනිත් කට්ටියත් එක්ක එකම බස් එකේ හරි කෝච්චියේ හරි ඇවිත් කලින් දුවලා ගිහිල්ල අත්සන් කරලා ඉර ගහනවලු තමන් එක්ක එකට ආපු එවුන්ට ඉරට යටින් අත්සන් කරන්න සිද්ධ වෙන්න. කොහොමද වැඩේ!

    බදාදා නිවාඩු මොකෝ B&W?

    ReplyDelete
    Replies
    1. රාගම පැත්තේ අයට නම් Dude ඕන තරම් කොච්චි තියනවා..ඒ වුනාට සමහර වෙලාවට නැගගන්න බැහැ...සෙනග නේ ..

      ප්‍රින්සිපල් ගේ කතාව නම් ඕනෑම.. ඔෆිස් එකක වෙන දෙයක්.....අපේ වාසනාවකට අත්සන් කරන්න තියෙන්නේ...අපේ ලොක්කා ලඟයි පොත .ඒ නිසා ඔය වගේ අකටයුතු කම් වෙනවා අඩුයි..

      බදාදා පොඩි නෑදෑ ගමනක යන්න වුනානේ..ඒ නිසා නිවාඩුවක් දැම්මා...

      Delete
  4. අර කලිසම් පාතට අඳින කතාව.. කොහෙ හරි ලිව්ව මං කලින්.. අපේ උන්ගෙ කටවල් ඉතිං අන්තිමයිනෙ.. අපිත් කෝච්චියෙන් බහින කොට අරෑගේ කණට කිට්ටු කරලා “ ආ අද රතු පාට එකක් නේද” කියලා අහලා බැහැපු කාලෙකුත් තිබ්බා අප්පා... කොරන්න දෙයක් නෑ.. උන් අපිට කියන ඒවම තමයි අපිත් කියන්නෙ...හි හි

    ReplyDelete
    Replies
    1. හිරු ගේ සමහර පෝස්ටු මට අත හැරුනා..මම ලඟදි නේ ආවේ..ඒ වගේම..තියන වෙලාව එක්ක දැන් දාන පෝස්ටු බලනවා මිසක පරණ ඒවා බලන්න වෙලාව මදි..

      මටත් ඔය පාට වැල් නම් ඉඳ හිට ඇහැට පේනවා..නොදැක්කා වගේ යනවා...

      Delete
  5. මටනම් අල්ලා ගියේ කැටේ තමා පන්ති යන දවස් වල පිරිලා තිබිච්ච කැටේ මාසයක් ගියේ නෑ හිස් දැන් ගෙදරිනුත් අය වැය ප්‍රතික්ෂේප වෙලා මොනවා උනත් මට පින කියන එක උඩින්ම තියනවා මුල්‍ය අරබුද වලින් මිරිකිලා ඉන්නකොට ආවේ නැතා හිරු එකෙන් කෝල් එකක් මමමත් ඉතින් කිව්වා අහන්නේ හිරු තමයි කියලා මෙන්න බොලේ 8000 ක් දිනලා එක ගන්නත් 18 කොලබම එන්නලු අවුලක් නෑ 8000ක් නේ මොනවා උනත් ජොබක් හොයාගන්න තමා දැන් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තමද බොරළු..කමක් නැහැ..ඔයාට මාතර ඉඳල එන්න අමාරු නම්..හිරු එකට කියන්න අපේ පුංචි අම්මා ඒවි සල්ලි ගන්න කියලා..මම ගිහින් ගන්නම්...හික්ස්...

      මොනවා වුනත් ඒ කතාව ඇත්තද..?
      මම හිතුවේ ඔය සල්ලි දෙන කතාව බොරු කියලා...

      ජොබක් කියන්නේ මොන වගේ එකක්ද හොයන්නේ කියමුකෝ බලන්න...පුළුවන් උදව්වක් වත් කරන්නට..

      Delete
    2. අනේ මම මාතර නෙමේ අම්බලන්තොට හම්බන්තොටට මෙහා..මමත් ඕක කාටහරි කියලා කරගන්න හැදුවේ කොහෙද nic එකයි ගෙදර මොකක් හරි bill එකකුයි අරගෙන මටම එන්නලු world trade center එකේ 35 වෙනි තට්ටුවට......

      මමත් හිතුවේ ඕක බොරු කියලා එක දවසක් හිරු එකට කතා කරලා තියනවා මම හිතන්නේ එතකොට number එක ගන්න ඇති හැබැයි හිරු පේජ් එකේත් තියනවා number දාන්න තැනක් මම නම් ඕකට no එක දැම්මේ නෑ යාලුවෙක් වත් දැම්මද දන්න නෑ පුංචි අම්මාත් දාලා බලන්න call එකක් අවොත් කියන්න අහන්නේ හිරු කියලා සල්ලි හම්බවුනොත් මටත් relod එකක් දාන්න හොදේ......

      ජෝබේ කේස් එකත් අද හරි ගියා set une nam MBBs wage ekaka අවුලක් නෑ අපි පොෂ් විදිහට හැදුනු අය නෙම නේ A/l කරන ගමනුත් MBBS කරා නේ.. මම කොස් එකක් කරන ගමන් කරන්න පුළුවන් වගේ එකක් තමා හෙව්වේ. . කොස් එක කරලා ඉවර උනාම කියනම් කෝ...

      Delete
    3. http://www.hirufm.lk/promo.php මෙන්න තැන කට්ටියගෙම no දාලා බලන්න හම්බුනොත් මටත් relod එකක් දාන්න

      Delete
    4. A/L කරන ගමන් කොහොමද MBBS කලේ බොරළු..අනේ මට තේරුනේ නැහැ...

      මේකා හිරු චැනල් එකෙන් ගානක් අරන් අපිව කඩේ යවන්න හදනවද මන්දා...ඒ ගමන හරි ගිය පසු රිලෝඩ් දාන්නලු..

      Delete
    5. MBBS=(M)මේෂන් (B)බාස්ට (B)බදාම (S)Supply මම හිතනවා දැන් තේරෙන් ඇති කියලා
      අපිත් එක්ක කැම්පස් එකේ අයියලත් ඕක කරලා තියනවා

      හෑ දැන් number 5ක් 6ක් එක දාලා අපිට බොයන්න දානවා නේ............

      Delete
    6. //හෑ දැන් number 5ක් 6ක් එක දාලා අපිට බොයන්න දානවා නේ......//

      ඒ මොකක්ද බොලේ ඒ...?

      Delete
  6. ඔය කලිසම් පහලින් එල්ලා අඳින එක ගැන නම් කතා කරල වැඩක් නැ. මොන ගොන් බූරු කමක්ද මන්දා. පරිසරයට ගොඩක් ලැදි කෙනෙක් වගෙයි. අපේ ගෙදරට ටිකක් දුරින ඔය වගේම කඳු වැටියක් තියෙනවා. ඒකට නැග්ගම පට්ට වීව් එකක් තියෙනනේ. හිත නිවා ගන්ඩ කියාපු තැන. හැබැයි දවල් වරැවක ගියොත් අව්වට පිච්චිලා මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කොහෙද...රතී....?
      පරිසරය ට ආදරය නොකරන මනුස්සයට පැවැත්මක් නැහැ..මම හිතන්නේ එහෙමයි....

      Delete
  7. දින,සති,මාස,අවුරුදු යන ඉක්මන ගැන නම් කියල වැඩක් නැහැ.
    ඒ එක්කම දරුවො දෙන්නත් ලොකු වෙද්දී සිතට දැනෙන සතුට වචන වලින් කියන්න බැරි තරම්.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් kenji..අද මම book fair ගියා..ඉස්සර මම පරෙස්සමට බලන් යන කොල්ලෝ දෙන්නා මේ සැරේ මාව බලන් එක්කන් ගියා වගෙයි මට දැනුනේ...

      Delete
  8. කලිසම් පහලට ඇඳගෙන ගියාට කමක් නෑ තියෙන්නේ සුදු පුකක් නම්.. කළු කළු පුකවල් තියෙන උන් ඇඳගෙන යන කොට කැතේ විලි ලැජ්ජාවේ බෑ. මුන් පුකවල් හෝදන්නෙ නැද්ද කියල හිතෙනවා. ඒ තරමට කළුයි.. මම නම් ඔහොම එකෙක් දැක්කම් කියනවා. "පුතේ කලිසම වැටෙයි උස්ස ගන්න කියලා.." නැත්නම් " ඕන් පුතේ පුකට ඉර පායලා, ඉර පේනවා..." කියලා කියනවා..

    ගොන්ගල කන්ද පාමුල තමයි මම මාසයකටත් වැඩි කාළයක් මේ මෑතකදි උන්නේ.. ගිං ගග පටන් ගන්න හරියේ.. පුදුම සුන්දර තැනක්.. ඒ පැත්ත, රටේ කාළකන්නින්ගෙන් බේරිලා තියෙන එක ළොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඔයා තමයි දවසකටවත් මනුස්සයා...හික්ස්...

      අර මොකටද ඒ පැත්තේ ගියේ..කූඩල්ලෝ එහෙම කෑවේ නැතෙයි...

      Delete
  9. BLACK&WHITE... මේ ඔය ලමයා නිවාඩු ගන්නවා වැඩියි තේරුනාද? ලෙඩ්ඩු එහේ බලන් ඉන්නවා.

    විලාසිතා = කැලේ සතා

    ReplyDelete
  10. අනේ නැහැ ..මම අඩුවෙන්ම නිවාඩු ගන්න හොඳ ළමයෙක්...
    රජයේ සේවකයන්ට අවුරුද්දට නිවාඩු 45ක්ම තියනවා නේ...ඉතුරු වුනා කියලා...ගෙවන්නෙත් නැහැ...අපි තෝරා බේරා ගෙන නිවාඩු ටික ගන්නේ..

    අන්න අපූරු සමාන පදයක්...

    ReplyDelete
  11. අප්සැට් සතියක් වගේ..

    ReplyDelete
    Replies
    1. පිස්සුද මෙයා මොනම අප්සෙට් එකක්වත් නැහැ..

      Delete
    2. මේ දේශකයෝ ඔයා ලියන බ්ලොගේ මොකක්ද..?
      මම කොයි තරම් බැලුවත් මට එන්නේ google+ ලින්ක් එක විතරයි..

      Delete
  12. ඔයා ඔය කිව්වා විදිහේ පොරක් දවසක් බස් එකේ පොල්ලේ එල්ලිලා යනවා , කොට්ටාව දිහාට , අපිත් යනවා බස් එකේ කැම්පස් ඇරලා , අපි KFC එකෙක්න් කාලා යද්දී ඉතරි සෝස් පැකට් එකක් හන්ගගෙන් හිටපු අපේ නසරානියෙක් සෝස් පැකට්ට එක කඩලා හැලුවා අරුගේ තට්ටම් දෙක මැද්දෙන් ,අරූ කොක්කට ආවත් අපේ සෙට් එක වැඩේ නිසා කුණුහරපෙන් බැන බැන බස් එකෙක්න් බැහැලා හියා.

    ReplyDelete
    Replies
    1. හපොයි ඉවාන්....ඔයාලත් කරන දේවල්..හැබැයි ඉතින් පාඩමක් ඉගන ගන්නත් ඕනා තමයි..

      Delete
  13. මං ෂැගී ස්ටයිල් ගහන්නෙ නෑ... ගර්ර්ර්ර්ර්ර්... එහෙනම් ඔක්කොටම කලින් අපේ අම්ම කලිසමේ නූල් කපල තියාවි..
    කොහ්ව්ද අර ගමේ ගියා කිව්වෙ.. තවත් ගමක් ඇති එහෙනම්. මෙහේ නම් මාතර ටවුන් එකනෙ :)

    මොණරු නම මලම මළ ඇණයක්. වහල උඩ පෝලිමට ඇවිල්ල කෑ ගහනව ඈක්කා.. අපේ තාත්තගෙ වැඩේ කැටපෝලයක් අරන් උන්ගෙ පස්සෙ එළවන එක. මල් පැළ කනවා. ඒ මදිවට මැක්කො ජාතියක් ඉන්නවලු උන්ගෙ ඇඟේ

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න