Saturday, June 29, 2013

දැනුවත් වීම...

දැනුවත් වීම....awareness....
අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝයි...එය පිළිගන්නට කොයි තරම් අකමැති වුවත් සත්‍යය එයයි...
අපි මිනිසුන් ලෙස යම් යම් පරාසයන් ගැන කරුණු දන ගත්තත් ..ඒ හැමදෙයක්ම ගැන නෙවෙයි.
විශේෂයෙන්ම අපිට වැළඳෙන ලෙඩ රෝග ගැන...ඒ හා සම්බන්ධ ප්‍රතිකාර ගැන..එතකොට..මේ රෝග සම්බන්ධ රුධිර පරීක්ෂණ ගැන ..කල යුතු අනෙකුත් පරීක්ෂණ ගැන..අපි යම් තාක් දුරට දැනුවත් වී සිටීම වැදගත් වෙනවා...
දැනුවත් වෙනවා කියන්නේ කරුණු සේරම හොයා බලා ගෙන...ඉතුරු ප්‍රතිකාර ත් තනියම කරගන්නවා කියන එක නෙවෙයි...
තමන් හෝ තමන්ගේ නිවැසි කෙනෙක්..අසල්වැසියෙක් ..කවුරුන් හෝ දන්නා අඳුනන කෙනෙක් ගේ අවශ්‍යතාවයක් අනුව මේ දේ විය හැකියි...

රෝගයක් සම්බන්ධව අපි මුලිකව දැන ගත යුතු මොනවාද...?
මුල්ම දේ තමයි ...මෙම තත්වය ඇති නොවී සිටීමට හැකියාවක්..මින් වැළකී සිටීමේ හැකියාවක් තියේද යන්න...
අපි දැනුවත් වන්නේ කෙසේද...?
එක විදියක් තමයි....දන්නා කාගෙන් හෝ අසා දැනගැනීම...
මේ දන්නා කෙනෙක් කියන්නේ එම ක්ෂේත්‍රයේ පළපුරුදු බවක් තියෙන කෙනෙක් විය යුතුයි...
තමන්ගේ අවබෝධතාවයට සහ අවශ්‍ය මට්ටමට අදාළ කරුණු ගැන දැනගත්තම හොඳටම ඇති නේ...
මොකද...operation එකක් කරන්නේ මොකටද..එකේ ඇති විය හැකි සංකුලතා මොනවද....කියලා අහගන්න ඕන කෙනා..ඒක කරන විදිය පියවරෙන් පියවරට surgeon කෙනෙක් ගෙන් අහන්න ගියොත්...නැති ප්‍රශ්න ගොදකටයි මුහුණ දෙන්න වෙන්නේ...
ඒ නිසා...අදාළ දේ දැනගත්තම හොඳටම ඇති...


ඒ වගේම මේ ලෙඩ රෝග ගැන අද අන්තර්ජාලය තුල බොහෝ දේ තියනවා...අඩංගු වෙලා...තමන්ට ඒ ගැන දැනගන්න අවශ්‍ය දේ හොයා බලලා දැනගන්න පුළුවන්.හැබැයි....අවශ්‍ය දේ පමණක් ඔලුවට ගන්න...අනවශ්‍ය බරපතල තත්ත්ව ගැන නොහිතා...
උදාහරණයක් විදියට අපි හිතමු..කෙනෙකුට තමන්ගේ කවුරු හෝ කෙනෙකුට තිබෙන්නට ඉඩ ඇතැයි සැක පහල වුන...පිළිකා රෝග තත්වයක් ගැන...ඉතින්..කෙනෙකු මේ ගැන අන්තර්ජාලයෙන් කරුණු සොයා බලන විට එහි තියෙන අන්තිම භයානක තත්වය පමණක් ඔලුවට ගත්තොත්...මොකද වෙන්නේ...මේ අදාල නැති කරුණු රෝගියාගේ මනසට ගිහින් නැති ජංජාලයක් වෙන්න පුළුවන්....
ඒ නිසා..මනසට අවශ්‍ය කරුණු පමණක් උකහා ගත්තම ඇති,....


 ඒ වගේම රෝගයට අදාළ අත් පත්‍රිකා..පුවත් පත් ලිපි ආදියත් නිතර පලවෙනවා..බෙදා හරිනවා නේ...ඒවා ලියන්නේ මේ වගේ ක්ෂේත්‍රය ගැන දැනුමක් ඇති අය ..ඒවා කියවීමත් ඉතාම වැදගත්....

ඉතින්...සමහර වෙලාවට මේ කියවන ලිපි වල තියන කරුණු හරියටම අවබෝධ කර නොගෙන....ඔලුව අවුල් කරගන්න අයත් ඉන්නවා...
ප්‍රශ්නයක් අවම ඒ අදාල ලිපිය හරි පත්‍රිකාව හරි බෙදා හැරපු කෙනාගෙන් අහන ඒක හරි වැදගත්...මොකද මේ ලිපි සහ තීරු පත්‍රිකා බෙදා හරින අය ලිපිනය සහ දුරකථන අංක ඒවායේ සඳහන් කර තියෙනවා...

සමාන අදහස් දරන අය එකට එකතු වුනාම අත්දැකීම් බෙදා ගන්නවානේ..සාකච්චා මාර්ගයෙන් මේ ගැන කරුණු බෙදා ගැනීමත් ඉතාම වැදගත්..මේ කණ්ඩායමට දැනුමැති කෙනෙක් එකතු කරගත්තොත්...මේ තත්වය වඩා ප්‍රතිපල දායක වෙයි...

කොහොම වුනත්..මේ ලිපිය ලියන්න මම පෙළඹුණේ...පහු ගිය දවසක මගේ ඔලුවට ආව අදහසක් මත මම රෝගීන් දැනුවත් කිරීමේ පත්‍රිකා වගයක් නිර්මාණය කරමින් පවතින බැවින්...දැනට එකක් හැදුවා...ප්‍රතිචාර නම් ඉහලයි....මොකද මගේ ලොකු  මල්ලි. මට ඒවා ඕන අන්දමට හදල දෙන නිසා...සුපිරි මට්ටමටම design ඒක තියනවා ...
මේ තියෙන්නේ ඒක.....




ඉතින්....
යළි හමු වෙමු....


සුභ සති අන්තයක් වේවා....

4 comments:

  1. Replies
    1. තැන්කූ වේවා..අපි එහෙමයි....

      Delete
  2. බොහොම කැමැත්තෙන් මා එන අඩවියක් මේ. මෙහි අන්තර්ගත ඉතා වටිනා ලිපි පිළිබදව මුහුණු පොතේ හා සින්ඩිවල දැනුම්වත් කරන්න. එවිට බොහෝ දෙනකුගේ නෙත ගැටේවි. මා කීපවරක්ම මුහුණු පොතට මේ බ්ලොංයේ ලිංකු යොමු කළා. ඔබත් එය කරන්න.
    අද බොහෝ දෙනෙක් මිය යන්නේ බෝ නොවන රෝග හේතුවෙන්. එය වළක්වන්නට කෙතරම් හැකියාව තිබුණත් නොසැලකිල්ල හේතුවෙන් මිය යන පිරිස ඉහළ යනවා.
    මට හැගෙන්නේ ඔබ වෛද්‍යවරයෙක්... මම හරිද?

    ReplyDelete
    Replies
    1. නලින්..මම වෛද්‍යවරයෙකු නෙවෙයි...මගේ වෘත්තීය නම් කලොත්...ඒකට කියන්නේ...වෘත්තීය චිකිත්සාව කියලා..පරිපුරක වෛද්‍ය සේවාවේ එන එක් වෘත්තියක් ....බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ නැහැ...ශාරීරික සහ මානසික රෝගීන් සඳහා මේ මගින් ප්‍රතිකාර කරනු ලබනවා...මම ශාරීරික ආබාධ සහිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන...වෘත්තීය චිකිත්සක වරියක්....
      ඇත්තටම ඔබ හරි...බෝ නොවන රෝග..ඒ කියන්නේ...non communicable diseases නිසා අබාධිත වන සහ මිය යන ප්‍රමාණය ඉතා වැඩියි තමයි...
      මම පසු ගිය දවසක මුණු පොතේ ඔබේ සිංහල බස් වහර ගැන කතා කරන page එකට එකතු වුනා....ස්තුතියි...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න