Wednesday, June 19, 2013

සිතින් සියවර









සිතින් සියවර නිතින් පබඳුනු
සොඳුරු ගී පද වැල් සිඳීලා
පන්හිදේ තුඩගින් ගලා ආ
සෙනෙහසේ සිතුවම් මැකීලා
හිතට දැනෙනා සියුම් කඳුලක
තනිකමක් නිරතුරු රැදීලා
බලා ඉමි යළි මගේ කවි සිත
මගේ වන තුරු
පමා වී ලා.........

kithcreations.blogspot.com                                                                        


                  

13 comments:

  1. පමා වෙන එකක් නෑ දැනටමත් ඒ කවිසිත අවදිවෙලා වගේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්....ඔව් නේ ....
      kithcreations.blospot.com වලට වෙලාවක් තිබුනොත් ගිහින් බලන්නකෝ

      Delete
  2. හ්ම් ...

    මේවට කමෙන්ට් කරන්න තේරෙන්නෙ නැහැ බොල :)

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් නොකෙරුවට කමක් නෑ...කියවන්නකෝ...ඒ ඇති...

      Delete
  3. පමා වි පිපෙන මල් සුවඳයිලුනේ ;)

    ReplyDelete
  4. මාත් දන්නෙ කවි රස විඳින්න තමයි. ඉතින් වැඩි යමක් නම් කියන්න තේරෙන්නෙ නෑ. :)

    අර පෝස්ට් එකට යටින් තියන ලින්ක් එක දානකොට ක්ලික් කරන්න පුලුවන් වෙන විදිහට දාන්න. පෝස්ට් එක ලියද්දි ලින්ක් එක දාන්න ඕන තැන ක්ලික් කරල උඩ තියන add link කියන එක තෝරල එතැන පහල කොටුවට ලින්ක් එක දෙන්න. උඩ කොටුවට ලින්ක් එක වෙනුවට පේන්න ඕනි නමක් දෙන්න. ඊට පස්සෙ ok.. දුන්නම හරි.

    ReplyDelete
    Replies
    1. හා ...අන්න එහෙම කියාදෙන්නකෝ...තැන්ක්යූ....

      Delete
    2. චන්දන මලයා හොද බ්ලොග් දොස්තර මහත්තයෙක්. අපිත් නොදන්න දේවල් අහගන්නේ එයාගෙන් තමා.

      Delete
  5. හ්ම්ම්ම්......

    ReplyDelete
  6. ඉස්සර සඳරේණු පත්තරේට මහේෂ් සත්සර මද්දුම ආරච්චි ලිව්වා කතාවක් “සිතින් සියවර“ කියලා.. මට මතක් උනේ ඒක...

    ReplyDelete
    Replies
    1. ඔන්න බලමු....ඉතින්....මටත් දැන් නොව ඒක මතක් වුනේ..මාත් ඕවා කියෙව්වා...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න