Saturday, May 18, 2013

මගේ ලොවේ සඳ...

මගේ ලෝකෙට පායපු සඳ වුනේ ඔයා...
ඔයාගේ සිසිලේ මගේ ජීවිතේ සැනහී සැනහී තිබුනා මට මතකයි...
ඔයා මගේ ලෝකෙට පාර පෙන්නුවා..
මගේ ජීවිතේ දුක් සුසුම් වගේම සතුට..ජයග්‍රහණය විඳින්න ..ඔයා බලන් උන්නේ පුදුම ආසාවකින්...
ජීවිතේ....හරිම ලස්සන කාලයක් ඒ ...


අවුරුදු 9ක් ...හ්ම්ම්ම්ම්....
ඒත්..මට තවම දැනෙන්නෙ අද ඊයේ වගේ...
ඔයා යන්න ගියා..නොකියාම යන්න ගියා....
යන්න එපා කියනකල් වත් ...හිටියේ නැහැ...
වචනයක් වත් කතා කරන්න...ලැබුනේ නැහැ..මට ඔයා එක්ක...

කියා ගන්න බැරි වුන ගොඩක් දේවල් ඉතුරු වුනා...
මොනවා නැතත් ඔයාට මම කොයි තරම් ආදරෙයිද...කියලා වචන වලින් කියන්න මට ඕන වුනා..
ඒක කවදාවත්ම මට බැරි වුනා...
අදටත්..මම සිය දහස් වාරයක් පසු තැවෙන්නේ...ඒ නොකියූ ආදරේ සිහි කරලා....
ඒත්..මම දන්නවා...ඔයා දැනගෙන හිටියා...
මම ඔයාට ආදරෙයි කියලා...

ඔයාත්..කවදාවත්..මට වචනයෙන් ..ආදරේ කියලා නැහැ...
පෙන්නුවෙත් අඩුවෙන්..
ඒත්...මම ගමේ ඉඳන් කොළඹ ආවම ඔයා මට ලියුම් ලිව්වා...
ඒ ලියුම් වල ...(වැඩිය නැහැ..දෙකක් විතර..)...ඔයාට මම නැතුව පාලුයි කියන ඒක..ඔයා කෙලින්ම ලියල තිබුනා....
ඔයාට මාව බය කරලා හිනා ගස්සන්න ...ඕන වුනා...
මතකද...ලියුම් ඇතුලේ මැරුන මකුළුවෙක්  දාල එව්වා...
මම පන්තිය ඇතුලේ කෑ ගහල දෙක කළා කිව්වම ඔයා හොඳටම හිනා වුනා...


ඔයා හැම දාම ආස වුනේ..මම ලස්සනට ඉන්නවා බලන්න...
ඔය තෝරලා දෙන සාරී ඇන්දම...හැමෝම මම ලසනයි කිව්වා..
ඔයාට ඒවා කිව්වම....ඔයාගේ මූනේ ඇදුනේ ආඩම්බර හිනාවක්...
ඒ වගේම තමයි..මම ගේන..ඇඳුම් අඳින්න ඔයා ආස කළා...
ඔයා තරම් ලස්සනට අඳින  කෙනෙක් මම දැකලා නැහැ...

ජීවිතේ....ගෙවිල යනවා...
ඔයා නැතුව...
ඒත්..ඔයා ඉන්න තැන ගන්න කාටවත්ම බැරි වුණා..ඒ තැනට එන්න කාටවත්ම බැහැ...
ඔයා විතරයි...
මට සමාවෙන්න...කවදාවත්..මගේ හිතේ තියන ආදරේ කටින් නොකිව්වට...
ඔයා ඒක ඇහුවනම්..කොයි තරම්..ආස වෙයිද...


ඉතින්..අහන්න...ඉන්න තැනකට ඇහෙන්න කෑ ගහල කියන්නද..
මම දන්නවා ඔයාට ඇහෙන්නේ නැහැ..
ඒත්...ඔයාට දැනෙනවා....

මම ඔයාට ආදරෙයි....
මගේ පනටත් වඩා ආදරෙයි...




8 comments:

  1. ආදරේ ගැන නං කියන්න තියෙන්නේ ගනු දෙනුවක් විතරයි කියලයි.. මේ ඔයත් මකුලුවන්ට බය කෙනෙක් නේද? අපේ ගෙදරත් ඉන්නවා එහෙම තුන්දෙනෙක්ම..

    ReplyDelete
    Replies
    1. අම්ම කෙනෙක් ගේ ආදරේ ..ගනු දෙනුවක් ම නෙවෙය් නේද නලින් ...ශ්ශ්ශ්..මකුළුවන් ගේ කතාව නම්..ප්‍රසිද්දියේ කියන්න බෑ..මොකෝ කරන්නේ..බයයි නේන්නම්..

      Delete
  2. අම්මට ඒ මකුළුවා හොයලා දුන්නේ මම.මටත් අම්මට ආදරෙයි කියලා කියාගන්න බැරි උනා ....

    ReplyDelete
    Replies
    1. ඔයාලා සේරම එකතු වෙලා...ඒ කාලේ කරපුව මතකයි මට හැමදාමත්...

      Delete
  3. meke yati pela nam mata therune naha kalu sudu...dingak pahadili karanna balanna mata...

    ReplyDelete
    Replies
    1. අපේ අම්ම අපෙන් සදහටම සමු අරන් ගිහින්..අදට අවුරුදු 9යි සහන්..මේ පෝස්ටුව ලිව්වේ එයාට....එයාට ආදරෙයි කියාගන්න බැරි වුනා...ඒක අහන්න කලින් හදිසියේම අම්මා නැති වුනා...ගොඩක් අඩු වයසේදී...
      දැන් ඔයාට තේරුනාද...මේ ආදරේ මොකක් ගැනද කියලා..

      Delete
  4. අම්මා....... හ්ම්ම්.. ජීවිතේ සමීපම කෙනා.

    (මේ පැත්තේ එන්න බැරිව තිබුන පහුගිය දවස් වල)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම චන්දන මාත් හිතුවා..ඔයා නැත්තේ මොකද කියලා...
      මටත් නිතර බ්ලොග් බලන්න එන්න ලැබුනේ නැහැ පසු ගිය දින වල..ලියන්න නම් වුනේම නැහැ...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න