Sunday, April 14, 2013

හරි දැක්ම...

මගේ කාර්ය බහුල තාවය නිසා බ්ලොග් ඒක ලියන්න වත් කියවන්න වත් වෙලාවක් නැති වුනා..
ඒත්...අහම්බෙන් වගේ මගේ බ්ලොග් එකට ආවාමයි දැක්කේ..ඒකෙ තිබුන කොමෙන්ටුවක්..
මගේ පරණ පෝස්ටුවකට..
මම බ්ලොග් ලියන්න ආවේ අලුතින් නේ..ඇත්තටම මම මෙහෙම අපහාස කරන සුළු කොමෙන්ටුවක් බලාපොරොත්තු වුනේ නැහැ...
මොකද..මම ලියන්නේ මගේ වෘත්තීය අත් දැකීම් නිසා...මම මේ දේවල් ලියන්න ගත්තෙත්...තව කාට හෝ දැනුමක් දෙන බලාපොරොත්තුවෙනුයි...
ඒ වගේම හසරැල්..ප්‍රදීප් වගේ..දන්නා අය වගේම..කවදාවත් දැකල නැති ඒත්..මගේම සහෝදර සහෝදරියන් වගේ ඉන්න බොහෝ දෙනෙක් මේ වෙද්දී මට බ්ලොග් ඒක තුල  මුණ ගැහිලා ඉන්නවා...ඒ ඇයගේ දිරිමත් කිරීම් තුල තමයි මම බොහෝ දේ ලියන්නේ..

ඔයාලට මතක ඇති..මම අර චන්දන ලිව්වා අල්මේදා උන්නැහේගේ කතාවට පස්සේ..මම මගේ වෘත්තීය දිවිය තුලදී හමුවූ ..මානසික රෝගීන් ගැන කතා පෙළක් ලිව්වා...මම ඒ ලිව්වේ මගේ වෘත්තීය අත්දැකීම්..නමුත් මම මෙතනදී ඒ කිසිම රෝගියෙක් ව හාස්‍ය යකට ලක් කලේ නැහැ...
පෝස්ටුව අතරේදී දමපු මූණු ටික නිසා වැරදි ව්ටහීමක් වත් ගත්තද කියලා දැන් මට හිතෙනවා..හැබැයි..ඒ එහෙම දැම්මේ නම්...ඇත්තටම ඒක දිගට අකුරු ගොඩක් කියවද්දී...ඇහැට අමාරු නිසයි...

කොහොම හරි..මහේෂ් රාජසුරිය කියලා මහත්මයෙක් ...ඒක දැඩි ලෙස විවේචනය කරලා තිබුනා..මේ වගේ බ්ලොග් එකක් කියවීම ගැන එතුමා දුක් වෙනවා..කියලත් තිබුනා...ඇත්තටම මටත් හරිම කනගාටුයි..මා ලියු දේවල් වැරදියට අවබෝධ කර ගැනීම ගැන...අනෙක...මම වෛද්‍ය වරයෙක් නම් නෙවෙයි..මම කවදාවත් එහෙම කියලා නැහැ..කියන්නෙත් නැහැ...මගේ වෘත්තීය ගැන මට ලොකු ගරුත්වයක් තියනවා..ඒ නිසා මට වෙන වෘත්තියක් ගැන කියලා බොරු ලියන්න ඕන නැහැ...
තවත් එකක්...මම මගේ පෝස්ටුවේ ලියපු හැම රෝගියෙක්ම ඇත්ත චරිත..එතුමා කියලා තියනවා..එහෙම අය ඉන්නේ බ්ලොග් වල විතරයි කියලා....ඒක දවසකට හරි..මානසික රෝගීන් සමග ගත කරලා තියනවා නම්...ඔබ ඔය කතාව කියන්නේ නැහැ...
මානසික රෝගීන් කියන්නේ සංවේදී මනුෂ්‍යයන් කොටසක්....සමහර විට ඔබටත් වඩා ...ඒ වගේ ඇයගේ හැගීම් හැසිරීම් ගැන මම ලිව්වේ හිනා වෙන්න නෙවෙයි...ඒ හිනාව යට...තියන අනුවේදනීය බව තේරුම් ගන්නයි...

ඒ හැම දෙනා ගේම කතාවල තිබුනේ...ආදරය ..කරුණාව..බලාපොරොත්තුව..කියන දේ...ඒ දේවල් ලබාගන්න..ඔවුන් කල සමහර දේවල් වල පොඩි හාස්‍යයක් තිබුනා තමයි...ඒත්..මට ඕන වුනේ...ඒ යථාර්තය ගැන කියන්නයි...


කොහොම වුනත්..විවේචනයට ස්තුතියි...මගේ අනිත් පොස්ටු කියෙව්වා නම්..සමහර විට එතුමා කියාවි...අත කපපු නිමල්ගේ කතාවත් බොරුවක් කියලා..පිළිස්සුම් සම්බන්ධව ලිව්වා ප්‍රතමාධාර ත් බොරු ඒවා කියලා...
ඒත්....
මගේ පොස්ටුවෙන් යමක් අවබෝධ කරගත් කීප දෙනෙක් හරි ඉන්නවා...මට ඒ ඇති..


තව දුරටත්..ඔබේ විවේචනයන්...මැදහත් සිතින් යුතුව පිළිගන්න මම සුදානම්...

ඔබට සුබ නව වසරක් වේවා....

15 comments:

  1. මේ ලෝකෙ හැමෝවම සතුටු කරන්නනම් කොහෙත්ම බැරි වැඩක්.. ඊට වැඩිය ලේසියෙන් හිල් බාජනයකින් වතුර ඇදලා මුහුද හින්දවන්න පුළුවන්..

    තමන් කරනදේ හිතට එකඟව සද්භාවයෙන් කරණවනම් කලබල වෙන්න දෙයක් නෑ, මටනම් හිතෙන්නෙ මේ ලිපියත් අනවශ්‍යය දෙයක්..

    සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා ඔයාටත්..
      ගොඩක්ම ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට..
      ඇත්තටම මම මේ පෝස්ටුව දැම්මේ..මට මේ බ්ලොග් ලිවීම ගැන ඇත්තටම අත්දැකීම් නැහැ...ඉතින් මට ඒ වගේ අපහාසයක් දරාගන්න බැරි වුන නිසා...
      ඇත්තටම..මම ඔයාට එකඟයි..මගේ වෘත්තීය ඉතාම සද් භාවයෙන් යුතු දෙයක්...
      නැවතත් ස්තුතියි...

      Delete

  2. මමත් සියල්ල දැක්කා කළු සුදු .ඔයා ගැන වැරදි වැටහීමකින් තමයි
    මහේෂ් ඒ වගේ දෙයක් දාන්න ඇත්තේ. ඔයා නිමල් ගැන දාපු පෝස්ට්
    මාලාව සිහි බුද්ධියෙන් බලපු ඕනෙම කෙනෙක්ට තේරෙනවා ඔයා රෝගීන්
    ගැන මොන තරම් සංවේදීව බලන කෙනෙක්ද කියලා .එයාව අපේ හිත් තුළත්
    ජීවත් කරන්න , අපෙත් ආශීර්වාදය නිමල් වෙනුවෙන් ලබා ගන්න ඒ ලිපි මාලාවට
    පුළුවන් උනා ..




    =========================================================
    ඒ වගේ දේවල් නොදකින්න ඇති මහේෂ්. අනිත් දේ තමයි අපි සෞඛ්‍ය සේවයේ
    නියුතු අය දිහාත් මානුෂීයව බලන්න ඕනේ.හිතන්න සෞඛ්‍ය කාර්ය සහයකගේ
    ඉඳන් රෝහල් අධ්‍යක්ෂක දක්වා ඉන්න පිරිසගේ මානසිකත්වය ගැන ..රාජකාරියට
    ගිය මොහොතේ පටන් දකින්නේ තුවාල , ලේ , දුක් අන්දෝණා ..වෘතීමය
    ජීවිතය තුල ඔවුන් සතුටක් ලබනවා නම් ලබන්නේ රෝගියෙක් සුව පත් වී
    දෙපයින් යන දර්ශනයෙන් පමණයි ..


    ඒ නිසා අපි හැමවෙලේම සෞඛ්‍ය සේවයේ නියුතු අය ගැන වෛරී චේතනාවෙන්
    බලන්නත් හොඳ නැහැ ..අද ලංකාවේ ගොඩක් විට වෙලා තියෙන්නේ නිතරම
    රෝහල් සේවය ගැන බලන්නේ අප්‍රසාදයෙන් ..



    සාමාන්‍ය වෙනත් රැකියා කරන අය විදිහට අපි සැලකිල්ලෙන් බලන්න ඕනේ
    සෞඛ්‍ය සේවයේ නියුතු අය දිහා ..මම මේ ටික කිව්වේ මහේෂ් වගේ අයට ..

    =====================================================


    කළු සුදු මේ වගේ දේවල් නිසා බ්ලොග් අවකාශේ ගැන වැරදි මිම්මක් ගන්නත් එපා .
    අපි මේ හැම දේ එක්කම දෙයක් කරමු ..මෙහෙම වැරදි වැටහීම් එන තැන් එනවනේ
    ජීවිතේදී ..කොටිම්ම එක බත් පතේ කාල එකට දාඩිය සුවඳ විඳපු බිරිඳ සහ ස්වාමියා
    අතරත් වැරදි වැටහීම් වෙන එකේ මේ වගේ දේවල් පුදුමයක් නෙවේ නේද කළු සුදු ..?


    ඉතින් අපි අපේ ගමන යමු ..එන අය ඒවි ..


    ඔබට සුබම සුබ නව වසරක් වේවා කළු සුදු ඇතුලේ පවුලේ සැමට ...

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ හරි..ඇත්තටම ඔයාලා වගේ යාලුවෝ නිසා...තමයි..මම මේ බ්ලොග් ඒක ලියන්න ආස වුනේ දිගටම...ඔයාල ලියන කියන දේවල් වල තියෙන හරයෙන් මාත් ගොඩක් දේ ඉගන ගත්තා...
      ඔව්..ඉදිරියටම යමු...
      ස්තුතියි සහන්...

      Delete
  3. ඔබ ලියපු ඒ ලිපිය තුලින් මමත් දැක්කේ නෑ කාටවත් අපහාස වෙන දෙයක්. අපි ලියන දේ හොඳ අරමුණකින් නේ ලියන්නේ. ඒක නිසා ඕවා එච්චර හිතන්න ඕනේ නෑ. බ්ලොග් කියන්නෙත් මේ සමාජයේම ඉන්න මිනිසුන් ගැවසෙන තැනක්. ඉතින් මල් වගේම ගල් උනත් ලැබෙනවා. සමහර විට හදිසියේ කියවන කෙනෙක් ලියන දෙයක් දිහා පිටින් බලල වැරදි අර්ථයක් ගන්නවා. ඒවා සාමාන්‍ය දේවල්..

    ReplyDelete
    Replies
    1. ඔව්..චන්දන..දැන් මම හුඟක් දේ තේරුම් ගත්තා..ඒ ඔයාලගේ කොමෙන්ට් වලින්...
      ගොඩක් ස්තුතියි...

      Delete
  4. නොසැලෙන්න ඉදිරියටම යන්න... එපමණයි..
    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..නලින්..ඔයාලා ගේ උපදෙස් මට ලොකු සවියක් හැමදාටම...

      Delete
  5. පිස්සෝ දාන COMMENT ගණන් ගන්නත් එපා අයින් කරන්නත් එපා.ඒවා දැක්කම අනිත් අය දැනගන්නවා උන්ගේ හැටි.මට කොච්චර බැන්නත් මං සතපහකට ගණන් ගන්නේ නෑ.මොකෝ මං මට ඕන දේවල් මගේ බ්ලොග් එකේ ලියන්නතුව වෙන තැන්වල ලියන්නෙයි.අනිත් එක මේකේ ඉන්න පිස්සොන්ගේ ගාන ගොඩක් වැඩියි.සුබ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. දැන් තමයි මට වැටහෙන්නේ...මම ඉතින් මුලදී ටිකක් හිත අප්සෙට් වුනානේ..සුබ නව වසරක් වේවා..ලබන අවුරුද්ද..මාතරදී සමරමු....ජයවේවා..

      Delete
  6. දන්නෙ නෑ අයියාද මල්ලිද කියලා... එත් කියන්න තියෙන්නෙ නොසැලි ඉදිරියට යන්න. වැරදිවැටහිමක් නම් ඒ අදාල කෙනා තෙරැම් ගනි. නැත්තන් එත් අවුලක් නෑ. නමුත් යම් දවසක බොහෝ දෙනෙක් හොදකියාවි ඒ බව විශ්වාස කරන්න. එච්චරයි. හිතන්න ඔබ මැණික් ගලක් බව, නොසැලි ඉන්න, කපන්න කපන්න තවත් දිදුලාවි අගේ වැඩි වේවි.

    සුභ සිංහල අලුත් අවුරැද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. සිහින මදාරා...
      අයියාවත්..මල්ලීවත්..නෙවෙයි...මම අක්කා කෙනෙක්..
      ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි..මට ලොකු දිරියක් ලැබුනා ඒකෙන්...
      ඔයාටත්..සුබ නව වසරක් වේවා..!

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. වැටෙන්න වැටෙන්න තමයි නැගිටින්න ඔනේ අකුරින් අකුර ඇහිදලා තමයි ලස්සනට ලියන්න ඔනේ දිගටම ලියන්න මේ ගමන් මාර්ගයේ ගල් වගෙම මලුත් හමුවෙවි නොසැලි ඉදිරියටයන්න :) )
    මේ ලැබු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවරුද්දක්ම වෙන්න ඔනේ

    ජය!

    ReplyDelete
    Replies
    1. මම කවදත් ලියන්න ආසයි....හීනේ...(කළුවර හීනය)
      මේ දේවල් නිසා හිතට දුකක් ආවත්..දැන් මට යා යුතු මග දැනෙනවා...
      මට සවියක් වුනාට තුති...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න