Saturday, October 22, 2016

107. ප්‍රේමය නම් කිමැයි......කියා දුන මැනව

~~~ ප්‍රේමය නම් ~~~






ඇස නුදුටු සිහිනයන් මෙතරම්ම සුන්දරද
නෙතු මායිමේ පිපුණ සිනහවක් තරමටම...
නුඹෙ සුසුම් රැළි පවන් දැනෙන හැම මොහොතකම...
ජීවිතේ මහමෙරක් සෙනෙහසින් පිරෙයි මට



නෙතු පියන් යට සෙමින් සඟවමින් රැකගත්ත
ප්‍රේමයයි සිතු ලෙසින් සෙනෙහසක දැවටෙව්ව
සිහිනයක සසැලෙමින් මගෙ ලොවම පණ පෙව්ව
නුඹ තරම් අන් හිතක් කොහේ කොයි නම් වෙද්ද

නිසල වෙමි සසල තැන සෙනෙහසේ ඉම් පිරුණ
දෝත අස පිපී ගිය නැවුම් කැකුළක සුවඳ
මගේ දෙනයන තුළින් ..නුඹේ නෙතු කියවන්න
තවත් දවසක් අරන් ඉතින් හෙට නුඹ එන්න


ප්‍රේමය නම් කිමැයි......කියා දුන මැනව.......


2016 /10/ 22

5 comments:

  1. සිහින මල් රොන් සුවඳ හද පුරා තවරගෙන
    තුහින පිණි සීතලේ මතක සැමරුම රැගෙන
    ඉහින හැම පැතුමකම ප්‍රේම පණිවිඩය ගෙන
    සිහින නිමි උදයේම එමි නුඹව සොයාගෙන......

    ජයවේවා!!!

    ReplyDelete
  2. ප්‍රේමය කිමැයි දන්නවා නම් මෙහෙම මිනිස්සු අමාරුවේ වැටෙන්නේ නැහැනේ :(

    ReplyDelete
  3. عندما تستعين متخصصة في عمل التنظيف الخاصة عندما تكون الشركة لها سمعة طيبة في مجال التنظيف ستحصل على منزل براق وأرضيات و حوائط نظيفة تماما مع الحفاظ على ألوانها من مواد التنظيف لنظافة شيئا ضروريا وخاصة عند تواجد اطفال صغار يخشي عليهم من الاتربة .
    شركة تنظيف موكيت بالرياض
    شركة تنظيف كنب بالرياض
    شركة تنظيف واجهات بالرياض
    شركة تنظيف فلل بالرياض
    تقدم لكم افضل خدمة تنظيف الفلل الجديده و المفروشة، تتميز بوجود عمالة على اعلى مستوى من الخبرة والعمل والامانه .
    شركة تنظيف ستائربالرياض
    ارخص شركة تنظيف منازل بالرياض

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න