Saturday, July 2, 2016

104. පරිගණක භාවිත කරන ඔබටයි මේ







පරිගණක භාවිත කරන ඔබට විශේෂයෙන්ම වැදගත් වන කරුණු ටිකක් මේ ලිපියෙන් මම අද රැගෙන එනවා...පරිගණක භවිට කරන අයට පමණක් නොවෙයි...ඒ හා සම්බන්ධ වැඩ කටයුතු කරන ඔබටත් මේ කරුණු වැදගත් වේවි....

කාර්‍යාලයේ දී පරිගණකයක් භාවිත කරන විට..ඔබ හිඳගන්නා ඉරියව්ව ගැන සැම විටම ඔබ සැලකිලිමත් විය යුතුයි .නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීම නොකරන විට පසු කාලීනව ඇතිවන සංකූලතා ජීවන රටාවම වෙනස් කරනවා...ඉතාම සරල හා පහසු දේවල් නොසලකා හැරීම ජීවිතය ට හානි කරන සුලුයි...

ඔබ සැමවිටම ඔබේ දෙපා පොළව මත ස්පර්ශ වේදැයි බලන්න.එසේ නැත්නම් ඒ සඳහා ඔබ ආධාරකයක් තබා ගත යුතුයි...ඔබේ පා රැඳවුම...ඕනෑවට වඩා උස අඩුවීම හෝ වැඩිවීම යන දෙකම නුසුදුසු අතර...ඔබට ගැලපෙන උස නිර්ණය කල යුතුවේ.


කොන්දේ වක්‍ර සුනම්‍යව පහසුවෙන් පවත්නා ලෙස හිඳගැනීම කරන්න.පුටුවක හිඳ ගැනීමේදී තුනටිය ප්‍රදේශයෙන් කුඩා ආධාරකයක්....රෝල් කල තුවායක් හෝ තබන්න.
අප පරිගණකය භාවිත කරන කාල සීමාව කෙතෙක්ද යන්න මත...ඒ හා සම්බන්ධ ගැටලු හා සංකීර්ණතා ඇතිවීම බලපායි..කෙටි කාලයක් පරිගණක ඇසුරේ සිටින අයට වඩා දිගු කාලයක් ගෙවන අයට කොන්දේ කැක්කුම්...උරහිස සහ බෙල්ලේ වේදනාවන් ඇතිවීම සුලබය.


ඔබේ ඉදිරි බාහු සැමවිටම මේසයට ස්පර්ශ වන සේ තබාගන්න..ඇඟිලි වලින් පරිගණක පුවරුව හා මවුසය ක්‍රියාකලද.....බොහොමයක් දෙන නිකරුණේ ඉදිරි බාහුවේ මාංශපේෂි වෙහෙසවන්නේ...වැරදි ඉරියව් නිසාවෙනි.මේ හේතුවෙන් උරහිස හා ගෙලෙහිද වේදනාවන් ඇතිවීමට ඉඩ ඇත...

ඔබ භාවිත කරන්නේ පොදු ආසනයක් නම් එය කොට්ට හෝ වෙනත් යෙදුමක් භාවිතා කර උස හා ලඟාවන දුර ගැලපෙන සේ සකසා ගත යුතුයි.මෙය අතහදා බැලීම් තුලින් බොහෝ විට අදාල පුද්ගලයාම කර ගත්තද...යම් යම් රෝගාබාධ ඇති අය විශේෂ උපදෙස් ලබා ගෙනම මෙය කල යුතු යැයි නිර්දේශ කරනු ඇත.මන්ද රෝගයක් හා එක්ව ඉරියව් වල ගැටලු ඇති වන විට..එය සෞඛ්‍යයට කෙලින්ම අදාල වන බැවිනි.
ඔබගේ ආසනය හා දුර ප්‍රමාණවල් සම්බන්ධවත් ඒ ගැන ඇති වන සෞඛ්‍ය ගැටලු සම්බන්ධ වත්..වෘත්තීය චිකිත්සක නිලධාරීන් වෙතින් ඔබට සහය හා උපදෙස් ලබාගත හැකිවේ.

ඔබ පරිගණක ඇසුරේ කාර්‍යාලීය සේවයක දිගු කාලයක් යෙදේ නම්...අතර මැදි ඉරියව් වෙනස් කිරීමක්...සරල ඉහිල් වීමේ ව්‍යායාම කිහිපයක් කිරීමටත් වග බලා ගන්න..එය ඔබගෙ ශරීරයේ මනා රුධිර සංසරණයක් හා ස්නායු ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැන්මට ඔබට උපකාරී වේ.මේ සම්බන්ධව ඔබට උපදෙස්  වෘත්තීය චිකිත්සක හා භෞතචිකිත්සක නිලධාරීන් වෙතින් ලබා ගත හැක.

සාමාන්‍ය ඉරියව්වක ඇති ගැටලු නිසි ආකාරව ගලපා සකස් කරගැනීමට ඔබ ඔබේ ශරීරය ගැන...ඉරියව් ගැන හා සංකූලතා ගැන අවබෝධයක් සහිත විය යුතුවේ...ඉන් ඔබ්බට යන ගැටලු සඳහා වෛද්‍ය කාර්‍ය් මණ්ඩලයේ උපදෙස් ලබා ගන්නා ලෙස පවසා සිටිමි.

ස්තුතියි .




7 comments:

  1. ගොඩක් වැදගත් උපදෙස් ටිකක් අක්කෙ. අපිත් නිතරම කොන්දෙ අමාරු හැදෙන රස්සාවක් නේ කරන්නෙ. ඉතින් මේ උපදෙස් ටික අපිට ගැළපෙන විදියට හදාගන්න ඕනෙ..

    ගොඩක් ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ow nangi......me upades thamanta galapena andamata sakas kara ganna ona...(mage Sinhala font eka naha ..soryyy)

      Delete
  2. දෙපා ඔසවා ඉහල රඳවාගෙන හිටියොත් මොකද, ඒ කියන්නෙ තවත් පු‍ටුවක් උඩ කකුල් තියාගෙන?

    ReplyDelete
    Replies
    1. no Dude....It is not good for your back...alignment is not good then you will have backaches

      Delete
  3. වටිනා කරුණු ගොන්නක්...බොහොමත්ම ස්තුතියි...

    ReplyDelete
  4. සම්මත ඉරියව්වේ විනාඩි 5 ක් ඉද්දි කොන්ද රිදෙනවා. ඊට පස්සේ මම ඉන්නේ අර්ධ හාන්සි ඉරියව්වේ ;D

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න