Sunday, May 1, 2016

103.මැයි දින කවි






කපුටු වසුරින් පිරී සියොලඟ
ඉරුණු පොලිතින් කැරළි පටලන
උන්න මැතිඳුන් කෝ කොහිද අද
බලන් බබලන අයුරු එනුවර

කුණු පොදක් නැති දිලෙන කලු පැහැ
නිලංකාරය දකින දෙනුවන
දියෙන් නැහැවූ කලෙක මිටියද
තවත් හයියට අතට දැනුනිද...

අනේ මැතිඳුනි එකම දිනයක
දුක් විඳින දන නගන මහ හඬ
ඉනික්බිති හැමටම අමතකය
ඔබත් තනිවෙයි වසුරු පොදි මැද....

8 comments:

  1. මහ හඩ උන්ගෙ නොවේ
    ලොක්කන්ගේය

    ReplyDelete
  2. මැතිඳුන් පාරට බස්සන
    වසරක කෑ තෙලේ බස්සන
    කම්කරුවාගේ දාස් ගිල්ලන
    තවත් දවසකි වසරකින් එන

    ReplyDelete
  3. හෙහ් අර රාජ් ලියල තිබ්බ එක කියෙව්වද... හිහි
    මෙන්න බලන්නකො
    http://raj1st.blogspot.com/2016/05/iii.html

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න